රියැලටි වේදිකාවට නැතුවම බැරි ඔහු නිවේදකයෙක් පමණක් නොවේ. නළුවෙක්. ගායකයෙක්. මේ වසරේ සුමති සම්මාන උෙළලේදී සේම රයිගම් සම්මාන උෙළලේදීත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය හිමි වූයේ ඔහුට. වසර කිහිපයක සිටම ජනප්‍රිය නළුවා සම්මානය ඔහුගෙන් උදුරා ගන්නට කාටවත් නොහැකි වුණේ දක්ෂ රංගන කුසලතාවය සේම, ප්‍රේක්ෂකයින්ගේ හදවතේ නවතින්නට සමත් වූ නිසයි.
ඔහු තමයි සාරංග දිසාසේකර. මෙවර Fashion කතා බහ
ඔහු සමඟින්.
ෆැෂන් කියන්නේ ලොකු Subject එකක්. ඒක දිහා තමන් බලන විදියයි කරන විදියයි වෙනස් වෙනවා. ප්‍රොෆෙෂනල් විදියට ෆැෂන් කරන අය ඉන්නවා. තමන්ගේ සැටිස්ෆැක්ෂන් එකට කරන්නත් පුළුවන්. තව මොකක් හරි පණිවිඩයක් දෙන්නත් කරන්න පුළුවන්. තව කල්චර් එක පෙන්නනත් අපිට ෆැෂන් කරන්න පුළුවන්., රංගන ශිල්පියෙක් විදියට ෆැෂන් මටත් අත්‍යාවශ්‍ය දෙයක්.
මම ඔය දෙක තුනටම අයිතියි. මගේ චරිත වෙනුවෙන් මම ෆැෂන් කරනවා. ඒ ප්‍රොෆෙෂනල් විදියට. ඊට අමතරව මගේ සැටිස්ෆැක්ෂන් එකටත් කරනවා. ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරනවා.
යන තැන අනුව එතෙන්ට ගැලපෙන්න ෆැෂන් කරනවා. ඉවෙන්ට් එක තියෙන කාලය ගැනත් අවධානය යොමු කරනවා මොකද කාලෙන් කාලෙට ෆැෂන් ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන නිසා..
මම කරන වැඩසටහන අනුව තමයි ෆැෂන් වෙනස් වෙන්නේ. අවුට්ඩෝර් ද ඉන්ඩෝර් ද කියලා බලනවා. විදේශ රටක තියෙන එකක් නම් ඒ රටවල දේශගුණයට ගැලපෙන්න ෆැෂන් කරනවා. ඩ්‍රස් කෝඩ් එකක්, තීම් එකක් තියෙන ඉවෙන්ට් එකක් නම් ඒකට ගැලපෙන්න ෆැෂන් කරනවා..
මමයි දිනක්ෂියි දෙන්නම ට්‍රෙන්ඩ් එකක් ලංකාවට එන්න කලින් ඒක අල්ල ගන්න ට්‍රයි කරන්නේ. සෝෂල් මීඩියා හරහා, අනෙක් රටවල පොපියුලර් අය ෆලෝ කරලා ෆැෂන් ට්‍රෙන්ඩ්ස් හොයාගන්නවා. එහෙම හොයාගෙන ඒ ඇඳුම් ඩිසයින්ස් අපේ ඩිසයිනර්ස්ලා ලවා මස්සවගෙන හෝ වෙන රටකින් ගෙන්න ගන්නවා. මෑත කාලේ ගොඩක් ඉවෙන්ට්වල මම ඒ විදියට කළා. ලංකාවට ඒ ෆැෂන් ට්‍රෙන්ඩ් එක එන්න මාස දෙක තුනකට කලින් අපි ඒ ෆැෂන් එක කරලා. අපි වෙන රටවල ට්‍රැවල් කරද්දීත් ඒ කාලේ ට්‍රෙන්ඩ් එක ගැන හොයලා බලලා ඇඳුම් අරගෙන එන වෙලාවලුත් තියෙනවා.
ඒකට ට්‍රයි කරනවා. ඇත්තටම ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක් වෙනවට වැඩිය මම ට්‍රයි කරන්නේ වෙනස් දෙයක් කරන්න. අලුත් දෙයක් කරනවා. සමහර වෙලාවට මම ලංකාවේ තියෙන සමහර ෆැෂන් ෆලෝ කරනවා. එහෙම බලද්දී එක වේලාවකට ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක්. තව වෙලාවකට ෆලෝවර් කෙනෙක්.
එහෙම එක්කෙනක් කියලා නෑ. බොලිවුඩ්, හොලිවුඩ් ඇක්ටර්ස්ලා කරන ෆැෂන්ස්වලින් ඉන්ස්පයර් වෙනවා. මෑතක අක්ෂේ කුමාර්ගේ ඕවර් සයිස් ටී ෂර්ට් ෆැෂන්වලින් ඉන්ස්පයර් වුණා. අපි චයිනා ගිය වෙලාවක ඒ විදියේ ඕවර් සයිස් ඇඳුම් වැඩිපුර අරගෙන ආවා. මෙහෙදී වුණත් වෙනස් ෆැෂන් එකක් දැක්කොත් මම ඒකෙන් ඉන්ස්පයර් වෙනවා.
සැහැල්ලුවෙන් අඳින්න තමයි බලන්නේ. ඩෙනිම් ඇන්ඩ් ටීෂර්ට්ස්වලට වැඩි කැමැත්ත. මේ දවස්වල නම් ඕවර් සයිස් ටීෂර්ට් ෂර්ට්ස්වලට කැමැතියි.
මම ඒවාට වැඩි කැමැත්තක් නෑ. මම ඒවා තියාගෙන ඉන්නේ මගේ කැරැක්ටර්ස් චේන්ජ් කර ගන්න. මම හිතන්නේ ඇක්ටර් කෙනෙක් විදියට පුළුවන් තරම් නියුට්‍රල් ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එතකොට මම කැරැක්ටර් එකක් කරද්දී මට ඇක්සරීස්වලින්, ජුවෙලරිවලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්.
ටැටූස් පියර්සින්වලට මම එච්චර කැමැත්තක් නෑ. හැබැයි අනිත් අයගේ ඒවා මම ඇප්‍රිසියේට් කරනවා. ඒත් මට එහෙම ආසාවක් නෑ.
හෙයාර් ස්ටයිල්වලට කැමැතියි. ඉවෙන්ට් ප්‍රසන්ට් කරද්දී, කැරැක්ටර්ස්වලදී කොණ්ඩේ වෙනසක් කරන්න බලනවා නිතරම. ඒත් සාමාන්‍ය ජීවිතේදී කොණ්ඩෙට වද නොදී පහසු විදියට තියෙන්න දෙනවා. පුළුවන් තරම් නියුට්‍රල් ඉන්නේ කලින් කිව්වා වගේම.
ස්නිකර්ස්වලට තමයි මම කැමැතිම. දැක්කම මම ගන්නවා. දිනක්ෂිත් ගොඩක් කැමැතියි. ඒ නිසා මට එයාගෙන් තෑගි විදියටත් ගොඩක් ලැබෙනවා. මගේ අවුට්ෆිට්වලට මැච් වෙන විදියේ සපත්තු මට තියෙනවා.
බ්‍රෑන්ඩඩ් පස්සේ ලොකුවට එලවන්නේ නෑ. හැබැයි සමහර බ්‍රෑන්ඩ්වලට මම කැමැතියි. ඒ බ්‍රෑන්ඩ් නේම් එක නිසා නෙමෙයි මට සෙට් වෙනවා කියලා හිතෙන, මැටීරියල් එක හොඳ, පහසු ඇඳුම් විලාසිතා තියෙන නිසා. ඒ ඇරෙන්න මට සෙට් වෙනවා නම් මම ඕන දෙයක් අඳිනවා.
මේන්ලි ලුක් එක ගැන හිතනවා. කම්ෆර්ටබල් එක ගැනත් හිතෙනවා. ඒත් ඇත්තටම මගේ ළඟ තියෙන ඇඳුම් ඕන එකක් මට කම්ෆර්ටබල්. ෆුල් සූට් ඇන්දත්, ජාතික ඇඳුම ඇන්දත් මට අවුලක් නෑ. මට නොගැළපෙනවා කියලා හිතෙන ඇඳුම් මම ළඟ නෑ.
පවනි උමයංගනා
2009 වර්ෂයේ නිර්මාණය වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ’’පායා එන්න හිරුසේ’’ සිනමා පටය හරහා ශ්‍රී ලාංකීය සිනමාවට පෑයු වර්ණවත් තාරකාවිය උදාරි වර්ණකු
රියැලටි වේදිකාවට නැතුවම බැරි ඔහු නිවේදකයෙක් පමණක් නොවේ. නළුවෙක්. ගායකයෙක්. මේ වසරේ සුමති සම්මාන උෙළලේදී සේම රයිගම් සම්මාන උෙළලේදීත් ජනප්‍රියම නළුව
වසර ගණනාවකට පෙරදී ජීප්සීස්ලගේ ‘පිටි කොටපන් නෝනේ’ ගීතයට නටන්න කෙල්ලො සෙට් එකක් ආවා. මේ කෙල්ලො සෙට් එක නටපු නැටුමට හැමෝම ආසා කළා.
පාරදිගේ නානාගේ පොඩිදුව ලෙසින් පුංචි තිරයට පා තැබූ ඇය - දැන් දෙවනි ඉනිමේ සමාධිය. කුඩා කළ පටන්ම ටෙලිතිරයේ බබළන තරැවක් වීමට හීන දැක්ක ඇය දැන් ඒ හීන හැබෑ කර
තමා ටෙලි නාට්‍ය නිළියක ලෙස දොරට වැඩිය එක මවකගේ දරුවෝ හි සුරම්‍යාගේ චරිතය ගැන සිහිපත් කරමින් අවන්ති අපොන්සු පැවසුවාය.
කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් චරිත් අබේසිංහ හඳුන්වන්නේ සැබෑ දක්ෂයකු ලෙසයි. ඔහු දක්ෂයකු වග අතිශයෝක්තියකින් තොරව ප්‍රකාශ කළ හැකිය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ෆැෂන් කියන්නෙ ලොකු Subject එකක් - සාරංග දිසාසේකර