IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ


පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක  ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ. .දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා දෙව්මි ගේ චරිතයෙන් බොහෝ දෙනා හඳුනාගත් ඇය, විටින් විට පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් අවස්ථා කිහිපයකදීම දැකගන්නට ලැබුණත් - දෙව්මිට ලැබුණ ජනප්‍රියත්වය බිඳිය හැකි මට්ටමේ නිර්මාණයක් තුළින් නම්, ඇය දකින්නට ලැබුණේ නැහැ. කොහොම නමුත් සිනමාවෙන් ඇගේ රංගන දක්ෂතාව ගැන අලුත් කතාබහක් ඇති කල  ක්‍රිෂ් ඇන්තනී අධ්‍යක්ෂණය  කළ "පාස්පෝට් " හි නිලා වෙනුවෙන් නයනතාරා වික්‍රමආරච්චි ඉන්දියාවේ සිට ඇයගේ මතක අවදි කළේ මෙලෙසිනි.

  • නිලාට ලැබෙන ප්‍රතිචාර  විඳගන්න මේ මොහොතේ  ලංකාවේ නැති වුණත්,   දැනෙන සතුට කොයි වගේ ද?

පාස්පොට් චිත්‍රපටයට වගේම නිලාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි. චිත්‍රපටය තිරගත වෙලා පළමු සති කිහිපයම සිනමා ශාලා හවුස් ෆුල් වුනා. ඒත් චිත්‍රපටයේ මංගල දර්ශනයට ඉන්න බැරි වුණ එක ගැන ලොකු දුකක් තියෙනවා. මොකද මම මේ දවස් වල වැඩිදුර අධ්‍යාපනය සඳහා  ඉන්දියාවේ මුම්බායි වලට ඇවිත් ඉන්නේ.චිත්‍රපටය තිරගතවෙන කොට ලංකාවේ ඉන්න තිබුණනම් හොඳයි කියලා හිතුණ වාර අනන්තයි. ඒ මොහොතේ ඉන්න තිබුණනම් ගොඩක් වටිනවා.  මෙහි රූගතකිරීම් කරලා බොහොම කාලයක් වෙනවා. කිහිප වතාවක්ම තිරගත කරන්න උත්සාහ කළත් එයට අවස්ථාව ලැබුනේ නැහැ. ඒ වගේම මේ වෙලාවෙ අපේ දර්ශන් ධර්මරාජ් අයියව ආදරෙන් මතක් කරනවා. ඔහු අද අපි අතර නැති වුණත්, අපි හදවතින්ම  ආදරය කරන කලාකරුවෙක්. දර්ශන් අයියා නිසාම මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයෝ පිරිසකුත් ඉන්නවා.


  • පාස්පෝට් ඔබේ කීවෙනි  සිනමා පටය ද?

මම චිත්‍රපට පහක් හයක් වගේ කරලා තියෙනවා. මම දායක වුණ ෂැඩෝ කියලා චිත්‍රපටයක් ඔස්ට්‍රේලියාවේ තිරගත වුනා. කරපු චිත්‍රපටවලින් ලංකාවේ තිරගත වන තුන්වෙනි චිත්‍රපටය තමයි පාස්පෝර්ට්.

  • පාස්පෝර්ට් තිරගත වීම වෙනුවෙන් ලංකාවට එන්න අදහසක් නැද්ද?  

ඇත්තටම පාස්පෝර්ට් ප්‍රවර්ධන වැඩ කටයුතුවලට ඉක්මනින් ලංකාවට එන්න  අදහස් කරගෙන ඉන්නවා. අලුත් නිර්මාණ  කිහිපයකටත්   ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම ලංකාවේ නැති නිසා  වැඩකටයුතු භාරගන්න ලැබුණෙ නැහැ. කොහොම වුණත් ඉන්දියාවේ වැඩ කටයුතු අවසන් වුණ ගමන් නැවත ලංකාවට එනවා.

  • නයනතාර ට මීරියබැද්දේ නිලාව මුණ ගැහෙන්නේ කොහොම ද?

මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ පාස්පෝට් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ගෙන්.  විශේෂයෙන් ස්තුතිය පුද කරනවා ලලිත් වරුණ රාජපක්ෂ අයියාට සහ මෙහි අධ්‍යක්ෂක ක්‍රිෂ් ඇන්තනි මහත්මාට, නිලා ගේ චරිතය වෙනුවෙන් මාව තෝරාගත්තාට. ක්‍රිෂ් ඇන්තනී මහත්මයා ගැන කියනවානම්  ඔහු  කිසිම වෙලාවක පිටපතටම වැඩ කරන්න ඕන කියලා නීති දමන්නේ නැහැ. ඔහු නළුවා නිළිය පීඩාවට පත්නොකර  නිර්මාණය තුළ නිදහස ලබා දෙන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම කියන්න ඕන  මට වැඩිපුරම දර්ශන තිබුණේ ජගත් අයියා එක්ක. ජගත් අයියා ඉතා නිහතමානී, දක්ෂ, වැඩ කරන්නත් හරිම පහසු -  රංගන ශිල්පියෙක්.   මොනව හරි අඩුපාඩුවක් තිබුණත් ඔහු ඉතාම ආදරෙන් ඒක  කියල දීල නිවැරදි කරනවා. ඒ හැම දේටම ගොඩාක් ස්තූතියි.

නිලා කියන්නෙ වතුකර දමිළ යුවතියක්. ඉතින් දමිළ අභාසය, බොඩි ලැන්ග්වේජ් එක, වොයිස් ටෝන් එක වගේ දේවල් මට හදාගන්න  වුණා . නිලා ආදරණීය ටිකක්  කටකාර වෙනස්ම චරිතයක්.  නිලා කියන්නේ අවංක එක ආදරයක් වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති තරුණියක්. නිලා වෙනුවෙන් මම ගොඩාක් පුහුණුවීම් කළා.

  • ඒ පුහුණුව ඇතුළේ මුහුණ දීපු අභියෝග?

පාස්පොර්ට් කියන්නේ අභියෝග ,කැපකිරීම්, ගොඩාක් එක්ක කරපු නිර්මාණයක්.  සමහර දර්ශනවලදි තිරය පිටුපස ඉන්න  කැමරා කණ්ඩායම විශාල කැපකිරීමක් කළා.  විශේෂයෙන්ම කියන්න ඕන මම මීට කලින් කවදාවත් භරත නාට්‍යම් නටලා තිබුණේ නැහැ. පැය ගණනකින් වගේ මට භරත නාට්‍යම් ඉගෙන ගන්න වුණා. පැය ගානකදි භරත නාට්‍යම් පුහුණු වෙලා. එදා හොදටම වැස්ස පාන්දර දෙක විතර වුණා, ඒ දර්ශනය රෑගත කරද්දි. මට භරත නාට්‍යම් උගන්නපු ගුරුවරියවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

තව මට අමතක නොවන සිද්ධියක් තමයි දියලුම ඇල්ලේ පහළ වතුරට මට මුණින් අතට වැටෙන්න තිබුණා. ඒ සීන් එකේදි මට වතුර පෙවිලා නහයට වතුර ගිහින්, පහුවෙනිදා මාව උණ ගත්තා. හැබැයි මම ඒ උණ ගණන් ගත්තේ නැහැ. සෙට් එකේ කාටවත් කිව්වෙත් නැහැ. මං ආස නෑ වැඩකට ගියහම, දශමෙකවත් සෙට් අයට මං නිසා දේවල් අතපසු වෙනවාට.


  • නයනතාරා පාස්පෝට් බැලුවා ද?

තාම මට පාස්පෝට් බලන්න බැරි වුණා. ලංකාවට ඇවිත් චිත්‍රපටය බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.                   

සිනමාව තුළ නයනතාරට ලැබෙන්නේ දෙමළ චරිතමද කියලා හිතෙනවා. මීට පෙර අප දුටුවා  ශාරදාව. මේ මොහොතේ නිලා.

ඇත්තටම මම මුලින්ම දමිළ චරිතයක් නිරෑපණය කලේ පාස්පෝර්ට් චිත්‍රපටයේ. නමුත් ඊට කලින්  ලලිත් රත්නායක මහත්මාගේ ජීවිතයේ එක දවසක් තිරගත වීමත් එක්ක ශාරදා ප්‍රේක්ෂකයින්ට කලින්ම දැක බලා ගන්න පුළුවන් වුණා. ක්ෂේත්‍රයේත් මට ගොඩාක් දෙනෙක් කියනවා මට තියෙන්නේ දෙමළ ඉන්දියානු පෙනුමක් කියලා. දමිල චරිතවලට ගොඩාක් ආරාධනාත් ලැබෙනවා.

  • මේ මොහොතේ ඉන්දියාවේ කරගෙන යන පාඨමාලාව සාර්ථක ද?

මම මේ රංගන පාඨමාලාවට ටික කාලෙකට කලින් තමයි අයැදුම් කළේ.  ඒ සඳහා හින්දි භාෂාවෙන් ඔඩිෂන් එකක් කරලා යවන්න ඕන. කොහොම හරි මාව ඒ පාඨමාලාව සඳහා තේරිලා තිබුණා. ඒක හරි විරල අවස්ථාවක් මොකද ලෝකෙන්ම ඉතාම අඩු පිරිසක් තමයි මේ පාඨමාලාවට සිසුන් තෝරාගන්නේ . විශේෂයෙන්ම ඒ  රංගන පාඨමාලාවට  ගිය පළමු ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය මම. මුම්බායිවල අනූපම් කේර් රංගායතනයේ තමයි අධ්‍යාපන කටයුතු කළේ. මම මේ වෙනකොට ඒ රංගන පාඨමාලාව අති සාර්ථකව අවසන් කරලා ඉන්නේ. දැන් ඉන්දියාවට ඇවිත් මාස 7 ක් විතර වෙනවා.


  • විදෙස්ගත වුණේ නිර්මාණ අතරමග නතර කරලා ද?  

එක නිර්මාණයක්වත් අතරමග නතර කරලා ගියේ නැහැ. මම භාරගෙන තිබුණ හැම නිර්මාණයකම වැඩ අවසන් කරල තමයි, මේ ගමන ආවේ. දැනට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා. චිත්‍රපට පිටපත් කිහිපයක් මේ දිනවල කියවමින් යනවා.

  • දෙවෙනි ඉනිමෙන් පටන් ගත්ත ආදරේ මහා ජනතා සම්මානයක් බවට පත් කර ගත් ඔබට  අද වෙන කොට ලැබෙන ආදරේදැනෙන්නේ කොහොමද? 

දෙවෙනි ඉනිම කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය . දෙවෙනි ඉනිම නිසා  තමයි මට ජීවිතේ ලැබුණ සියලුම දේවල් ලැබුණේ. මම අද මේ තැන රැදිලා ඉන්නේ මගේ ආදරණිය ප්‍රේක්ෂකයන් නිසා. ඒ ආදරය මගේ වෘත්තීය ජීවිතේට අමතරව පෞද්ගලික ජීවිතේටත් ලොකු ආශීර්වාදයක්.


  නදීශා අතුකෝරළ


 



අදහස් (0)

’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 7 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 8 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 4 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 11 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 12 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 14 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site