IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


“පිරිමි ළමයි ” නිසා දසුනි සෙනෙත්මාට වෙච්ච දේ ...

දසුනි සෙනෙත්මාට මේ දිනවල හැමෝම කතා කරන්නෙ “සුදු පුතා” කියලයි. “පිරිමි ළමයි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය නිසා ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් අද කතා වෙන්නෙ දසුනි සෙනෙත්මා ගැනයි. ඇය ඒ චරිතය රඟපාන අයුරු ඉතාම තාත්වික වග තමයි හැමෝම කියන්නෙ. “පිරිමි ළමයින්ට” මැදි වූ නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ඒ වගේම “මෙගා ස්ටාර්” නර්තන රියැලිටි වැඩසටහන නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි කියලා තමයි ඇය කියන්නෙ. මේ කටයුතු නිසා අතිශය කාර්ය බහුලව සිටින “දසුනි සෙනෙත්මා” ලද විරාමයක දී සඳැල්ල සමග කතා බහකට එක් වූ අයුරුයි මේ.
  • දසුනි වඩා කැමති සෙනෙත්මා කියනවට ද? දසුනි කියනවට ද?
කැමති විදිහකට මාව අමතන්න. ඒ නම් දෙකම මගේනෙ.
  • බෙහෙවින්ම කාර්ය බහුලයි නේද?
ටෙලිනාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඒ අතරේ “මෙගා ස්ටාර්” වැඩසටහනට දායක වෙන නිසා කාර්ය බහුලයි.
  • “පිරිමි ළමයි” නාට්‍ය විතරයි නේද විකාශය වෙන්නෙ?
ඔව්. අනිත් නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙන්නෙ මේ දිනවල නුවරඑළියෙ දී.
  • මේ ඔක්කොම වැඩවලට දායක වෙන්න වෙලාව තියෙනවද?
මේ නාට්‍ය දෙකට වෙන් වෙන් විදිහට දින ලබාදෙන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ අතරේ “මෙගා ස්ටාර්” වෙනුවෙන් දායක වෙනවා.
  • අද වනවිට දසුනි සෙනෙත්මා වෘත්තීය රංගන ශිල්පිනියක්?
මම ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිනියක් විදිහට. අද වනවිට වැඩිපුර දායකත්වය ලබා දෙන්නෙ රංගනයට. හැම දේම සමබරව කරගෙන යනවා.
  • “පිරිමි ළමයි” නිසා අද ටෙලිනාට්‍ය නරඹන ලංකාවේ වැඩි දෙනෙක් කතා වෙන්නෙ දසුනි සෙනෙත්මා ගැන. පිරිමි ළමයි නිසා සෙනෙත්මාට මොකද මේ වුණේ?
පිරිමි ළමයි නාට්‍යයේ මම රඟපාන්නෙ බිරිඳකගේ චරිතයක්. බිරිඳකගෙ චරිතයක් රඟපාන දෙවැනි අවස්ථාව. කලින් චරිතය රඟපෑවේ සනත් ගුණතිලක සර්ගෙ ෆිල්ම් එකක. කුසල් මධුරංග අයියා එක්ක මට රඟපාන්න තිබුණා. එදා සනත් සර් මට බොහෝ දේ කියා දුන්නා. යම්කිසි අත්දැකීමක් එදා මට ලැබුණා. ඒ චරිතයට වඩා පිරිමි ළමයි චරිතය වෙනස්. ඉතින් මේක මම හොඳට කරනවා ඇති කියලා හිතනවා. සෙනුරි හෙවත් “සුදු පුතා” තමයි පිරිමි ළමයි නාට්‍යයේ මගේ චරිතයේ නම.
  • සෙනුරි හෙවත් “සුදු පුතා” ගැන මේ තරමට ප්‍රේක්ෂකයන් කතා කිරීමට හේතුව හැටියට සෙනෙත්මා හිතන්නෙ ?
සද්ධාමංගල සූරිය බණ්ඩාර සර් අවුරුදු කීපයක ඉඳලම එතුමාගේ නාට්‍යයකට මාව තෝරාගෙන තිබුණෙ. ඒත් ඒ අවස්ථාවලට සම්බන්ධ වෙන්න බැරිවුණේ එකදිගට ටෙලිනාට්‍ය තුනක් භාරගෙන තිබුණු නිසයි. සද්ධා සර් සහ සිවගුරුනාදන් සර්ගෙ නිර්මාණයකට දායක වෙන්න මට තිබුණෙ ලොකු ආසාවක්. චේතනී මිස් තමයි මා ගැන සර්ට කියලා තිබුණෙ. අන්තිමට මට ඒ වාසනාවත් ලැබුණා. සද්ධා සර් පිටපත ලියන විදිහ සහ ඒ ගැන කියාදෙන විදිහ එක්ක, සිවගුරුනාදන් සර් අපිව මෙහෙයවන විදිහ එක්ක සහ අපේ ප්‍රවීණ රංගන ශිල්පී පිරිස වගේම මගේ සැමියා ලෙස රඟපාන තීක්ෂණ අයියා ඇතුළු ඒ සියලු දෙනා නිසා තමයි “සුදු පුතා” මෙච්චර සාර්ථක වෙලා තියෙන්නෙ.
  • කොහොම වුණත් “පිරිමි ළමයින්ගෙන්” ගැලවිල්ලක් නැහැ නේද?
මේ කතාවෙ හැටියට වැඩිමල් සහෝදරයා විවාහ වෙන්න සිටිය දී බාල සහෝදරයා එක්ක සෙනුරිට විවාහ වෙන්න වෙනවා. එහෙම කරන්නෙ නම්බුව වෙනුවෙන්. ඒත් අයියාට වඩා වැඩි ආදරයක් ඇතිවෙන්නෙ මල්ලිට ඒ එයා හැසිරෙන විදිහ නිසයි. රණ්ඩු කළත් එයා එක්ක සුදු පුතා හෙවත් සෙනුරි ඉන්නෙ ගොඩක් ආදරෙන්.
  • මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පිරිමි ළමයින්ගෙන් සෙනෙත්මාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
බැරි වෙලාවත් එක කොටසකට හෝ මම දායක වුණේ නැත්නම්, අයියෝ අදත් ඔයා හිටියෙ නැහැනෙ, කියලා ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය මට ගොඩාක් වටිනවා. ඒ ප්‍රේක්ෂක ආදරයට මම ගරු කරනවා.
  • පිරිමි ළමයකුගෙ ඇත්තම ආදරයක් ලැබෙනවත් ඇති?
ලැබෙනවා, ලැබෙනවා.
  • ආදරය ගැන සෙනෙත්මා හිතන විදිහ?
සෑම මිනිසකුටම ලැබිය යුතු දෙයක්නෙ. ආදරය මම දකින්නෙ බොහොම ලස්සන දෙයක් විදිහටයි. ඒ ලස්සන ඇතිවෙන්නෙ, විශ්වාසය සහ එකිනෙකා ගැන හිතන විදිහ සහ අවබෝධය මෙන්ම ගරුත්වය එක්කයි. කෙනෙක්ව වෙනස් කරලා ආදරය ලබාගන්න යනවට වඩා, ඒ කෙනා සිටින විදිහ තේරුම් අරගෙන ආදරය කරනවා නම්, ඒ සම්බන්ධය පවතිනවා. ආදරය කියන්නෙ විශ්වාසය සහ දෙදෙනා අතර ඇති ශක්තිමත් බැඳීම සහ තේරුම් ගැනීම එක්ක ආදරය සුන්දර කරගන්න පුළුවන්.
  • මේ නාට්‍යයේ දිල්හාරට සුදු පුතා කම්මුල් පහර දුන් අවස්ථාව ගැන කිව්වොත්?
ඒක අපි ඇත්තටම කළා. මම ගහපු කම්මුල් පහරට දිල්හාරගෙ මුහුණෙ ඇඟිලි හතරක විතර කැළලක් ඇතිවුණා. එයා මට ගහපු කම්මුල් පහරට මගේ තොල අගිස්ස පිපුරුවා. කොහොම හරි එක අවස්ථාවකින්ම අපි ඒක කළේ, නැත්නම් දහ වතාවක් විතර අපි දෙන්නට ගහගන්න වෙන නිසයි. අපි ඒ අවස්ථාව ගැන පුහුණු වෙලා, ටේක් එකේදී හොඳටම කරමු කියලා කතා කරගෙන හිටියේ.
  • තොල පැළුණාම?
අපි දෙන්නට දෙන්නා අමනාප වුණේ නැහැ. අයිස් කැටයක් තියලා වේදනාව යටපත් කර ගත්තා. ඉන් පස්සෙ ආයෙත් ඊළඟ දර්ශනවලට එක්වුණා. ඒ වෙලාවට අපි ඒ නාට්‍යයේ චරිත එක්ක තමයි සමවැදී        ඉන්නෙ
  • අතිශය කාර්ය බහුල වීම ගැන දැනෙන්නෙ කොහොමද?
“මෙගා ස්ටාර්” භාරගත්තාම ඒ අතරේ තවත් ටෙලිනාට්‍ය එකොළහකට ආරාධනා ලැබුණා. ඒත් ඒවා මම භාරගත්තෙ නැත්තෙ, අන්තිමට එකක්වත් හරියට කරන්න බැරිවෙන නිසයි. වැඩක් භාරගත්තම ඒ කරන වැඩේට මනස යොමු කරන්න විතරයි මම කැමති. මනස අවුල් කරගෙන එය හරියට කරන්න බැහැනෙ. චරිත කීපයක් එකවර භාර ගත්තොත්, සමහර විට මම අසාර්ථක වේවි. මෙගා ස්ටාර් සීසන් - 4 එකේ පුහුණුවීම්වලටත් කාලය වැය කරන්න වෙනවා. මා වෙනුවෙන් නර්තනාංග නිර්මාණය කරන්නෙ ලලිත් පැරකුම් සර්. එතුමා මේ දිනවල විදෙස්ගතව සිටින නිසා “අමා” අක්කා තමයි සියලු දේ මට කියා දෙන්නෙ. ඇය ලලිත් සර්ගෙ සහායක ගුරුවරියක්.
  • කොහොම වුණත් මේ කාර්ය බහුලත්වය එක්ක හරියට නිදාගන්නවත් වෙලාවක් ලැබෙනව ද?
සමහරදාට නින්දක්වත් නැහැ. ෂූටින් ඉවර වෙලා පාන්දර ඇවිත් ආයෙත් පාන්දරම ෂූටින්වලට යන්න වෙන දවස් තියෙනවා. නින්ද නැතිවුණාම ප්‍රබෝධමත් ගතිය ටිකක් නැතිව යනවා. හැබැයි ලස්සන වෙන්න කියලා අමුතු අමුතු දේ කරන්න යන්නෙ නම් නැහැ. කෑමක් වුණත් තියෙන දේ කනවා. වර්ග කිරීමක් කරන්නෙ නැහැ.
  • මේ ගෙවන ස්වභාවය එක්ක සෙනෙත්මාට ජීවිතය දැනෙන්නෙ කොහොමද?
එන අභියෝග සතුටින් භාරගෙන, ජීවිතයට මුහුණ දෙනවා. මට මේක කරන්න බැහැ කියලා හිතන්නෙ නැතුව, කරන්න උත්සාහ ගන්නවා. අසාර්ථක වුණොත් එය අත්දැකීමක් කර ගන්නවා. සාර්ථක වුණොත් සතුටු වෙනවා.
  • සෙනෙත්මා කවදා හරි මොන වගේ බිරිඳක් වෙන්නද කැමති?
මම ආදරය කරන කෙනාට ශක්තියක් වෙලා, එයාට පීඩනයක් නොදී ප්‍රශ්න අවම කරගෙන, එයයි මමයි දෙන්නම එකම විදිහට සතුටින් ගත කිරීමටයි. එහෙම නැතුව එයාට කරදරයක් වෙන්න කැමති නැහැ. බාධක දාලා එයාව හිර කරන්න කැමතිත් නැහැ. මට ඕනෑ සතුටින් ඉන්න විතරයි.
  • ඉතින් තවත් මොනවද සෙනෙත්මාට කියන්න තියෙන්නෙ ?
මම කොළඹ ඉන්නෙ මගේ නංගි එක්ක. එයාගෙන් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. යන යන තැන මගේ තනියට එන්නෙ එයා. ඒ නිසා එයාව ආදරෙන් මතක් කරන්නම ඕනෑ.
  • සෙනෙත්මා ජීවිතය විඳින විදිහ ?
මම දායක වන වැඩ, මගේ පවුලේ අය එක්ක ගෙවන දවස් තමයි මට විඳින්න තියෙන්නෙ. කාලය ගෙවෙන්නෙ ඒ විදිහටනෙ. ඒ ජීවිතයෙ මම සතුටින්.

සඳුන් ගමගේ

Pix By - Uditha Umesh


 



අදහස් (0)

“පිරිමි ළමයි ” නිසා දසුනි සෙනෙත්මාට වෙච්ච දේ ...

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 19 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


“පිරිමි ළමයි ” නිසා දසුනි සෙනෙත්මාට වෙච්ච දේ ...
2025 පෙබරවාරි මස 26 39 0

දසුනි සෙනෙත්මාට මේ දිනවල හැමෝම කතා කරන්නෙ “සුදු පුතා” කියලයි. “පිරිමි ළමයි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය නිසා ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් අද කතා වෙන්නෙ දසුන


මම බැන්දේ නැහැ , ඒක ෆොටෝ ෂූට් එකක් - දමින්ද නන්දරත්න
2025 පෙබරවාරි මස 26 28 0

වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමා


පිනි රාණි - ගයත්‍රි ඩයස්
2025 පෙබරවාරි මස 26 32 0

ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.


පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා
2025 පෙබරවාරි මස 26 35 0

පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.


ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න
2025 පෙබරවාරි මස 24 32 0

මෙවර ’Youth Peak’ විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු නමින්, අශාන් ධනංජය .


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 58 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 356 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site