තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්. මේ කතාව එවන් වාසනාවක් හිමි වූ ඇය ගැනයි. මේ වෙනකොට බොහෝ දෙනා හඳුනන අසංක සායක්කාර ගේ "සින්ටෝ" ටෙලි නාට්‍ය හරහා වෛද්‍යවරියක ගේ චරිතයෙන් කාගෙත් කතාබහට ලක්වෙන ඇය හංසි සමරතුංග යි.
මේ දවස්වල නම් ලොකුවට කලා කටයුතුවලට දායක වුණේ ම නැහැ. සින්ටෝ ටෙලිනාට්‍යයට අදාළ කොටස්වලට දායක වෙනවා. ඊට අමතරව නම් වේදිකාවටවත් සම්බන්ධ වුණේ නැහැ. මේ දවස්වල රැකියාව පැත්තෙනුත් පොඩ්ඩක් කාර්ය බහුලයි . මේ අවුරුද්දේ වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ මගේ පශ්චාත් උපාධියට අදාළ විභාග වැඩ වෙනුවෙන්. ඒ වැඩ ටික අවසන් කරලා, කලා වැඩ වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න බලාපොරොත්තු වෙනවා.
කලාව පැත්තට මම පුංචි කාලේ ඉඳලාම හරිම ආසයි. පොඩි කාලේ නටනවා. සින්දු කියනවා, මම සාමාන්‍ය පෙළටත් කළේ නාට්‍ය හා රංග කලාව. පාසල් වේදිකාවේ ගොඩාක් නාට්‍ය වලට ඉදිරිපත් වෙලා තියෙනවා. මට පුංචිකාලේ ඉඳලා සබකෝලය කියන එක තිබුණේම නැහැ. කලාව පැත්තෙන් ඕනෑම දේකට ඉදිරිපත් වුණා. වෛද්‍ය විද්‍යාලයට ආවමත් නාට්‍ය නැටුම් කලා වැඩවලට දායක වුණා.ඒ වගේම තමයි මම වේදිකා නාට්‍ය බලන්නත් පාසල් කාලේ ඉඳලාම හරිම ආසයි. කොළඹ වෛද්‍ය පීඨයට ආවට පස්සේ වේදිකා නාට්‍ය බැලිල්ල තවත් වැඩි වුණා. වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න කාලෙ දි ඉතින් නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම කරක් ගැහුවේ ටවර්හෝල්, එල්ෆින්ස්ටන්, ලයනල් වෙන්ඩ්ට්, පුංචි තියටර් වගේ රංග ශාලාවල වේදිකා නාට්‍ය බලන්න තමයි. වේදිකා නාට්‍ය එකක් නෑර බැලුවා. ඒක හරි පිස්සුවක් වගේ. සරසවියෙන් ඉවත් වෙන්න යද්දි මට වේදිකාව දැන් අහිමි වෙනවා වගේ දුකක් දැනුණා. රැකියාවට ආවට පස්සේ ආයේ ඒවා සම්බන්ධ වෙන්න අවස්ථාව නෑනේ කියලා හිතුණා. දවසක් හිතුණා ප්‍රසිද්ධ වේදිකාවේ රඟපාන්න තියේ නම් කියලා. වෛද්‍ය විද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ මම හෙව්වා නාට්‍ය ඉගෙනගන්න තැනක්. එතකොට තමයි මට සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ඇකඩමි එක ගැන දැනගන්න ලැබෙන්නේ.
මගේ ගම රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ. නාට්‍ය ඉගෙනගන්න ආස වුණාට අතේ සල්ලි තිබුණෙත් නැහැ පාඨමාලාව කරන්න. කැම්පස් අවුට් වුණා විතරනේ. උපාධිය අවසන් වෙලා ඒ කාලේ සබරගමු විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක විදියටත් පොඩි කාලයක් වැඩ කළා. ඒකෙන් පොඩි වැටුපකුත් ලැබුණා . ඇත්තටම මුලදි නාට්‍ය ඉගෙනගන්න කොළඹ ආවේ අම්මලා ගෙන් සල්ලි ඉල්ලන්. පොඩි කාලේ ඉඳලා අම්මයි තාත්තායි කලා වැඩවලට අපිව යොමු කළා. ඒ නිසා කලාව පැත්තට යොමු වෙනවට අම්මාගෙනුයි තාත්තාගෙනුයි ලොකු සහයෝගයක් ලැබුණා.
මම වේදිකා නාට්‍යවලට දායක වෙන්නේ 2022 වසරේ ඉඳන්. අසංග සායක්කාර අයියාත් එක්ක ඔහුගේ වේදිකා නාට්‍යවල පසුපස වැඩවලට මට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හිතවත්කම එක්ක තමයි මට අසංග සායක්කාර අයියා ගේ සින්ටෝ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ තමයි මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම . මට ඒ වෙනකොට ස්ක්‍රීන් එකක් ඉදිරියේ වැඩ කරලා අත්දැකීම් තිබුණේ නැහැ. හැබැයි මට ඒ කතාවේ තේමාවට ආස හිතුණා.
අසංග අයියා දවසක් කතා කරලා කිව්වා ගැබිනි මව්වරුන් වටා ගෙතෙන කතාවක් මේක. ඉන් බාල වයස්කාර ළමයෙක් ගැබිනියක් වීම මුල් කරගෙන තමයි කතාව ගෙතෙන්නේ, සමාජයට අලුත් පණිවිඩයක් දෙන විදිහේ කතාවක් කියලා. ඒකත් එක්කම කිව්වා මේ පිටපතේ වෛද්‍යවරිය ගේ චරිතේ ලිව්වේ ඔයාට ගැළපෙන්න, ඔයාට මේක කරන්න පුළුවන් නේද කියලාත් ඇහුවා. ඒ අත්දැකීම ලබාගන්න ලොකු ආසාවක් ඇතිවුණු නිසාම මම කැමති වුණා. හැබැයි, කැමරාවක් ඉදිරියේ රඟපාන කොට වේදිකාවේ රඟපානවා වගේ මට ලේසි වුණේ නැහැ . ටෙලි තිරයේ ඒ මොහොතට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩුයි. ඒත් ටෙලි නාට්‍යය කරාට පස්සේ හිතුණා මට පහසු වේදිකාව කියලා.
ඇත්තටම ඒක පහසු වුණා .මොකද මගේ වෘත්තිය නේ. නමුත් මගේ වෘත්තිය වුණත් මේ චරිතේ කරන්න කලින් ගර්භිණී අම්මලට උපදෙස් දීම සම්බන්ධයෙන් එම්.ඕ.එච් වෛද්‍යවරයෙකු ගෙන් ගර්භණී මවුවරුන් බලන විදිය, උපදෙස් දෙන ආකාරය ගැන උපදෙස් ගත්තා. උපදෙස් අරන් තමයි චරිතේ හදාගත්තේ .
කෙටි චිත්‍රපට, වෙෙළඳ දැන්වීම්, චිත්‍රපටිවලට ආරාධනා ලැබුණා. නමුත් තාම නිශ්චිත වශයෙන් කලා වැඩ භාරගත්තේ නැහැ. මට මේ මොහොතේ තියෙන ලොකුම ගැටලුව තමයි කාලය. මම දැන් සීමාවාසික පත්වීම් අවසන් වෙලා රත්නපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක ලෙස තමයි සේවය කරන්නේ. රැකියාවත් එක්ක හිතෙන හිතෙන වෙලාවල්වලට නිවාඩු ගන්න බැහැ. කොහොම වුණත් දිගටම කලාවේ ඉන්න ආසයි. ලැබෙන ඉඩකඩ අනුව කලා කටයුතු වලට දායක වෙනවා.
මගේ තාත්තා සමරතුංග. ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙක්. දැන් නම් විශ්‍රාමිකයි. මගේ අම්මා ප්‍රේමා සමරතුංග ඇයත් විදුහල්පතිනියක්. ඇය තාම සේවයේ නියැළෙනවා. මට ඉන්නවා මල්ලි කෙනෙක්. මල්ලි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිය අරගෙන සිවිල් ඉංජිනේරුවරයෙකු විදිහට සේවය කරනවා.
ආදරයේ විරහව - හයි ඩෝස් එකෙන්ම විඳලා තියෙනවා. මේ මොහොතේ හයිඩෝස් එකෙන්ම ආදරය විඳිනවා.
නදිශා අතුකෝරළ
කලා ක්ෂේත්රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්රයට දායාද වූ විරල චරිත දෙකක් ලෙස මේ ප්‍රවීණයින් දෙදෙනා
රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගනිමින් සිටියි.
තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්.
විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා, වෙනත් දෙයකට යොමු වීමට සිත යොමු කරන්නේ
සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි.
මං පාර කියන්නම්කො.. මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර වමට හැරෙන්න...
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
“සින්ටෝ ” එක්ක එන දොස්තර නෝනා - හංසි සමරතුංග