IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


KALANA Gunasekara

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා. මෙවර සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එක්වූ ඔහු ආදරණීය රංගන ශිල්පී කළණ ගුණසේකර.

  • කළණ ගැන මේ දිනවල වැඩි කතාබහක් තියෙනවා. නේද ‘‘රීකන්ඩිෂන් කෙල්ල’’ නිසා?

ඇත්තටම ඔව්, මේ නිර්මාණය තුළ මම රංගනයෙන් දායක වෙන්නෙ වෛද්‍යවරයෙකුගේ චරිත රංගනයක්. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ මගේ රංගන ජීවිතේ මට ලැබුණ වෙනස්ම චරිතයක්. මම පළමු වතාවට තමයි  මෙවැනි චරිතයක් කළේ. මුලින්ම  මෙහි අධ්‍යක්ෂවරයා අනුර ඒකනායක  මට මේ චරිතය  බාරදෙද්දී පොඩි බයකුත් තිබුණා. හේතුව මට මේ චරිතය කරන්න හැකි වෙයි ද කියන දේත් එක්ක. නමුත් අධ්‍යක්ෂවරයා  මට මාරම ශක්තියක් වුණා. ඔහු මට කිව්වෙ ‘උඹ මේ චරිතයට හරියන්නෙ නැත්නම් මම උඹට කතා කරයි ද’ කියලා. ඉතින් ඒ වචන ටිකම මට මේ චරිතය කරන්න ලොකු විශ්වාසයක් ඇති කළා. ඒ විශ්වාසය එක්ක තමයි චරිතය කරන්න නොපැකිළිව භාර ගත්තෙ.

  • ඉතින් ඒ භාරගැනීම අද වෙද්දී  සාර්ථක වෙලා නේද?

 අපි චරිතයක් අධ්‍යයනයකින් යුක්තව රඟපෑවත් එහි අවසන් ප්‍රතිඵලය අපිට කියන්න වෙන්නේ ඒ නිර්මාණයන් විකාශය සිද්ධ වෙද්දිනෙ. එය අපි නැරඹුවට පසුව සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක. ඉතින්  කියන්න සතුටුයි  ඉතාම කෙටි කාලයක් තුළ  ප්‍රේක්ෂකයෝ මේ චරිතය ඉතාම ආදරෙන් වැලඳගෙන තියෙනවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාරවලින්. මේ නිර්මාණය තුළ මගේ රංගනය සාර්ථකයි කියලා විශ්වාසයක් තියෙනවා. කොහොමත් මම මීට පෙර කරපු නිර්මාණ තුළිනුත් ප්‍රේක්ෂක ආදරය ලැබුණු තැන් තිබුණා. ඒක ගොඩක්ම දැනෙන්නෙ මම පාර තොටේ යද්දි වුණත් මුණ ගැහෙන සමහර ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නෙ මගේ ඇත්ත නමින් නෙමෙයි. චරිතවල නම්වලින්, ඉතින් මේ දිනවල ගොඩක් අය මට දොස්තර  කියලා තමයි කතා කරන්නෙ.

  • මේ දොස්තරගෙ චරිත රංගනය ගැන කතා කරද්දී යුරේනි ගැනත් කතා නොකරම බැහැ නේද?

අනිවාර්යයෙන්ම, යුරේනි තමයි මෙහි ප්‍රධානම චරිතය, යුරේනි වටා තමයි අනෙක් චරිත ලියවිලා තියෙන්නෙ සහ මම ඉන්නෙත් ඇය වටේ. ඉතින් ඇයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා මගේ චරිතය කරන්න. කොහොමත් මම මීට පෙරත් ඇය එක්ක රංගනයෙ යෙදිලා තියෙනවා. ඒ රංගනයන් වෙනුවෙන් මාව සම්මානයන්ට පවා නිර්දේශ වුණා සහ ඇය සම්මානයන්ට පාත්‍ර වුණා. ඉතින් ඒ නිර්මාණ තුළ තිබුණු අත්දැකීම් අපි තුළ තිබුණා. ඇත්තටම ඇය ඉතාම දක්ෂ නිළියක්. වැඩ කරන්නත් හරිම පහසුයි සහ ලොකු සහයෝගයක් ලබාදෙන රංගන ශිල්පිනියක්. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනැ. අපේ මේ චරිත සාර්ථක වෙන්නත් මූලිකවම හේතුව වෙන්නේ පිටපත සහ අධ්‍යක්ෂවරයා. මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය දෙකම අනුර ඒකනායකගෙ. ඔහු මීට බොහෝ කලකට පෙර වේදිකාව එක්ක සෑහෙන්න වැඩ කරපු පුද්ගලයෙක්. නමුත් දැන් ඔහු කැනඩාවල පදිංචිවෙලා ඉන්නෙ. නමුත් ලංකාවට ඇවිල්ලා ටෙලි නිර්මාණයක් කරන්න ඔහුට ලොකු අදහසක් තිබුණා. එහි ප්‍රතිඵලය ලෙස තමයි ‘‘රීකන්ඩිෂන් කෙල්ල’’ නිර්මාණය කළේ. ඉතින් මේ නිර්මාණය වෙනුවෙන් ඔහුගේ අවශ්‍යතාවන් තමයි රංගන ශිල්පින් විදියට අපි සම්පූර්ණ කරන්නෙ. ඉතින් කියන්න  සතුටුයි අපි හැමෝටම මේ තුළින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

  • ඊට අමතරව මේ දිනවල රිදී තිරයෙනුත් දකින්න ඉන්නවා නේද?

ඔව්. ශමීර නාඔටුන්න අධ්‍යක්ෂවරයාගේ ‘‘සිහින නෙළුම් මල්’’ මේ දිනවල තිරගත වෙනවා. වර්තමානයේ විවාහක තරුණ පිරිස් අතරින් විශාල වශයෙන් මුහුණපෑමට සිදුවන සංකීර්ණ ගැටලුවක් සම්බන්ධව කතා කෙරෙන නිර්මාණයක් තමයි මේ. ඉතින් මේ තුළ මම රංගනයෙන් දායක වෙන්නෙ මෙහි ප්‍රධාන චරිතයෙන් එකතුවෙන හේමාල් රණසිංහගේ යාළුවා විදියට. ඉතින් මේ  නිර්මාණයත් ඉතා සාර්ථකව ප්‍රේක්ෂකයන් වැලඳගෙන තියෙනවා සහ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

  • මීට අමතරව කළණව දකින්න පුළුවන් නිර්මාණ තියෙනවද?

මේ දිනවල මේ නිර්මාණයන් තුළින් තමයි දකින්න ඉන්නෙ. නමුත් මම කරපු නිර්මාණ එන්න තියෙනවා පුංචි තිරයේ සහ රිදී තිරයේ දෙකෙහිම. ඉතා නුදුරේම විකාශය වෙන්න නියමිතයි ඩබ්ලිව්. රවීන්ද්‍රගෙ නිර්මාණයක්.  ඊට අමතරව මම සම්බන්ධ වුණ චිත්‍රපට 9ක් වගේ එන්න තියෙනවා.

  • එතකොට වේදිකාවෙ වැඩ කටයුතු?

වේදිකා නාට්‍යයකට කළේ මෑතක දී වගේ නම් ගයාන් කනිෂ්ක  රාජපක්ෂ අධ්‍යක්ෂවරයාගේ mr ප්‍රසිඩන්ට්. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රසංග දෙකම තිබුණා. ඒක ඇත්තටම මට වෙනස්ම අත්දැකීමක්. විශේෂම දෙයක් තමයි මේ වෙනුවෙන් මට සම්බන්ධ වෙන්න ලැබුණෙ ඉතාම දක්ෂ රංගන ශිල්පින් තිදෙනෙක් සමඟ. ඒ ප්‍රියන්ත සිරි කුමාර, රොෂාන් රවීන්ද්‍ර සහ ෂේවියර් කනිෂ්ක වැනි චරිත  එක්ක. ඔවුන් සමඟ රංගනය හුවමාරු කර ගන්න ලැබීමත් ලොකු අත්දැකීමක්. ඉතින් ඒ නාට්‍යයට දෙස් විදෙස් ප්‍රතිචාර ලබාගන්න හැකිවුණා අපේ ශ්‍රී ලාංකිකයින්ගෙන්. මේ නිර්මාණය ඇත්තටම ගයාන් කනිෂ්කගෙ දේශපාලනික කියවීමක් වගේම දර්ශනවාදී කියවීමක් කියන්න පුළුවන්.

 

  • Mr ප්‍රසිඩන්ට් ගැන කතා කළ නිසාම කළණගෙන් අහන්න කැමතියි. මේ දිනවල ලහිලහියේ ඡන්ද උණුසුම විඳින්න ඔබත් සූදානම් ද කියලා?.

ඔව්, අනිවාර්යයෙන්ම, මේ වෙලාවේ අපි කලාකරුවො හෝ පුරවැසියෝ විදියට අපෙන් විය යුතු යුතුකමක් වෙනුවෙන් බලාපොරොත්තුවක්  අස්සෙ  වැඩ කරනවා.


ධනූ විජේරත්න


 



අදහස් (0)

KALANA Gunasekara

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මට ටික කාලයක් දේශපාලන උණකුත් තිබුණා - අයේෂා මධුෂානි
2024 සැප්තැම්බර් මස 26 30 0

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අයේෂා මධුෂානි නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා රැසකටම උරුමකම් කියන ප්‍රේක්ෂක ජනාදරය ඉහළින්ම දිනාගත් ශ


මම පර්ෆියුම් එකේ ඉඳලම 'Fashion' කරන කෙනෙක් - සූර්යා දයාරුවන්
2024 සැප්තැම්බර් මස 25 37 0

රොමාන්තික ගැඹුරු හඬින් ගී ගයනා, ගායකයෙකු ලෙසින් සේම නළුවෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් සිය දක්ෂතා පෙන්නනා ඔහු සූර්යා දයාරුවන් සමඟිනුයි මෙ


ප්‍රේක්ෂකයො වැඩිපුරම වැළඳගත්තෙ මගේ නර්ථනය වෙන්න ඇති - දමිත්‍රි සුබසිංහ
2024 සැප්තැම්බර් මස 25 43 0

පුංචි තිරයේ අහිංසකාවියක් වූ ඈ විටෙක ”‍පාවෙලා වලාකුලේ ඒවිද අම්මා”‍ ටෙලි නිර්මාණයේ පුංචි දෝණිට නැතුවම බැරි වූ අම්මාය, තවත් විටෙක අම්මගෙ අඩුව පිරවූ ආදරණ


හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය
2024 සැප්තැම්බර් මස 25 48 0

සනත් ගුණතිලක සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනිණි.


KALANA Gunasekara
2024 සැප්තැම්බර් මස 25 36 0

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය, අවධානය දැඩිව දිනාගෙන සිටින ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් සඳැල්ලට එකතු කරගන්න හිතුවා.


සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 119 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25088 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 814 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site