රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි. ‘කැලණි පාලම’ තියෙන තාක් අපට ගීතා කාන්ති ජයකොඩි අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම ළාහිරු දහසකින් පටන් ගෙන යශෝරාව නැංවූ නාට්‍ය ගණනාවකට දායකත්වය දුන් රත්නා ලාලනී කොහෙත්ම අමතක වන්න විදිහකුත් නැහැ. රංගනයේ ස්වකීය සලකුණු සනිටුහන් කළ මේ ‘අක්කා - නගෝ’ දෙදෙනා අතර ඇති සහෝදර බැඳීම මොන වගේ ද? ඉතින් ඒ ගැන ආදරයෙන් විස්තර කරන්න සඳැල්ලට පැමිණියේ රත්නා ලාලනී ජයකොඩි ප්‍රවීණ රංගන ශිල්පිනියයි. ඇය ඇයගෙ ලොකු අක්කා වන ගීතා කාන්ති ගැන අක්කයි - නංගියි විශේෂාංගයට කී හැටි අපි දැන් කියවමු.
අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි. මමයි.
ලොකු අයියා රඟපාලා තියෙනවා. එයා තමයි බිමල්ගෙ තාත්තා.
මම පටන් ගත්තේ ගුවන් විදුලියෙ ළමා පිටියෙන්. ඒ පටන් ගැන්මට පෙර අක්කාගෙ තනියට ගුවන් විදුලියට ගියේ. ඒ ගිය නිසාම තමයි මටත් ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න මාවත විවර වුණේ.
කොහොමටත් අපි පස්දෙනාම හරි එකමුතුයි. පොඩි කාලයේ ඉඳලම එහෙමයි. ඒකට හේතු වුණේ අපේ අම්මයි, තාත්තයි අපි පස් දෙනාටම එකම විදිහට සැලකීම සහ ආදරය කිරීමයි. මම බාලයා නිසා ගෙදර ඔක්කෝගෙන්ම වැඩිපුර ආදරය ලැබුණේ මට. අපි පස්දෙනාම පවුලේ සෑම කටයුත්තකදීම ඒ වගේ එකට එකතු වෙනවා. අම්මයි, තාත්තයි ජීවත්ව සිටියදී අලුත් අවුරුද්දට අනිවාර්යයෙන්ම එකතු වුණා. දැනටත් අපි ඔක්කෝමලා වගේ පදිංචිව ඉන්නෙත් උපන් ගම වැල්ලම්පිටිය අවට. පවුලක් විදිහට ගත්තොත් එදා ඉඳලම නැන්දලා, මාමලා, බාප්පලා මේ ඔක්කෝම වගේ එකම ගමක හිටපු නිසා අපේ පවුල විශාල පවුලක්. පොඩි කාලයේ ඉඳලාම අපි කලාවට සම්බන්ධ දේ කළේ. අවුරුදු කාලයේදී අපේ අම්මා අපිව ගායන, කවි, විකට ඇඳුම් ඒ වගේ බොහෝමයක් දේට යොමු කළා.
මම කුඩා කාලයේදි මට මතකයි අපේ අම්මා අසනීප වෙනවා. අම්මා ඉස්පිරිතාලෙ නතරවෙලා සිටියදී අක්කා තමයි ගෙදර අම්මා කළ ඔක්කෝම වැඩ කළේ. එයා පාසල් යන අතරේදි ගෙදර වැඩත් ඔක්කෝම කළා. ගෙදර ලොකු අක්කා වුණාට එයා එච්චර ලොකු ගැහැණු දරුවෙක් වුණේ නැහැ. ඒත් ගෙදර වැඩවලට මුල් තැන දුන්නා. ඒ නිසා කුඩා කාලයේදීම අක්කාට මට වඩා වගකීම් දරන්න වුණා. ඒ ගැන මට හොඳ මතකයක් තියෙන්නෙ. මගේ තරුණ කාලයේදි වඩාත් සුන්දර වුණාට අම්මගෙ අසනීප එක්ක අක්කලාගේ යොවුන් අවධිය එයාල මට වඩා දුෂ්කරව ගෙව්වේ කියලා මට හිතෙනවා.
අපි ඔක්කෝම ගියේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයට. (අද එය මධ්‍ය මහා විද්‍යාලය) අක්කලා - අයියලා ඒ පාසලේ සිටීම මට ගෙන දුන්නෙ සතුටක්. මා වටා එයාලා ඉන්නවනෙ කියන ශක්තිය දැනුණා. ලොකු අක්කාට නර්තන අංශයේ ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. ගායනා එහෙමත් කළා. ගුවන් විදුලි ශිල්පිනියක් වූ නිසාත් එයා පාසලේදී ජනප්‍රියයි. හය වසර දක්වා මම ඉගෙන ගත්තෙ ඒ පාසලේ. ඉතින් අක්කා නිසා මට ලැබුණෙත් ආලෝකයක්. අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි නිසා මම ඉතින් පාසලේදී ටිකක් චණ්ඩි පාට් එකෙන් හිටියේ.
අපි මොන දේ කළත්, එයාල තමයි අම්මා තාත්තාගෙන් බැණුම් ඇහුවෙ. මම බාලයා නිසා හැමෝගෙම අනුකම්පාව ලැබුණෙ මට. අක්කට හැබැයි හොඳටම කේන්ති යන කෙනෙක්. අදටත් එහෙමයි. ඒ හන්දා හරි හරියට රණ්ඩු.
ඉස්සර අපට ලයිට් වතුර තිබුණෙ නැහැ. ළිඳෙන් තමයි අපි වතුර ගත්තෙ. ඒ ළිඳේ වතුර බොර පාටයි. ඒ නිසා පෙරලා තමයි නෑම පවා කළේ. ළිඳ ළඟට කලින් ගිය කෙනා තමයි වතුර පෙරන්න ඕනෑ. එක දවසක් මේ වතුර පෙරන වැඩේ නිසා මම හොඳටම රණ්ඩු වෙලා බේසම් පවා පෙරළුවා. ඒ සිදුවීම අද වගේ මට මතකයි. අම්මා ඇවිල්ලා කවුද වැරදි කියලා බැලුවෙ නැහැ. හොඳටම දඬුවම් දුන්නා. අපි හොඳට ගුටි කාලා හැදුණෙ. පස් දෙනෙක්නෙ. ඒ වෙලාවට මම ඉතින් බොරුවටත් කෑගහලා අඬපු අවස්ථා තිබුණා. ඒ කාලෙත් ඇඟේ ඇක්ටින් තිබිලා තියෙනවා.
මුලින්ම මම ගියේ එයාගෙ තනියටනෙ. ඉතින් ඒ විදිහට ගිහින් සිටියදි මාව හොඳට බලා ගත්තා. කෑම බීම එහෙමත් හරියට අරන් දුන්නා. එයාලා නාට්‍යවලට හඬ කවන හැටි මම පැත්තකට වෙලා බලාගෙන හිටියා. එතකොට එයාලා හරිම ජනප්‍රියයි. නිරංජලා සරෝජිනි, රෝහණ සිරිවර්ධන, ලෙස්ලි රාමනායක, සමන් ආතාවුදහෙට්ටි, කරුණාතිලක හඳුවල, පරාක්‍රම පෙරේරා වගේ අය කරන දේ බලා සිටි එකම මට ගෙන දුන්නෙ ලොකු අත්දැකීමක්.
අක්කා-නගෝ දරුවන් සමඟ
අපට පුද්ගලික වාහන තිබුණෙ නැහැ. බස් එකේ ගියේ.
අක්කා එක්ක ගිය නිසාම තමයි. අහම්බයකින් වගේ මට ඒ අවස්ථාව ලැබුණෙ. මහින්ද අල්ගම අයියගෙ ප්‍රෝග්‍රෑම් එකකදි රෙකෝඩින් එන්න හිටපු ළමා ශිල්පිනියකට එන්න බැරිවෙලා. ඒ නිසා එදා මට ඒ කොටස කරන්න කීවා. පසුව ළමා ශිල්පිනියක් ලෙස පරීක්ෂණයෙන් තේරිලා දිගටම කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට මගේ වයස අවුරුදු 11 ක් විතර ඇති.
ගුවන් විදුලි නාට්‍යවල හිටියා. ඉන්පස්සේ වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා.
මට වැඩිය අක්කලා, අයියලා තමයි දක්ෂ වුණේ. හැබැයි එයාලා තෝරාගත්තෙ අමාරු විෂයයන්. විද්‍යා අංශයෙන් සහ ගණිත අංශයෙන් විෂයන් තෝරාගත්තෙ එයාලා දක්ෂ වූ නිසයි. එත් සරසවි වරම් ලබන්න බැරිවුණා. අක්කා කැම්පස් යන්න වැඩිය උත්සාහ නොකළෙත්, ඒ කාලය වෙද්දී එයා ගුවන්විදුලි හා නාට්‍ය ශිල්පිනියක් ලෙස ස්ථාවරව සිටිය නිසයි. මම තෝරා ගත්තෙ කලා අංශය. සංගීතයට එහෙම දක්ෂ වූ නිසා මගේ ටීචර්ස්ලා කිව්වෙ කලා අංශය තෝරාගන්න කියලයි. ඒ නිසාම තමයි සෞන්දර්යය සරසවියට යන්න පුළුවන් වුණේ. පසුව මම තෝරා ගත්තෙ ගුරු වෘත්තිය. හැබැයි මම විශ්වාස කරන විදිහට මට වඩා ඉගෙනීමට දක්ෂ වුණේ අක්කා.
එදා වගේම අදටත් එයා මගේ වැඩවලදි සතුටු වෙනවා. අගය කරනවා.
හැමෝටම උදව් කිරීම. එයා කලාවට සම්බන්ධ වෙච්ච නිසා පවුලේ සහෝදර සහෝදරියන්ගෙ දූලා පුතාලා සහ ඥාතීන් සියලු දෙනාටම කලාවට එන්න උදව් කරන්න එයා කැමැතියි. මම පවා වේදිකාවට ආවේ ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයට හඳුන්වලා දුන්න නිසයි. චිත්‍රපට අංශයේදීත් එහෙමයි. යෂ් වීරසිංහ මගේ බාප්පාගෙ දුවගෙ පුතාවත් ඩබින් වලට එහෙම යොමුකළේ අක්කා. අද වන විට යෂ් එයාගේ දක්ෂතාවයෙන් ඉදිරියට ගිහින්. බිමල්ට, පබෝදාට පවා උදව් කළේ එයා. මටත් අක්කාගෙ ඒ ගතිය තියෙනවා. හැබැයි අපි දෙන්නා හිතන විදිහ වෙනස්.
හරිම රසට කෑම උයන්න පුළුවන්. මට පුතා ලැබෙන්න සිටි කාලයේදි මම ඉගැන්නුවෙ කොළොන්නාවෙ ටෙරන්ස් එන් ද සිල්වා පාසලේ. එයා උයා පිහාගෙන බස් එකේ ඇවිත් මට කෑම පාර්සලය දීලා යනවා. කෙසෙල් කොළේ බත් එක බැඳගෙන ගෙනාවෙ. ඒ රස සුවඳ මට තාමත් දැනෙනවා. ඒ දවස්වල මම ඒක කන්න මග බලාගෙන හිටියේ. එයා හැමෝටම කරුණාවන්තව සලකනවා. එකම අඩුවකට තියෙන්නෙ ටිකක් කේන්ති යාම. හැබැයි කේන්ති ගියාට එයාට කා එක්කවත් තරහා වෙලා නම් ඉන්න බැහැ.
එයා මට වඩා බොහෝම සමීප මගේ පොඩි අක්කාට. එයාගෙ නම ශ්‍රියානි. ලොකු අයියාගෙ නම ගාමිණී කමල්. පොඩි අයියාගෙ නම පියල් ජයකොඩි. එයා ගුවන් විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. ඉස්සර අක්කගෙ තනියට මේ ඔක්කෝමලා ගිහින් තියෙනවා. අන්තිමට අහුවුණේ මම. ඒ වන විට එයා කීර්ති අයියා එක්ක (පබෝදාගේ තාත්තා) ප්‍රේමය පටන් ගත්ත කාලය. වැල්ලම්පිටියෙ ඉඳලා දෙමටගොඩට ඇවිත් 154 බස්එකට ගොඩවෙන්න සිටියදී කීර්ති අයියා අක්කාව හමුවෙන්න ආවා. ගෙදර ගිහින් කියන්න එහෙම එපා කියලා දෙන්නා මට පොඩි පොඩි අල්ලස් එහෙම දුන්නා. හරි සුන්දර මතක ගොඩාක් තියෙනවා.මාත් ඉතින් ඒ අල්ලස් උපරිමයෙන් ගත්තා. එක දවසක් හරි වැඩක් තමයි වුණේ?
දවසක් අක්කයි කීර්ති අයියයි ‘අභිමාන්’ ෆිල්ම් එක බලන්න ගියා. මාව ඉස්සරහා පුටුවෙ ඉන්දවලා අපි ෆිල්ම් එක නැරඹුවා. අපේ අම්මගෙයි තාත්තාගෙයි පුරුද්ද තමයි අපේ ගෙදර ඔක්කෝමලා එක්කගෙන ගිහින් ‘ෆිල්ම්’ නැරඹීම. ඔන්න ඉතින් ගෙදර කට්ටිය ඔක්කෝම අභිමාන් බලන්න යන්න ලැහැස්ති වුණා. මගේ උත්සාහය වුණේ ඒක නැරඹුවාම කියලා කියන්න. අක්කා ඒක බොහොම අමාරුවෙන් වැළකුවා. කොහොමහරි මම දෙපාරක්ම අභිමාන් නැරඹුවා. කොහොම හරි ඒ ප්‍රේමය දැනගත්ත විගස අවුරුදු 20 දී අක්කාට විවාහ වෙන්න සිද්ධ වුණා. පසුකාලීනව අක්කයි, මායි එකට වේදිකාවේ රඟපෑ හැටි, නාට්‍ය වෙනුවෙන් විදෙස් සංචාර ගිය හැටි, ඒ වගේ බොහෝ රසමතක තියෙනවා. පොතක් පිරෙන තරමට.
සඳුන් ගමගේ
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අක්කා ගෙනාව බත් එකේ රස සුවඳ අදත් මට දැනෙනවා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්නා ලාලනී ජයකොඩි