IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


අපට පාර්ලිමේන්තුවේ තීරක කණ්ඩායම විය හැකියි


මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වදින්නේ එහි ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. මේ ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

 මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වරට හම්බන්තොටට රාජපක්ෂ කෙනෙක් නෑ. මොකද වුණේ?

මම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි ඉල්ලන්න හිටියේ. ඒත් පක්ෂය තීරණය කළා මාව ජාතික ලැයිස්තුවට දාලා රටේම ඡන්ද ව්‍යාපාරය මගේ නායකත්වයෙන් මෙහෙයවන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමත්, චමල් රාජපක්ෂ මැතිතුමත් ඡන්දෙට එන්නේ නෑ කියලා කලින්ම තීරණය කරලා තිබුණේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ඉල්ලන්න නීතියෙන් ඉඩක් නෑ. ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉල්ලනවා.

 රාජපක්ෂවරුන්ගේ ඉරණම ජනාධිපතිවරණයෙන් පැහැදිලි වුණා. ඇත්තටම ජනාධිපතිවරණයේදී ඔබට මොකද වුණේ?

ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් විදියට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න. අන්තිම මොහොත වෙනකම් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක සාකච්ඡා කළා. ඊළඟට අපේ විකල්පය වශයෙන් හිටියෙ ධම්මික පෙරේරා මැතිතුමා.

 ධම්මික පෙරේරාට මොකද වුණේ?

ඡන්දයට සති හයක් තියලා ධම්මික පෙරේරා මැතිතුමා ඉල්ලන්න බැහැ කිව්වා.

 හේතුව?

ඒක පෞද්ගලික හේතුවක් කියලයි කිව්වේ. එතැනදි අපිට තීරණයක් ගන්න වුණා ජනාධිපතිවරණයකදී නිහඬ වෙනව ද?

පක්ෂයක් විදියට සටන් කරනව ද කියලා. එතැනදි පක්ෂයේ බහුතරයක් තීරණය කළා මාව ඉදිරිපත් කරන්න.

  ඔබට බය හිතුණේ නැද්ද?

අපි දැක්කා අභියෝගයක් තියෙනවා. රටේ තිබුණ වාතාවරණයත් එක්ක. ඒත් කොච්චර දුෂ්කර වුණත් පක්ෂය වෙනුවෙන් කඳවුර වෙනුවෙන් අවශ්‍ය නායකත්වය දෙන්න ඕනෑ. ඒ නායකත්වය මම දුන්නා. අපි පටන්ගත්තෙම පක්ෂය ආරක්ෂා කිරීමේ මානසිකත්වයෙන්. අපේ පාක්ෂිකයා ඡන්දදායකයා හිටියෙත් පක්ෂය වෙනුවෙන් මිසක් දිනීමේ මානසිකත්වයෙන් නෙවෙයි. මම එක පැත්තකින් සතුටු වෙනවා අන්තිම දවස වෙනකනුත් සටනේ ඉදිරියෙන්ම අපි හිටපු එක ගැන. ඉතිහාසයේ පළමු වතාවට තමයි අපේක්ෂකයො හතර දෙනෙක් අන්තිම දවස වෙනකම් එල්ලිලා හිටියේ. එහෙම නැත්නම් අන්තිම සති දෙක වෙනකොට අපේක්ෂකයෝ දෙන්නයි ඉතිරි වෙන්නේ. ඉතාම සුළු කාලයයි තිබුණේ මැතිවරණය මෙහෙයවන්න. මුල්‍යමය වශයෙනුත් අපි දුර්වල වෙලා හිටියේ. අපි සියලුම සැලසුම් හදලා තිබුණේ වෙන අපේක්ෂකයකුට. ඒ සියල්ලම වෙනස් කරන්න වුණා. ඒ අතර අපේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමකුත් පක්ෂය හැරදා ගියා. ඒ අනුව තරුණ කණ්ඩායමක් හැටියට අපි ඒකට හොඳට මුහුණ දුන්නා. 

ඡන්ද ප්‍රතිඵලය කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් අපි ඡන්දය කළා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද පක්ෂය සහ අපේ කඳවුර ඉතිරි වුණා. දැන් අනිත් අය ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද මොන පක්ෂයෙන් ද ඉල්ලන්නේ කියලා කල්පනා කරනකොට අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලත් ඉවරයි. අද ශ්‍රී ලංකා නිදහස් පෙරමුණයි, මාලිමාවයි විතරයි මැතිවරණ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සන්ධානය මැතිවරණය ජයග්‍රහණය කළා. දේශපාලකයත් ජයග්‍රහණය කළා. අපි මැතිවරණයෙන් පැරදුණා. ඒත් දේශපාලනිකව ජයග්‍රහණය කළා.

ඔබලාගේ ආණ්ඩුව තිබුණ කාලේ ඔබ වටා තරුණ මන්ත්‍රීවරු පිරිසක් හිටියා. ඔබ හැඳින්වුණේ යුව රජ හැටියටයි. එහෙත් මේ පාර එක්කෙනෙක් හැර අනිත් සියල්ලෝම ඔබ දාලා ගියා.

නෑ. තරුණ කණ්ඩායමක් ඉතිරි වුණා. එදා ඉඳලම අපි මැතිවරණයක් යනකොට අවස්ථාවාදීව පිල් මාරු කරනවා. පරාජය වුණත් මං සතුටු වෙනවා පිල් මාරුව ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම පිල් මාරු නොකළත් ප්‍රධාන දහරාවේ කඳවුරු හතරෙන් තුනක්ම පිල් මාරුව මත දේශපාලනය කරපු අය.

 බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ කියන ඔබේ බාප්පලා නිසා අනුර කුමාර ජනාධිපති වුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

එහෙම හිතුවොත් එහෙම කිව්වොත් ඒක මාලිමාවට කරන අසාධාරණයක්. මොකද මාලිමාව අවුරුදු තුන හතරක් තිස්සේ හොඳට දේශපාලනය කළා. ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා ‘‘මහින්දගේ හයිය තියෙන්නේ ගමේ. අපි ගමට බහින්න ඕනෑ’’ කියලා. ඒගොල්ලෝ මේ යථාර්ථය තේරුම් ගත්තා. අපේ අනිත් අය රැල්ලටයි සමාජ මාධ්‍ය හරහායි දේශපාලනය කරනකොට මාලිමාව ගමට ගිහින් මහින්ද රාජපක්ෂ ක්‍රමයට දේශපාලනය කළා. ඒ නිසා යම් පුද්ගලයකු නිසා මාලිමාවට වාසියක් වුණා කියලා මම කිව්වොත් ඒක ඒ කැම්පේන් එකට මම කරන අසාධාරණයක්. අවංකවම ඔවුන් හොඳ කැම්පේන් එකක් කළා.

 මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔබ තබා ඇති බලාපොරොත්තුව?

අපි පක්ෂය හැටියට ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ප්‍රතිප්තතියක් හැටියට පැහැදිලිවම ඉන්නවා අලුත් පිරිසකට අවස්ථාව දෙන්න ඕනෑ කියන තැන. ඒ වගේම පොහොට්ටුවට ඡන්දය දීපු විශාල පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට ගියේ නෑ. පොදුජන පෙරමුණට ජයග්‍රහණය කරන්න ඒ මොහොතේ බැහැ කියන මානසිකත්වය එයට බලපෑවා. හැබැයි ඒ ජනතාව අපි නියෝජනය කරන මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්න උගත් දක්ෂ කණ්ඩායමක් යැවිය යුතුයි කියලා හිතලා ඡන්ද පොළට යනවා. ඒ අනුව අපට සැලකිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සහිතව පාර්ලිමේන්තුවේ තීරක කණ්ඩායමක් බවට පත් වීමේ හැකියාව තියෙනවා.

 ඔබේ අපේක්ෂාව විපක්ෂ නායක ධුරය?

බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට රැගෙන යන එක තමයි මගේ අපේක්ෂාව. එතැනින් එහාට පාර්ලිමේන්තු දේශපාලනයේ අපි හැසිරෙන්න ඕනෑ කොහොමද කියලා තීරණය කරන්නේ පාර්ලිමේන්තුවට ගිහින්.

 කවුද අගමැති අපේක්ෂකයා. ඔබද? වෙන කෙනෙක් ද?

එක පැත්තකින් මම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා. අගමැති තීරණය වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්තෙන්. කිසිම ජයග්‍රාහී බලවේගයක් කලින් අගමැති අපේක්ෂකයා නම් කරලා නෑ. ජනාධිපතිවරයා පත් වුණාට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට යනවා. අපේ පැත්තෙන් මම මැතිවරණය මෙහෙයවනවා. එතැනින් එහාට ආණ්ඩු පිහිටුවීම ආදී කාරණාවලදී ඒ සියල්ල තීරණය වෙන්නේ පාර්ලිමේන්තුවේදී.


ප්‍රසන්න සංජීව තෙන්නකෝන්


 



අදහස් (0)

අපට පාර්ලිමේන්තුවේ තීරක කණ්ඩායම විය හැකියි

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 9 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 6 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 11 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 13 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 9 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 12 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site