IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අලුත් බැක්ටීරියාව නිසා විනාශවන හොඳ බැක්ටීරියා


මීට වසර පහකට පමණ පෙර, 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භවූ ’කොවිඩ් 19’ කොරෝනා වෛරසය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය. ඇසට නොපෙනෙන කොවිඩ් 19කොරෝනා වෛරසය, ලෝකයට කළ හදිය සුළුපටු නොවේ. කොවිඩ් 19 අපේ ආදරණීයයන් බිලිගත්තේය. බොහෝ දෙනකුට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කළේය. අද වනවිට කොවිඩ් 19 වෛරසයේ සැර බාල වී ඇතත්, එය  අපේ ජීවිතවලට එල්ල කළ තර්ජනය තවමත් සහමුලින්ම අකුළා ගෙන නැත. 

කොවිඩ් 19 ආරම්භ වෙද්දී - වෛරසයෙන් බේරෙන්න, එයින් අපගේ ආදරණීයයන් බේරාගන්න, අප බොහෝ දෙනා යහපත් සෞඛ්‍ය පිළිවෙත්වලට වඩ වඩාත් යොමු විය. හොඳ පුරුදු වලට යොමු විය. අත් සෝදා පිරිසුදුව තබා ගැනීමටත්, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්නේ නම් - ඇස්, නහය, කට, ස්පර්ශ කිරීමෙන් වැළැකී සිටීමටත් පුරුදු විය. චීනයෙන් ආරම්භවී කොවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී - මරණ බය ඇතිවී අපේ ආදරණීයයන් සහ සමීපතමයන් අහිමිවේය යන බය දැනෙද්දී, ’මාස්ක්’ හෙවත් මුහුණු ආවරණ පැලඳීමට හුරු විය. රුපියල් පහට හෝ දහයට තිබුණු මාස්ක් ලොකු ලොකු ගණන්වලට අලෙවි විය. කොවිඩ් 19 වෛරසය නිසා ගොඩගිය අයවලු‍න් වන්නේ, ෆාමසි හිමිකරුවන්, මාස්ක් නිෂ්පාදකයන් සහ සැනිටයිසර් නිෂ්පාදකයන් බව අමුතුවෙන්  කිවයුතු නැත. ‍‘කොවිඩ් 19 වෛරස් වසංගතයේ ආරම්භය සිදුවුණු කාලයේ - එනම් 2020 වසරේ, කිසිදු මිල පාලනයකින් තොරව මාස්ක් සහ සැනිටයිසර් දියර වර්ග අලෙවි වන්න විය.

කොවිඩ් 19 ලොව කාටත් හිසරදයක් වෙද්දී, මාස්ක් මෙන්ම සැනිටයිසර් - එසේත් නැතිනම් විෂබීජ නාශක දියර භාවිතයට අප සියලු‍ දෙනා වඩ වඩාත් යොමු විය. ඒවා අප ජීවිතයේ කොටසක් විය. ගමනක් බිමනක් ගිය සැණින්,  අතරමගදී පමණක් නොව ආපසු නිවසට ආ සැණින් ද සැනිටයිසර් දියරවලින් අත් පිරිසුදු කරගැනීම සිදුවිය. නිවස පමණක් නොව කාර්යාලය නිරන්තරයෙන් සැනිටයිසර් දියරවලින් පිරිසුදු කෙරුණි. සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, අප රටේ පමණක් නොව, විදේශවල ද අහස සූරන මන්දිරවලින් පිරුණු කොන්ක්‍රීට් වනාන්තරවල පවා ජනතාව ගැවසෙන ස්ථාන, නිරන්තරයෙන් සැනිටයිසර් යොදා පිරිසුදු කෙරුණි. 

ඇසට නොපෙනෙන කොවිඩ් 19 වෛරස විෂබීජ මරා දැමීම අපගේ ඉලක්කය විය. එය සාර්ථක වූ බව පැහැදිලිය. වසර කීපයක් යද්දී, එන්නත් වලින් නිර්මාණය වූ ප්‍රතිශක්තිකරණය මෙන්ම, හොඳ සෞඛ්‍ය පුරුදු හේතුවෙන් ද - කොවිඩ් 19 වෛරසය අඩපණ විය. එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක තත්ත්වයට  පත්විය. මෙය මනුෂ්‍ය වර්ගයා ලැබූ ජයග්‍රහණයකි‍. ඒත් ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපට දැන් මිලක් ගෙවීමට සිදුවී ඇත.

අප සැනිටයිසර් විෂබීජ නාශක දියර දිගින් දිගටම භාවිත කළේ කොවිඩ් 19 විෂබීජ විනාශ කිරීමටය. එහෙත් - සැනිටයිසර් හේතුවෙන් විනාශ වූයේ කොවිඩ් 19 විෂබීජ පමණක් නොවේ. එහිදී  මනුෂ්‍ය  අපේ පැවැත්මට හිතකර බැක්ටීරියා විශේෂ පවා විනාශ විය. අපට හිතකර බැක්ටීරියා විනාශ වෙද්දී - අපට අහිතකර බැක්ටීරියා  සැනිටයිසර්වලට සෙමින් සෙමින් හුරු වීමට පටන් ගත්තේය.  එහිදී සැනිටයිසර්වලට ඔරොත්තු දෙන ආකාරයේ - එනම්, ඒවාට අනුවර්තනයවූ   බැක්ටීරියා නිර්මාණය විය.

මේබව  පවසන්නේ විද්‍යාඥයෝ පිරිසකි. ඔවුන් සිදුකළ නවතම අධ්‍යයනයන්ට අනුව - කාර්යාල, පාසල් සහ වෙළෙඳසල්, පොදු ප්‍රවාහන ස්ථාන ආදියේ විෂබීජ නාශකවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා විශේෂ පහළවීම  මේ වනවිට ආරම්භවී  අවසන්ය. මෙය බිහිසුණු තත්ත්වයකි.


මෙම බිහිසුණු තත්ත්වය පිළිබඳ ලොවට අනාවරණය කළේ - චීනයේ සියැන් ජියෝටොන්ග් ලිවර්පූර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ස්පාඤ්ඤයේ ඩාර්වින් විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් ය. එම විද්‍යාඥයන් ඔවුන්ගේ අධ්‍යයනයන්  සිදුකළේ හොංකොං කේන්ද්‍රකොට ගනිමිනි. හොංකොං යනු චීනයේ පාලනයට නතු වූ වෙනම පරිපාලන ප්‍රදේශයකි. ලොව ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයකි. වෙ‍ළෙඳ නගරයකි. ලොව නන්දෙසින්, බොහෝ දෙනා හොංකොං පැමිණෙති. එම විද්‍යාඥයන්, නිරන්තරයෙන් සැනිටයිසර් යොදා පිරිසුදු කෙරෙන හොංකොං නගරයේ පොදු ජනතාව ගැවසෙන ස්ථානවලින්, පාසල් හා කාර්යාලවලින්, වෙළෙඳසල් හා අවන්හල්වලින් - සාම්පල 738 ක් ලබා ගෙන ඒවා පරික්ෂා කළහ. එහිදී  ක්ෂුද්‍ර ජීවීන්  සැනිටයිසර්  විෂබීජ නාශක දියරවල සාරය අවශෝෂණය කරගන්නා අයුරැ නිරීක්ෂණය වුණි.

එම ක්ෂුද්‍ර ජීවීන් සැනිටයිසර්  විෂබීජ නාශක දියරවලට    අනුවර්තනය වෙමින්, ඒවායෙන් පෝෂණය සලසා ගැනීමට හැඩ ගැසුණු බව විද්‍යාඥයෝ තහවුරු කර ගත්හ. විද්‍යාඥයන් මේ බව තහවුරු කර ගත්තේ - බැක්ටීරියාවල ජාන සැකසුම් හඳුනා ගෙන ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.’’කොවිඩ් 19 සමයේ  අප ඉවක් බවක් නැතිව සැනිටයිසර් භාවිත කළා. අපේ අත් පිරිසුදු කරන්න පමණක් නොවෙයි,  නිවසේ ගෘහභාණ්ඩත් අප ඒවා යොදා පිරිසුදු කළා. වෙනකක් තබා අපි අපේ නගර පවා  වීෂබීජවලින් ආරක්ෂා කරගන්න ඒවා භාවිත කොට පිරිසුදු කළා.’’

’’ඒත් ඒක දැන් පාරාවළල්ලක් වෙමින් පවතිනවා. අපට හිතකර ක්ෂුද්‍රජීවීන් අප විනාශ කර ගත්තා පමණක් නොවෙයි -  අපට  විනකරන  ක්ෂුද්‍රජීවීන් විෂබීජ නාශක දියරවලට අනුවර්තනයවී, ඒවායෙන් පෝෂණය ලබාගන්නා ආකාරයෙන් සෛලයේ කායකර්මය ප්‍රතිනිර්මාණය කරගෙන. අනාගතයේ අපට සැනිටයිසර් යොදා ගනිමින් විනාශ කරන්න බැරි ආකාරයේ  විෂබීජ නිර්මාණය වේවි. දැනටමත් එය සිදුවෙමින් පවතිනවා”

පර්‌යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය සින්සාහෝ 

ටොංග් ඒ අයුරින් ප්‍රකාශ කරමින් බිය පළකර ඇත.

එපමණක් නොවේ. මෙම විද්‍යාඥයන් කණ්ඩායම භ්‍රාන්තිය දනවන තවත් සුවිශේෂ කරුණක් අනාවරණය කරගෙන තිබේ.  එයනම් ඔවුන්ට හොංකොං නුවරින් පමණක් - මින් පෙර  හමුනොවුණු ආකාරයේ නව ක්ෂුද්‍රජීවී විශේෂ 363ක් සොයා ගැනීමට හැකිවී තිබීමය. මේවා හොංකොං නගරයේ පොදු ස්ථානවල පමණක් නොව - හොංකොං වැසියන්ගේ චර්මයෙහි නැත්නම් සමෙහි පවා සක්‍රියව පවතින ඔවුන්   තහවුරු කරගෙන තිබේ. 

කෙනෙකු රෝගීවූ  විට, වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම නොකළ යුතු යැයි  කියන්නේ ද මෙවැනිම තත්ත්වයක් නිසාය. ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ  ලබාගැනීම - අප ශරීරය තුළ සිටින හිතකර  ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමට හේතුවක් වේ. ඊට අමතරව අපගේ සිරුර ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් දක්වන තැනක් බවට පත්වී,  අසාධ්‍ය තත්ත්වයකදී ප්‍රතිජීවක භාවිතයට ගෙන රෝගවලින් ගැලවීම අපට කළ නොහැකි වේ. වෛද්‍ය පර්‌යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ වසර 2050 වනවිට අපට ආසාදනය වන රෝග (විශේෂයෙන් වෛරස් රෝග) බොහොමයකට ප්‍රතිකාර කිරීමට සුදුසු ප්‍රතිජීවක ඖෂධ නොමැති වනු ඇති බවය. සුපර්බග්ස් නමින් වෛද්‍යවරුන් හඳුන්වා දෙන විෂබීජ - වෛරස සහ බැක්ටීරියා හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාගෙන් සියයට 50 ක් මරා දමනු ඇති බවය.

මේ අනුව - කොවිඩ් 19 වසංගතය හමුවේ සැනිටයිසර් දියර නිතර නිතර භාවිතයට යොමුවීමෙන් අප අවට පරිසරයේ පැවති හිතකර බැක්ටීරියා විනාශවී යාම හා  අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක් නිර්මාණයවී තිබීමක් සිදුවී පවතින බැව් වටහාගත හැකිවේ. 

මෙය බිහිසුණු තත්ත්වයක් නොවේද?


ලු‍සිත ජයමාන්න
     ඩේලිමේල් ඇසුරිනි  


 



අදහස් (0)

අලුත් බැක්ටීරියාව නිසා විනාශවන හොඳ බැක්ටීරියා

ඔබේ අදහස් එවන්න

Recommended News

ජීවිතේ අමතක නොවෙන මුල්ම ගමනාන්තය තමයි මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5364 ක් උසින් තියෙන එවරස්ට් බේස් කෑම්ප් එක - දිනේෂ් ආසිරි පැතුම්
2024 නොවැම්බර් මස 21 0 0

උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පි


HIKE එකක් යන්න බැක් පැක් එක හරියට ලෑස්ති කරගමුද?
2024 නොවැම්බර් මස 21 6 0

චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක.


වසර දහසකට එහා නගරයකට යමු
2024 නොවැම්බර් මස 21 8 0

මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිස


එක්දින ගමනේ ඉදිරියට
2024 නොවැම්බර් මස 20 10 0

නවසීලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් පසුව මේ සටහන ලියැවෙයි. පළමු තරගය ඉතා සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


අලුත් බැක්ටීරියාව නිසා විනාශවන හොඳ බැක්ටීරියා
2024 නොවැම්බර් මස 20 18 0

මීට වසර පහකට පමණ පෙර, 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භවූ ’කොවිඩ් 19’ කොරෝනා වෛරසය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය.


ආකල්පවලට බලපෑම් කරන්න Fashion වලට පුළුවන් - සංගීත් ප්‍රභූ
2024 නොවැම්බර් මස 18 22 0

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 450 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1953 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site