යන කාන්තා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු ආගමනය සිදුව ඇත්තේ යම් දේශපාලන පවුල් පසුබිමක් මත පදනම්ව ය. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන්ගත් අතර, ඉන් 11 දෙනෙකුම දේශපාලන පවුල් පසුබිමක් සහිතව තේරීපත් වූවෝය. ඒ අතර සිටි ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහට සිය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෙසු දොළොස් දෙනා අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මෙම මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.
2020 මහමැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් සිව්දෙනෙක් සහ මහජන ඡන්දයෙන් අටදෙනෙකු වශයෙන් මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ඉන් වැඩි පිරිසක් නීතිඥ සහ ගුරු වෘත්තිය නියෝජනය කරති. මෙම 12 දෙනාගෙන් අට දෙනෙකුට දේශපාලනයට පිවිසීම සඳහා පවුල් පසුබිමක් පවතී. මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙක් සිය පවුලේ සාමාජිකයෙකු මියයාමෙන් පසුව දේශපාලනයට පිවිසියෝය.
යන මහත්මීන් 2020 මහමැතිවරණයෙන් තේරී පත් වූ අතර විශේෂඥ වෛද්‍ය අරඹේපොල සහ මංජුලා වීරකෝන් දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද, ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පිවිසියහ. මීට අමතරව ගීතා සමන්මලී කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් කාන්තාවන්ට ඔවුන්ගේ පවුල් තුළින් ලැබෙන දේශපාලන පන්නරය ඔවුන්ගේ දේශපාලන ගමන් මගට ඉවහල් වූ බවත් ස්වාමියාගෙන් බිරිඳට, පියාගෙන් දියණියට ආදී ඥාතීත්වයෙන් ලැබෙන අනුග්‍රහය මතද පියවරුන්, සැමියන්, සොයුරන් මියයෑමෙන් හෝ ඉවත්වීම යන කාරණා පාදකව එම හිඩැස් පිරවීමට බොහෝ කාන්තාවන් පාර්ලිමේන්තුවට පිවිස ඇති බවද තහවුරු වේ.
එසේ දේශපාලන වටපිටාවක් නොමැති අයෙක් ජනප්‍රියතාව මත පදනම්ව ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ලංකාවේ ජනගහනයෙන් කාන්තා ප්‍රතිශතය ඉහළ ගිය ද ව්‍යවස්ථාදායකයේ සැලකිය යුතු ආසන ප්‍රමාණයක් කාන්තාවන්ට හිමිවන්නේ නැත. 2016 වර්ෂයේ දී හිටපු අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතියක් සම්මත කර ගත්තද එය ක්‍රියාත්මක වනවා ද යන්නෙහි ගැටලු පවතී.
තවද දේශපාලන මැදිහත්වීම, ජනප්‍රියත්වය හැරුණු විට සාමාන්‍ය කාන්තාවකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සැබවින්ම සිහිනයක්ව ඇති බව අතීත සාධක සලකා බැලීමේ දී ගම්‍යමාන වේ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන මහමැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් කාන්තාවන් නාමයෝජනා භාරදී ඇති අතර, මැතිවරණයෙන් තේරී පත්වන කාන්තා නියෝජිතයන් කවුරුන්වේ ද යන්න සහ මෙතෙක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වූ කාන්තා නියෝජනය පෙර පරිද්දෙන්ම අවම මට්ටමක් ගනීද, නැතිනම් පවුල් දේශපාලන බලය, මූල්‍යමය බලය තේරීපත් වීමට නියමිත නව පාර්ලිමේන්තුව වටා කේන්ද්‍රගත වේ ද නැතිනම් මෙහි වෙනසක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් පොදු සමාජයේ කතිකාවත් නිර්මාණය වී තිබේ.
මනීෂා වීරසිංහ
ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො
පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.
පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.
ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන්නේ ජේ. ආර්.ජයවර්ධන මහතා විසින් සකසන ලද ව්‍යවස්ථාව මගිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කළද එය තවමත් අසම්පූර්ණ ය. සමාජයෙහි සාම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ සහ ධනේශ්වරවාදී ලක්ෂණ මුල්බැසගෙන ත
පිරිමින් පමණක් අගමැතිකම් දරමින් සිටි ලෝකයක එය වෙනස් කරමින්, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ලෝක දේශපාලන කරළියට අවතීර්ණ වූ පළමු කාන්තාව වන්නේ අප ශ්‍රී
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඇමති මඩුල්ලට ගිය ලක් වනිතාවෝ