“ප්‍රියා සූරියසේන කියන්නේ හරිම විවෘත මනුස්සයෙක්.. බාහිර ස්වරූපය දිහා බලන ඕනම කෙනෙක් හිතන්නෙ එයා හරිම කලබලෙන් වැඩ කරන කෙනෙක් කියලා.. ඒත් යම් වැඩක් කරද්දී ඒකට පුදුමාකාර විදියට කැප වෙන කෙනෙක් කියලා මම දන්නවා..”
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය. ප්‍රියා ගයන පිටගම් ගිය සෙනේවන්තිය ගැන කියැවෙන ලිහිණින් රෑන පියාසලන්නේ ගීතය රචනා කරන ලද්දේ ඔහුය.
“මම ඒ කාලේ වැඩ කළේ ශ්‍රීමාලි ආයතනයේ.. ඒ ඉස්සරහම තමයි සිංග් ලංකා ආයතනය තිබුණේ.. ඉතින් මම හැමදාම හවසට කුලරත්න ආරියවංශ එක්ක කතා කරකර ඉන්න සිංග් ලංකා එකට යනවා.. එහෙම ගිය දවසක තමයි මුලින්ම ප්‍රියා සූරියසේන හම්බ වුණේ.. ඒ වෙනකොටත් ඔහු ජනප්‍රිය ගී තරුවක්.. ඔහුගේ ගීත මොන තරම් රස විඳලා තිබුණත් මට කවදාවත් ඔහු හමු වෙලා තිබුණෙ නෑ.. ඒ හින්දම සිංග් ලංකා එකට ආව ඔහුව අඳුනා ගන්න ලැබීම මට ලොකු ආස්වාදයක් වුණා..”
‘‘ලිහිණින් රෑන පියා සලන්නේ’’ ගීතය ලියන්නට පදනම වැටුණ ආකාරය සිහිපත් කරමින් ධර්මරත්න පෙරේරා පැවසුවේය.
එදා ප්‍රියා සූරියසේන සංගීතඥ සරත් දසනායකත් සමඟ සිංග් ලංකා ආයතනයට ඇතුළු වූයේම කුලරත්න ආරියවංශට චෝදනාවක් කරගෙනය.
“කුලේ මචං, උඹ ගිය සැරේ මගේ කැසට් එකටත් සින්දුවක් ලිව්වෙ නෑ.. මේ සැරේනම් ලියන්නම ඕන..” ඔහු කීවේය.
“මචං.. අපි ඔය චාන්ස් එක වෙන කෙනෙකුට දෙමු.. උඹ දන්නව ද මේ තමයි ධර්මරත්න පෙරේරා.. හොඳ ගීත රචකයෙක්.. තනුවලට ගීත ලියලත් තියෙනවා.. ඒ හින්දා එයාට කියමු සින්දුව ලියන්න කියලා..” කුලරත්න ආරියවංශ කීවේය.
ප්‍රියා එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. තමා ඒ වන විට ගී කිහිපයක් රචනා කර තිබුණත් තුඩතුඩ රැව් දෙන ජනප්‍රිය නමක් නොතිබීම එයට හේතුව විය යුතුයයි ධර්මරත්න පෙරේරා අනුමාන කළේය.
“ලියන කෙනා කවුරු වුණත් කමක් නෑ.. මෙතෙන්ට එන්න මේක කියලා දෙන්න.. මම මෙලඩි එක දාලා තියෙන්නෙ..”
සරත් දසනායක කීවේ පියානෝව අසළින් වාඩි වෙමිනි. කුලරත්න ආරියවංශගේ ඉඟියට අනුව ධර්මරත්න පෙරේරාට එතැනට යාමට සිදු වූයේය. සරත් දසනායක තනුව වාදනය කර ඒ අනුව ගීතය රචනා කළ යුතු ආකාරය පැහැදිලි කළේය. එදින නිවසට ගිය වහාම ධර්මරත්න පෙරේරා කළේ ඒ තනුවට අනුව ගීතය ලිවීමය.
“මම සරත් දසනායකට ගීතය දුන්නා.. ඊට පස්සෙ පටිගත කිරීම් කරනවා කියලත් දැන ගත්තා.. ඒත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණෙ නෑ.. මටත් ඒක ගැන අමතක වෙලා ගියා.. එක දවසක් කලා ශිල්පියෙකුගේ අවමඟුලට සහභාගි වෙන්න බොරැල්ල කනත්තට ගිය වෙලාවේ මමයි ග්‍රේෂන් ආනන්දයි කතා කරකර හිටියා.. එතෙන්ට ප්‍රියා ආවා.. ඒත් එයා මාව අඳුනා ගත්තෙ නෑ.. ” ධර්මරත්න පෙරේරා කීවේය.
“මෙයාව අඳුනන්නෙ නැද්ද..?” ග්‍රේෂන් ප්‍රියාගෙන් ඇසීය.
“ම්හු මතක නෑ..”
“එහෙනම් මේක මතකද කියලා බලන්නකො.. ලිහිණින් රෑන පියා සලන්නේ.. මන්දාරම් වැහි පොද වැටෙන්නේ..”
ග්‍රේෂන් කනත්තේදීම ගායනා කළේය. ප්‍රියාගේ ඇස්වලට පසුතැවිල්ලක සේයාව වැටිණි.
“අනේ මචං.. සොරි උඹව අඳුනා ගත්තෙ නැතුවට..”
කියමින් ඔහු වහා ධර්මරත්න වැලඳ ගත්තේය. එදායින් පසුව ඔවුන් දෙදෙනා හොඳ මිතුරෝ වූහ. මුලින්ම නොවුණත් පසුකාලීනව ලිහිණින් රෑන පියා සලන්නේ ගීතය ද ජනප්‍රිය විණි.
1944 ඔක්තෝබර් මස 27 දා ඉපිද අවුරුදු අසූවක් ආයු වළඳා 2024 දෙසැම්බර් 24 දා මෙලොවින් සමුගෙන ගිය ප්‍රියා සූරියසේන ගැන ධර්මරත්න පෙරේරා මතකාවර්ජනය කළේ සංවේදී හඬිනි.
“ඒ හා සමාන ගායකයෙක් ආයෙ බිහි වෙයි කියලා හිතන්නවත් බෑ.. ඔහු ගායනා කළ ගීත එකිනෙකට වෙනස්.. ඒ වගේම කාටවත් ඔහු අනුකරණය කරන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ..” ඔහු කීවේය.
සැබැවින්ම ප්‍රියා සූරියසේන අද්විතීය ගායකයෙකි. ඔහු ගායනා කළ ගීත එකිනෙකට වෙනස් වුවත් ඒ හැම එකක්ම පුදුමාකාර ලෙස ශ්‍රාවක සිත් ආකර්ෂණය කර ගත්තේය. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු වූ ඔහු ගුවන් විදුලිය වෙනුවෙන් මුලින්ම පටිගත කළේ අඳුර අඳුර මගේ, සරතැස නිවා දිවි කතරේ, මට වාසනා ඔබ මට වාසනා, හෙට දවසේ අප දෙදෙනා ගීත හතරය. ඒවා ප්‍රචාරය වූ සැණින්ම ජනප්‍රිය වූයේ හැත්තෑව දශකයේ තරුණ පරපුර අතරේ ප්‍රියා සුරියසේන නම අමරණීය ලෙස රන්දමිනි.
ධර්මරත්න පෙරේරා
|
එවක රෙකෝඩ් බාර්වල නිරන්තරයෙන්ම ඇසුණේ ප්‍රියාගේ ගීතය. ගුවන් විදුලියෙන් එක් ගීතයක් හෝ ප්‍රචාරය නොවුණ දවස් ගෙවුණේම නැති තරම්ය. ඔහුගේ කැසට් පටි නිෂ්පාදනය කිරීම සඳහා කැසට් ව්‍යාපාරිකයන් අතර වූයේ තරගයකි. ඒවා වෙළෙඳපොළට නිකුත් කළ සැණින් උණු කැවුම් මෙන් අලෙවි වූයේය. සංගීත සංදර්ශන වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු වූයේ ප්‍රියා සූරියසේනය. ආදරණීය නේරංජනා, ඇසුරින් මිදීලා, බිඟු වැලපීලා, ගෙළ වට බැඳුණා වූ මුතු පොටේ, ජීවිතේ මගේ ඔයා කියාලා, කැන්දන් යන්නම් රන් මල්මාලා දාලා, මගේ ළමැද සුව යහනක්, මල්සර හිනාව පෙම්බර කතාව, ප්‍රණීත මීපැණි, සඳ මා ගාවයි, තරු කැට දිදුලනවා, තුන් යමේ රෑ තුන් යමේ, වාසනාවන් කුමරියේ, ආපසු එනවා, හිරු ද මුවා වී, ඉස්සර මා ඔබ, මාගෙ සැමරුම් පොතේ, රතු රෝස මල් මාවතේ. රටකින් එහා ඉගිලී, සුදු පරෙවි රෑන සේ, සුදු වත කමලේ, සිහින විජිතේ සරන්නේ සදා ප්‍රියා විසින් ගයන ලද ගී සම්භාරය අතුරින් මගේ මතකයේ රැඳුණ ගීත කිහිපයකි. ප්‍රියා මිය ගියත් ඔහුගේ ගීත රසික සිත්වලින් කවදාවත් මියෙන්නේ නැත.
ලිහිණින් රෑන පියා සලන්නේ ගීතය වෙනුවෙන් ජැක්සන් ඇන්තනි විසින් ලියන ලද සටහනක අවසාන වචන කිහිපය මට සිහිපත් වෙයි.
“මේ අවනඩුවේ සාක්ෂිකරුවන් වන්නේ පූර්ණ සොබා දහමමයි..”
චන්දි කොඩිකාර
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන