අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ වුණේ වාර්තා අතරට ද යමිනි. ඒ වික්‍රමය නම්, ඔවුන්ගේ හිරු ගවේෂණ රොබෝ යානය, තව තවත් සූර්යයා ආසන්නයට යැවීමය. මෙවැන්නක් මීට පෙර සිදු වී නැත. රොබෝ ගවේෂණ යානයක් මීට පෙර මේ අයුරින් හිරුට ළං වී නැත. හිරු අසලටම ගියා පමණක් නොවෙයි, හිරුගේ අධික තාපයට සහ විකිරණවලට ඔරොත්තු දුන් යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද නාසා විද්‍යාඥයන් ලොවට දැනුම් දුන්නේ මහත් ආඩම්බරයෙනි.
මේ වික්‍රමය කළේ නාසා ආයතනය හිරු ගවේෂණය කිරීමේ අරමුණින්, හිරුට යවා ඇතිි පාකර් සූර්ය ගවේෂණ (පාකර් සෝලර් ප්‍රෝබ්) රොබෝ යානයයි. පාකර් හිරු ගවේෂණ යානය එසේ මෙසේ යානයක් නොවෙයි. හිරුගේ විකිරණවලින් සහ අධික තාපයෙන් ආරක්ෂා වීමට මෙම යානය සුවිශේෂී ආකාරයකින් නිර්මාණය කර තිබේ. මෙම යානය හිරු වෙත ගියේ පැයට කිලෝමීටර් 70,000 ක වේගයෙනි.
පසුගිය දෙසැම්බර් 24 වැනිදා පාකර් සූර්ය ගවේෂණ යානය, හිරුට ආසන්න වී, හිරුගේ රැස්වළල්ලට පිවිසියේ කිලෝමීටර් මිලියන 6.1 ක දුරක් ගෙවමිනි. යානය හිරුට ළං වෙද්දී සෙල්සියස් අංශක 982 කට වැඩි උෂ්ණත්වයකට එය නිරාවරණය විය. නාසා විද්‍යාඥයන් පැවැසූවේ දින දෙකක් වනතුරු යානයෙන් පණිවුඩයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත්, යානය යහතින්දැයි දැන ගැනීමට පවා නොහැකි වනු ඇති බවත් ය. නාසා විද්‍යාඥයන්ට ඒ දින දෙක දීර්ඝ කාලයක් ලෙස දැනෙන්නට ඇත.
දින දෙක ගෙවී යද්දී මම හොඳින් ඉන්නවා’ යැයි යානයෙන් ඔවුන් බලාපොරොත්තු වූ පණිවුඩය ලැබිණි. එයින් නාසා ආයතනයේ ජෝන් හොප්කිනිස් විද්‍යාගාරයේ විද්‍යාඥයෝ මහත් ප්‍රබෝධයට පත්වූහ; යළිත් යානය හා සම්බන්ධ වෙමින් කටයතු කරන්න පටන් ගත්හ. මෙම පර් යේෂණ කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ ලෝරෙල් හි පිහිටි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඇති අභ්‍යවකාශ පර් යේෂණාගාරයේ විද්‍යාඥයන් විසිනි.
හිරුගේ රැස්වළල්ල අතරින් ගොස් ලබාගත් දත්ත මේ යානය විසින් මුලින්ම එවනු ලැබුවේ පසුගිය ජනවාරි පළමු වැනිදාය. එදා සිට මේ දක්වා එවන ලද තොරතුරු අනුව අප දන්නා සූර්යයා ගැන අප නොදන්න බොහෝ දේ අපට දැනගන්න ලැබිණි. නාසා ආයතනයේ පාකර්’ සූර්ය ගවේෂණ යානය පෘථිවියෙන් පිටත් කර සූර්යයා වෙත යැවීම සිදුවූයේ මීට අවුරුදු 6 කට කලිනි. එය සූර්යයා වටා යමින් සෙමින් සෙමින් හිරුට ළඟාවිය. 2021 වසරේ දී ද යානය හිරුගේ ඉහළ වායුගෝලය නැතිනම් රැස්වළල්ලට සමීප වී සූර්යයා ස්පර්ශ කළේය. ඒත් එය වඩාත් සූර්යයාට සමීප වූයේ මේ දෙසැම්බර් 24 වැනිදාය.
හිරුගේ ඉහළ වායුගෝලය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ කොරෝනා’ කියාය. සිංහලෙන් මෙයරැස් වළල්ල’ ලෙස හැඳින්වෙයි. කොරෝනා’ ලතින් වදනකි. එහි අර්ථය ඔටුන්න’ යි. හිරුගේ රැස් වළල්ල ඔටුන්නක් ලෙස දිස්වන බැවින් ඊට ද කොරෝනා යන වදන භාවිත කෙරේ.
කොවිඩ් 19’ වයිරසය ‘කොරෝනා’ ලෙස හැඳින්වූයේ වයිරස සෛල ඔටුන්නක හැඩය පෙන්නුම් කරන බැවිනි. පාකර් හිරු ගවේෂණ යානය, රැස් වළල්ල’ අතරින් ගමන් කරද්දී, හිරුගේ අංශු සාම්පල ලබා ගැනීමත්, චුම්බක ක්ෂේත්‍රයට අදාළ දත්ත ලබා ගැනීමත් සිදු කළේය.
පාකර් හිරු ගවේෂණ යානය, හිරු බලා යැවීම සිදු වූයේ 2018 වසරේ අගෝස්තු 12 වැනිදාය. යානය, හිරුට ළං වීම අදියරෙන් අදියර සිදුවිය. යානය, පළමුවෙන් ම රැස් වළල්ල අතරින් යමින් දත්ත රැස් කළේ 2021 වසරේ අප්‍රේල් මාසයේය. රැස් කළ එම දත්ත සහ යානයේ අධෝරක්ත කිරණ කැමරා ආධාරයෙන් රූ ගත කළ දසුන් පෘථිවියට එවීමටත්, ඉන්පසු ඒවා අධ්‍යයනය කිරීමටත් විද්‍යාඥයන්ට මාස කීපයක් ගත විය.
හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් පාකර් හිරු ගවේෂණ යානය නිර්මාණය කළ හපනුන් වන්නේ ජෝන් හොප්කිනිස් පර් යේෂණාගාරයේ විද්‍යාඥයන්ය. පාකර් හිරු ගවේෂණ යානය නිර්මාණය කර ඇත්තේ කාබන් සංයෝජනය කළ අමුද්‍රව්‍යවලිනි. යානයේ තාප පළිහ’ට ෆැරන්හයිට් අංශක 2,500 (සෙල්සියස් අංශයක 1,377) ක උෂ්ණත්වයක් දරාසිටීමට හැකිවෙයි. හිරුගේ අධික උෂ්ණත්වයට යානය ඔරොත්තු දෙන්නේ ඒ අනුවය. පාකර් හිරු ගවේෂණ යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ක සුපිරි වේගයකිනි. හිරුට ළං වෙද්දී සහ හිරු රැස්වළල්ල අතරින් යද්දී යානයේ වේගය අඩු වැඩි වෙයි. පාකර් හිරු ගවේෂණ යානයේ ආයු කාලය වසර 7 කි. යානයේ බර කිලෝ ග්‍රෑම් 555 කි. 2025 වසරේ දී හිරුගේ මධ්‍යයට යෑමට යානයට උපදෙස් ලැබී ඇත. ඒ සමඟම, පාකර් හිරු ගවේෂණ යානයේ සියලු මෙහෙයුම් ද අවසන් වනු ඇත. පාකර් හිරු ගවේෂණ යානය නිපදවීමට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.
පාකර් හිරු ගවේෂණ යානය මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ඇමෙරිකන් විද්‍යාඥ යූජීන් නිව්මන් පාකර්ට ගරු කිරීමක් ලෙසය. 94 හැවිරිදි යූජීන් නිව්මන් ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්යවරයෙකි. නාසා ආයතනය ඔවුන්ගේ යානයක්, ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් නම් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1950 දශකයේ, සුපර්සොනික් සූර්ය සුළං පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළේත්, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ සර්පිලාකාර හැඩය පිළිබඳ පුරෝකතනය කළේත් යූජීන් පාකර්ය.
මිනිසා සඳ ගැන දැනගත්තේ සඳට මිනිසුන් යවමිනි. අධික උණුසුම නිසා, හිරු වෙත මිනිසුන් යැවීමට නොහැකි වුවත්, රොබෝ යානයක් යවා හිරු ගවේෂණය කිරීමෙන් හිරු සම්බන්ධයෙන් දන්නා දේ තහවුරු කර ගැනීමටත්, නොදන්නා දේ දැන ගැනීමටත්, විද්‍යාඥයන්ට හැකියාව ලැබේ. සූර්යයා යනු හයිඩ්‍රජන් සහ හීලියම්වලින් සමන්විත, නිරන්තරයෙන් පිපිරීම් සිදුවන වායු ගිනි බෝලයකි. හිරු එසේත් නැතිනම් සූර්යයා, සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය වස්තුව වෙයි. සෞරග්‍රහ මණ්ඩලය’ යන නමින් නම් කර ඇත්තේ ද සූර්යයා වටා සෙසු සියලු ග්‍රහ වස්තු භ්‍රමණය වන බැවිනි. සූර්යයා ද තරුවකි. රාත්‍රී අහසේ නිවි නිවී දිලෙන්නේ තරුය. පෘථිවියට ළඟින්ම ඇති තරුව හිරුය. හිරුගේ උපත සිදුවූයේ වසර බිලියන පහකට පමණ පෙරය. හිරුගේ ආලෝකය පෘථිවියට ළඟා වීමට ගතවන කාලය මිනිත්තු 8 කි. පෘථිවියේ ජීවය පවතින්නේ ද හිරු නිසාය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉරට හාදු දුන් නාසා ’නෑයා ’