IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !

මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉරිදා ලංකාදීපයට’ වාර්තා වේ. ඉවත ලන පොල්තෙල් මගින් ට්‍රිලියන ගණනක ආදායමක් උපයාගත හැකි මේ නවතම පරිසර හිතකාමී අපූරු හරිත  නිෂ්පාදන ක්‍රියාදාමය අපේ රටේ  පර්යේෂණ විද්වතෙක් විසින් හඳුන්වාදෙනු ලැබූවකි.ලොව විද්‍යාත්මක පර්යේෂණාත්මක පත්‍රිකා සමාලෝචනය කර පළ කරන ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික විද්‍යා සඟරාවක ඔහුගේ මෙම පර් යේෂණය පළ වී ඇති අතර එය, දැන් ලොව ජනප්‍රිය වෙමින් පවතින  නවතම රසායණ විද්‍යා ක්ෂේත්‍රයක් වන හරිත රසායණ විද්‍යා (Green chemistry)  ක්ෂේත්‍රයට අයත් උසස් පළදායී හඳුන්වාදීමක් වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

හරිත රසායන විද්‍යාව යනු අන්තරායකර ද්‍රව්‍ය භාවිතය සහ උත්පාදනය අවම කරන හෝ එම ද්‍රව්‍ය ඉවත් කරන හෝ  නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන රසායන විද්‍යාව සහ රසායනික ඉංජිනේරු විද්‍යාවේ නව ක්ෂේත්‍රයකි.එය තිරසාර රසායන විද්‍යාව හෝ චක්‍රීය රසායන විද්‍යාවට සමානය. මේ ක්ෂේත්‍රයට අයත් වන සුවිශේෂී පර් යේෂණයක් ලෙස ඉදිරිපත්ව ඇති මෙය , කිහිපවරක්  භාවිතාකර ඉවත ලන පොල්තෙල් යොදා ගනිමින් සිදුකරන නව උත්පාදනයක්  මගින්  තින්ත ආලේපන නිපැයුම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම මුලීක අමුද්‍රව්‍යයක් ලාබදායී ලෙස නිෂ්පාදනය කර ගත හැකි ආකාරය ගැන පැහැදිලි කරන්නකි. INTERNATIONAL JOURNAL OF RESEARCH AND INNOVATION IN APPLIED SCIENCE (IJRIAS) නමැති ජර්නලයේ 2025 ජනවාරි කලාපයේ ලෝක අවධානය දිනා ගනිමින් පළ වී තිබෙන මෙම පහසු සහ ලාබදායී ක්‍රමවේදය ලොව ඉහළම ආදායමක් ලබාදෙන තීන්ත ආලේපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය සියයට 50කින් පමන අඩුකර ඒ ලාභය මේ රටට ඇද ගත හැකි ආකාරය කියන සරු ආයෝජන මාර්ගයකි.

මෙහි පර්යේෂකයා වන සමීර ඩී. මෙන්ඩිස් ,  වසර 23ක කාලයක් ශ්‍රි ලංකාවේ තීන්ත ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කළ පර්යේෂණ විද්‍යාඥයෙකි.ඔහු මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යපනය ලබා , කැලණිය විශ්ව විද්‍යාලයේ ක්ෂූද්‍ර ජීව විද්‍යාව පිලිබඳ ප්‍රථම උපාධිය හදාරා ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බහුඅවයවක පිළිබඳ පශ්චාත් උපාධිය ලැබූවෙකි. පසුව ඔහු පේන්ට්ස් ඇන්ඞ් ජෙනරල් ලිමිටඞ් ආයතනයේ පර්යේෂණ රසායන විද්වතෙකු ලෙස සෙවය කළ අතර දැනට රේසීන තාක්ෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා ස්පාඤ්ඤයේ  රොවීර අයි විජිලි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු වල නිරතව සිටියි.   

තින්ත නිෂ්පාදන ක්‍රියාවලියේදි  දැඩි, කල් පවතින සහ බහුකාර්ය ආලේපනයක් නිර්මාණය  සඳහා  රසායනික  බහුඅවයවකයක් වන PU පොලිමර් සංයෝග එයට එක්කර ගනියි. තින්ත   තුළ ඇති පොලියුරේතන් (PU) නමැති ආලේපන එකට ගොනුකර රඳවා තබා ගන්නේත් ඒවාට ලාක්ෂණික හොඳින් තැවරෙන ඉක්මණින් වියැළෙන සහ කල් පවතින ලෙස මතුපිට ආරක්ෂාකරන,වෙනස්  කාලගුණික තත්ත්වයනට ඔරොත්තුදෙන ශක්තිමත්  ලාක්ෂණික බව ලබාදෙන්නේත්  මේ මගිනි. උසස් පොලියුරේතන් (PU) භාවිතයෙන් නිපදවන ආලේපන ඉහළ  කාලගුණික විපර්යාසයන්ට  මුහුන දිමේ මනා හැකියාවක් පෙන්නුම් කරයි. රසායනික හා පාරිසරික ප්‍රහාරවලට ද ඒවායේ  හොඳ ප්‍රතිරෝධයක් ඇත. මේ නිසා පොලියුරේතන් (PU)  යනු තින්ත නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සංඝටකයකි.  බොහෝවිට  මෙම පොලියුරේතන්   යනු සාම්ප්‍රදායිකව ඛනිජ තෙල් මත පදනම් වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ලද බහුකාර්ය බහු අවයවකයකි.  ඛනිජ තෙල් පුනර්ජනනීය නොවන ද්‍රව්‍යයක් වන අතර ඒ නිසා ඒ මගින්  නිපදවන ලද පොලියුරේතන් ජෛව හායනයට ලක් නොවන බව සොයා ගන තිබේ.මේවා නිපැදවිමේදි කාබන් ඩයොක්සයිඞ් ද භාවිත වන අතර ඒ මගින් පරිසරයට කාබන් එක් වීම ඉහළ යයි. මේ නිසාම බොරතෙල් සම්භවයක් සහිත මේ අමුද්‍රව්‍ය හේතුවෙන් කාබනික පියසටහන ඉහළ නැංවීම මගින්  ගෝලීය උණූසුම ඉහළ නැංවීම වැනි  පරිසරයට සිදුවන හානිය අධික වන අතරම මානව සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑමක්ද සහිතවේ. මේ නිසාම තීන්ත ආලේපන නිපදවීම සඳහා වඩාත් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතය පිලිබඳ අවධානය ගෝලියව ඉහළ ගොස් තිබේ. සමිරගේ පර්යේෂණ දායකත්වය සැලසෙන්නේ එවැනි පසුබිමකය.

ඔහු සැලසුම් කර ඇති පර් යේෂණයට අනුව ලෝහ පෘෂ්ඨ මත ආලේප කළ හැකි කාර්මික තීන්ත ආලේපනයක් (Industrial Paint) පොල්තෙල් මූලීක අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් නිපදවා ගත හැකිය.ඔහු යෝජනා කර ඇත්තේ මේ සඳහා පිලිස්සුණු පොල්තෙල් පිරිපහදු කර යොදාගැනීමේ ක්‍රමවේදයකි. මේ ක්‍රමවේදය මගින් ඉවත ලන මානව පරිභෝජනයට නුසුදුසු පොල් තෙල් නැවත පලදායීව භාවිතයට අවස්ථාව ලැබෙන අතරම ඒ පොල්තෙල් සඳහා නව වෙළඳ පලක්ද බිහිවෙයි.එය තවත් ආර්ථික ලාබයකි.

මෙම තෙල් පිරිපහදුව සඳහා සමීර පොල් කටු සහ කෙසෙල් ලෙලි වැනි ශාකමය ද්‍රව්‍ය මගින් තනා ගත් පිරිපහදු අමුද්‍රව්‍ය සාර්ථකව යොදා ගැනීම  ගැන පෙන්වා දී ඇති අතර එයද පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට මඟ පෙන්වීමක් ව තිබේ. මේ ක්‍රමවේදය මගින් පිරිපහදු කළ පොල්තෙල් යොදා  නිපදවන පරිසර හිතකාමී පොලියුරේතන්   භාවිතයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිතියට අනුගත දැනට ඇති ඉහළ පෙළේ තීන්ත සන්නාම සමග වුවද කරට කර තරග කළ හැකි ලෝහමත ආලේප කරන ප්‍රයිමර් ආලේපන , සෘජු ලෝහ ආලේපන, සහ  මතුපිට ආලේපන යන නා නා විධ තීන්ත වර්ග මෙම නව තාක්ෂණය මගින් නිපදවිය හැකි බව පෙන්වා දී තිබේ.

මේ පර් යේෂණය මගින් හෙළිදරව්කර ඇති කරුනු අපට අංශ කිහිපයකින් රටේ සංවර්ධන කාර්යය සඳහා යොදා ගත හැකිවේ. මෙම පර් යේෂණයේ ප්‍රධාන අභිප්‍රායන් වන්නේ පිරිසිදු කළ අපද්‍රව්‍ය සහිත පොල්තෙල් සහ නැවුම් පොල්තෙල් භාවිතා කරමින් ජෛව පාදක පොලියුරේතන් (PU) නිර්මාණය, සංස්ලේෂණය  සහ සංලක්ෂිත කිරීමයි.

විශේෂයෙන්ම කිහිප වතාවක් පිසූ ශාක තෙල් මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානා බව පර්යේෂණ ගණනාවකින් ඔප්පු වි හමාරය. රත් වූ තෙල් තුළ ඇතිවන නිදහස් ක්‍රීයාකාරි ද්‍රව්‍ය  මිනිස් පටක තුළ සෛලීය හා අණුක මට්ටම්වලට සම්බන්ධ වීමෙන්  ඔක්සිකාරක ආතතිය වැඩි කළ හැකිය.  ඒ අනුව විද්‍යාත්මක නිරීක්ෂණ වලදී රත් වූ  නැවත නැවත පිසින තෙල් භාවිතා කර පරීක්ෂා කරන ලද සතුන් තුළ  මහා අන්ත්‍රය සහ අක්මාවට විභව හානියක් පෙන්නුම් කළේය.  සමහර අධ්‍යයනවලින් පෙන්නුම් කළේ අධි රුධිර පීඩනය සහ පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු, ගලනාළය  සහ ස්වරාලය තුළ පිළිකා ඇතිවීමේ දැඩි අවදානමක් ඇති බව ද සනාත කරයි.මේ නිසාම නැවත පිසින තෙල් වෙළෙඳපොළටද අමතර බරකි. ඒවා නැවත ආහාර හෝ වෙනත් නිපැයුම් ලෙස සමාජ ගත වීමද දැඩි කෙටි කාලීන සහ දිගු කාලීන සෞඛ්‍ය ගැටලු‍වකි.වාර්ෂිකව මෙබඳු භාවිතයට නුසුදුසු තෙල් මෙට්‍රික් ටොන් 40 000ක් පමණ එක් රැස් වන බවත් , මේ තෙල් ඉවත් කර ගන්නවා නම් ඒ සඳහා මුදල් ලබා දීමට වුවද ඇතැම් වෙෙළඳුන් කැමැත්තෙන් සිටින බවත්  පර් යේෂක සමීර මෙන්ඩිස් අප හා කළ කතා බහේදි පැවැසීය. ඒ අනුව මෙම තෙල් මගින් කෙරෙන නව නිෂ්පාදනය සමාජ සත්කාරයක් සේම ආර්ථික වාසියක්ද සලසන්නකි.

පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ද ඉහළ නිසා ප්‍රමිතියෙන් උසස් තීන්ත රට තුළම නිපදවිය හැක

අනෙක් අතට බොරතෙල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යන අමුද්‍රව්‍ය  පරිවැය සහ ඒවා පිරිපහදුව සඳහා යන අධික වියදම මෙන්ම ඒ සඳහා වෙනත් රටවල් මත යැපීමට සිදුවිමෙන් මුහුණ පානා විවිධ ආර්ථික දේශපාලනික  සහ තාක්ෂණික ගැටලු‍ දේශිය පොල්තෙල් මත යැපීමෙන් පහසුවෙන්ම විසඳා ගත හැකිය. පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ද ඉහළ නිසා ප්‍රමිතියෙන් උසස් තීන්ත රට තුළම නිපදවිය හැකි අතර ඒ සඳහා වැය වන මූලික මුදල අඩුවිම නිසාම වෙළඳ පලට ලාභදායී ආලේපන සැපැයීම මගින් වැඩි අලෙවියක් සමග සරු ආදායමක් රට තුළට ගෙන ඒමට හැකිය. මේ සියල්ලටම වඩා පරිසර හිතකාමී කාබන් සටහන අවම කෙරෙන නව හරිත රසායනික ක්‍රමවේදයක් නිසා මෙයින් අණුක මට්ටමින්   දූෂණය ජනනය වීම වළක්වා රසායනික නිෂ්පාදන සහ ක්‍රියාවලීන් මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට ඇති කරන ඍණාත්මක බලපෑම් අඩු කර සැබෑ ලෝකයේ පාරිසරික ගැටළු සඳහා නව්‍ය විද්‍යාත්මක විසඳුමක් ද ලබාදෙයි.

නිශා තල්වත්ත



අදහස් (0)

ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

අලුත් අවුරුදු පලාපල
2025 අප්‍රේල් මස 08 309 0

2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර 2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර


වසර 2100 දී පෘථිවියට ඇල්ගී ආක්‍රමණයක්
2025 අප්‍රේල් මස 08 87 0

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක්


ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !
2025 අප්‍රේල් මස 08 83 0

මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර


විශ්ව ශක්තියේ බලය ලැබෙන අයුරින් නිවසක් පිරිසිදු කරගන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 06 89 0

සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ න


සංගක්කාරලා සහ වෙන්ඩ සංගක්කාරලා
2025 අප්‍රේල් මස 06 84 0

මේ දිනවල පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වෙමින් තිබෙනවා. මේ බොහෝ තරග සජීවීව විකාශය කෙරෙන බැවින් - බොහෝමයක් ක්‍රිකට් ලෝලීන් ගේ අවධානය මේ තරග වෙත යොමු වන්නේ


මහවැලි කැලණි බදුලු ඔයේ ජලය පරිභෝජනය භයානකද
2025 අප්‍රේල් මස 06 70 0

ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 191 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site