ලෝකයේ විශාලතම වනාන්තරය ඇමසන්ය. ඇමසන් යනු, ලෝකයේ විශාලතම වැසි වනාන්තරයයි. ඇමසන් ගංගාව ගලා බසින්නේ ඇමසන් වනාන්තරය මැදිනි. ඇමසන් ගංගාව අතු ගංගා රැසකින් නිර්මාණය වෙයි. ලෝකයේ ජලය බැහැර කිරීමේ පරිමාව අතින් විශාලතම ගංගාව වන්නේ ද ඇමසන්ය. ඇමසන් ගංගාව වටා ඇති ඇමසන් මහා වනාන්තරය, පෘථිවියේ පෙණහැල්ලක් ලෙස සැලකෙයි. මනුෂ්‍ය අප ද ඇතුළු පෘථිවි ජීවීන්ගේ ජීවනාළිය මෙම වනාන්තරයයි. එහෙත් දැන් ගැටලුවක් ඇත. ඒ, අන් කවරදාටත් වඩා වැඩි වේගයකින් ඇමසන් ගංගා ද්‍රෝණිය සිඳී යෑමට පටන්ගෙන තිබීමය. ඔබ මේ සටහන කියවන මොහොතේදී පවා, ඇමසන් ගංගාවට අයත් කුඩා අතු ගංගාවලින් බොහොමයක් සිඳී ගොස් අවසන්ය.
ඇමසන් වනාන්තරය අයත් වන්නේ ලතින් ඇමෙරිකාව එසේත් නැති නම් දකුණු ඇමෙරිකා මහද්වීපයටය. බ්‍රසීලය, බොලීවියාව, පේරු, ඉක්වදෝර්, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව, සුරිනාම් සහ ප්‍රංශ ගිනියාව යන රටවලට ඇමසන් වනාන්තරය අයිති වෙයි. ඇමසන් ගංගාව ඇමසන් වනාන්තරයේ උතුරු දෙසින් ගලා බසී. ඇමසන් ගංගාව, එහි අතු ගංගා ද සමග කිලෝමීටර 6,840ක් පමණ දිගය. ඇමසන් ගංගාවෙන් තත්පරයකට ගැලුම් මිලියන 55ක් අත්ලාන්තික් සාගරයට ජලය එකතු වෙයි. එහෙත් වර්තමානයේ තත්ත්වය එසේ නොවෙයි.
ඇමසන් ගංගාවට ජලය සැපැයෙන එක් ප්‍රධාන අතු ගංගාවක් ලෙස සැලකෙන්නේ මැඩෙයිරාය. මෙය බ්‍රසීලය හරහා වැටී ඇත. බ්‍රසීල මාධ්‍ය පසුගිය දා වාර්තා කළේ, පෝටෝ වෙල්හෝ නගරය අසලින් ගලන මැඩෙයිරා ගංගාවේ ජලය වේගයෙන් අඩු වී ඇති බවය. බ්‍රසීල කොලොම්බියා දේශසීමාවේ පිහිටි ටබැටින්ගා පළාතේ පිහිටි ඇමසන් අතු ගංගාවක් වන සොලිමෝඒස් ගංගාව ද මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර, දකින්නට ලැබෙන්නේ පතුළේ වැලි තට්ටු පමණක් බව පැවැසෙයි.
බ්‍රසීල ස්වභාවික විපත් නිරීක්ෂණ සිදු කරන සෙමෙඩෙන් CEMADEN හෙවත් Centro Nacional de Monitoramento e Alertas de Desastres Naturais ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇමසන් මහ ගංගාවට එකතු වන අතු ගංගා කිසිම දිනෙක මෙතරම් සිඳී ගොස් නැති බවය.
වියළී ගිය ඇමසන් ගංගාව
“සාමාන්‍යයෙන් ජුනි සිට නොවැම්බර් දක්වා කාලයේ ඇමසන් වැසි වනාන්තරයේ පවතින්නේ වියළි ස්වභාවයක්. ඇමසන් ගංගා ද්‍රෝණියේ ජලය සැලකිය යුතු මට්ටමින් අඩු වීමක් දකින්න ලැබෙනවා. අතු ගංගාවල ජලය ද එසේ අඩු වීමක් දකින්න ලැබෙනවා. එහෙත්, අද තත්ත්වය වෙනස්. ඇමසන් වැසි වනාන්තරයට වැසි ලැබීම අඩු වෙලා. ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස මෙයට ප්‍රධාන හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
දේශගුණික විපර්යාසයන්ගෙන් මිහිමත සුරකින තීරණාත්මක සාධකයන් වන්නේ ජෛව විවිධත්වයෙන් පොහොසත් ඇමසන් වැසි වනාන්තරයයි. එහෙත්, අද එය ගෝලීය උණුසුම සහ දේශගුණ විපර්යාසවල ගොදුරක් වී අවසන්. ඉදිරියේදී තව තවත් වැසි අඩු වී ඇමසන් ද්‍රෝණියේ නියං තත්ත්වය වර්ධනය වුවහොත් එය ආපසු හැරැවිය නොහැකි වේවි.” යැයි සෙමෙඩෙන් ඒජන්සිය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇමසන් ද්‍රෝණියේ දේශගුණික රටා වෙනස් වී වැස්ස අඩු වෙද්දී, උණුසුම වැඩි වීම ඇරැඹිණි. ශාකවලින් සහ පස්වලින් වාෂ්පීකරණය වැඩි වැඩියෙන් අහිමි විය. මෙය ඇමසන් ද්‍රෝණිය තව තවත් වියළි තැනක් කිරීමට හේතුවක් බව පරිසරවේදීන්ගේ අදහසය. 2023 වසරේදී, ඇමසන් ද්‍රෝණිය අවම වශයෙන් වසර 45ක් තුළ එහි දරුණුතම නියඟයට ද ගොදුරු විය. 2024 දී මෙම තත්වය තවත් උත්සන්න වී ඇත. පසුගිය වසරේ ඇමසන් වනාන්තරයට බලපෑම් කළ නියඟය ද එල් නිනෝ ලෙස හැඳින්වෙන ස්වභාවික කාලගුණික රටාව මගින් නරක අතට හැරුණි. එය ඇමසන් ද්‍රෝණිය අසාමාන්‍ය ලෙස උණුසුම් කළ බව පැවැසෙයි. එල් නිනෝ විපරිත කාලගුණ තත්ත්වය අවසන් වුවත් තවමත් ඇමසන් වනාන්තරයේ වියළි කාලගුණයක් පවතී.
මිනිස් ක්‍රියාකාරකම් ද ඇමසන් වැසි වනාන්තරයේ වියළි කාලගුණ තත්වයන් ඇති කිරීමට හේතු සාධක වී ඇතැයි පරිසරවේදීහු චෝදනා නගති. ඇමසන් වනාන්තරයේ සිදු වී ඇති වන විනාශය අති මහත්ය.
පසුගිය වසර 50ක කාලයේ ඇමසන් වැසි වනාන්තරයෙන් පහෙන් එකක් සදහටම අහිමි විය. ඒ, ඉවක් බවක් නොමැතිව; බ්‍රසීල රජයේ ද අනුග්‍රහය යටතේ සිදු වුණු වන විනාශය හේතුවෙනි. ඇමසන් වැසි වනාන්තරයේ වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයටය. වන විනාශය සිදු වූයේ කෘෂිකර්මාන්තය සඳහා මග සැලසීම සඳහාය. සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්වයකදී, ඇමසන් වනාන්තරයේ ගස් නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරගත්තේ, ඒවායේ කොළවලින් තෙතමනය නැවත වාතයට මුදාහැරීමෙනි. එය වර්ෂාපතනය වැඩි කිරීමට උපකාරි වෙයි.
අද එය වෙනස් වී ඇත. වියළි කාලගුණ තත්ත්වයක් පවතිද්දී ළැව් ගිනි ඇති වීම සිදු වෙයි. එය තව තවත් වන විනාශයකට හේතුවක් ද වෙයි. අද වන විට බ්‍රසීලයේ ජනාධිපති ධුරය හොබවන්නේ, මීට පෙර ද එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ද සිල්වාය. ලූලා ද සිල්වාගේ එක් ඡන්ද පොරොන්දුවක් වී ඇත්තේ, ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා බවය. ඒ අනුව, 2030 වන විට ඇමසන් වැසි වනාන්තරයේ සිදුවන වන විනාශය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ඔහු ප්‍රතිඥා දී ඇත.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
උණුසුම වැඩි වෙලා ඇමසන් ගංගාව හිදිලා