(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ශ්‍රී ලංකාවේ සිව් වන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කථානායක ධූරය කටුගම්පොළ ආසනයෙන් තරග කොට ජයගත් ටී. බී. සුබසිංහට හිමි විය. එහි විශේෂත්වය වූයේ, සුළුතර ආණ්ඩුවේ නාමිකයා වූ ඇල්බර්ට් එෆ්. පීරිස් පරාජයකර විපක්ෂයේ බහුතර ඡන්දයෙන් ඔහු කථානායක ධූරයට තේරීපත් වීම ය. ඊට අමතරව, සිව්වන පාර්ලිමේන්තුව දින 24කට සීමා වූ හෙයින්, ටී.බී. සුබසිංහගේ කථානායක ධූරය ද දින 24කට සීමා විය. ඒ අනුව, ඔහු කථානායක ධූරය දැරුවේ, 1960 මාර්තු 30 වන දා සිට අප්‍රේල් 23 වන දා දක්වා පමණි.
ශ්‍රී ලංකාවේ කථානායකවරුන්ගේ ඉතිහාසයේ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් සුවිශේෂී වේ. ඒ, ඔහු ජාතික රාජ්‍ය සභාවේ අවසන් කථානායකවරයා මෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරයා ද වූ හෙයිනි. ඔහු 1977 අගෝස්තු 04 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා දෙවන ජාතික රාජ්‍ය සභාවේ ද, 1978 සැප්තැම්බර් 07 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ ද කථානායක ධූරයේ කටයුතු කළේ ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරීමට ඔහුට හැකි වූයේ, දින 6ක කාලයක් පමණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ දින 6කින් පසු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් කථානායක ධූරයෙන් ඉල්ලා අස්විය.
එහිදී, එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් කළ ඩීව් ගුණසේකරට වඩා එක් ඡන්දයක් වැඩියෙන් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වි.ජ.මු. ලොකුබණ්ඩාර කථානායක ධූරයට පත් විය. ඡන්ද විමසීමේදී ඩීව් ගුණසේකරට ඡන්ද 109ක් සහ වි.ජ.මු. ලොකුබණ්ඩාරට ඡන්ද 110ක් ලැබී තිබිණි. ඔහු 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09 දක්වාත්, 2010 මාර්තු 09 සිට 2010 අප්‍රේල් 20 දක්වාත් කථානායක ධූරයේ සේවය කළේ ය.
ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පැවැත්වූයේ ද, මහින්ද යාපා අබේවර්ධන කථානායක ධූරය දරද්දී ය. ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූයේ, 2022 ජූලි මස 20 වන දා ය.
1955 දී උපත ලැබූ ඇනෙලි, ෆින්ලන්තයේ 37 වැනි අගමැති තනතුර දැරූ කාන්තා චරිතය වන්නීය. අගමැතිවරිය වීමට පෙර අධිකරණ කටයුතු පිළිබඳ ඇමතිවරිය ලෙස කටයුතු කළ ඇය, ෆින්ලන
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මුලසුන හොබවන පුද්ගලයා වේ.
ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම
ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව
පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.
චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කතා සාප්පුවේ කථානායකවරුන්ගේ පුරාණයෙන් ....