IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්


ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ පළමු හමුව අමතිමින්


 

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ. මෙරට ක්‍රීඩා පරිපාලනයට හවුල්වී සිටින ජාතික ක්‍රීඩා සංගම් ගණන 74 කි. එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වැනි ජාත්‍යන්තර අරමුදල් ලබන කීපයක් හැරෙන්නට සෙසු බහුතරයක් වන ජාතික ක්‍රීඩා සංගම්වලට ලිපිකරුවෙකුට මාසිකව වැටුපක් ගෙවා ගැනීමට තරම්වත් ආදායමක් නැත.

මෙවැනි වටපිටාවක් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිර්මාණය වෙමින් තිබෙන අතර නොබෝදා නව රජයේ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ හා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න යන අයගේ කැඳවීමකට අනුව ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානිහු රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඔවුන් මුණගැසුනාහ.

 එහිදී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් හුදෙක් දැන හඳුනාගැනීම සඳහා පමණක් මෙම රැස්වීමේ දී තමන් ඔවුන් කැඳවීමට උනන්දූ වූ බවත් එය ක්‍රීඩා ගැටළු හෝ අර්බුද ගැන සාකච්ඡා කිරීමට යොදා නොගන්නා බවත්‍් ය.

ඒ සඳහා වෙනත් දින ලබාදෙන බවත් ඇමැතිවරයා පැවැසීය. ජාතික ක්‍රීඩා සංගම් බොහෝමයක පරිපාලන අර්බුද පැන නැගී තිබුණත් සත්‍ය තත්ත්වය නම් ඒවා නඩත්තු කරමින් පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් ගොඩනැගෙමින් තිබීමය.

මේ නිසා බොහෝ ජාතික ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර තරග සහභාගිත්වය සීමා කිරීමට සිදුව තිබේ. ඒ සමග ජාතික ක්‍රීඩා සංගම් වාර්ෂිකව සංවිධානය කරන දේශීය තරග මාලා බරපතළ ලෙස අත්හිටුවීමට සිදුව තිබීමත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානයට යොමු විය යුත්තකි.

ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් කෙතරම් අසරණවී තිබේ ද යත් ඔවුන්ගේ වාර්ෂික ජාතික තරගාවලිය නියමිත වසරේ පවත්වා අවසන් කිරීමත් ගැටළුවකි. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට වසර 2022 ට නියමිත ජාතික තරගාවලිය පවත්වා අවසන් කිරීමට මේ දක්වා නොහැකිවී තිබීම එක් නිදසුනක් පමණි.

 වසර 2020 උද්ගතවූ ගෝලීය කොවිඩ් වසංගතය එයින් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ කඩාවැටීමට දැඩිව බලපෑම් කළ සිදුවීමයි. මෙයින් පසුව ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රය හැර දමා ගිය දේශීය ආයතනික හා සන්නාම අනුග්‍රාහකයන් නැවත කැඳවාගෙන ඒම මෙතෙක් සාර්ථකවී නැත.

ඒ නිසා ක්‍රීඩා ඇමැතිවරයා සාකාච්ඡාවලට කාලයක් ලබා නොගත්තත් ඉතාම පැහැදිළි කාරණාව වන්නේ ජාතික ක්‍රීඩා සංගම් ඉදිරිපත් කර සිටින ප්‍රධානතම ගැටළුව වන්නේ ඔවුන්ට වාර්ෂික සැළැස්මකට කටයුතු කිරීමට මුදල් නොමැති බවයි.

 ඒ සඳහා අනුග්‍රාහකයන් නොමැති නම් ඔවුන් අපේක්ෂා කරන්නේ ඊට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමයි. රාජ්‍ය අනුග්‍රහය යනුවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම ලබාගැනීම ය.

 කෙසේවූවත් මේ වේලාවේදී ක්‍රීඩා මහ ගෙදරින් ලැබෙන ආරංචි මාර්ග සුබදායි නැත. ජාතික ක්‍රීඩා අරමුදල ඇතුළු අමාත්‍යාංශයේ ගිණුම් හිස් වෙමින් පවතින අතර පසුගිය මාස 11 ක කාලය තුළදී අමාත්‍යාංශයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන මුළු වියදම ආසන්න වශයෙන් රුපියල් කෝටි 200 කි.

තවදුරටත් වාර්තා වන පරිදි එළඹෙන වසරේ මුල් මාස කීහීපය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට පමණක් එය ප්‍රමාණවත් වේ. එය තව දුරටත් පැහැදිළි කරන්නේ නම් මේ මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයේ එදිනෙදා නඩත්තු කටයුතු (සේවක වැටුප් - ජල විදුලි බිල්පත් ආදිය ගෙවීම් සඳහා) ප්‍රමාණවත් වේ.

 මෙම කාරණා තුළින් පැහැදිළි වන්නේ තවදුරටත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පිළිසරණක් නොලැබෙන්නේ නම් ජාතික ක්‍රීඩා සංගම් කඩා වැටීමෙන් එහි අහිතකර තත්ත්වය සෘජුව බලපාන්නේ ලාංකික ක්‍රීඩාවට බවයි.  බොහෝ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් චෝදනා කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය සාකච්ඡා සූදානම් කළත් සිය ගැටළුවලට එයින් විසඳුම් ලැබී නැති බවයි.

 “ක්‍රීඩා අමාත්‍යාංශය සාකච්ඡාවලට අපව කැඳවමින් සැළසුම් හා සංවර්ධන වැඩසටහන් ඉල්ලනවා. හැබැයි ඒවා පටන් ගන්නෙම මුදල් ඉල්ලන්න එපා කියලා. එයින්ම අප කඩා වැටෙනවා. සැළසුම් හදලා වැඩක් තිබෙනවා ද ඒවාට යොදන්න සල්ලි නැතිනම්. අනුග්‍රාහකයන් නැතිනම් අපට ඉතිරිවෙලා තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය විතරයි.

ඉදිරිපත් කරන හැම ක්‍රීඩා සැළැස්මකටම මුදල් දෙන්න බෑ කියලා අපි දන්නවා. නමුත් කිසිම දේකට සල්ලි දෙන්න බෑ කියලා කියන එකයි ප්‍රශ්නය.”‍ විශ්වාසභංගත්වයට පත්ව සිටි මෙරට නමගිය ජාතික ක්‍රීඩා සංගමයක ලේකම්වරයෙකු එසේ අදහස් දක්වා සිටියේය. ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක් නගන චෝදනාවක් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය අවුරුද්දේ වෙන් කෙරෙන ප්‍රතිපාදන තෝරාගත් ජාතික ක්‍රීඩා සංගම් කීපයකට පමණක් බෙදාදෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුක්ගන්නාරාළවී පසුගිය වසර කීපයේදීම වෙනත් ක්‍රීඩා ඉසව් කීපයකටම රුපියල් කෝටි ගණනින් ප්‍රතිපාදන ලබා දුන්නේ ඒ ඒ අවස්ථාවලදී පත්ව සිටි ක්‍රීඩා අමාත්‍යවරුන්ගේද ආශිර්වාදය ලබමිනි. ඒ ආකාරයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් වෙනත් ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රදානය කර තිබේ.

පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 22 කට කට වැඩි ආදායමක් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට වඩා ආදායම් අතින් ඉදිරියෙන් සිටින බව මේ වන විට සමාජගතවී ඇති කාරණාවකි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2024 - 27 කාල සීමාව තුළදී වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 27.12 ක ආදායමක් ලබන පූර්වෝපකථනය කර තිබුණි. මෙම ප්‍රමාණය ඉන්දියාවට ඩොලර් මිලියන 231 ක් ලෙස දක්වා තිබුණි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මුලදී වඩාත් හිතවත්කම් පෙන්වූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට අන්තිමට ඇමැති ධූරය දරා ගෙදර යන්නට සිදුවූයේ ද ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දූෂණ ගැන ඕනෑවටත් වඩා කතා කරන්නට යෑමෙනි.
 නියෝජ්‍ය ඇමැති ධුරය රටේ පිළිගත් හිටපු කීර්තිමත් ක්‍රීඩකයෙකුට හිමිවී තිබෙන තත්වයක් තුළ බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ ඒ තුළින් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යහපතක් වෙනු ඇතැයි කියායි. එහෙත් සල්ලි නැති අමාත්‍යාංශයක සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබීමෙන් හෙට දවසේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය පැහැදිලි නැත. ක්‍රීඩා ඇමැතිවරයාගේ අනාගතයත් පැහැදිලි නැත.

 - නාමල් පතිරගේ

 



අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්

ඔබේ අදහස් එවන්න

Recommended News

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 18 23 0

ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම


සජබ ගමන් මග
2024 දෙසැම්බර් මස 18 35 0

ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව


කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව
2024 දෙසැම්බර් මස 18 24 0

පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.


මැතිසබෙන් රස කතා
2024 දෙසැම්බර් මස 18 53 0

චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 12 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 15 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21411 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13867 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 334 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 290 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site