IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


කාසි වාසි සමග සංගීත් රිදී තිරයට


සංගීත් ප්‍රභූ කියන්නේ රිදී තිරයේ තම දක්ෂතාවය පෙන්වීමට සිහින දුටු තරුණ රංගන ශිල්පියෙක්. ජනවාරි 23 වැනි දින තිරගත වීමට නියමිත "කාසි වාසි" සිනමා නිර්මාණය ඔස්සේ සිය කුළුදුල් සිනමා අත්දැකීම ප්‍රේක්ෂකයන්ට තිළිණ කරමින් තම සිහිනය සැබෑවක් කරගැනීමට බලා සිටින ඔහු සමඟ මෙවර සඳැල්ල කළ  කතාබහයි මේ.

  • "කාසි වාසි" සංගීත්ට 2025 ට වාසියක් වෙයිද?

මට හිතෙන විදිහට නම්  අනිවාර්යයෙන් වාසියක් වෙයි. මේ චිත්‍රපටය ගිරිරාජ් කෞශල්‍යගේ පිටපතක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක්. නාඩගම්කාරයොන්ට පස්සෙ ඔහුගෙම චිත්‍රපටයකට එන්න ලැබුණු එක මට ලොකු දෙයක්. නිර්මාණය ගැන කිව්වොත් චිත්‍රපටියෙ සාරංග කියලා චරිතයක් මම කරන්නෙ. ඉතින් මම හිතනවා කාසි වාසි චිත්‍රපටයෙ සාරංග කියන චරිතෙට මම  සාධාරණයක් කළා කියලා.

  • රිදී තිරයේ වැඩකටයුතු ගැන කිව්වොත් ?

ගිය අවුරුද්දෙ  අවසානේ වෙද්දි චිත්‍රපට ගණනාවකට ඇරයුම් ලැබුණා. "කාසි වාසි කියන්නේ ලොකු තිරේකින් මම මාව දකින පළවෙනි වතාව. ඊට කළින් මම  "සූර්යා" කියලා මහේෂ් මුණසිංහ අයියගෙ සිනමා නිර්මාණයකටත් රංගනයෙන් දායක වුණා.  ඒත් ඒක තාම තිරගත වුණේ නැහැ. ඒකත් ළඟදිම එයි. ඉතින් කාසි වාසි කියන්නේ චිත්‍රපටයකට දායක වෙලා ඉස්සෙල්ලම තිරගත වෙන සිනමා නිර්මාණය.

  • මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නෙ ?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තාමත් ගොඩක් අය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියාට ආදරේ කරනවා. ඉතින් ඉස්සරහටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා

  • සංගීත්ගෙ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොතනද?

එක හැරවුමකට ලක්ෂ්‍යයක් තියෙනවා වගේ කොයි එකද කියලා මටත් හිතාගන්න බැහැ. කලා ජීවිතේ මම හිටපු කාලෙත් එක්ක මාව මිනිස්සුන්ට දැනෙන්න ගත්තෙ, ආදරේ කරන්න පටන් ගත්තෙ නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියා කියන චරිතෙන්. අදටත් සමහර වෙලාවට කවඩියට ආදරේ මිනිස්සු හම්බෙනවා. ඉතින්  මම හිතන විදිහට කවඩියා තමයි හැරවුම් ලක්ෂ්‍යය.

  • සංගීත් රංගනයට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් නිරත වෙනවා නේද ?

ඔව් මට සැලොන් ප්‍රභූ කියලා සැලොන් එකක් තියෙනවා. මං හිතන විදිහට කලාකාරයෙක් විදිහට කරන්න පුළුවන් සුදුසුම ව්‍යාපාරයක් ඒක. මොකද නළු නිළියන් කියන්නේ නිතරම හැඩවෙන්න බලන පිරිසක්. ඒ නිසා මම හරි ආසාවෙන් තමයි මගේ සැලොන් එක කරන්නෙ. මේ වෙන කොට ඒක ගොඩක්  සාර්ථකව  කරගෙන යනවා.

  • වැඩිපුරම කැමති කලා වැඩවලටද නැත්තම් ව්‍යාපාර කටයුතුවලට ද?

කලාවට. මොකද ඒක මට  නතර කරන්න බැහැ. අන්තිම මොහොත වෙනකල්ම  මම කලාව අතාරින්නෙත් නැහැ. කලාවට මම ආදරෙයි. මම ඉපදිලා තියෙන්නෙ නළුවෙක් වෙන්න. ඉතින් මම හිතනවා ඒක මම මැරෙන කල්ම කරයි. 

  • 2025 අලුත්  ප්ලෑන් මොනවද?

මේ ටිකේ නම් මම සැලොන් එකත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්නවා. ව්‍යාපාර කටයුතුත් ඉතාම සාර්ථකව කරන ගමන්  ටෙලි නාට්‍ය කීපයකත් රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒවා බැලන්ස් කරගෙන වැඩ ටික කරනවා. බුද්ධික සේමසිංහ රචකයගෙ, පළවෙනි අධ්‍යක්ෂණය සිදු වෙන නිර්මාණයකට මට ඇරයුම් ලැබිලා තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය දෙකක් රූගත කරන්නත් බලාගෙන ඉන්නවා.

ඒ විදිහට කලා කටයුතුයි ව්‍යාපාර කටයුතුයි බැලන්ස් කරන් සාර්ථකව කරන්න තමයි ප්ලෑන් කරන් නම් ඉන්නෙ.

  • සංගීත්ගෙ හීනෙ මොකක්ද ?

මට එක හීනයයි තිබ්බෙ, ඒ තමයි නළුවෙක් වෙන එක.  ඉතින් මම හිතන්නෙ මම ඒක සැබෑ කරගත්තා.  හැබැයි ඉතින් අපි මිනිස්සුනෙ. දෙයක් ලැබෙද්දි අපි තව දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ඉතින් තව පොඩි බලාපොරොත්තු ටිකක් තියෙනවා. 

  • හීන දැකපු විදිහටම නළුවෙක් වෙලා ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම හරිම සතුටුයි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දිගටම හිටපු කෙනෙක් විදිහට මගෙත් ලොකු හීනයක් තිබ්බා චිත්‍රපටයකට දායක වෙන්න.  මගේ රූපයක් බෝඩ් එකක ගහලා තියෙනවා දැක්කත්  ගොඩක් සතුටු වෙන කෙනෙක් මම. මං හරි කැමතියි මාව එහෙම දකින්න. නළුවෙක් විදිහට බැනර් එකක මූණ තියෙනවා දකින කොට මට ගොඩක් සතුටුයි.ඒක මන් කියන්න ලැජ්ජා වෙන්නෙ නැහැ. ඉතින් අද ඉන්න තැන ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

  • හීනෙට යන්න පවුලෙන් මොන වගේ  සහයෝගයක් ද ලැබුණේ ?

මට ඉන්නෙ අම්මයි, අයියලා දෙන්නයි මල්ලියි. අම්මා තමයි තාත්තගෙ කාර්‍යභාරයත් කළේ. එයා තමයි මේ ගමනෙදි මට ලොකු හයියක් වුණේ. අම්මගෙ හීනයක් තමයි මාව නළුවෙක් කරන එක. එයා කාලෙකට කළින් ඉල්ලුවා ලොකු තිරයක මාව දකින්න ඕනෙ කියලා. ඉතින් එයා හරි ආසාවෙන් ඉන්නවා ජනවාරි 23 මගෙත් එක්කම ගිහින් කාසි වාසි චිත්‍රපටය බලන්න. ඒවගේම කස්තුරිත් මේ ගමනට ලොකු හයියක් වෙලා මාත් එක්කම ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනෙ මට ක්ෂේත්‍රයට  අත්පොත් තබන්න අවස්ථාව දුන්නු දුරුතු සිනමා පාසල.  විශේෂයෙන්ම රවින්ද්‍ර විජේරත්න සහ  තරංග දිසානායක. එයාලා තමයි මට ඉස්සෙල්ලම අත දුන්නෙ. මම හිතනවා ඒ අත අල්ලගෙන මම ලොකු ගමනක් ආවා කියලා. ඉතින් ඒ දෙන්නට නැවත වාරයක් මේ ක්ෂේත්‍රයට අරගෙන ආවට මම ස්තූතිවන්ත වෙනවා. 

  • තරුණ රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට එන නවකයන් ගැන මොකද හිතන්නෙ ?

ඇත්තටම ක්ෂේත්‍රයට  නවකයෝ එන්න ඕනෙ. මොකද එතකොට තමයි කලාව දියුණු වෙන්නෙ, හිස්තැන් ටික පිරෙන්නෙ. එන්නෙ  ඉගෙන ගෙන ද නැද්ද කියන එක සමහර වෙලාවට  ප්‍රශ්නයක්  වෙනවා. හැබැයි  මම හිතන විදිහට දක්ෂතාවය තියෙනවා නම්  කොහොම ආවත් තමන්ගේ ගමන හදාගෙන  ඉස්සරහට යන්න පුළුවන්. හැකියාව දක්ෂතාවයට අමතරව අද සමාජ මාධ්‍යත් තියෙන නිසා මේ ක්ෂේත්‍රයට එන්න හරි ලේසියි. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ඒකෙන් හරියට ප්‍රයෝජන ගන්න.


 කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

කාසි වාසි සමග සංගීත් රිදී තිරයට

ඔබේ අදහස් එවන්න

 

 

Recommended News

2025 ඔබට කොහොමද ? පාලන අංකයෙන් දැනගන්න
2025 ජනවාරි මස 29 28 0

විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.


ඔබේ ඕරාවත් දුර්වල ද?
2025 ජනවාරි මස 29 11 0

වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට


අලුත්කඩේ උසාවියේ රේස් පදින පාපැදි සම්මේලනය
2025 ජනවාරි මස 29 14 0

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.


ඒ කාලේ හදිසි පින්තුරයක් පත්තරේට ඕනෑ වුණොත් ෆිල්ම් රෝල් එක අරන් කොළඹ යන්න ඕනැ - ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත චන්ද්‍රපාල 35 වසරක මාධ්‍ය මතකය අවදිකරයි
2025 ජනවාරි මස 29 17 0

දිගාමඬුල්ලේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන වසන්ත චන්ද්‍රපාල ගේ “වනදිවි සරණිය” ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භය සහ ඔහුගේ මාධ්‍ය ජීවි


මේ නිර්මාණය සඳහා මගේ කිසිම සාහිත්‍ය කෘතියකදී නොකළ කැපවීමක් කළා
2025 ජනවාරි මස 29 10 0

මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචනා කරන ලද “කතුවැකි විමර්ශන” හා “රෝසමල් කුමාරයා” නමැති කෘති ද්විත්වය පසුගියදා කොළඹ දී එළිදැක්විණි.


ළැව් ගින්න පසුපස කෘත්‍රීම බුද්ධියක්
2025 ජනවාරි මස 29 16 0

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසූ මහා ළැව්ගින්න - 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව්ගින්නෙන් සිදුවුණු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 53 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 664 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 696 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site