IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා


ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි. විටෙක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය. තවත් විටෙක නායකත්වයේ කිරුළ පමණක් නොව කණ්ඩායමේ තැනක්ද අහිමි විය. එසේ තිබියදී පසුගියදා පැවැති ‘T-10’ ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියේ දී හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට නායකත්වය දෙමින්, ජයග්‍රහණයේ කිරුළ තම කණ්ඩායමට හිමිකර දීමට ඔහු සමත් විය. වැටි වැටි නැගිටිමින්, ජය – පරාජ බාධක – කම්කටොලු හමුවේ දසුන් දිරියෙන් ජීවිතයට මුහුණ දෙන මනසින් වඩා ශක්තිමත් ක්‍රීඩකයකු යැයි කිව හැකිය. 2024 වසර වියපත් වී 2025 වසර ඉපදෙන්නට තිබියදී දිරියෙන් ජීවිතයට මුහුණ දීමට ඔහුගේ මෙම අදහස් ඔබට බෙහෙවින් වැදගත් වේවි!

  • දසුන්, කොහොමද මේ දිනවල දවස් ගෙවන්නෙ?

සාමාන්‍ය පරිදි, පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඒ අතරේ විවිධ තරගමාලා සඳහා සහභාගි වෙනවා. ජීවිතයේ වැඩි කාලයක් ක්‍රිකට් වෙනුවෙන්. ඒ අතරේ සාමාන්‍ය ජීවිතය බොහොම සාමකාමීව ගෙවෙනවා.

  • දසුන් විවිධ හැලහැප්පීම් හමුවේ ගෙවන ජීවිතය ගැන හිතන්නෙ කොහොම ද?

කොහොමටත් මම සුබවාදීව ජීවිතය ගැන හිතන කෙනෙක්. ජීවිතයේ අපට හොඳ අවස්ථා ලැබෙනවා. අපි ඒ අවස්ථා ලැබෙන්නෙ අපේ මහන්සිය සහ කැපවීම එක්ක. ජීවිතයේ වැටුණත්, අපි සිටින්නෙ ඒ ලබාගත් දේ එක්ක පල්ලෙහා තැනක නෙවෙයි. ඒ නිසා අපට නැවත පෙර ලෙස ජීවිතයට ගැම්මකින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා. අපි වැටුණු තැන්, සහ වැරදුණු තැන් ගැන අවබෝධ කරගත්තාම ආයෙ උඩට එන්න පුළුවන්කම අවබෝධ කර ගන්නවා.

  • ජීවිතයේ වැටුණාම, ඒ වැටිච්ච තැනින් ගොඩ එන්න දසුන්ට තිබූ සහ ඇති ගුණාංග මොනවා ද?

කොච්චර අමාරු වුණත් ආයේ මුලට යන්න වෙනවා. එහෙම නොවුණොත් ගමන ස්ථාවර වෙන්නෙ නැහැ. ක්‍රීඩකයකුට හෝ ඕනෑම කෙනකුට ඒ විදිහයි. ගහක මුල හයිය වන තරමට තමයි, අතු වුණත් හොඳට හැදෙන්නෙ. ගහ හොඳට පොළොවට බදලා නැගී සිටින්නෙ. ඒ නිසා, පෙර ලෙසම මම පුහුණුවීම් කරන්න පටන් ගත්තා. වැඩිපුර මහන්සි වෙලා නිවැරදිව ට්‍රේනිං කරන්න පටන් ගත්තා. ඒ විදිහට කරන දේ හරියට කළොත් නැවත අපට සුපුරුදු අවස්ථා ලබාගන්න පුළුවන් වෙනවා.

  • සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සිටියදී නායකත්වය ලැබුණු පසු ඔබ එය බාරගත්තෙ මොන විදිහෙ ආකල්පයකින් ද? නායකත්වය ගිලිහුණාම ඇතිවුණේ මොන වගේ හැඟීමක් ද?

සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ කාලයේදී ප්‍රශ්න අඩුයි. මුලින්ම නායකත්වය බාරගත්තාම, පාකිස්ථානය සමග තරගාවලියට ගියේ. එහිදී නිවැරදි තීරණ ගත්ත නිසා, කණ්ඩායමෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. ඒ නිසාම එම තරගාවලිය 3 – 0 ක් ලෙස අපි ජයග්‍රහණය කළා. දෙවැනි වතාවෙදි තරගාවලියට පෙර ගමන් බලපත්‍රය නැතිවීම නිසා, එය මගහැරී, ඊළඟ තරගාවලියේදී නිත්‍ය නායකයා වුණා. මගහැරුණු තරගාවලිය එක් තරගයක්වත් ක්‍රීඩා නොකොට නායකත්වයෙන් ඉවත් කළ එකම නායකයා මම වෙන්න ඇති. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයකු ලෙස එදා මට එය අහිමිවුණේ මගේම වරදකින් නෙවෙයි. ප්‍රති විකල්ප තිබුණා. කොහොම වුණත් එදා ඒ තරගාවලිය මගහැරීම වාසනාවට සිදුවූ දෙයක්. සමහර දේ වාසනාවට මගහැරෙන අවස්ථා තියෙනවා. ඒ සියල්ල මම ගත්තෙ සුබවාදී විදිහට. ඊළඟට ලැබුණු දේ ඊට වඩා හොඳ වුණා.

  • කණ්ඩායමෙන් ඉවත් කළාම දැනුණු හැඟීම? කොහොමද හිත හදාගත්තෙ?

මම කනගාටු වුණේ නැහැ. දක්ෂතා හැමදාම තිබුණා. එකම දේ මම මා ගැන නොසිතා කණ්ඩායමට අවශ්‍ය දේ තමයි නායකත්වයේ දි නිතරම කළේ. ඒ නිසාම තමයි මට එළියට යන්න වුණේ. පුද්ගලිකව මා ගැන හිතලා කටයුතු කළේ නම් මට පල්ලෙහායින් නැතුව උඩට ඇවිත් බැට් කරන්න තිබුණා. ඒත් මම බැලුවෙ නිතරම ඒ අවස්ථාව අනුව ක්‍රීඩා කිරීමටයි. මැදපෙළ පිතිකරුවකුට නිතරම සිදුවන්නෙ ඒ පවතින තත්ත්වයට මුහුණ දෙන්න. උඩින් ක්‍රීඩා කරන අයට බොහෝ විට ලකුණු 100 ලබාගැනීමේ අවකාශය වැඩියි. නමුත් උඩින් ක්‍රීඩා කිරීමත් ලෙහෙසි නැහැ. මම නිතරම මා ගැන, මගේ ලකුණු ගැන හිතනවාට වඩා කණ්ඩායම ගැන හිතුවෙ. ඒ නිසාම තරුණ ක්‍රීඩකයන්ටත් අවස්ථා ලබා දෙන්න නිතරම උත්සාහ කළා. 

අපට හොඳ දේ ලබාගන්න නම් ජීවිතේ කැපකිරීම් කරන්නත් සමහරවිට සිදුවෙනවා. මම එදා එහෙම කළ නිසා තමයි අද කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ස්ථාවර මට්ටමකට පැමිණ සිටින්නෙ. එහෙම නැතුව මේ කණ්ඩායම එක් රැයකින් බිහිවූ කණ්ඩායමක් නෙවෙයි. විවේචන තියෙන බව ඇත්ත. ඒවා විඳ දරාගෙන යාම වැදගත්. නායකයගෙ ඔළුව – මනස හොඳින් තබාගැනීම කළ යුතු වෙනවා. අවාසනාවකට මම නායකයා වී සිටියදී, එළියෙ බොහෝ දෙනෙක් විවේචන කරන්න හිටියා. මොකද මම හරි නිහඬයිනෙ. මම වැඩේ කරලා යනවා. උත්තර බඳින්න ගියේ නැහැ. මගෙන් කවුරුවත් ඔයා කොහොමද ආවේ? ඔයා මොනවද කළේ? කියලා නිවැරදිව අහලා නැහැ. අද සමාජ මාධ්‍යයේ විවේචනය කරන අය හැමෝම විද්වතුන් බවට පත්වෙලා සෝෂල් මීඩියාවල ඒ විදිහට ලියන්නෙ හරියට ආදායම් මාර්ගයක් නැති අයයි. ඒ නිසා ඒ වගේ විවේචනවලට ශක්තිවන්තව මුහුණ දෙන්න. ඒ නිසා අසුබවාදීව හිතන ඒ අය කියන දේ අපි බාරගන්න ඕනෑ නැහැ.

  • කෙනෙකුට කැමති වගේම අකමැති අයත් ඉන්නවනෙ? ඒ වගේ අයගෙ ප්‍රතිචාර සුබවාදීවද ගන්නෙ? අසුබවාදීවද ගන්නෙ?

දෙයක් ගැන දැක්කොත් තමයි අපි ඒ ගැන පසුතැවෙන්නෙ. සමාජ මාධ්‍යය තියෙන්නෙම හොඳ දේ හුවමාරු කර ගන්න. නමුත් මම ෆේස්බුක් පවා කාලයක සිට නොයන්නෙ, ඍණාත්මක දේ දකින්න ලැබෙන නිසයි. නෙගටිව් දේ දකින තරමට අපි පළුදු වෙනවා. ඒ නිසා බලහත්කාරයෙන් අපි ඒ ඍණාත්මක දේ ගන්න ඕනෑ නැහැ. 

සෝෂල් මීඩියා කියන්නෙම බොහෝ විට මවාපෑමක්. ඒ නිසාම තමයි, මම ඒ වගේ දේ පසුපස නොයන්නෙ. මගේ මතයෙ සිටිමින් තව හොඳ වෙන්න උත්සාහ ගැනීම මගේ විදිහයි. මිනිස්සු මට ආදරේ කරන්නෙ මෙච්චර කල් මම හරි දේ කළ නිසයි. එක් වැරැද්දක් ඇති මනුස්සයකුට ජීවිත කාලයටම හංවඩු ගහන්න. ඒ නිසා, අපි අපේ හෘද සාක්ෂියට එකඟව හොඳ දේ, හරි දේ කරනවා නම්, අපිට නැගිටින්න පුළුවන්.

  • ඔබ ජීවිතේ තේමා කරගෙන සිටින්නෙ කොහොමද?

එදා ඉඳලම මම අධිෂ්ඨානශීලීත්වය, කැපවීම, විනය, දර්ශනය විශ්වාස කළා. හෙටත් එහෙමයි.

  • පරාජයන් හමුවේ, විවේචන හමුවේ, එදිරිවාදිකම් හමුවේ කෙසේ ජීවිතයට මුහුණදිය යුතු වන්නේ? සමාජයට ඔබ දෙන පණිවුඩය?

‘ඉවසීම’ අපට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. 2025 වෙද්දි තාක්ෂණය එක්ක ලෝකය වේගවත් ගමනකට ප්‍රවේශ වෙලා. ඒ නිසා නිතරම අපි තාක්ෂණික දේ සොයන්න හුරුවෙලා. ඒ ස්වභාවයේදී, තරුණයන් විදිහට ඉවසීම ඉතා ප්‍රගුණ කළ යුතු දෙයක්. තාරුණ්‍යය ෆෝන් එක නිසා ඉවසීමෙන් බොහෝ දුරට බැහැර වෙලා. ඒ නිසා පොත් කියවීම හෝ තමුන් භාවනාවක හෝ ව්‍යායාම් වැනි ක්‍රීඩාවක නිරත වී මනස සැහැල්ලුවට – සංයමයට පත් කරගන්න කියන පණිවුඩය තමයි මම දෙන්නෙ. හැකි සෑම වෙලාවකම පොත් කියවීමට පුරුදු වෙන්න.


 සඳුන් ගමගේ


 



අදහස් (0)

කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 24 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 22 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 40 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 26 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 18 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 32 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site