සැරයන් උපාලි ජයතිස්ස මෙහෙයුමකදී
පසුගිය සතියේ ඉතිරිය කුමුදුගේ කතාව (2 කොටස) |
සැරයන් උපාලිගේ නුවර මැදවල පිහිටි නිවසේ සිට ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් තුනක පමණ දුරක් තිබුණි. බස් රථයට ගොඩවීම සඳහා ඔහු ඒ දුර පසුකරන්නේ පා ගමනිනි. එවන් අවස්ථාවල බිරිඳ කුමුදු ද ඔහු සමගින්ම මඳ දුරක් යාම පුරුද්දකි. එදිනද ඇය එලෙස ඔහු හා එක්වෙද්දී තම දියණිය වඩාගෙන සුරතල් කරමින් යන්නට උපාලි අමතක නොකළේය. සුපුරුදු ලෙසම එදාද මඳ දුරක් ගොස් උපාලි වෙන්ව යන අවසන් තැනදී දියණිය කුමුදු වෙත බාරදීමේදී - ඇය වෙනදාට වඩා හඬා වැටෙන්නට වූයේ, උපාලි තුළ ද තිගැස්මක් ඇති කරමිනි. පෙර නිවාඩු වාරවල දී එලෙස වෙන්ව ගිය සෑම මොහොතකම ඇය එතරම් පැකිළීමකින් තොරව බිරිඳ අතට භාරදිය හැකි වුව ද, මෙවර ඇගේ අසාමාන්‍ය හැසිරීම දෙදෙනාටම පුදුම එළවන්නක් විය.
තම පියා මොහොතකට හෝ තමාගෙන් දුරස්වනු දැකීම පෙරට වඩා ඇයට තදින් දැනෙමින් තිබූ සෙයකි. කෙසේ හෝ එහි දී ද අවසන් වතාවට දියණියගේ හිස සිඹ උපාලි නික්ම ගියේ, එලෙස නොයන ලෙස ඈ සිදුකළ බලවත් ඇවිටිල්ල නොතකාය. අනතුරුව සිය දියණිය ද තුරුලු කරගත් කුමුදු සැමියා නොපෙනී යන අවසන් මොහොත තෙක්ම එහි රැඳී බලා සිටින්නට වූයේ, නොදැනීම දෑසින් රූරා වැටුණු කඳුළු බිඳු දියණියගෙන් සඟවාලමිනි.
මෙලෙස කාලය ගෙවෙන්නට විය. තම සැමියා යහතින් මුලතිව් කඳවුර වෙත ගිය බව දැනගැනීමට ක්‍රමයක් බිරිඳ කුමුදුට නොවීය. දුරකථන ඇමතුමකින් හෝ ඒ බව දැනුම් දෙන්නට තරම් පහසුකමක් සැරයන් උපාලිට ද එහි නොතිබිණ. එබැවින් ඔහුගේ සුපුරුදු ක්‍රමය වූයේ, එකී විස්තර දන්වා නිවසට ලිපියක් යැවීමය. මේ අතර මුලතිව් හි තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙන්නට විය. එහි ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක් මතුවෙමින් තිබූ අතර, ඒ පිළිබඳ එහි ආරක්‍ෂක අංශ තුළ දැඩි කතාබහක් ද ඇතිවිය. අවසානයේ අනුමාන කළ පරිද්දෙන්ම, එම හුදෙකලා මුලතිව් කඳවුර වෙත දරුණු මෙන්ම විරල ගණයේ දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන්නට වූ අතර, ඉතිහාසය වෙනස් කළ එම ප්‍රහාරය සිදුවූ දිනය 1996 ජුලි මස 18 වන දින මධ්‍යම රාත්‍රිය ලෙස
වාර්තා වුණි.
සැරයන් උපාලි ජයතිස්ස
|
සැරයන් උපාලි ජයතිස්සගේ දියණිය
|
මුලතිව්හි සිදුවන සිදුවීම් පිළිබඳව කිසිත් නොදත් කුමුදු, සිය දියණිය ද සමග නිවසේ හුදෙකලාව දින ගණින්නට වූයේ, තම ස්වාමියා යළි පැමිණෙන තුරුය. ඒ වන විට සැරයන් උපාලි පෙර නිවාඩු අවසන්ව නික්ම ගොස් ගතව තිබුණේ සතියකට ආසන්න කාලයකි. මේ අතර 1996 ජුලි 20 වන දින උදෑසන කුමුදුගේ නිවසට පොලිස් නිලධාරියකු පැමිණි අතර, එය එහි සිටි සෙසු අය තුළ තිගැස්මට හේතු විය. එහිදී එම පොලිස් නිලධාරියා කුමුදු හමුවේ පවසා සිටියේ - දින දෙකක් තිස්සේ මුලතිව් කඳවුරෙහි බරපතළ සටනක් සිදුවන බවත්, ඒ පිළිබඳ වැඩි තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති හෙයින්, ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බවත් ය. එම අනපේක්‍ෂිත තොරතුර කනවැකුණු සැණින් ඉමහත් කලබලයට හා කම්පාවට පත්වූ කුමුදු විලාප තබමින් හඬා වැටෙන්නට වූයේ, තම දියණිය ද තුරුලුකර ගනිමිනි. ඒ වනවිට මෙම සිදුවීම පිළිබඳව පොලිසිය මගින් මොරවැව සිටි කුමුදුගේ දෙමාපියන් ද දැනුම්වත් කොට තිබූ අතර, ඒ සැණින් ඔවුහු සිය දියණියගේ නිවසට ද පැමිණ ඇයව අස්වසන්නට ද උත්සාහ ගනු ලැබූහ. මේ මුලතිව් කඳවුර වෙත එල්ලවන බරපතළ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව ගුවන් විදුලිය ඔස්සේ ද තොරතුරු ප්‍රචාරය වන්නට වූ අතර, එය කුමුදු තුළ මෙන්ම සැරයන් උපාලිගේ දෙමාපියන් ද තවදුරටත් කම්පාවට හේතු විය. මුලතිව්හි තත්ත්වය කෙබඳු වූවද, එහි සිටින තම ස්වාමියා වෙනුවෙන් කිසිවක් කර කියාගන්නට හැකියාවක් ඇයට නොවූවාය. එම පණිඩුඩය ලද තැන් සිට අඛණ්ඩවම හැඬූ කඳුළින් පසුවූ ඇයට එකම පිළිසරණ වූයේ ආගමානුකූලව සැමියා සිහිකොට ආශීර්වාද පැතීම පමණි. ඒ වනවිට මුලතිව් කඳවුරෙහි දහසකට වැඩි භට පිරිසක් සැරයන් උපාලි සේම බරපතළ ජීවිත අවදානමකට ලක්ව තිබූ පසුබිමක - සමස්ත රටම මළගෙයක ස්වරූපයක් ඉසිලීය.
දිගින් දිගටම එම සිදුවීමත් සමග ඉමහත් පීඩනයකට පත්ව සිටි කුමුදු - තම පවුලේ සාමාජිකයකු ද සමග අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ද ගොස්, තම සැමියා පිළිබඳ තොරතුරු විමසන්නට වූවාය. නමුත් මුලතිව් ප්‍රහාරය හමුවේ සැරයන් උපාලි ද අතුරුදන් වී ඇති බවට වූ අනුමාන පණිවුඩය හැරෙන්නට, අන් යමක් ඈට දැනගන්නට නොලැබුණි. මේ අතර මුලතිව් සිදුවීමෙන් දිවි ගලවාගත් අය වැලිඔය, කොක්කුතුඩුවායි, වවුනියාව ආදී ප්‍රදේශවලට විටින් විට පැමිණ ඇති බවට වූ තොරතුරු ද කුමුදු වෙත සැලවිය. ඒ පිළිබඳව ද ඕ සොයා බලනු ලැබුව ද, එසේ පැමිණි අය අතර තම ස්වාමියාට රැඳෙන්නට තරම් වාසනාවක් හිමිව නොතිබිණ. නිශ්චිතවම ඔහු මුලතිව් ප්‍රහාරය හමුවේ අතුරුදන් වී ඇති බව - සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් ලද නිල ලිපියක් මගින් කුමුදුට සනාථ කෙරුණේ ඒ අතරය. එබැවින් තවදුරටත් තම සැමියා වෙනුවෙන් බලාපොරොත්තු තැබීම නිෂ්ඵල බව ඇයට තේරුම් ගිය ද, ඔහුව එලෙස සදාකාලිකව අහිමි වී ඇති බව සිතන්නට තරම් ඈට සිත් නොදුන්නාය.
මෙලෙස සති කිහිපයක් ගෙවී යන්නට විය. තම ස්වාමියා නොමැතිව පෙරදා මාස තුන හතර නිවසේ ගත කළ ද, ඇයට එහි තනියක් නොදැනුණේ ප්‍රමාද වී හෝ ඔහු නිසැකව ම නිවසට පැමිණෙන බව විශ්වාස කළ නිසාවෙනි. නමුත්, මෙවර ඔහු නොමැතිව ගෙවුණු සති කිහිපය තුළදීම ඇයට දැනුණේ තම ජීවිතයම කඩා වැටී ඇති බවකි. ඒ වනවිට ද දියණිය නොතේරෙන වයසක සිටිය ද, ඇය නිරන්තරව පෙරමග බලන්නට වූයේ, තම පියා දැන් දැන් ඒවිදෝ යි විමසන්නාක් මෙනි. මේ අතර දිනෙක උදෑසන තම සැමියා අයත් අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවෙන් නියෝජිතයක් හදිසියේම කුමුදුගේ නිවසට පැමිණියේය. ඒ වනවිට ස්වාමියා අතුරුදන්ව මසක් ගෙවුණා පමණි. ඔහු එහිදී රැගෙන ආ යමක් කුමුදු අත තැබීය. ඒ සැමියාගේ ඉකුත් මස වැටුපය. එම මුදල සුරතට ගනිද්දී ඇගේ දෙනෙතින් රූරා වැටි කඳුළු කැට එම නෝට්ටු කිහිපය තෙත් වන තරම් විය. තම සැමියා ජීවිතේ පුදන ලද්දේ වැටුපකට නොවන බව ඈ දනී. තමා මෙන්ම මුලතිව් සිදුවීම හමුවේ පමණක් කොතරම් බිරින්දෑවරුන් පිරිසක් මෙලෙස වියෝ දුක් උහුලනවා නොවේ දැයි ඇයට කල්පනා විය.
මෙලෙස තවදුරටත් කල්ගෙවෙද්දී අතුරුදන් සැරයන් උපාලිගේ මීළඟ මාසවලට හිමි වැටුප් ලබාගැනීම සඳහා අදාළ දිනවලදී කුමුදුට අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත යාමට සිදු වූ අතර, එවන් අවස්ථාවල තමා මෙන්ම සැමියන් අහිමි වූ බිරින්දෑවරුන් සිය ගණනක් ම ඇයට එහිදී හමුවිය. ඒ සමගම ඉතිරි පාලන කටයුතු සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන ද රෙජිමේන්තුව භාරයට ගැනුණු අතර, ඒ ආසන්න මාසයක සිට සැරයන් උපාලිගේ වැටුප් කුමුදුගේ නමට බැංකු ගත කිරීමට ද රෙජිමේන්තු හරහා කටයුතු යෙදිණ. ඒ වනවිට සැමියා අහිමිව මාස තුනක පමණ කාලයක් ගතව තිබූ අතර, එම කාලසීමාව කෙසේ ගෙවා දැම්මේ දැයි කුමුදුටම සිතාගත නොහැකි තරම්ය. ඉහත සියල්ල අතරේ තවදුරටත් මැදවල පිහිටි සැමියාගේ නිවසේ රැඳී සිටීම හුදෙකලා බිරිඳක් ලෙස කුමුදුට කිසිසේත් කළ හැකි නොවීය. තරුණ වියේදීම සැමියා අහිමිවීම හමුවේ - එම දෙමාපිය ඥාතීන්ගෙන් ද, සමාජයෙන් ද, එල්ල වූ පීඩනය ඇයට දරාගත නොහැකි තරම් විය. එසේම, එවකට රණවිරු වැන්දඹුවන්ට සමාජයෙන් අත්විඳීමට සිදු වූ සියලු දුක් ගැහැට - අවමන්වලට කුමුදුට ද මුහුණ දෙන්නට සිදුවූවාය. මේ හේතුවෙන්ම තව දුරටත් තම ස්වාමියාගේ නිවසේ රැඳී නොසිටි ඇය එක්තරා දිනක තම දියණිය ද කැටුව මොරවැව පිහිටි ඇගේ මහ ගෙදර වෙත පැමිණියේ දෙමාපිය සෙවණටය. එසේ පැමිණි ගමනේ දී ඈ සන්තකයේ ඉතිරිව තිබුණේ සූට්කේසයක ඇතිරූ තම ඇඳුම්
කිහිපය පමණි.
නුවර මැදවල ගෙවූ හුරු පුරුදු පහසු ජීවිතය අතහැර අතිදුෂ්කර මොරවැවට පැමිණීම අනුවණ ක්‍රියාවක් යැයි විටෙක කුමුදුට සිතිණ. නමුත්, එහිදී විඳි මානසික පීඩනය මොරවැව දී දැනෙන පාරිසරික දුෂ්කරතාවලට වඩා බලවත්ව තිබීම ඇයගේ පැමිණීමට මූලිකම හේතුව විය. කෙසේ නමුත්, සිය මහ ගෙදරට පැමිණි දා පටන් කුමුදුගේ දියණියට නම් එම ආගන්තුක පරිසරය කෙසේවත් ඔරොත්තු නොදුන්නේය. තැන තැන ඇසුණ ඝෝෂාකාරී හඬවල් ද, නිවෙස්වලින් බැහැරව දිගින් දිගටම රාත්‍රිය පහන් කරන්නට වීම ද, ඇයව නිරන්තරව බියගන්වනසුලු විය. 1986 වෙසක් පොහෝ දින මොරවැව සිංහල ගම්මානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ අයුරු කුමුදුට මතකය. දැනුම් තේරුම් ගියදා පටන් ත්‍රස්තවාදී තර්ජන හමුවේ ඈ ගෙවූ දුෂ්කර දිවිය ඒ වනවිට ද නිමා නොවී පැවතීම හේතුවෙන්, ඇයට දැනුණු පසුතැවීම අපමණය. යාබද ගම්මානවලට ත්‍රස්තවාදීන් පහර දුන් අවස්ථා පිළිබඳ එකල දිගින් දිගටම වාර්තා වීම හේතුවෙන් මොරවැව ගම්වාසීන් පසුවූයේ ඉමහත් භීතියකිනි. යුද හමුදාව හා පොලිසිය සිවිල් ආරක්ෂක බළකාය තැන තැන ආරක්ෂාව වෙනුවෙන් රඳවා සිටිය ද, සම්පූර්ණ ගම්මානය ආරක්ෂා කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. විදුලි පහසුකම් නොතිබුණු එම ප්‍රදේශයේ කුප්පි ලාම්පුවක් හැරෙන්නට, වෙනත් එළියක් නොතිබිණ. එසේම, රාත්‍රියේ එම ලාම්පුවක් දැල්වීම ද අවදානම ගෙන දුන් කරුණක් වූයෙන්, සමස්තයක් ලෙස එහි වැසියන් රාත්‍රිය ගත කළේම අඳුරේය. වේලාසනින් කාබී වැඩ අවසන් කළ ඔවුන්, ඇඳිරි වැටෙද්දීම නිවෙස්වලට යාබද තෝරාගත් භූමියක, වෙල් යායක නොඑසේනම් කොහේ හෝ ආරක්ෂාකාරී යැයි හැඟුණ තැනක කණ්ඩායම් ලෙස සැඟව රැය පහන් කිරීම එකල ත්‍රස්ත තර්ජනයන්ට ලක්වූ තිබූ උතුරු නැගෙනහිර පැවති මායිම් ගම්වල දින චර්යාව විය. විශේෂයෙන්ම එලෙස රාත්‍රියේ වනය තුළ සැඟවෙන තැන් රහසිගත ලෙස ශුද්ධ පවිත්‍ර කොට තබාගැනීමට ද ඔවුහු වෙහෙසුණහ. කෙසේ හෝ තම සැමියා අතුරුදන්වීමේ වියෝදුක ද, ත්‍රස්ත තර්ජන හමුවේ අත්විඳි මරණ අවදානම ද, පාරිසරික බලපෑම් ද සමග කුමුදුට තම දියණිය ද තුරුලු කරගනිමින් මොරවැව ග්‍රාමයේ සෙසු පිරිස් සමග අඛණ්ඩව දුෂ්කර ක්‍රියාවක නියැළෙන්නට සිදුවූයේ යුද්ධයේ අභාග්‍යසම්පන්න බව කොතෙක් දැයි කියාපාමිනි.
ඉතිරි කොටස ලබන සතියේ
ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,
බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.
ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කොටි තර්ජන මැද දියණිය සමග මහා කැලයේ රැය පහන් කළ ඇය