IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


තීරණාත්මක තරගාවලියක් අබියස ...


නවසීලන්තයේදී ලබන සෙනසුරාදා (28 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සංචාරක ශ්‍රී ලංකා සහ සත්කාර නවසීලන්ත යන කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වී තිබේ. 

මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයලැබුව ද, නවසීලන්තය ජය ලැබුව ද, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) විස්සයි20 රටවල් ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් ඉහළට ඒමේ අවස්ථාව උදාවේ.   

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ මේ වන විට පසුවන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 233 ක් බා සිටියි. පාකිස්තානය ප්‍රසාද ලකුණු 236 ක් ලබා 7 වැනිදා ස්ථානයේ පසුවෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු 6 ක් පමණ එකතු විමේ වැඩි ඉඩක් ඇති අතර එසේ වුවහොත් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජය ලැබුව ද උසස්වීමේ ලැබීමේ අවස්ථාව තිබේ. 

නවසීලන්තය ප්‍රසාද ලකුණු 247 ක් ලබා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව ද ප්‍රසාද ලකුණු 247 ක් සමගින් පස්වැනි ස්ථානයේ පසුවෙයි. 

ඒ හේතුවෙන් නවසීලන්තයට ද ශ්‍රේණිගත කිරීමේ ඉහළට යෑමට මෙම තරගාවලිය වැදගත්වී තිබේ. මෙම තරගාවලිය සිය රටේදී පැවැත්වීම නිසා උපරිම වාසිය ගැනීමට උත්සහ කරනවාට සැක නැත. 

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රසාද ලකුණු 250 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ සිටින අතර නවසීලන්තය පස්වැනි ස්ථානයට ද ඇස ගසාගෙන සිටිනවාද විය හැකිය. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විත වූ විස්සයි20 
ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් වීම නිසා මෙම තරගාවලිය වඩාත් සුව්ශෛ්ෂී තරගාවලියක් බවට පත්ව තිබේ. 

මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත්ව තිබීම නිසා වර්ෂාව හෝ අයහපත් කාලගුණයෙන් බාධා ඇති නොවුණ හොත් හොඳ ප්‍රතිඵලයක් මතුවීමේ අවස්ථාවක් තිබේ. තරගයක් සම තත්වයෙන් අවසන් වීම වැනි විශේෂ යමක් වුවහොත් තරගාවලියේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් වියහැකිය. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය පසුගිය සිකුරාදා දිවයිනෙන් පිටත්ව ගියේය. 

චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට නිත්‍ය වේග පන්දු යවනන්නන් සිවුදෙනෙක් සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයක් සමගින් වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව සිටීම කැපී පෙණුනි. 

එම සංචිතයට ඇතුළත්ව සිටින මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු වේග පන්දු යවන්න වන අතර තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ද වේග පන්දු යවන්නෙකි. 

නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ගෙන් ආරාධිත කණ්ඩායම් පාලනය කිරීමේ උපායමාර්ගය අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකාව ද වේග පන්දු යවන්නන් පහක් සමඟ තරගාවලියට පිවිස තිබේ. 

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ එම කණ්ඩායමට දඟ පන්දු යවන්නන් ලෙස ඇතුළත්ව සිටින අතර පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද දඟ පන්දුවෙන් විශාල යමක් කළ හැකි ක්‍රීඩකයෙකි. 

නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂ පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති. පිතිකරුවෙක් ලෙස කමිඳු මෙන්ඩිස් පිළිබඳව නවසීලන්තය ඇස ගසාගෙන සිටිනවාට සැක නැත.  

මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


සස්මින් ගමගේ


 



අදහස් (0)

තීරණාත්මක තරගාවලියක් අබියස ...

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 9 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 7 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 13 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 15 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 10 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 13 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 194 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 176 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site