වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බොහෝ ගොඩනැගිලි කඩා බිඳ දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. එම රජ මාලිගා පරිශ්‍රයේ දැනට ඉතිරිව තිබෙන පැරණි රජමාළිගාවේ සුළු කොටසක් සහ සහ දළදා වහන්සේ වැඩ සිටින කොටස ඇතුළු තවත් කොටස් කිහිපයක් පමණක් වන අතර අනෙක් සියලු කොටස් කඩා බිඳ දමා තිබෙන අයුරු නිරීක්ෂණය වේ.
උඩරට ගිවිසුම උල්ලංඝනය කරමින් අධිරාජ්‍යවාදීන් අත්තනෝමතික ලෙස සිදුකළ කටයුතු වලට උඩරට ප්‍රභූන් සුළු කොටසක් විරුද්ධ වුවද බහුතර ප්‍රභූන් පිරිසක් විරුද්ධ වූ බවක් පෙනෙන්නට නොතිබේ. එසේ විරෝධය දැක්වූ ප්‍රභූන්ට රජවරුන් විසින් ලබා දී තිබූ නින්දගම් අත්තනෝමතික ලෙස ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් පැහැර ගත් බව ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුන්ට ආවඩමින් භෞතීස්ම වෙමින් සිටි සුළු පෙළැන්ති කිහිපයකට පමණක් අධිරාජ්‍යවාදීන් විසින් අත දිගු කොට බෙදු අයුරු ඉතිහාසය පිරික්සීමේ දී දැකගත හැකිය.
මීට වසර විසිපහකට පමණ ඉහත දී එවකට උසාවි ගොඩනැගිල්ල වශයෙන් මෙන්ම - වත්මනෙහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මේ වන විට මාර්ගයක් ඉදිකොට ඇති ස්ථානය සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සිදු කළ කැණීමක දී පැරණි රජ මාළිගාවේ පාදම මතුවූ අතර එහි රජුගේ සිරියහන් ගබඩාවේ සයනය තිබූ ස්ථානය හමු වූ අතර එම ඇඳේ කකුල් හතරට යට කොට තිබූ තඹ පත්වල කිසියම් මන්ත්‍ර ලියා තිබූ තඹ පත් හතරක් ද දක්නට ලැබුණි.
එය ඡායාරූපගත කොට එවක ඉරිදා ලංකාදීපයට ලිපියක් ද ලියූවෙමි. කෙසේ නමුත් ඉන් දින කිහිපයකට පසු වහාම එම කැණීම් නවතා කැණීම් සිදුකළ ස්ථානද වසා දැමීමට බලධාරීන් පියවර ගත්හ.
මහනුවර ලෝක පූජිත දළදා මන්දිරය පිහිටා ඇති මහනුවර රාජධානියේ නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටියත් තවත් පසෙකින් බහිරවකන්දත් පිහිටා ඇති බැවින් ස්වභාවිකවම මෙම නගරයට ආරක්ෂාව සැලසී ඇතිවා සේම නගරයට සතුරෙකුට ඇතුළු විය හැකි සෑම ස්ථානයක්ම මහවැලි ගඟෙන් වට වී තිබීම ද එම නගරයේ ආරක්ෂාව තවත් තිව්‍ර කිරීමකි.
විවිධ විදේශීය සතුරු උපද්‍රව පැමිණි අවස්ථාවලදී දළදා වහන්සේ සඟවා තැබීමට ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් අලුත්නුවර, මැද මහනුවර හඟුරන්කෙත, නිළඹේ, සෙංකඩගල නුවර, හා ගලේ නුවර වශයෙන් භාවිත කොට තිබේ.
දළදා සමිඳුන් වැඩ සිටින කරඬුව මතුපිට උඩරට රජවරුන් බිසෝවරුන් සෙන්පතියන් රාජ්‍ය නායකයන් විසින් පූජා කරන ලද විවිධ මාල වලින් වර්ණවත් කොට තිබේ. ඇතැම් රජවරුන් තමන්ගේ කෙස් වැටිය කපා එය ගොතා මෙම කරඬුවට පලඳවා තිබේ. මෙම කරඬුවට අවසාන වතාවට මාලයක් පළඳවා ඇත්තේ දළඳා සමිඳුන් වැඩ සිටින කුටියට ඉහළින් රන් වියනක් ඉදිකළ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි.
දළදා වහන්සේ ආවරණය කොට ඇති කරඬු හතේ අපට පෙනෙන මහත් වර්ණවත් කරඬුව පූජා කොට ඇත්තේ විමලධර්මසූරිය රජතුමා විසිනි. අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන් භාරයේ පවතින කරඬුව ඇහැළේපොළ කරඬුව වශයෙන් ද හැඳින්වෙන අතර, එය පූජා කළ දිනය වශයෙන් 1816 අගෝස්තු මස 29 වශයෙන් එහි පහළ කොටා තිබේ. එම කරඬුවේ පාදමේ ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් මහා අදිකාරම් යනුවෙන් කොටා තිබේ.
එම කරඬුව ඉවත් කිරීමෙන් පසු හමුවෙන හය වැනි කරඬුව පසෙකින් තවත් කරඬුවක් තබා තිබෙනවා. එම කරඬුව හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් මෙරටට දළදා වහන්සේ වැඩමකර වූ කරඬුවයි. එම කරඬුව අඟල් හතරකින් පමණ යුක්ත වේ. දළදා සමිඳුන් වැඩ සිටින්නේ එම කරඬුව තුළයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරජාණන් වහන්සේගේ ආදාහන සෑයෙන් ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් එවකට භාරතයේ පාලක පිරිස් වෙත බෙදා දෙන ලද බව සඳහන් වන්නේ දීඝනිකායේ අටුවාවෙහිය. දාඨාවංශයෙහි සඳහන් පරිදි දළදා සමිඳුන් ලබා ගැනීමට මුල් ප්‍රයත්නය දරා ඇති ශ්‍රී ලංකේය රජු ලෙස පිළිගනු ලබන්නේ මහසෙන් රජුය. අනතුරුව ගුහසිව රජුන් හොර රහසේම දළදා සමිඳුන් ලක්දිවට එවීමට පියවර ගැනීමෙන් පසු හේමමාලාව සහ දන්ත කුමරු මහා සයුර තරණය කොට ආරක්ෂා සහිතව මෙරටට වැඩමවූ බව ඉතිහාසයේ සඳහන්ය.
එතැන් පටන් වසරක් පාසා දළදා වහන්සේ වෙත මහජන ගෞරවය පුද කිරීමේ අවස්ථාව සැලසූ බව පාහියන් හිමියන්ගේ විස්තරයේ සඳහන්ය.
දළදා සමිඳුන්ට දිනකට තෙවරක් පුද සත්කාර තේවා කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලද්දේ දෙවැනි පරාක්‍රමබාහු රජු විසිනි. එම රජතුමා තමන් උපන් සිරිවර්ධන පුරයට දළදා වහන්සේ වසරක් පාසා වැඩම කරවා තෙමසක් මුළුල්ලේ මහජන ප්‍රදර්ශනය සඳහා යෙදවූ බව සඳහන්ය. ඒ තුළින් එකල රට වැසියන් රජු කෙරෙහි දැඩි ගෞරව භක්තිය පුද කළ බව ඉතිහාසයේ සඳහන්ය.
වර්තමානයේ ද එය එසේමය. දළදා දැක්මක් පවත්වන බව අසන්නට ලැබීම ද මෙරට පමණක් නොව ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට සතුට ගෙන දෙන ආරංචියකි. දේශීය වන්දනාකරුවන් එම වන්දනා ගමන යන ආකාරය මේ වන විටද සැලසුම් කරමින් සිටිය දී මහනුවර අවට හෝටල් මේ වන විටත් විදේශීය බැතිමතුන්ගේ වෙන්කිරීම් වලින් පිරී ඉතිරී ගොස් හමාරය.
මේ මිහිපිට බෞද්ධ සිද්ධස්ථානයක් ඇත්නම් ඒ සියලු සිද්ධස්ථාන සියල්ලටම ඉහළින් ඇති බෞද්ධ සිද්ධස්ථානය වශයෙන් සැලකෙනුයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය වශයෙන් ලොව පුරා බෞද්ධ ජනතාව මහත් ඉහළින් පිළිගන්නා කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මන්දිරයයි.
අතීතයේ මෙරට පාලනය කළ රජවරුන් රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් පිළිගැනුණ අතර ශ්‍රී දළදා සමිඳුන් තමන් සන්තකයේ වැඩ හිඳුවා ගැනීම රජුගේ රාජ්‍යත්වය ජනතාව පිළිගැනීමක් ලෙසද සැලකූහ. දළදා සමිඳුන් සන්තකයේ නොමැති රජු තම රජු වශයෙන් පිළිගැනීමට එවකට වැසියන් මැළිකමක් දැක්වීය.
දැනට ස්වදේශීය රජවරුන් පමණක් නොව හිරු නොබසෙන අධිරාජ්‍යවාදීන් වශයෙන් කන්ද උඩරට රාජධානිය ගිවිසුමක් මගින් ඔවුන්ගේ හිරු නොබසෙන අධිරාජ්‍යයට ඈඳා ගත්තද ඒ වන විටත් දළදා සමිඳුන් වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් වෙනත් ස්ථානයක සඟවා වැඩ හිඳුවීමට ක්‍රියා කොට තිබූ බැවින් දළදා සමිඳුන් තම භාරයට ගැනීමට එවකට අධිරාජ්‍යවාදීන් දැඩි උත්සාහයක යෙදුණු බව ඉතිහාසයේ සඳහන්ය. එයින්ම පෙනීයන්නේ අධිරාජ්‍යවාදීන්ට පවා මෙරට යටත් කර ගත්ත ද ඔවුන්ගේ එම යටත් කර ගැනීම ස්ථිර කර ගැනීමට දළදා වහන්සේ තම භාරයට ගැනීමට දැඩි අවශ්‍යතාවක් තිබුණ බවයි.
කෙසේ නමුත් පසුව දළදා සමිඳුන් ඔවුන් භාරයට ගෙන තේවාව සිදු කරන හිමිවරුන්ට පවා ඊට ළඟාවිය නොහැකි ආකාරයට වත්මනෙහි දළදා සමිඳුන් වැඩ හිඳින ස්ථානයේම වැඩ හිඳුවා යකඩ පට්ටම් යොදා වසා දැමූ බව පැවසේ.
ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය දෙස හැරී බැලීමේ දී දළදා සමිඳුන් මුල් ආරම්භයේ දී රජ මාලිගා පරිශ්‍රය තුළම වඩා හිඳුවීමට රජවරුන් පියවර ගෙන තිබුණද, මාලිගා පරිශ්‍රයට මඳක් නුදුරින් වැඩ සිටින මාළිගයක් මුලින්ම ගොඩනඟා ඇත්තේ පළමු වන විමලධර්මසූරිය රජතුමා (1592-1604) විසිනි. එතුමන් විසින් ඉදිකරන ලද දළදා මන්දිරය පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කොට ඇති අතර පසුව දෙවන රාජසිංහ රජු (1635-1687) විසින් දෙවැනි දළදා මන්දිරය ඉදි කළද එයද ලන්දේසි ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කොට තිබේ.
පසුව 1687 වසරේ දී රාජ්‍යත්වයට පත් දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉතා අනර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ඉදිකොට දළදා වහන්සේ එහි වැඩ හිඳුවා පූජෝපහාර දැක්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එම දළදා මන්දිරය කල්යත්ම දිරාපත් වී විනාශ වූ බැවින් වර්තමානයේ දක්නට ලැබෙන දළදා මන්දිරය ඉදිකොට ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසිනි.
කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජතුමා ද දළදා සමිඳුන්ට මහඟු සේවාවක් සිදුකළ රජතුමෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍යත්වයට පත්වන සමය වන විට මෙරට භික්‍ෂු ශාසනය පිරිහීමට ලක්ව තිබූ බැවින් සියම් දේශයෙන් (තායිලන්තයෙන්) පවර උපාලි හිමියන් ඇතුළු සිල්වත් භික්ෂූන් වහන්සේලා මෙරටට වඩම්මවා උපසම්පදා විනය කර්මය නැවතත් සිදුකොට මල්වතු අස්ගිරි සියම් මහ නිකාය ඇති කළ අතර, අදටත් දළදා සමිඳුන්ගේ තේවා කටයුතු භාරව සිටින්නේ මල්වතු අස්ගිරි සියම් මහා නිකායේ මහා සංඝරත්නයයි.
මල්වතු අස්ගිරි මහා විහාර දෙක වාර්ෂිකව මාරුවෙමින් දළදා සමිඳුන්ගේ තේවා කටයුතු සිදු කරනු ලබන්නේ එවකට කන්ද උඩරට රජවරුන්ගේ ආඥා පරිදිය. දළදා සමිඳුන්ගේ තේවාව භාර හිමිවරුන් දිනකට තෙවරක් පාන්දර දවල් සහ සවස වශයෙන් තේවා කටයුතු සිදු කරනු ලබයි.
සෑම බදාදා දිනකම නානුමංගල්‍යය පවත්වනු ලබන අතර ඒ සඳහා වෙනම ගිහි කණ්ඩායමක් ද දළදා සමිඳුන්ට ස්තෝත්‍ර කීම සිදුකරන අතර ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා සමිඳුන් ස්නානය කරවනු ලබයි.
දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව
වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ
චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු
මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ සති කිහිපයක් පමණී. මේ වනවිට නාමයෝජනා භාර දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය ප්‍රචාරණ කටයුතු සිදුකරමින් පවතී.
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රි.ව. 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දළදා මැදුරේ වතගොත