විටෙක ඈ "පාරාදීසේ" ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක "පිරිමි ළමයි" ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් සමඟයි මේ කතාබහ.
ඔව් ඇත්තටම. ශිවගුරුනාදන් මහත්මයගෙ අධ්‍යක්ෂණයකින් සහ සද්ධාමංගල අයියගෙ තිර රචනයකින් නිර්මාණය වුණු "පිරිමි ළමයි’’ නාට්‍යයේ මම නිරූපණය කරන නෝරා කියන චරිතයෙ, එක දර්ශනයකදි කෙසෙල් කැනක් උස්සන් දුවන්න තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ වෙනුවෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය නාට්‍ය බලන්න පටන් ගත්තෙත් ඒ කෙසෙල් කැන අරගෙන දුවන වීඩියෝ ක්ලිප් එක සමාජ මාධ්‍යයෙන් ෂෙයා වෙන්න ගත්තට පස්සෙ කියලා සමහරු කියනවා. ඒ විදිහට නෝරාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මම දැකලා තියෙන විදිහට ශිවගුරුන්නාදන් මහත්මයා හැමවෙලාවෙම එයාගේ නාට්‍යවල රඟපාන හැමෝගෙන්ම මොකක් හරි වෙනස් චරිත නිරූපණයක් එළියට ගන්න උත්සහ කරන අධ්‍යක්ෂවරයෙක්. ඒක මම ගොඩක් දැකලා තියෙනවා. මොකද සාරංග ගොඩක් ශිවා අන්කල්ගෙ වැඩ එක්ක ඉඳලා තියෙනවා. ඉතින් එයා එකිනෙකට වෙනස් වූ චරිත තමා ඒ හැම වැඩේකදිම නිරූපණය කරලා තියෙන්නෙ. මගේ මේ තුන්වෙනි නාට්‍ය ශිවා අන්කල් එක්ක කරන. එහෙම බැලුවමත් එකිනෙකට වෙනස් චරිත තමයි ඔහු මට ඔෆර් කරලා තියෙන්නේ. නෝරා කියන්නේ මානසිකව වැටිලා ඉන්න චරිතයක්. ඒකත් එක්ක එයාගේ ජීවිතේ පොඩ්ඩක් අඳුරු පැත්තට ගිහින් තියෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඉස්සරහට දැනගන්න ලැබෙයි. එහි නිරූපණයත් ගොඩක් වෙනස්. ඒකට සද්ධා අයියගෙනුයි, ශිවා අන්කල්ගෙනුයි දෙන්නගෙන්ම හොඳ අවබෝධයක් මට ලැබුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ කැමරාකරණය කරන තුසිත අයියව. එයාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ චරිතය ගොඩ නගා ගන්න මුළු ටීම් එකේම සපෝට් එක මට ලැබුණා. ඉතින් ඒකත් එක්ක තමයි නෝරා හැදෙන්නේ.
සාමාන්‍යයෙන් දෙබස් තියෙන කොට රඟපාන්න ලේසියි. මොකද දෙබස් එක්ක ප්ලේ කරගන්න, රියැක්ෂන් එක හදා ගන්න අපිට පුළුවන්. නමුත් දෙබස් නැතුව කරන රඟපෑම ලේසි නැහැ. ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒකම හින්දා වෙන්න ඇති මම ඒ චරිතෙට කැමතිත්. මොකද නෝරා කියන්නෙ මම කරන චරිතවලින් වෙනස් වුණු චරිත නිරූපණයක් කරන්න තියෙන අවස්ථාවක්. ඒත් එක්කම මේ චරිතය කරද්දි දෙබස් නැති වුණත් භාව ප්‍රකාශනය සහ අනිත් හැම දෙයක් ගැනම හිතන්න මම ගොඩක් පෙළඹුණා.
ITN නාලිකාවේ විකාශ වෙනවා "පාරාදීසේ " ටෙලි නාට්‍යය. ඒකෙත් රූපගත කිරීම් කෙරෙනවා. ඒ වගේම මගේ අලුත් චිත්‍රපටිය තිරගත වෙනවා ජනවාරි 3 වෙනිදා, "රෝස ආදරේ’’. ඒ වගේම අලුත් වැඩකටත් ලෑස්ති වෙනවා. මේ දවස්වල ගොඩක් නත්තල් වැඩසටහන්වලට තමයි එකතු වෙලා ඉන්නෙ. එහෙම තමා කාලේ ගත වෙන්නේ.
හරිම සතුටුයි. මේක පහසුවෙන් ආපු ගමනක් නෙවෙයි. ගොඩක් මහන්සි වෙලා කැප කිරීම් ගොඩක් කරලා, මානසිකව බිඳ වැටීම් වුණ අවස්ථා ගොඩක් එක්ක ආවෙ. ඒ හැම තැනකදිම අතාරින් නැතුව ආපු ගමනක් මේ. අද ඉන්න තැනට එන්න මගෙ වටේ හිටපු, මගේ පවුලේ කට්ටිය, මගේ යාළුවෝ මේ හැමෝම මට උදව් කරලා තියෙනවා. ඒක ගැන හරි සතුටුයි.
හැම කාලෙකදිම අලුත් අය ක්ෂේත්‍රයට එනවා. මමත් එක්තරා කාලෙකදි අලුතෙන් ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. අපි හැමෝම එක තැනකදි මේ ක්ෂේත්‍රයට අලුත්. ඊට පස්සේ අපි අත්දැකීම් එක්ක තමයි ඉස්සරහට යන්නේ. අලුතෙන් එන අය හරියට අපි කරන රැකියාව වටහා ගෙන ඒකට සීයට සීයක් නෙවෙයි සීයට දාහක්ම ඒ කැපවීම දීලා තමන්ගේ වැඩේ කරන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් විතරක්ම නෙවෙයි තව යැපෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අයගෙ රැකියාවන් පවා සමහරක් වෙලාවට රඳා පවතින්නේ නළු නිළියන් මත. ඒ නිසා හරියට අපේ රැකියාව වටහා ගෙන කැපවීමෙන් ඒක කරන්න ඕනේ. මොකද ඒක හැමෝටම හම්බෙන අවස්ථාවක් නෙවෙයි. මේක හරි ලස්සන රැකියාවක්.
ඒකත් එක්තරා විදිහක අභියෝගයක්. මොකද බබා තාම චූටියි සහ එයාගෙත් මේ ගෙවෙන්නේ ලස්සනම කාලේ. ඉතින් සමහර වෙලාවට මම ගොඩක් කාර්යබහුල වුණාම එයාවත් මිස් වෙන වෙලාවල් තියෙනවා. එයා දැන් ප්‍රී ස්කූල් යන්න පටන් අරන් තියෙනවා. ඒ එක්ක තවත් වගකීම් වැඩියි. නමුත් මට ලොකුම සහයෝගයක් සාරංගගෙන් ලැබෙනවා. එයා මට නිදහස දීලා තියෙනවා මගේ වැඩ කරන ගමන් ගෙදර වැඩත් බලාගන්න. කිසිම වෙලාවක එයා මාව හිරකරලා නැහැ. ඒකත් එක්කම ගෙදරින්, මගෙ පවුලේ කට්ටියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හින්දම තමයි මේ විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ.
අපි සාමාන්‍යයෙන් නත්තල් දවසේ ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙනවා අම්මලගෙ ගෙදරට. එකතු වෙලා තෑගි බෝග බෙදා හදා ගෙන, කාලා බීලා ඉතින් පොඩ්ඩක් සතුටු වෙන දවසක්. මෙදා පාර නම් හැමෝම වගේ හරිම කාර්යබහුලයි. ඇත්තටම කිව්වොත් මම නම් තාම තෑගි බෝග ගන්න තියා හිතලවත් නැහැ. දැන් නත්තලට දවසක් තියලා තමයි මම ඒ දේවල් කරන්න ඉන්නේ. මොකද මේ ටිකේ පොඩ්ඩක් රූපගත කිරීම් සහ විවිධ නත්තල් වැඩසටහන් නිසා ටිකක් කාර්යබහුල වුණා. කොහොමහරි ඉතින් කට්ටිය එකතු වෙන්න තමයි බලන්නෙ.
එයා නම් හරි ආසයි නත්තලට. එයාට තාම ලොකුවට අදහසක් නැහැ නත්තල ගැන. ඒත් එයා දන්නවා නත්තල් සීයා ගැන වගේම, නත්තල් ගහක් හදනවා කියලා. අපි නත්තල් ගහ හැදුවා බබත් එක්ක එකතු වෙලා. ඒත් එක්කම ළඟදි නත්තල් සීයා ආවා එයාට තෑගිත් අරගෙන එක්තරා ආයතනයකින්. දැන් ඉස්කොලෙන් නිවාඩුත් හම්බවෙලා නිසා එයා නත්තලේ සතුට විඳිමින් ඉන්නවා.
දැන් ගොඩක් වෙලාවට අපිට නත්තල කියන දේ අමතක වෙලා ඒකත් "වෙළඳ භාණ්ඩයක්" වෙලා තියෙනවා. හැබැයි සැබෑ නත්තල තියෙන්නේ එතන නෙවෙයි. අපි හරියට සැබෑ නත්තල කියන්නේ මොකක්ද කියලා දැනගෙන අනිත් දේවල් කරාට කමක් නැහැ. ජේසුතුමා කියලා තියෙන්නේ සාමයත් පතුරගෙන, අනිත් අය ගැනත් බලලා, ඒගොල්ගොන්ටත් උදව් කරගෙන, හරි සහජීවනයෙන් යන ගමනක් කියලනෙ. ඉතින් යථාර්ථය හරියට අඳුර ගෙන ඒ දේවලුත් කරගෙන ලෞකික දේවල් පස්සෙම යන්නෙ නැතුව, ඒ දේවලුත් අපි ආසාවට කරනවා තමයි. නමුත් ඒකත් එක්ක සැබෑ නත්තලේ දේවලුත් වටහා ගෙන නත්තල ගත කරන්න පුළුවන් වෙන්න කියලා තමයි කියන්නේ.
කෞශල්‍යා ලක්ෂානි
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
පුංචි තිරයේ මේ දිනවල කතාබහට ලක්වන චරිත අතරින් ප්‍රේක්‍ෂකයාට ළංවුණු රංගන ශිල්පියෙක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නත්තලට පවුලේ හැමෝම එකතු වෙනවා - දිනක්ෂි ප්‍රියසාද්