IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


පක්ෂ වනසන ජනාධිපතිවරු


ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන්නේ ජේ. ආර්.ජයවර්ධන මහතා විසින් සකසන ලද ව්‍යවස්ථාව මගිනි. ඒ අනුව 1978 පෙබරවාරි 04 දින මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස එතුමා ව්‍යවස්ථාවෙන්ම සම්මත කොට පත් වූ අතර ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූ 1982 ඔක්තෝබර් 20 දින එතුමා දෙවන වරට මෙහි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් විය. එදා මෙදා තුර ජනාධිපතිවරු බිහිවූ අතර පසුගිය සැප්තැම්බර් 22 දින නව වන විධායක ජනාධිපතිවරයා තේරි පත්විය. ප්‍රථම විධායක ජනාධිපතිවරයා විශිෂ්ඨ කෘතහස්ත ලෙස රට පාලනය කරමින් විධායක ජනාධිපති ධූරය බැබලවිය. නමුත් ඊට පසු පත් වූ සමහර ජනාධිපතිවරු ජනාධිපති ධූරය හෑල්ලුවට ලක් කරන කටයුතු සිදු කළ අතර තමන් පත් වූ පක්‍ෂයද විනාශ කළේය.
 
එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත් වූ අවස්ථා වල වුවද ලබා ගෙන ඇති ඡන්ද ප්‍රමාණය වැඩිය. ඒ අනුව කල්පනා කළ ජේ. ආර්. තම පක්‍ෂයට සදාකාලික බලයක් ලබා දීම උදෙසා සමානුජාතික ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. නමුත් ජේ. ආර්. කිසිවිටකත් සන්ධාන ගත වීමක් තුලදී එක්සත් ජාතික පක්‍ෂය පරාජය කළ හැකි යැයි සිතුවේ නැත. එය ඔහුගේ ප්‍රායෝගික දැනුමට හසු නොවූ කාරණයකි. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, සී. බී. විජේතුංග යන ජනාධිපතිවරු තම පක්‍ෂය ආරක්‍ෂා කළෝය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද දෙවරක් ජනාධිපති ධූරය දැරූ අතර ඇය හැකිතාක් පක්‍ෂය රැකගත්තාය. තම බලය ගිලිහී ගොස් වෙනත් අයෙකු පක්‍ෂයේ නායකත්වයට පත් වී පක්‍ෂය විනාශ කිරීම ඇයට පාලනය කරගත නොහැකි කාරණයක් විය. ශ්‍රී.ල.නි. පක්‍ෂයේ නායකත්වයට පත් මහින්ද රාජපක්‍ෂ මහතා දෙවරක් ජනාධිපති ධූරයට පත්විය. ඉන්පසු පවුලේ අයගේ කෑදරකම සහ බල තණ්හාව නිසා ශ්‍රී.ල.නි. පක්‍ෂය විනාශ කොට පොදුජන පෙරමුණ නමින් පක්‍ෂයක් බිහි කරන ලදී. එසේ ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ඉදිරියට පවත්වාගෙන යන ලදී. ශ්‍රී.ල.නි. පක්‍ෂයට අභියෝග කරමින් චන්ද්‍රිකා සහ විජය විසින් ශ්‍රී ලංකා මහජන පක්‍ෂය බිහි කලද එය එතරම් කල් පැවැතියේ නැත. පැරණි ශ්‍රී ලංකා පාක්‍ෂිකයන් අදත් “අත” ලකුණට ආදරය කරති. ශ්‍රී.ල.නි. පක්‍ෂය සමඟ විවිධ සන්ධාන ඇති වීම නිසා “අත” ලකුණ බුලත් කොළය, පුටුව වැනි ලකුණු වලට මාරු විය. මේ සියලු දේ කලත් ශ්‍රී.ල.නි. පක්‍ෂය ප්‍රමුඛ ජනාධිපතිවරු බිහි විය. මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී.ල.නි. පක්‍ෂය විනාශ කර පොදුජන පෙරමුණ බිහි කර ගත්තද කෙටි කලකින් ජනතාවගේ අප්‍රසාදයට පත් වූ එකම පක්‍ෂයේ වූයේ එම පක්‍ෂයයි. එයට හේතුව රාජපක්‍ෂ පවුලේ අකටයුතු සහ දූෂිතයන් රැලක් වටකර ගත් පක්‍ෂයක් වූ බැවිනි. පසුගිය ජනාධිපතිවරණයේ දී මුළු දිවයිනෙන්ම ඡන්ද 342,781 හෙවත් 2.57%ක් ලබා ගැනීම ගැන රාජපක්‍ෂ පවුල මෙන්ම පොදු ජන පෙරමුණද බලවත් සේ ලැජ්ජාවට පත්විය යුතුය. රජාපක්‍ෂ පවුල සහ දූෂිතයන් රැලක් විසින් පිහිටුවා ගත් පසුගිය රජය කාලය තුල දී ජනතා හිතවාදී කටයුතු සිදු වූයේ අල්ප වශයෙනි. දේශපාලන බල අරගල හා ජන අරගලය කැපී පෙනෙන සිදුවීම්ය. ශේෂ්ඨාධිකරණය විසින් රාජපක්‍ෂ පවුලේ තිදෙනෙකු මෙරට ආර්ථිකය විනාශ කිරීමට දායක වූ බවට තීන්දුවක් ලබා දීමද මහජනයා කැළඹීමට ලක් කලේය. ඔවුන් කොතරම් සුදනුන් වීමට සුදු රෙදි ඇද ගෙන දැගලුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනතා හිත්වල තදින් කා වැදිණි. ශ්‍රී.ල.නි. පක්‍ෂය කඩා බිද දැමීමේ ශාපයද රාජපක්‍ෂ පවුල් අත්විඳින්න සිදුවිය. ඔවුන්ගේ ශුභසාධනය උදෙසා බලය තහවුරු කර ගැනීම සඳහා පිහිටුවා ගත් පොදුජන පෙරමුණ ඉතා කෙටි කලකින් ජනතා අප්‍රසාදයට පත් වී ලක්‍ෂ 3 1/2 ක ඡන්ද ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව කටයුතු කර තිබේ. යලි පොදු ජන පෙරමුණ හෝ පොහොට්ටුව පුබුදුවා ලීමට අවම වශයෙන් වසර 10 ක් වත් ගත වේ. රාජපක්‍ෂ පවුලේ මීලඟ බලය ඇල්ලීමට සිටින නාමල් රාජපක්‍ෂ මහතාට තව වසර 10 කට වැඩි කලක් ඉවසා සිටීමට සිදු වේ.
 

කේ. බී. ගුණරත්න
හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂ


 

පක්‍ෂයක් විනාශ කල දෙවෙැනි ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාර නායක මැතිණියට ඉතා ලැදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඉතා හිතවත් අයෙකි. නමුත් ඔහු පක්‍ෂයේ නායකත්වයට පත් වූ පසු එය රැක ගැනීමට කැපකිරීමක් කළේ නැත. ඔහු පක්‍ෂය යන්නන් වාලේ යන්න ඉඩ හැර බලා සිටියේය. අද පක්‍ෂය කෑලි කිහිපයකට කැඩී සැබෑ පක්‍ෂ නායකයා කවුරුන්ද යන්න ජනතාවට සිතා ගැනීමට බැරි තත්ත්වයකට පත් වී තිබේ. පක්‍ෂ විනාශ කිරීමේ ශාපය ඔහුට ද දරුවන්ටද අත් වී හමාරය. අද ඔහු ගේ පුත්‍රයා වූ දහම් සිරිසේනට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග වැදීමට තම පියාගේ පක්‍ෂය නැත. මව්බිම ජනතා පක්‍ෂයේ පිහිට පැතීමට සිදු වී තිබේ. මෙය කොතරම් හාස්‍ය ජනකද? මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධිමතෙක් වූවා නම් ඔහුගේ දියණිය වූ චතුරිකා සිරිසේන 2020 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩතිබුණි. එසේ වූවා නම් ඇය ජය ගනු ඇත. ඒ සඳහා ඇයට වාසනාව තිබුණි. නමුත් එතුමා එයද සිදු කළේ නැත. ඊට වඩා හොඳ මුහුණුවරකින් තම පුත්‍රයා ඉදිරිපත් කිරීමට සිතුවා විය හැක. නමුත් එය එසේ සිදු නොවීය. දීලිත් ජයවීර මහතලාට මෙරට හිමිවන තැන තීරණය කිරීමට තවම කල් වැඩිය. එය කලක් ගත වනු ඇත. එය වසර 15-20 ක් විය හැක. ජනාධිපතිවරයා උසාවි කැඳවීමට බලයක් නොමැතිව ජේ. ආර්. ව්‍යවස්තාව සකස් කර තිබිණ. එසේම ජනාධිපති ධූරය වසර 6 කට කල් පිරෙන ලෙස දක්වා තිබිණ. මේවා වෙනස් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා තම වල තමා විසින්ම කපා ගන්නා ලදී. ඔහු අද ඒවායේ ඵල විපාක විදිමින් සිටී. පාස්කු ප්‍රහාරය නිසා මිලියන 100 ක වන්දියක් ගෙවන ලදී. එසේම අද තම පුත්‍රයාගේ දේශපාලන අනාගතය ගෙන යාමට ප්‍රධාන පක්‍ෂයක් නොමැත.
 
තම පක්‍ෂය දුර්වල කළතුන්වැන්නා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාය. ඔහු පත් වී කෙටි කලකින් ධූරය හැර ගියේය. පොදුජන පෙරමුණ රජයේ සිටියේ දූෂිතයින් පිරිසකි. ඔහුගේ රජයේ මැති ඇමති තනතුරු දැරීම සිදුවූයේද දූෂිත පිරිසකි. එසේම ඔහුගේ කාර්ය මණ්ඩලයද ඔහු අපහසුතාවයට සහ අප්‍රසාදයට පත්වන ලෙස කටයුතු කෙරිණ. ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය තුල ඔහු වෙත යවන ලිපි පණිවිඩ ඇමතුම් කිසිවක් ඔහු වෙත ලබා දීම පෞද්ගලික ලේකම් සුගීස්වර බංඩාර මහතා කටයුතු නොකළේය. අද ඔහු වෙනම පක්‍ෂයක් සාදා ගෙන දේශපාලනයේ නිරත වීමට උත්සාහ දරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොදු ජන පෙරමුණ නියෝජනය කලද ඔහු පක්‍ෂයේ තනතුරු දරමින් පක්‍ෂයේ පෝෂණය කලේ නැත. පක්‍ෂයේ නිර්මාතෘ වූයේ බැසිල් රාජපක්‍ෂ මහතාය. පක්‍ෂය මෙහෙයවන ලද්දේ ඔහු විසිනි. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාලයේ දී ඔහු ධූරය හැර යාම නිසා පක්‍ෂයේ දුර්වල විය. පක්‍ෂයේ බල පරාක්‍රමය බිද වැටිණ. ජනාධිපතිවරයා අගමැතිවරයා හා ප්‍රධාන කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙකුටම ගෙදර යාමට සිදු වී නිසා පක්‍ෂයේ බල කණු ඇද වැටින. ඒ නිසා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාගේ ග්‍රහණයට දුර්වල ඇමැතිවරු නතු විය. 
 
රනිල් වික්‍රමසිංහ මහාත ඔවුන්ටද අතරමං කරමින් මෙවර ජනාධිපතිවරනයට ඉදිපරිත් වී තෙවන ස්ථානයට පත් වී නොලැබිය යුතු ප්‍රතිඵලයක් ලැබීය. එය ඔහු හොදාකාරව දැන ගෙන කරන ලද්දකි. බුද්ධි අංශ තොරතුරු හොදින්ම දන්නේ ඔහුය. බුද්ධි අංශ තොරතුරු බොහෝ විට නිවැරදිය. රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී තුන්වන තැනට පත්වන බව බාලාංශ ළමයකු පවා දන්නා දෙයක් වී තිබිණ. නැවත තරගය අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතරය.
 
පක්‍ෂයක් නන්තත්තාර කළ අනෙක් ජනාධිපති වරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු නිසා එක්සත් ජාතික පක්‍ෂයත්, කොළ පාටත්, අලියාත් අද දක්නට නැත. එක්සත් ජාතික පක්‍ෂයට වසර 30 කින්  ජනාධිපතිවරයෙක් බිහි කර ගැනීමට නොහැකි විය. අවසන් වරට 1993 දී ඩී. බී. විජේතුංග මහතා ජනාධිපතිධූරයට පත් වූ එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසිදුව තරග කොට ජනාධිපතිවරයකු බිහි කර ගැනීමට නොහැකි විය. 2010, 2015,2024 යන ජනාධිපතිවරණ වල දී කොළ පාටවත් අලියාවත් එක්සත්ජාතික පක්‍ෂයවත් දක්නට නොලැබිණ. නූතන තරුණ පරම්පරාවටද එය දැක ගත නොහැකි තත්වයට පත් වී ඇත. ඔවුන් පක්‍ෂයේ ක්‍රියාකාරිත්වය හරිහැට නොදනී. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ විනාශය ආරම්භ කළේ  තරුණ පෙරමුණ විනාශ කිරීමෙන්ය. අද බාල යොවුන් පෙරමුණක් ඇති කල නිසා පක්‍ෂයේ දෙවෙනි පෙළ නායකත්වය අහිමි විය. 
 
ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ඩඩ්ලි සේනානායක මහත්වරු 70 දශකයේ තරුණ පෙරමුණ බිහි කළේ එක්සත් ජාතික පක්‍ෂයේ දෙවෙනි පෙළ නායකයන් බිහිකොට පක්‍ෂය පවත්වාගෙන යාමටය. නමුත් එය අහෝසි වී යොවුන් පෙරමුණක් පැමිණි නිසා ලංකාව පුරා විහිදී සිටී. දෙවන පෙළ නායකත්වය පක්‍ෂයට අහිමි විය. 
 
රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පක්‍ෂයද විනාශ කිරීමට මෑත කාලයේ පක්‍ෂයේ ඉහල නිලතල දරන අය වගකිව යුතුය. ඔවුන් ජනාධිපති උපදේශකයන් කිරීම නිසා ඔවුන් සිටියේ ජනතාවගෙන් ඈත්ව වෙනම මනෝ ලෝකකය. ජනතා ප්‍රශ්න වලට ඔවුන් සවන් දුන්නේ නැත. ජනතාවගේ දුරකථන ඇමතුමකටවත් උපදේශකවරු සවන් දුන්නේ නැත. හැමදාම රජමගුල් කියා ඔවුන් සිතුවේය. වජිර අබේවර්ධන මහතා ඡන්ද ලක්‍ෂ 100ක් ලබා ලෝකයේ හොඳම ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වන බවට කටමැත දෙඩවිය. අද ඔහු ගලේ පහරපු බලලෙකු තත්වයට පත්විය. ඡන්ද ලක්‍ෂ 100 තියා ලක්‍ෂ 25 වත් ලබා ගැනීමට නොහැකි විය. 
 
මෙවැනි බොරු උජාරු කථා වලින් රවටන ලද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ දී විශ්‍රාම ගත්තා නම් වඩා හොඳය. ජේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විජේතුංග වැනි ජනාධිපතිවරු කලේ එයයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයද ඔහුගේ පරාජයට වගකිව යුතුය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පටන් සිටි කාර්ය මණ්ඩලයද වගකිව යුතුය. රනිල් වික්‍රඹසිංහ මහතා උපදේශකවරු, අධ්‍යක්‍ෂ ජනරාල්වරු, අධ්‍යක්‍ෂවරු107 පත් කර ගත්තේ කුමන පදනමකටද යන්න ජුගුප්සා ජනකය. ජනාධිපති ලේකම්වරයාට මෙය වැළැක්වීමට ඉඩ තිබිණ. රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ බුද්ධියක් තිබූ අතර මෙවැනි අය පත් කිරීමට අවශ්‍ය නොවේ. හැම දෙයකටම උපදේශකයකි. ඒ විතරක් නොව මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂකවරු එක් එක් විෂයට එකා බැගිනි. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය නව මාධ්‍ය පැරණි මාධ්‍ය වශයෙන් විහිළු සපයන අධ්‍යක්‍ෂවරුන්ය. ජනතාව නිසි පාඩමක් උගන්වා ඇත්තේ එහෙයිනි. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පාක්‍ෂිකයන් මේ තනතුරු වලට පත් කර ගත්තා නම් වරදක් නැත. ඒ පාක්‍ෂිකයන්ට සැලකුවා යැයි සිතිහ යැක. 
 
මෙලෝ රහක් නැති අධ්‍යක්‍ෂ ජනරාල්, අධ්‍යක්‍ෂ හා උපදේශකයන්ලාය. මෙවැනි වැඩ නිසා රටක් ඉතුරු වෙයිද? රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂය කල විනාශය ඔහුට ශාපයක් ලෙස පාරා වළල්ලක් ලෙස එනු ඇත. ඔහු යලි කිසිදා ජනාධිපතිධූරයකට පත් වන්නේ නැත. එක්සත් ජාතික පක්‍ෂයේ යලි ගොඩ නැගීමට දක්‍ෂයෙක්ද පේන තෙක් මානයේ නැත. පක්‍ෂය පුබුදුවාලීමට සිටි පුද්ගලයා අද අප අතර නැත. මුළු රටේම ආදරය දිනාගත් පාලිත තෙවරප්පෙරුම මහතා වගේ අයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් වූවා නම් ගැමි සුවඳ හඳුනන චාම් ගුණ ගරුක ජනතාවට ලැදි අයෙකු නිසා පක්‍ෂය සක්‍රීය කර ගැනීමට තිබුණි. එය පක්‍ෂයේ අවාසනාවයි. 
 
යලි පක්‍ෂය ගොඩ ගන්න හැකි වේ දැයි දැන්ම අනාවැකි කිව නොහැක. ජේ. ආර්. ජයවර්ධන මහතා මිය යෑමට කලකට පෙර එතුමා සමඟ සුහද පිළිසඳරක යෙදී සිටින අවස්ථාවක මා සමඟ ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කවදා හෝ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වන බවත් ඉන් පසු පක්‍ෂයේ විනාශය වන බවත්, යලි පක්‍ෂය ගොඩනැගීමට දීර්ඝ කාලයක් ගත බව බවත්ය. එතුමාගේ කටේ රත්තරන් දැමිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා එය අද අපේ දෑස් ඉදිරිපිට ඔප්පු කර පෙන්නා ඇත.
 
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මේවායින් පාඩම් ඉගෙන ගත යුතුය. ජාතික ජන බලවේගයටද මෙම කරුණු තේරුම් ගැනීම වටිනේය. වර්තමාන ජනාධිපතිවරයාගේ අභිප්‍රාය මුළු රටම එක මිටට ගැනීමය. ඔහු ජනාධිපතිවිය. ඔහු පාර්ලිමේන්තුව විසිරුවා ඇත. පලාත් පාලන ඡන්ද පැවැත්වීමට කටයුතු කරයි. අනතුරුව පළාත් සභා මැතිවරණය පැමිණේ. 
 
මුළු රටේම පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීම ඔහුගේ අරමුණ වේ. නමුත් රුපියල් බිලියන 33ක් වැයවනු ඇත. එය වත්මන් රටේ ආර්ථිකයට පීඩනයක් එල්ල කරනු ඇත. එසේම පාර්ලිමේන්තු මැතිවරණයේන ජාතික ජන බලවේගයට 2/3ක් බලයක් එනම් ආසන 150 ක් ලැබේ යැයි මම විශ්වාස නොකරමි. මගේ ඇස්තමේන්තුවට එය ආසන 120-130 අතර ප්‍රමාණයකි. 
 
සමගි ජන බලවේගයට ආසන 60-65 පමණ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ තම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනට ආසන 18-20 අතර ප්‍රමාණයකි. ජනතාව ඡන්ද පාවිච්චි කරන ප්‍රතිශතය මෙවර පහල යනු ඇත. එබැවින් අනුර කුමාර දිසානායක මහතාට රටට පොරොන්දු වූ දේවල් ඉටු කිරීමට ගමන් ගත යුතු මාර්ග කම්කටොළු රැසකින් යුත් අභියෝගාත්මක එකක් විය හැක. විශේෂයෙන් පනත් සම්මත කර ගැනීමට වෙනත් පක්‍ෂවල සහය ලබා ගත යුතු වේ. එබැවින් ඒ මහතාට ඉතා කල්පනාකාරීව ජනාධිපති ධූරය හෙබවිය යුතුව ඇත.
 

ප්‍රගීත් සම්පත් කරුණාතිලක



අදහස් (0)

පක්ෂ වනසන ජනාධිපතිවරු

ඔබේ අදහස් එවන්න

Recommended News

මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 12 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 14 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva
2024 ඔක්තෝබර් මස 24 10 0

පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.


පක්ෂ වනසන ජනාධිපතිවරු
2024 ඔක්තෝබර් මස 23 81 0

ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන්නේ ජේ. ආර්.ජයවර්ධන මහතා විසින් සකසන ලද ව්‍යවස්ථාව මගිනි.


ඇමති මඩුල්ලට ගිය ලක් වනිතාවෝ
2024 ඔක්තෝබර් මස 23 76 0

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කළද එය තවමත් අසම්පූර්ණ ය. සමාජයෙහි සාම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ සහ ධනේශ්වරවාදී ලක්ෂණ මුල්බැසගෙන ත


එදා මෙදා තුර ලෝක දේශපාලනයේ කාන්තා අගමැති භූමිකා
2024 ඔක්තෝබර් මස 22 73 0

පිරිමින් පමණක් අගමැතිකම් දරමින් සිටි ලෝකයක එය වෙනස් කරමින්, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ලෝක දේශපාලන කරළියට අවතීර්ණ වූ පළමු කාන්තාව වන්නේ අප ශ්‍රී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site