IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පන්සිළු වුණත් පෙම් කරනව රෝහණට


ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය
සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ගීයෙන් ගීය හැමෙකම මන මෝහනය
අප දුටු මියැසි විස්මිතයා රෝහණය

හේවුඩ් එකෙන් වැටුණේ නිසි පාදමය
එය මුල් පියවරයි ගමනක යෝධමය
ඉන්පසු කොතෙක් වැඩ කෙරුවද නාදමය
එනිසයි හිමිවුණේ දිවියක් සාදමය 

ගීයෙන් ගීය කිව නොහැකිය ගී තොගය
කිව යුතු එහැම අතිශය මනරම් වගය
ඔහු දුන් බැවින් ඒ හැමටම නිසි අගය
ඒවා සදාකල් අප දෙසවන් ළඟය 

දිගු ගමනක්ය ඔහු සිනමාවෙත් ආවේ
අද වනතුරුත් නෑ නිමවී එම සේවේ
ඒ හැම වැඩක තිබුණේ නිති රසබාවේ
රඟපෑ අයුරු ස්වර හතකින් සිනමාවේ

රේඛාවලින් අරඹා ටෙලිවල ගමන
සිය ගණනක්ය කළ වැඩ ගැන්නොත් පමණ
ඒ හැමෙකින්ම රෝහණ සුවඳකි හමන
හැකියාවක්ද නොදනිමි මෙය නම් කුමන

නාවත් වේදිකාවට පෙර තරම් අද
අමතක නොවන වැඩ ඇත එහි කරන ලද
රසිකාගාරයට එහිදී ඇසුණු නද
ඉඳහිට අදත් ඇසුණොත් නම් තමයි හොඳ

දැන් ගී ගැයීමට ඔහු ගැහුවත් පස්ස
ඒ හඬ ඇසීමයි අප හැමගෙම රිස්ස
ඇත ගීතයක් හදවත පතුලට බැස්ස
මත'කැති ඔබට මුතුකුඩ ඉහිලන වැස්ස

ගී තනු වගෙම ගැයුමෙත් අමමිහිර පෙරේ
නොදැනිම ඔහුගෙ හඬ වෙත අපෙ සවන හැරේ
නැටුවා බඹරු අඹ මල් වට සැඳෑකරේ
ගීයෙන් දෙකෙන් ගොළු කරගෙන කිමද ස්වරේ

සරිගම පවා අවනත කරගෙන අණට
ස්වර ගැළපුවේ නිතරම ඔහු නිසි තැනට
ඇහුණොත් ඔහුගෙ සංගීතය හෙම කනට
පන්සිළු වුණත් පෙම් කරනව රෝහණට

අද වනතුරා මොහොතේ සිට කන වැකුණ
කිසි දින කිසිවිටෙක ඒ ගී නොම මැකුණ
හැම දා ගලේ කෙටුුවා වාගේ රැකුණ 
අඩසියවසක රෝහණමය ස්වර ලකුණ

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

පන්සිළු වුණත් පෙම් කරනව රෝහණට

ඔබේ අදහස් එවන්න

Recommended News

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 18 23 0

ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම


සජබ ගමන් මග
2024 දෙසැම්බර් මස 18 33 0

ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව


කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව
2024 දෙසැම්බර් මස 18 22 0

පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.


මැතිසබෙන් රස කතා
2024 දෙසැම්බර් මස 18 49 0

චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 12 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 15 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21402 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13862 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 1 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 333 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site