IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva


පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.

සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එක්වූ ඇය නමින් මියෝනා ද සිල්වා  

  • මියෝනා ගැන මේ දිනවල කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණය හිරිපොද වැස්ස ගැන මුලින්ම කතා කරමුද? 

ඇත්තටම මං හිතුවෙවත් නැති බලාපොරොත්තු නොවුණු විදියට හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ මං රංගනයෙන් දායක වන ආත්මි චරිතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම ඒ ගැන සඳහන් කරන්න ඕනෑ. හරිම සතුටින් තමයි මම ඒ රංගනය කරගෙන යන්නෙ.

  • මේ මියෝනාගේ පළමු ටෙලි රංගනයද?

නැහැ, මේ මම සම්බන්ධ වුණු දෙවන ටෙලි නිර්මාණය. නමුත් හිරිපොද වැස්ස තමයි මුලින්ම විකාශය සිද්ධවුණේ.

  • කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ?

මේ නිර්මාණයට මම සම්බන්ධ වෙන්නෙ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහත්මයා හරහා. ඒකට හේතුව මම පසුගිය වසරෙ චන්දිමාල් ජයසිංහගෙ CJ අවුරුදු කුමරිය තරගයෙන් ජයග්‍රහණය  ලබාගත්තා. එතැනින් පසුව තමයි හිරිපොද වැස්ස නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඔහුගේ නිර්මාණයට මාව සම්බන්ධ කරන්න චන්දිමාල් ජයසිංහට කතා කරලා තියෙන්නෙ. 

ඉතින් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න මුලින් ආරාධනා කරන්නෙ චන්දිමාල් ජයසිංහ මහත්මයා. ඔහු තමයි කියන්නෙ මේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ වැඩක් කියන දේ. ඇත්තටම මම ඒ  අධ්‍යක්ෂවරයාගේ ‘‘ගිරිදේවි’’  නාට්‍ය මුල සිටම නරඹපු කෙනෙක්. ඒ හරිම රසවත් නිර්මාණයක්. ඒ නිසාම දෙවරක් හිතන්නෙ නැතිව තමයි මම ඔහුගේ මේ  නිර්මාණයට සම්බන්ධ වුණේ. ඇත්තටම මම රංගනයට විශේෂ කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් නිසා මේ රංගනයට දායකවීමට ප්‍රධානම හේතුව වුණේ. 

  • මේ චරිතය ගැන මියෝනාට මොකද හිතෙන්නෙ?

මේ රංගනය තුළ තියෙන්නේ අක්කා කෙනෙක් මල්ලි කෙනෙක්ට ආදරය කරන සිදුවීමක්. ඉතින් අද වෙද්දි මේ රංගනයට  ගොඩක් දෙනෙක් කැමතියි සහ ඒ රංගනයට  ආදරේ කරන වෙනම රසික පිරිසක් ඉන්නවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාරවලින්.  

  •  අක්කා - මල්ලි ආදර කතා අද සමාජයේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.  මියෝනාට ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තම කියනවනම් ඒ සංකල්පයට මුලින් මම හරිම විරුද්ධයි. නමුත් මේ චරිත රංගනයත් එක්ක  ඒ දේට විරුද්ධ  වෙන්න කිසිම අයිතියක් නැහැ  කියලා මට හිතුණා. 

මොකද ඒක තමන්ගේ කැමැත්තනෙ. ඉතින් දැන් අක්කා-මල්ලි සම්බන්ධතාවක් දැක්කොත් මම ඒ දේට විරුද්ධ නැහැ.

  • මියෝනාට එහෙම අත්දැකීම් නැද්ද? 

අනේ නැහැ. ඒත් මේ චරිත රංගනයත් එක්ක මට මල්ලිලාගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් නම් මේ වෙද්දි ලැබෙනවා. හරි ලස්සන මල්ලිලා ටිකක් මට සමාජ මාධ්‍යයේ හොඳ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ ආදරේට මමත් හරිම ආදරෙයි. 

  • ටික් ටොක් මාධ්‍ය තුළත් මියෝනා ගොඩක් ජනප්‍රියයි නේද?

සමාජ මාධ්‍ය ගත්තම මම 2017වසරේ තමයි වික්ටොක්වලට සම්බන්ධ වුණේ. කොහොමත් මම කලා ක්ෂේත්‍රයට  අලුත් නැහැ. නිරූපණ අංශයේ නියැළිලා හිටියා. ඒ තුළිනුත් මාව හඳුනගෙන හිටියා යම් පිරිසක්. ඒ වගේම මම CJ අවුරුදු කුමරිය තරගාවලියට පෙර වෙනුර කවිඳුගෙ ලුන්ගි ක්වීන් තරගාවලියෙනුත් ජයග්‍රහණය කළා.  ඒ  තුළිනුත් මට රසික පිරිසක් එකතු වුණා.  ඒ විඩියෝ බොහෝ දෙනෙක් නරඹලා තිබුණා. ඒ හැමදේමත් එක්ක මෑතකදී රංගනයට සම්බන්ධවීමත් එක්ක තමයි ගොඩක්ම ප්‍රතිචාර ලබාගන්න හැකිවුණේ. 

  • මියෝනා පාසල් කාලෙත් රංගනයට සම්බන්ධවෙලා හිටියද?

ඔව්, මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට දක්ෂතා තිබුණා. ඒ තුළින් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. මම පාසල් ගියේ මහනුවර නාලන්දා බෞද්ධ විද්‍යාලයට. පාසලේත් වේදිකා නාට්‍ය එහෙම  කළා.   ඒ වගේම හැම වසරකම අස්ගිරිය පන්සලේ සිංහල කලා සාහිත්‍ය උත්සවයෙ මගේ රංගනයක් හෝ නර්ථනයක් අනිවාර් යෙන්ම තිබුණා. ඒ විදියට ඉතින් කලාව එක්ක ඒ කාලෙත් එකතුවෙලා හිටියා.

  • මේ ලබාගෙන තියෙන ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය එක්ක කලාව තුළ වෘත්තීය වශයෙන් රැඳෙන්නද  බලාපොරොත්තුව?

තවම මට අවුරුදු 21යි. ඒ වයස ඇතුළත මේ ආපු ගමන ගැන සතුටුයි. කලාව තුළ ඉදිරියටත් ලස්සන ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. නමුත් මම තවම ඉගෙන ගන්නවා. ඒත් එක්ක මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ සියලු දේ සමබර කරගෙන කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න තමයි අරමුණ තියෙන්නෙ.

  • මේ සියලු දේට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි. ඒ ගොල්ලො හරිම සතුටුයි මගේ රංගන හැකියාව සම්බන්ධයෙන්. ඉතින් ඒ හැමෝම මට මේ ගමනට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.


  ධනු විජේරත්න

  රුෂිරු කොළඹතන්ත්‍රිගේ


 

 



අදහස් (0)

ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva

ඔබේ අදහස් එවන්න

Recommended News

මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගන දිවියට අත්පොත තැබූ ඔහුට සිනමාවේ දො


’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 24 13 0

පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ නැහැ.


ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva
2024 ඔක්තෝබර් මස 24 10 0

පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.


පක්ෂ වනසන ජනාධිපතිවරු
2024 ඔක්තෝබර් මස 23 76 0

ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන්නේ ජේ. ආර්.ජයවර්ධන මහතා විසින් සකසන ලද ව්‍යවස්ථාව මගිනි.


ඇමති මඩුල්ලට ගිය ලක් වනිතාවෝ
2024 ඔක්තෝබර් මස 23 74 0

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කළද එය තවමත් අසම්පූර්ණ ය. සමාජයෙහි සාම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ සහ ධනේශ්වරවාදී ලක්ෂණ මුල්බැසගෙන ත


එදා මෙදා තුර ලෝක දේශපාලනයේ කාන්තා අගමැති භූමිකා
2024 ඔක්තෝබර් මස 22 73 0

පිරිමින් පමණක් අගමැතිකම් දරමින් සිටි ලෝකයක එය වෙනස් කරමින්, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ලෝක දේශපාලන කරළියට අවතීර්ණ වූ පළමු කාන්තාව වන්නේ අප ශ්‍රී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site