IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


පිනි රාණි - ගයත්‍රි ඩයස්


ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ  රංගන ශිල්පිනියක් පමණක් නොවේ. ඇය රූ රැජිනකි. වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකි. රූපලාවණ්‍ය ශිල්පිනියකි. උදාර ගීතය  නම් වූ අලුත් අවුරුදු ටෙලි නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ටෙලි නාට්‍ය පනහක පමණ ද, චිත්‍රපටි විස්සකට ආසන්න සංඛ්‍යාවක ද රඟ පා තිබේ.

“රඟ පෑව හැම චරිතයකටම මම කැමතියි.. ඒ වගේම ඒවා කවදාවත් අමතක වෙන්නෙත් නෑ.. ඒත් දැන් අවුරුදු කීපයකට ඉස්සර ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණ පිනි ටෙලි නාට්‍යයෙ රාණි චරිතයට මම හුඟක් කැමතියි..”

ටෙලි මතක වෙනුවෙන් සංවාදයට එක් වෙමින් ගයාත්‍රි ඩයස් පැවසුවාය.

පිනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ලද්දේ ශාන්ත සොයිසාය. එය මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයකි.

“ඊට ඉස්සර වෙලත් ශාන්ත සොයිසගෙ පබලු, ජීවිතේ ඇති තුරා ටෙලි නාට්‍යවල මම රඟ පෑවා.. ඒ ටෙලි නාට්‍යවලත් මට ලැබුණෙ වෙනස්ම ආකාරයේ චරිත...” ඇය කීවාය.

පිනි මුහුදුකරයේ පැල්පත් වත්තක් පසුබිම් කරගෙන නිර්මාණය වූ කතාන්දරයකි. දෙහිවල රේල් පාර ආසන්නයේ ඇති එවන් වත්තක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා යොදා ගනු ලැබිණි.

“මම රඟ පෑව චරිතයේ නම රාණි.. කට සැර ගෑනියෙකුගෙ චරිතයක්.. සැමියා හිරේ ගිහින්.. දුවත් එක්ක තමයි පැල්පත් නිවසේ ජීවත් වෙන්නෙ.. සම්පතා කියන මනුස්සයා නිතරම ගෙදරට යනවා එනවා.. රාණිගෙයි සම්පතාගෙයි සම්බන්ධයක් තිබ්බත් ඇය ලෝකයට අඟවන්නෙ තමන් පත්තිනි අම්මා වගේ පිවිතුරු කෙනෙක් බවයි.. ඉතින් දුව ඇනුම් පද කියනවා.. ඇත්තටම මම මේක හරිම ආසාවෙන් රඟ පෑව චරිතයක්..” රාණි චරිතය විස්තර කරමින් ගයාත්‍රි පැවසුවාය.

“ඒ වගේ චරිතෙකට හැඩ ගැහෙන එක අමාරු වුණේ නැද්ද..?” මම ඇසීමි.

“නෑ.. චරිතයක් ලැබුණම මම ඒ ගැන අධ්‍යයනය කරනවා.. ඊට පස්සෙ හැඩ ගැහෙන එක අමාරු දෙයක් නෙමෙයි.. පිනි ටෙලි නාට්‍යය අතරතුරේ අපිත් හිටියෙ ගමේම අය විදියට තමයි.. අඳින පලඳින විදිය, කතා කරන විදිය හින්දා මමත් වත්තෙම  කාන්තාවක් කියලා හුඟක් අය හිතුවා.. ඉස්සරහට හම්බ වුණාම ආ කොහොමද කියලා කතා කරන්න තරමට වත්තෙ මිනිස්සු අපිට සමීප වුණා.. කඩේ ළඟ කරපු දර්ශනවලදිනම් වෙනසක් දැනුණෙම නෑ.. එක දවසක් කෙනෙක් ඇවිත් මගෙන් ගෙදරකට යන පාර ඇහැව්වා.. මං දන්නෙ නෑ කිව්වම ඔයා මේ පැත්තෙ කෙනෙක් නෙමෙයි ද කියලා ඇහැව්වා.. මම මගෙ චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා කියන හැඟීම මට දැනුණෙ ඒ වෙලාවෙ තමයි.. එයා මගෙන් පාර ඇහැව්වෙ මමත් ඒ වත්තෙ කෙනෙක් කියලා හිතාගෙනනෙ..” ගයාත්‍රි  කීවාය.

ඕනෑම නිර්මාණයක් සාර්ථක වෙන්නේ එයට දායක වන සියල්ලන්ගේම ඇපකැප වීම මතය.  කතා තේමාව ප්‍රබල වීමෙන් විය යුතුය. කොටින්ම කියන්නේ නම් සාමූහික වගකීම පිළිබඳ හැඟීම තදින්ම සිතට කාවද්දා නොගතහොත් බිහි වන්නේ දුර්වල නිර්මාණයකි.  ප්‍රේක්ෂකයෝ එවන් නිර්මාණ කෙරෙහි කලකිරෙති. පිනි ටෙලි නාට්‍යය සාර්ථක වූයේ සාර්ථකත්වයට අවශ්‍ය මූලික කාරණා සියල්ලම සම්පූර්ණ කර තිබූ නිසාය.

“ඇත්තටම මගෙ චරිතය සාර්ථක කර ගන්න ශාන්ත සොයිසා ඇතුළු හැම දෙනාම විතරක් නෙමෙයි තිර රචනය ලියපු මහේෂ් රත්සර පවා ලොකු සහයෝගයක් දුන්නා.. ඒකට හැම දෙනාටම ස්තුති කරන්න ඕන..” ඇය පැවසුවාය.

ප්‍රේක්ෂකයන්ගෙන් රාණිට ලැබුණේ බොහෝ සුබවාදී ප්‍රතිචාරයන්ය. ටෙලි නාට්‍යය විකාශය වෙන කාලයේ ගයාත්‍රි උත්සවයකට සහභාගි වීම සඳහා ඉතාලියට ගියාය. එහිදී හමු වූ මැදි වියේ මහත්මයෙකු කීවේ ඔහු ඒ චරිතය සහිත දර්ශන බොහෝ වාරයක් නරඹන බවය.

නයනමිණ ද තමාට අමතක නොවන නිර්මාණයක් බැව් ගයාත්‍රි ඩයස් පැවසුවාය. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, එඩ්නා සුගතපාල වැනි ප්‍රවීන නළුනිළියන් සමඟ රඟ පාන්නට ලැබීම ඇයට දැනුණේ සිහිනයක් පරිද්දෙනි.

“මම ඒ කාලෙ බයිසිකල් පදින්න දැනගෙන හිටියෙ නෑ.. ඒත් ඒ චරිතයේ විදියට බයිසිකල් පදින්නම ඕන.. මම දර්ශන තලය තිබුණ බංගලාව වටේට යාන්තම් කකුල බිම තියතියා පැදලා පුරුදු වුණා.. ඒත් මම දැනගෙන හිටියෙ නෑ කන්දකින් පහළට බයිසිකලේ පැදගෙන එනකොට බ්‍රේක් අල්ලාගෙන එන්න ඕන කියලා.. මොකද මම තනියමනෙ පුරුදු වුණේ..”

ගයාත්‍රි සිනාසෙමින් කියද්දී මා ඕනෑකමින් සවන් දුන්නේ එය රසවත් සිදු වීමක් බැව් දැනුණ නිසාය.

එම දර්ශනයේදී ඇය විසින් කළ යුතුව තිබුණේ කඳු පාරක පහළට බයිසිකලය පැදගෙන ඒමය. තමා ගැන ලොකු විශ්වාසයකින් සිටි ඇය එයට කැමති වූවාය.  ඇගේ කෝඩුකාර බව දැන සිටි නිසා ජෝ අබේවික්‍රම නම් එයට විරුද්ධත්වය පෑවේය.

“මට හිතුණා තැනිතලාවේ බයිසිකල් පදිනවට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා.. දැන් මම වේගෙන් පහළට එනවා.. බයිසිකලේ පාලනය කර ගන්නෙ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නෑ.. මම දැන ගත්තා අනතුරක් අත ළඟ කියලා.. කෝකටත් සුදානම් සරීරේ කියලා කකුල් දෙකත් උඩට ගත්තා.. පහළ හිටිය කැමරාමන්ටත් ඒක දැනිලා කැමරාවත් අරන් අයින් වුණා.. මම බයිසිකලේ එක්කම පෙරළිලා සෑහෙන්න තුවාල වුණා.. ඒත් ඉතින් එහෙම තුවාල තියාගෙනත් තව දර්ශන දෙකතුනක රඟ පෑවා..”

ඇය කියාගෙන ගියේ නොනවත්වාම සිනාසෙමිනි. ඇගේ එඩිතර බව වෙනුවෙන් ජෝ අබේවික්‍රමගෙන් පැසසුම් ද ලැබූ බැව් ඇය කීවේ කෘතවේදීවය.  

මකර විජිතය ටෙලි නාට්‍යය ද ඇගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. ඇයට චන්න පෙරේරා හැඳින ගන්නට ඉඩ ලැබුණේ එහිදීය.

“ඇත්තටම ඒ කාලේ ක්ෂේත්‍රයට ආව අපි හරි වාසනාවන්තයි.. නිර්මාණයකදී අපි හැමෝම එකම කණ්ඩායමක් විදියට හිටියෙ.. අපි හැමෝම එකතු වෙලා විනෝද වුණා.. ගංගා ඇළදොළවලින් නෑවා.. අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා..”

ඇය කියද්දී අද නළුනිළියන්ගේ ඒ සාමූහිකත්වය නැතැයි ඉඟිය එවදන් තුළ ඇතැයි මට සිතිණි.




 චන්දි කොඩිකාර


 



අදහස් (0)

පිනි රාණි - ගයත්‍රි ඩයස්

ඔබේ අදහස් එවන්න

Recommended News

පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 19 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මම බැන්දේ නැහැ , ඒක ෆොටෝ ෂූට් එකක් - දමින්ද නන්දරත්න
2025 පෙබරවාරි මස 26 28 0

වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමා


පිනි රාණි - ගයත්‍රි ඩයස්
2025 පෙබරවාරි මස 26 32 0

ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.


පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා
2025 පෙබරවාරි මස 26 35 0

පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.


ගල්ගුහාවක වෙසෙන මිනිහෙක්
2025 පෙබරවාරි මස 26 98 0

ආදි මානවයා දිවි ගෙවූයේ කැලෑවේ තිබූ ගල් ගුහාවල ය. එහෙත් මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමගම මිනිස්සු ගල් ලෙන් වලින් නිවාස වෙත සංක්‍රමණය වන්නට පටන් ගත්හ.


සක්විති මහාරාවණයන් ගේ “සැඳෑ අංගණය” නමින් බිඳී වහරට එක්ව ඇති “හඳඟනාව”
2025 පෙබරවාරි මස 26 67 0

හඳගනාව නාමය ලක් ඉතිහාසය හා එක් වන්නේ පූර්ව ඵෙතිහාසික යුගවල සිටය.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 58 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 356 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site