“ලස්සනට පිපුණු වනමල්
ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල්
ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්...”
සවනට මිහිරි සිතට සොඳුරු මේ ගීපද වැල අපි අවුරුදු 62 ක් තිස්සේ රස විඳිනවා.
මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එකම පුත්‍රයා තරංග නෙල්සන්.
මොරටුව රාවතාවත්තේ සර්වෝදය මාවතේ ඔවුන්ගේ සොඳුරු නිවහනට පිවිසෙද්දී සුන්දර තරුණයෙකු වන, තරංග මාව සාදරයෙන් පිළිගත්තා.
“මං දිග සංචාරයකට පස්සේ ළඟදි ආවෙ. තාත්තගෙ රසිකයන්ගෙ ආරාධනයට ස්වීඩන්, නෝර්වේ, එංගලන්තෙ ප්‍රසංගවලට එක්වුණා.” තරංග පැවසුවා.
තාත්තගෙ රසිකයො ඔබවත් අත අරින්නෙ නෑ වගේ.” මම කිව්වා.
ඇත්තෙන්ම මගේ වීරයත් තාත්තයි. හැබැයි එයාගෙ හැකියාවට මට කිට්ටුවෙන්නත් අමාරුයි. තාත්තා රටවල් 100 – 150 කට පමණ ප්‍රසංගවලට ගියා. ඒ රසිකයො මගෙනුත් බලාපොරොත්තු වෙන්නේ එදා ඇසුණු ගීත තමයි. ඒ කියන්නෙ තාත්තා තාම ජීවමානයි.
රංජිත් රත්නපාල සමග ස්වීඩන් ශ්‍රී ලංකා සංගමය රේණුකා මහත්මිය සමග නෝර්වේ මිතුරු සංගමය තාත්තාගේ මුල්ම ගීත මෙන්ම ජනප්‍රියම ගීත වන, “ලස්සනට පිපුණු වනමල්” තමා මුලින්ම ඉල්ලන්නෙ.
ඊළඟට ‘බයිලා වෙන්දේසිය’, ‘කාවඩි බයිලා’, ‘සොමියට වරෙන් පුතා’, ‘කුක්කු කූක් කූ’, ‘කරුණා සුවඳ තවරා’ වැනි විවිධ ගී එක දිගටම ගයන්න වෙනවා.
ඇයි නැත්තෙ. තාත්තා නිතරම කිව්වෙ ‘අනුන්ගේ ගී ගයා හඬ හදා ගත්තට පස්සෙ තමන්ගේම නිර්මාණ හදලා අනන්‍යතාව තහවුරු කර නොගත්තොත් අගයක් නෑ කියල. මට දුන්නෙත් ඒ අවවාදයමයි. මියගිය දවසට ‘තාත්තාගේ පුතා’ කියනවා මිස මා ගැන හැඟීමක් රසිකයනට නොදැනේවි කියා තාත්තා වටහා දුන්නා.
දැනට මගේම නිර්මාණ 08 ක් කරලා තියෙනවා. මෙම වසරේ ඒවා ජනගත කරන්න සැලසුම් කරනවා.
ඔව්. තාත්තගෙ පවුල් පසුබිම තුළ සංගීත කලාවට සම්බන්ධ කිසිවකු නැහැ. එයාම තමයි සංගීතය අහලා හදාරලා ගයලා, රසිකයන් පිනවූවේ. තාත්තා ඉගෙන ගත්තේ රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලේ සහ මොරටුව මහා විද්‍යාලයේ. උසස් පෙළත් සමත් වුණා.
සාහිත්‍ය සමිතියෙන් තමා තාත්තා කුසලතා දක්වන්න ඇරඹුවේ. එයා මංගල සාදයක ගී ගයනවා දැකලා පැහැදුණා පැරණි ගායන ශිල්පී ඒ.ජේ. කරීම්. එයාව බම්බලපිටියේ නිවසට කැඳවාගෙන ගියාලු. රොක්සාමි වැනි ඉහළපෙළේ සංගීතවේදීන්ට මුණගැහෙන්න අවස්ථාව ඉන් උදාවුණාලු.
මරදානේ විසූ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගෙන් තමා සංගීතය හැදෑරුවේ පාසල් කාලෙම තාත්තා ලියූ, “ලස්සනට පිපුණු වනමල්” ගීය දැකලා තනුව දැම්මෙත් චන්ද්‍රසේන මාස්ටර්. පසු කාලෙක ප්‍රවීණ ගීත රචක සරත් මුණසිංහ එම පදවැල් හොඳට සකසලා තියෙනවා. 1963 මාර්තු 31 වෙනිදා ගුවන් විදුලිය හරහා නව නිර්මාණ විකාශය වුණා. ඒ තාත්තගෙ පළමු ගීතය.
තාත්තාට ලැබෙන ප්‍රතිචාර මාව ඒ දෙසට යොමු කළා. හැමෝම තාත්තව අගයන එක පුතාවන මට කොච්චර ආඩම්බරයක්ද?
මං ගියේ දෙහිවල ශාන්ත ආනා විදුහලට. උසස් පෙළට ගියේ නුගේගොඩ ශාන්ත ජෝන්ස් කොලිජියට. ලලිත් ගුණසේකර තමයි මගේ මුල්ම සංගීත ගුරුතුමා. මං ගී ගයනවා දැකලා තාත්තා සතුටින් ඉපිලුණා.
තාත්තා ගී ලියනවා, තනු දානවා, අභ්‍යාස කරනවා, අනිත් සංගීතඥයො එයාට උදව් වෙනවා, වාද විවාද කරනවා. අන්තිමේදී අංගසම්පූර්ණ ගීයක් එළියට එනවා. එදා අද තරම් තාක්‍ෂණය දියුණු නැහැ. ඒ නිසා ගීතයක් එළියට ගන්න එක සෑහෙන අභියෝගයක්. තාත්තා තරම් ඒවාට මුහුණ දීලා කැපවුණු චරිතයක් මං දැකලා නැහැ. තමන් දිනාගත්ත ජයග්‍රහණ අලුත් පරපුරට තාත්තා කියලා දුන්නේ ගුරුමුෂ්ටියක් නොතබායි.
තාත්තගෙ ගීතවල එන අර්ථාන්විත බවට ගැළපෙන විදිහටයි එයා හදවතින්ම ජීවත් වුණේ. ‘මව් ගුණය’ සත්ව කරුණාව, සමාජ අසාධාරණය, පාරිසරික සුන්දරත්වය, මනුස්සකම, සමාජ දුර්වලතා වැනි තේමා ගැන ලියුවෙ ගැයුවෙ හදවතින්මයි.
“කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ...”
මෙම ගීතයේ රචකයා දිවංගත සරත් මුණසිංහ. එතුමා තාත්තගෙ කුලුපඟම මිතුරෙක්. පස්සෙ මීගහවෙල සුමනශාන්ත නමින් පැවිදිවුණා. කලාකරුවන්ට බොහෝ සේවාවක් කළ හිමිනමක්. උන්වහන්සේගෙ “ශ්‍රී සුමන අභයදාන සංගමය” තුළින් තාත්තත් දායක වෙලා ගව ඝාතනයට එරෙහිව ලොකු සමාජමය ව්‍යාපෘතියක් කළා. උන්වහන්සේ ලිවූ කවිපෙළක් දැකලයි තාත්තා, “කිරි දුන්නේ දරුවන්ටයි...” යන ගීය නිර්මාණය කිරීමට ඇරයුම් කළේ.
මං හිතන්නෙ තාත්තා තෝරගත්තෙ පදමාලාව. එහි වචනවල රිද්මය. ඊටම ගැළපෙන තනුව හා සංගීත නිර්මාණයන්. සේරටම වඩා තාත්තා ඊට කටහඬින් දෙන ජීවමාන බව.
තාත්තට ගී ලියූ ප්‍රවීණයන් අතර හේමසිරි හල්පිට, චන්ද්‍රදාස පෙරේරා, වර්ණන් පෙරේරා වැනි අය සිහිකළ යුතුයි. ඒ පරපුරේ අය මටත් ශක්තියත් දෙනවා. තාත්තා, බෞද්ධ දර්ශනය මූලික කරගෙන නිර්මාණය කළ කෙනෙක්. ඒ ආශීර්වාදයත් එයාට ඇති.
තාත්තා සිංහල බස හොඳින් හදාරා, ඉංග්‍රීසි හා දෙමළ භාෂා ප්‍රගුණ කළ කෙනෙක්. යතුරු ලියනය හා ලඝු ලේඛනයට දක්‍ෂයි. වැල්ලවත්තේ “පොලිටෙක්නික්” ආයතනයෙන් පාලි හා සංස්කෘත භාෂා හැදෑරුවා. ඒකයි මං කියන්නේ තාත්තා අසමසමයි කියල.
තාත්තාගේ ගීතවල අනන්‍යතාව එයයි. කිසිම ගායකයකුට එම රිද්මය අල්ලන්න අමාරුයි. “කුක්කු කූක් කූ කුකුළ හඬනවා” ගීයේ එන “පත්තරවල විස්තරවල” කියන පදවැල හා වාද බයිලා ගී වෙනසක් නැතුව එකදිගටම ගයන්න වෙනවා. එවැනි අභියෝග බාරගන්න පුළුවන් අය කී දෙනාද ඉන්නෙ?
තාත්තත් වේග රිද්මය, සරල සංගීතය, බයිලා, ශාස්ත්‍රීය සංගීතය, නව නිර්මාණ, නන්ස්ටොප්, හින්දි හා භජන් හෝ බටහිර ගීත පවා රිද්මයට අනුව ගැයුවා. මට නම් තාම ඒ කඩයිම පසුකරන්න ලැබුණේ නෑ. ගායකයකු එකම රටාවේ ගීත තෝරාගැනීම මුල්කාලයේ කරන එක සාමාන්‍ය සිරිතක්. ඒත් පරිණත වුණාට පස්සෙ තම හඬ පරාසය රැකගෙන විවිධ ශෛලීන්වලින් ගී ගැයීම සුදුසුයි කියල මාත් හිතන්නෙ.
“කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ... කාටද අද අම්මේ...”
මේ ගීතය ලිව්වේ ලාල් තේනබදුයි. තනුව තාත්තගෙ. වර්ණන් පෙරේරාත් සමග එකතුවෙලා. ඉතින් බලන්නකො තාත්තගෙ ගීත රටා පවා එකිනෙකට වෙනස් හැටි.
අම්මාගේ නම මාලි. මාගේ අම්මා සහ තාත්තා අතර තිබුණේ ඉතා ළෙන්ගතු ආදර්ශවත් සබඳතාවක්. ගෙදර කටයුතු තාත්තාට බරක් නොවන අන්දමට අම්මා බැලන්ස් කරගෙන තිබුණා. තාත්තා ප්‍රසංගවලට රටේ කොහේ ගියත් ගෙදරට අවශ්‍ය දේ ගෙනඒමටත් අම්මා සමග ආහාර වේල ගැනීමටත් අමතක කළේ නැහැ.
තාත්තට අම්මා මුලින්ම මුණගැහිලා තියෙන්නේ පිළියන්දල සංගීත සාදයකදී. අම්මා ගැන පැහැදිලා කෙළින්ම ඇයට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. තාත්තා ඒ වගේ කෙළින් කටයුතු කළ චරිතයක්. ඒ දෙදෙනාගේ බැඳියාව අපටත් ආදර්ශයක්.
ඒ ආදරයේ මතක සටහන් තමයි තාත්තා ලියා ගැයූ, “ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී...” නම් ජනප්‍රිය ගීතය.
තරංගගේ දෑසට කඳුළු පිරුණා. ඒ ඔහුගේ ලොවට එළිය දුන් හිරු සහ සඳු වුණු මව්පිය ගුණ මතක් වෙලා.
හැඟීම් දැනීම් ඇති කාහටත් ආදරය ඕනෑ. ඒක එකිනෙකාට සාපේක්‍ෂයි. ඒ අම්මා කෙනෙකුගේ ආදරය නම් පුරවන්න බැහැ.
හැබැයි අම්මා වගේම හැඟීම් දැනීම් තේරෙන කෙනෙක් මගෙ සහකාරිය වෙලා ඉන්නවා. එයා තමයි ගයනී කාංචනා. ඇයත් මගේ අවශ්‍යතා තේරුම් අරන් සංගීත කටයුතු සඳහා පූර්ණ නිදහස දීලා තියෙනවා. ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී ඉන්නවා.
“ඒ වගේම අපේ පුංචි සුරතලිය ගැන නොකියාම බැහැ...”
“ඒ කවුද?” මම විමසුවා. අපේ දෝණි. තාම පහ වසරේ ඉගෙනුම ලබනවා, ජාත්‍යන්තර පාසලක. තාත්තගෙ ගීත රැසක් එයා ලස්සනට මුමුණනවා. එයාගෙ නම කයිලි අමේලියා ඒ නම ලතින් හා ඉංග්‍රීසි භාෂා පදවලින් හැදුණේ. ඒකෙ සිංහල තේරුම ලෙස “ඉලක්කයට යන්නී” කියා ගන්න පුළුවන් ලු. තාත්තට මං විතරයි. අපට දුව විතරයි.
තරංග පුදුමයෙන් ඇහුවා.
ඇත්තෙන්ම ඒකට තමයි මේ දිනවල සූදානම් වෙන්නෙ. අපේ ගමේ අවට තරුණ කණ්ඩායමක් එකතුවෙලා බෑන්ඩ් එකක් හැදුවා. ‘Tharanga Nelson with Reggue’ කියලා. එහි කළමනාකරු ලෙස ගාමිණී පෙරේරා සහ උපුල් නිශාන්ත කටයුතු කරනවා. ජයාන් තමයි ප්‍රතිපාදන සලසන්නෙ.
මගේ පළමුවෙනි ප්‍රසංගය පෙබරවාරි 02 වෙනිදා වෙන්නප්පුව කඩවත වෙරළ ක්‍රීඩාංගණයේදී සවස 6.30ට ජනගත වෙනවා. තාත්තා ගැයූ එ්ත් සැඟවුණු නිර්මාණ රැසක් හා මගේ ගී එදින එළිදක්වනවා.
සමුගනිද්දි මම විමසුවා.
තාත්තා තවම ජීවමානයි. රියලිටි ෂෝවල විතරක් නෙවෙයි රසිකයන්ගේ හිත් ඇතුළෙත් එයා ඉන්නවා. ගීත ඉතිහාසයේ EP, LP, කැසට්, ඩිජිටෙල්, සංයුක්ත තැටි යුග සියල්ල පසුකර තාත්තා වාර්තාගත වෙලා. ලංකාවේ වැඩිම කැසට් ගණනක් ගැහුවෙ එයයි. ඇනලොග් යුගයේ සිට ඩිජිටෙල් යුගය තරණය කළ තාත්තාගේ සංගීත ගමන අපි ඉදිරියට අරගෙන යනවා.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම
ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.
මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්