පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිලකයි. මේ ඔහු සමඟ සඳැල්ල කළ කතාබහයි.
පුවත්පතක නියෝජ්‍ය විශේෂාංග කර්තෘ විදිහට කාලයක් වැඩ කරලා, මේ වෙනකොට එතනින් ඉවත් වෙලා කලාව සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්.
මම ජනමාධ්‍යවේදියෙක් විදිහට උපාලි පුවත්පත් ආයතනයට සම්බන්ධ වුණා. රැකියාවත් එක්ක පිරිස ඇසුරු කිරීම නිසා තමයි මට මේ අවස්ථාව උදා වෙන්නෙ.
ඒ නිසා මම පත්තරේ ඉන්න ගමන් ම තමයි කලාවට සම්බන්ධ වෙන්නෙ. මුලින්ම 2007 දි වගේ මට හම්බ වෙනවා රවීන්ද්‍ර විජේරත්න සහ ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරු. මේ අයගෙන් තමයි මුලින්ම කලාවට අත්පොත් තබන්නේ. මුලින්ම මම රංගනයට පිවිසෙන්නේ ටෙලි නාට්‍ය හරහා. ඊට පස්සෙ මට වෙළෙඳ දැන්වීම් කිහිපයක ප්‍රධාන චරිතෙ විදිහට සම්බන්ධ වුණා. ඒකට මට උදව් කරන්නේ ලලිත් වරුණ රාජපක්ෂ කියලා මාත් එක්ක තාමත් ඉන්න මගේ මිත්‍රයෙක්. පත්තර කලාවයි, කලාවයි ටිකක් එකටම යන නිසා ඒ දෙකම ඉතින් සමබරව කරගෙන ආවා.
පාසල් කාලෙත් කලාව පැත්තට පොඩි දක්ෂතාවක් තිබ්බා. මම පොඩි කාලේ තනියම නාට්‍ය කණ්ඩායම් හදාගෙන සමිතිවලට, විවිධ ප්‍රසංගවලට ගිහින් ඉදිරිපත් කරනවා. ඒ කාලේ කට්ටිය කියනවා ඉතින් ඒවා බලලා මම දක්ෂයි කියලාත්. කාලයත් එක්ක ඒ දක්ෂතා යටපත් වෙලා තිබ්බා. පස්සෙ පුවත්පත් කලාවට සම්බන්ධ වුණාට පස්සෙ තමයි නැවතත් ඒ දක්ෂතා මතුවෙලා අවස්ථාවක් ලැබෙන්නේ.
මුල් කාලේ නම් ඇත්තටම මම පොඩි පොඩි චරිත කළා. රංගනයට මුලින්ම එන්නෙ රවීන්ද්‍ර අයියගෙ "ජීවිතේ ලස්සනයි නාට්‍යයෙන්.ඒ කාලේ ලංකාවේ තිබ්බෙ ඉන්දියාවෙන් ආපු නාට්‍ය පෙන්වන රැල්ලක්. ඒ රැල්ල කඩපු නාට්‍යයක් තමයි "ජිවිතේ ලස්සනයි" නාට්‍ය. ඒක තමයි මම රංගනයෙන් දායකවුණු මුල්ම නිර්මාණය. ඊට පස්සෙ සතර දෙනෙක් සෙන්පතියෝ කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණයකත් පොඩි චරිතයක් කළා. ඒකෙන් තමයි කැමරාවට තිබුණ බය නැති වුණේ. ඊට පස්සෙ තවත් රවීන්ද්‍ර අයියගෙම නාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. පස්සෙ නිරෝෂන් ඉලේපෙරුම මට නාලන් මෙන්ඩිස් මහතව සම්බන්ධ කරලා දීමත් එක්ක "දූවරු" සහ "වාසනා වේවා" කියලා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගෙ යශෝධරා චිත්‍රපටයෙ කාළුදායි කියන ඇමතිගෙ චරිතෙට මම රංගනයෙන් දායක වෙනවා. 2012 න් පස්සෙ මට ජයන්ත චන්ද්‍රසිරි මහතා සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඒ අනුව "සමනල සංධ්වනිය" තමයි මගෙ පළවෙනි චිත්‍රපටය. එතනින් එහාට ඔහුගේ හැම නිර්මාණයකම කුමන හෝ චරිතයකින් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
ඔව්. ජයන්ත චන්ද්‍රසිරි මහතා එක්ක නෙළුම් පොකුණ opening show එකේ හදබිමට ගමනක් කියලා වේදිකා නාට්‍යයක් කරන්න හම්බවෙනවා. ඒකෙ මම මුලින්ම රඟපාන්න ගියත් පස්සෙ මට එතැන වේදිකා කළමනාකරු විදිහට වැඩ කරන්න ලැබෙනවා. ඒක ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. ඉන් පසු රියල් ස්ටාර් 1,2,3,4 කියන වැඩසටහන්වල ෆයිනල් වැඩසටහනේ මට සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම සහය අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා. මේකෙදි මට විශේෂයෙන් උදව් කරපු දෙන්නෙක් තමයි නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න කියන්නේ. ඒ දෙන්නගෙ ගුරුහරුකම් ලැබෙනවා. ඒ එක්කම මට පුළුවන්කම ලැබෙනවා මහරජ ගැමුණු චිත්‍රපටයේ තෙවන සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්න. ඒ තමයි මම සහය අධ්‍යක්ෂණයෙන් මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙන අවස්ථාව. එහි මම කෝන්දුරුවා කියලා චරිතයකුත් කරනවා. ඒ වගේම "මිදුණු විශ්වය" නිර්මාණයේ දෙවැනි සහය අධ්‍යක්ෂකවරයා වශයෙනුත් වැඩ කළා.
හැදෑරීමක් කරලා නැහැ. මම ඉගෙන ගත්ත ක්ෂේත්‍රයෙන්ම ලබා ගත්තු අත්දැකීම් සහ සහය අධ්‍යක්ෂණ කටයුතුවලදිත් සෙට් එකේදි වගේම ප්‍රොඩක්ෂන් එකේදි වැඩ කරලා ලබා ගත් අත්දැකීම් තමයි උදව් වුණේ.
මෑතකාලෙදි නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට නමක් දිනා ගත් ක්‍රිස් ඇන්ටනීගෙ පාස්පෝට් කියන චිත්‍රපටයෙ මට නානා කියලා මුස්ලිම් තරුණයෙක්ගෙ විශේෂ චරිතයක් කළා. එහිදී කතා කරන විදිහ පවා වෙනස් කරගන්න වුණා. ඒ වගේ රූගත කිරීම් කළේ මුහුදෙ නිසා ඒකත් ලොකු අභියෝගයක් වුණා. චරිතෙ ගොඩනගා ගන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් සහ ක්‍රිස් ඇන්ටනීගෙන්. චිත්‍රපටය ඇතුළෙ දර්ශනයක් තියෙනවා මගේ මල්ලිට පැපොල හැදිලා නිසා එයාව බෝට්ටුවෙ ඉන්න අය මුහුදට දාන. ඒ ගැන මම දන්නෙ නැහැ. ඒ වෙලාවෙ ඒ රංගනය ගොඩක් හැඟුම්බරයි. ජීවිතේ ගොඩ නඟාගන්න හිතාගෙන රට යනකොට ඒ වගේ දෙයක් වෙද්දි ඒක දරාගන්න අමාරුයිනෙ. මේවා සමාජෙ තියෙන දේවල්නෙ. ඉතින් ඒ චරිතෙ ගොඩක් විශේෂයි. මේ දවස්වල තිරගත වෙන්නෙ ඒක. ඊට අමතරව ක්‍රිස් ඇන්ටනීගෙම පහුගිය වසරෙ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙ pt සර්ගෙ චරිතෙ කරන්නෙ මම. මේකත් මට හම්බවෙන්නෙ ලලිත් වරුණ රාජපක්ෂ කියන මිත්‍රයා මාර්ගයෙන්.
Itn නාළිකාවෙ "රාග" කියලා ටෙලි නාට්‍යයට ආරාධනා කරලා තියෙනවා ඒකෙ රූගත කිරීම් ඉදිරියේ දී සිදු වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත් චිත්‍රපටයෙ රූගත කිරීම් තියෙනවා මේ මාසෙ අවසානෙට. ඊට අමතරව සුනිල් කොස්තා මහතාගේ පණම් බැඳි ගස් කියලා නාට්‍යයක් කළා. ඒක තාම විකාශය වුණේ නැහැ. පහුගිය කාලේ මම වැඩිපුරම කළේ චිත්‍රපටවලට සම්බන්ධ වීම. කළින් රැකියාවත් එක්ක හම්බෙන විවේක කාලෙදි, ආරාධනා ලැබෙන විදිහට තමයි මම රංගන කටයුතුවල නිරත වුණේ. දැන් මම අවුරුද්දක විතර ඉඳන් පුවත්පත් කලාවෙන් අයින් වෙලා නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට තමයි වැඩ කරන්නෙ. ඒ නිසා නිර්මාණවලට සම්බන්ධ වෙන්න නිදහස තියෙනවා. ඊට අමතරව මම සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහටත් මේ වෙද්දි වැඩ කරනවා.
මට හම්බ වෙලා තියෙන චරිතත් එක්ක වෙනස්ම කෙනෙක් විදිහට තමයි තිරයේදි මාව ප්‍රේක්ෂකයන්ට පේන්නෙ. ඒ නිසා ගොඩක් අය මාව මූණෙන් අඳුර ගන්නෙ නැහැ.මහරජ ගැමුණු චිත්‍රපටයේ කෝන්දුරුවා චරිතය ගත්තොත් සම්පූර්ණයෙන්ම මාව හොයා ගන්න බැහැ. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙ නම් මගේ මූණෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය නිසා ඒ නිර්මාණයෙදි නම් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව "පාස්පෝට්" චිත්‍රපටයෙදි ඒක බලපු ප්‍රවීණයන්ගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක තමයි මට හම්බවුණ හොඳම ඇඟයීම.
මගෙ පවුලේ ඉන්නෙ අම්මයි, බිරිඳයි, දුවයි, පුතයි. පවුලෙන් කිසි බලපෑමක් කරන්නෙ නැහැ මගේ වැඩවලට. එයාලා මට උපරිම නිදහස දෙනවා. පුවත්පත් කලාවෙ යෙදෙද්දිත් ඒක එහෙමයි කලාවට ආවමත් එහෙමයි. ඒ සහයෝගය නැත්තම් ඉතින් මේ ගමන යන්න අමාරුයි.
මේ දවස්වල මම නවකතාවක් ලියාගෙන යනවා. මම පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක කන්තලේ සීනි කර්මාන්තශාලාව බිඳ වැටීමත් එක්ක සමාජයේ වෙනස් වුණ හැටි ගැන කතාවක්. පොත මාකට් කරගෙන කවදහරි ටෙලි නාට්‍යයකට මේ කතාව යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
කෞශල්‍යා ලක්ෂානි
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමා
ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.
පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.
ආදි මානවයා දිවි ගෙවූයේ කැලෑවේ තිබූ ගල් ගුහාවල ය. එහෙත් මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමගම මිනිස්සු ගල් ලෙන් වලින් නිවාස වෙත සංක්‍රමණය වන්නට පටන් ගත්හ.
හඳගනාව නාමය ලක් ඉතිහාසය හා එක් වන්නේ පූර්ව ඵෙතිහාසික යුගවල සිටය.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක