සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්” පෞද්ගලික ගගන සමාගම සඳට පතිත කළ යානයයි. පෞද්ගලික සමාගමක් සාර්ථකව සඳට පතිත කළ පළමු රොබෝ යානය වන්නේ ද මෙයයි. මීට පෙර ඇමෙරිකන් පෞද්ගලික ගගන සමාගමක් - සඳට යානයක් පතිත කළ නමුත්, එය සියයට 100 ක් නිවැරදි ව සිදු නොවිණි. එහෙත් බ්ලූ ගෝස්ට් යානය දින 45 ක් තිස්සේ කිලෝමීටර් මිලියන 4ක ට ආසන්න දුරක ගමනකින් අනතුරුව - පසුගිය දෙවැනිදා සඳට ගොඩබෑවේ, ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගමේ ප්‍රධානී ජේමස් කිම් සහ එහි සේවය කරන 750 දෙනාගේ ඔල්වරසන් මධ්‍යයේය. බ්ලූ ගෝස්ට් යානය ගොඩ බෑවේ, පෙර සැලැසුම් කළ පරිදි සඳුගේ ඊසාන දෙසින් පිහිටි ස්ථානයකටය.
‘බ්ලූ ගෝස්ට් යානය සඳ ගවේෂණය කිරීමේ අරමුණින් පෘථිවියෙන් නික්ම ගියේ - ජනවාරි 15 වැනිදා ය. සඳ බලා යන තෙක්ම යානය කළේ ඡායාරූප ගැනීම ය. සඳ බලා යන ගමනේ දී කෙමෙන් කෙමෙන් ඈත් වන පෘථිවියේ දසුන් යානයේ කැමරාවල සටහන් විය. ඒවා එසැණින් පෘථිවියට එවීමට කටයුතු කෙරුණි. එම දසුන් සැබැවින්ම විස්මිතය. පෘථිවියෙන් නික්ම ගොස් කිලෝමීටර් 384,400 ක ගමනකින් පසු, බ්ලූ ගෝස්ට් යානය, සඳ ආසන්නයට පැමිණ සඳුගේ කක්ෂයකට පිවිසුණේ පසුගිය පෙබරවාරි 13 වැනිදාය.
ඉන්පසු බ්ලූ ගෝස්ට් දින 16 ක් සඳ වටා කක්ෂගතව සිටියේය. එසේ සිටිද්දී සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින් පෘථිවිය නැගී එන අයුරුත්, පෘථිවිය බැස යන අයුරුත් දැක්වෙන දසුන් ද රූගත කර පෘථිවියට ලැබෙන්න සැලැස්විය. පසුගිය පෙබරවාරි 18 වැනිදා යානය තෙරපුම් පද්ධතිය පණ ගන්වා සඳුගේ පහළ කක්ෂයකට පිවිසියේ, ගොඩබෑමට සූදානම් වෙමිනි. එහිදී ආවාටවලින් සුසැඳි සඳුගේ පෘෂ්ඨයේ ඉතා පැහැදිලි දසුන් බ්ලූ ගෝස්ට් කැමරා හරහා දකින්න ලැබුණි.
මාර්තු දෙවැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් දොළහට පමණ බ්ලූ ගෝස්ට් සඳට ගොඩබෑවේය. එය සිතුවාටත් වඩා සාර්ථක විය. සඳට පතිත කරවීමෙන් පසු බ්ලූ ගෝස්ට් පෘථිවිය සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය ද එසැණින් පෘථිවි විද්‍යාඥයන්ට එවීය. එම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවණැල්ල ද දකින්න ලැබුණි. යානයේ සම්පූර්ණ හැඩය එම සෙවණැල්ලේ තිබුණි. යානයේ ඇන්ජිම ද සෙවණැල්ලෙන් පැහැදිලිව දකින්න ලැබුණි. ඡායාරූපයේ පෘථිවිය ඈතින් කුඩා අයුරින් දිස් වන්නේ - යානය භාවිත කරන අල්ට්‍රා වයිඩ් කැමරා කාච නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කළහ. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇතැයි ද විද්‍යාඥයෝ වැඩි දුරටත් පැවැසූහ. බ්ලූ ගෝස්ට් යානයට අල්ට්‍රා වයිඩ් කැමරා කාච සවි කර ඇත්තේ - පුළුල් ප්‍රදේශයක් ඡායාරූපයට නැගීමට අවශ්‍ය බැවිනි.
‘බ්ලූ ගෝස්ට් ගවේෂණ යානය ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගම විසින් නිපදවූ මෙන්ම මෙහෙයවන යානයක් වන නමුත් - නාසා ආයතනය සමග ද එහි සම්බන්ධයක් ඇත. නාසා ආයතනයට අයත් විද්‍යාත්මක උපකරණ ඇතුළු තවත් උපාංග 10 ක් බ්ලූ ගෝස්ට් යානයේ ඇත. සඳ මතුපිට ගවේෂණය සහ සිතියම්ගත කිරීමට අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි. බ්ලූ ගෝස්ට් දින 14 ක කාලයක් සඳ ගවේෂණ කටයුතුවල නියැළෙනු ඇති බවය. බ්ලූ ගෝස්ට් යානය උඩු ගුවනට රැගෙන ගොස් සඳ බලා යෑමට අභ්‍යවකාශයට මුදා හරිනු ලැබුවේ, “ස්පේස් එක්ස්” සමාගමට අයත් “ෆෝල්කන් 9” රොකට්ටුවක ආධාරයෙනි. ස්පේස් එක්ස් රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩාවේ නාසා ආයතනයට අයත් කෙනඩි මධ්‍යස්ථානයෙනි. ස්පේස් එක්ස් ද පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන අතර එය අයිති ලොව අංක එකේ බිලියනපති ව්‍යාපාරික, නව නිපැයුම්කරු ඉලොන් මස්ක්ට ය. අද ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඉලොන් මස්ක් ට්‍රම්ප් ගේ ප්‍රධාන උපදේශකවරයා ය.
මුලින්ම සඳට මිනිසුන් යැවීම කළේ ඇමෙරිකාව ය. සඳට මිනිසුන් රහිත ගවේෂණ යාන යැවූ රටවල් වන්නේ සෝවියට් රුසියාව, චීනය, ඉන්දියාව සහ ජපානයයි. ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් පෞද්ගලික සමාගම චන්ද්‍ර යානයක් සඳ මතට පතිත කිරීමේ මෙම සිදුවීම අනාගතයට ඉතා වැදගත්ය. හේතුව අනාගතයේ අභ්‍යවකාශ කටයුතු බොහොමයක් සිදුවනු ඇත්තේ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වෙමින් බව දැන් පැහැදිලිය. ඇපලෝ මෙහෙයුම්වලින් පසු නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ද ආරම්භ කර ඇත. ඊට අවශ්‍ය දත්ත ලබාගැනීම් බ්ලූ ගෝස්ට්ට පැවැරෙනු ඇත. යළි සඳට යෑමේ නාසා මෙහෙයුම හැඳින්වෙන්නේ “කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්” නමිනි. කෙටියෙන් “ක්ලිප්ස්” ලෙස මෙය හැඳින්වෙයි. සඳට යළි ගගනගාමීන් ගෙන යන නාසා චන්ද්‍ර වැඩසටහන හැඳින්වෙන්නේ “ආටිමීස්” යනුවෙනි . ආටිමීස් මෙහෙයුම යටතේ පළමු වරට සඳට කාන්තාවක යැවීමට ද නාසා සූදානම් වෙයි. ඊට අමතරව සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ද සැලැසුම් සකස් කර ඇත.
පළමුවෙන් මිනිසකු සඳ මත පය තැබුවේ, “ඇපලෝ” මෙහෙයුම් යටතේ “ඇපලෝ 11” යානයෙනි. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්රෝං සහ එඩ්වින් ඕල්ඩ්රීන්ය. ඒ 1969 ජූලි 20 වැනිදා ය. අවසන් වරට සිදුවුණු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම ඇපලෝ 17 ය. ඒ, 1972 වසරේදීය. ඉන්පසු කිසිවකු සඳට ගියේ නැත. ග්‍රීක ජනශ්‍රැති කතා අනුව “ඇපලෝ සහ ආටිමීස්” යනු නිවුන්නු ය. මොවුන්ගේ පියා මහ දෙවි සියුස් ය. ඇපලෝ යනු හිරුට සහ සංගීතයට අධිපති දෙවියාය. ඇපලෝ හිරු නම්, ආටිමීස් කවුරුන් දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. ආටිමීස් යනු සඳට අධිපති දෙවඟන ය. ආටිමීස් මෙහෙයුම්වලදී ගගනගාමීන් සඳට ගෙන යෑමට නාසා ආයතනය භාවිතයට ගනු ඇත්තේ ‘ඔරයන්‘ නමැති ගගන කැප්සියුලය යි. මෙම කැප්සියුලය නියමුවන් රහිතව සඳට යවා සඳ වටේ කැරැකීමට සලස්වා ආපසු ගෙන්වා ගෙන ඇත. ඒ 2022 වසරේ සිදු කළ “ආටිමිස් 1” මෙහෙයුම යටතේය.
“ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම” යටතේ සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට ද නාසා ආයතනය පියවර ගෙන ඇත. ආටිමීස් 2 චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර එක් ගගනගාමිනියක් සිටියි. ඊට අමතරව කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටියි. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන් ය. ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාව ය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහු ය. රීඩ් වයිස්මන් ආටිමිස් 2 මෙහෙයුමට නායකත්වය දෙනු ඇත. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. ආටිමීස් 2 මෙහෙයුමේ දී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. මෙම පිරිස සඳුගේ කක්ෂයට පිවිස ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ආටිමිස් 2 දින 10 ක මෙහෙයුමකි. ගගනගාමීන් සඳට පය තැබීම සිදු කරන්නේ ආටිමීස් 3 මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2027 වසරෙන් පසුව යැයි පැවැසෙයි. පළමු වරට කාන්තාවක් සඳට පය තබනු ඇත්තේ මෙම ආටිමිස් 3මෙහෙයුමේ දී ය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.
රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන
කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර
ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.
‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.
සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා