හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන් ඒ චරිත තුළින්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක් වී හමාරයි. පුංචි තිරයේ බොහෝ ආදර කතාවල හතුරා වෙමින් තමාගේ රංගන කුසලතා මනාව පිළිබිඹු කරන ඔහු නමින් ගාවින්ද නවරත්නයි. මේ මෙවර සඳැල්ලෙන් ඔහු සමඟ කළ කතාබහයි...
ඔව්, මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේත්, සිරස නාළිකාවේ මායාවී ටෙලි නාට්‍යයේ ත් ස්වාධීන රූපවාහිනියේ වන රාග ටෙලි නිර්මාණයේත් වැඩකටයුතු කරගෙන යනවා. මේ චරිත ත්‍රිත්වයේම මට නිරූපණය කරන්න ලැබිලා තියෙන්නේ දුෂ්ටයාගේ චරිතය. ඉතින් ඒ නිසා මම මේ දවස්වල වැඩිපුර ජනප්‍රිය දුෂ්ටයා විදිහට තමයි.
එහෙම විශේෂයක් නැහැ. මට ඒ චරිත තුනම එකම විදිහට විශේෂයි. මම හැමවෙලාවකම උත්සාහ කරන්නේ මට පුළුවන් උපරිමයෙන් හැම නිර්මාණයකටම සාධාරණයක් කරන්න. ඉතින් ඒක මෙතනදිත් පොදුයි.
මම මේ ගමන ආරම්භ කරන්නේ සිරස නාළිකාව මඟින් පැවැත් වූ මෑන්හන්ට් කියන තරගයෙන්. ඒ 2012 වර්ෂයේ දී. එතනදි මම තමයි ඒ වර්ෂයේ මිස්ටර් ෆොටෝජෙනික් බවට පත් වුණේ. ඒ හරහා තමයි කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් මම මුළින්ම පුංචි තිරයට එන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක් ලෙසින් ස්වර්ණවාහිනීයේ විකාශනය වූ හංස පිහාටු කියන ටෙලිනාට්‍යයෙන්. එහි සාමාන්‍ය චරිතයක් වුණු ආරක්ෂක නිලධාරියෙකුගේ චරිතයකට තමයි මාව මුලින්ම තෝරා ගත්තේ. ඉතින් එතනින් පටන් ගත්තු ගමන්මගේ මම ගොඩක් වෙලාවට දුෂ්ටයා තමයි.
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මග තොටේදි හමු වුණාමත් චරිත ගැන ගොඩක් දේවල් කියනවා. බැණුම් එහෙමත් තියනවා. හැබැයි හැමෝම වගේ කියන්නේ ඒ බැණුම් ලැබෙන්නේත්, ඒ විදිහට ප්‍රේක්ෂකයා ඒ චරිත එක්ක තරහ ගන්නේත් මම ඒ චරිතයට කරන සාධාරණය නිසායි කියලා තමයි. මොකද විලන් කියන්නේ හැම වෙලේම නරක පැත්තේ ඉන්න කෙනානේ. ඉතින් එයාට ලැබෙන හොඳම ප්‍රතිචාරය තමයි බැණුම්.
මමත් තාම කල්පනා කරන දෙයක් තමයි ඒක. සමහර විට මගේ පෙනුම, මම ඉන්න විදිහ, මතුපිටින් මගේ හැසිරීම මේ වගේ දේවල් එක්ක ඒ චරිතෙට මම ගැළපෙනවා ඇති කියල තීරණය කරනවා වෙන්න පුළුවන්.
එහෙම නැහැ. ඇත්තටම ගාවින්ද නවරත්න කියන්නේ සරල සාමාන්‍ය මනුස්සයෙක් කීවොත් නිවැරදියි. වැඩි දර්ශන නැති සාමාන්‍ය කෙනෙක්.
එතනදි මම හිතන්නේ අදාළ අවස්ථාව අනුව තමයි ඒ තුන්වෙනියාගේ ස්වරූපය තීරණය වෙන්නේ. අපිට දැනෙන විදිහට, කතාවට අනුව චරිතෙ ගළපා ගන්න එක තමයි මම නම් වැඩිපුරම කරන්නේ.
ඔව් එහෙම රාමුගත වීමක් තියෙනවා. නමුත් එහෙම ගැටලුවක් නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ චරිතයට හොඳ ඉල්ලුමක් තියන නිසා ඒක වෘත්තීමය පැත්තට හොඳයි. අනිත් දේ තමයි ආදරවන්තයා වුණත් ප්‍රබල වෙන්නේ දුෂ්ටයා මත කියන එක. නැත්තම් ආදරවන්තයාටත් කරන්න දෙයක් නැහැ. ආදර කතාව රසවත් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ආදරවන්තයාගේ චරිතයට වඩා දෙයක් දුෂ්ටයා ඇතුළේ කරන්න තියෙනවා. ඉතින් ආදරවන්තයා ගැන දුක හිතෙන්නේත් දුෂ්ටයාගේ වැඩ නිසානේ. ඇත්තටම විලන්ගේ චරිතයේ කැපෑසිටි එක මත තමයි ආදරවන්තයාගේ කැපී පෙනීම තීරණය වෙන්නේ. ඒ නිසා මේ චරිතයත් හොඳයි.
එක අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණු ටෙලි නිර්මාණයක්.
ගැහැනු ළමයි කියන්නේත් ප්‍රේක්ෂකයා කියන කොටස ඇතුළෙ ඉන්න එක කොටසක්. එතනදි අඩු වීමකට වඩා ඒ අයත් කියන්නේ ඒ තරහව ඇතිවෙන්නේ චරිතය ඇතුළේ කරන කියන දේවල් නිසා කියලා තමයි. ඒ හැරුණු කොට ලොකු වෙනසක් නැහැ.
ඔව්. එහෙම එකක් තියෙනවා.
එයාට එහෙම ගැටලුවක් නැහැ. කරන්නෙ චරිතයක් විතරයි. ඉතින් ඒවගේ දේවල් ගැන විශේෂ බලපෑමක් නැහැ.
නළුවෙකුට හෝ නිළියකට පවුලකින් ලැබෙන්න ඕන ලොකුම සහයෝගය තමයි මානසික නිදහස කියන දේ. ඇත්තටම මට ඒ හැම පාර්ශ්වයකින්ම වගේ ඒ නිදහස සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. මට ඕන විදිහට රඟපාන්න, මම කරන චරිතවළ අනුව වැඩ කරන්න ඒ නිදහස මට තියෙනවා. ඒ සහයෝගය ඇත්තටම ගොඩක් වටිනවා.
නැහැ. තවම එහෙම බලාපොරොත්තුවක් නැහැ.
ඒ වගේ චරිත බොහෝමයක් තියෙනවා. මම හිතනවා ඉදිරියේ දී ඒ චරිත කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා. ඉදිරියේ දී මගේ තවත් නිර්මාණයක් තියෙනවා මන්දාරම් කතාවේ නිෂ්පාදකතුමිය වන අයේෂා අබේගුණරත්න යටතේ සිදු කෙරෙන. එතනදිත් මගේ චරිතයේ ලොකු වෙනසක් වෙයි.
කලාව පැත්තෙන්නම් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තුව. රංගනයට අමතරව නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. ඒ දේවලුත් ඉදිරියේදි සිදුවේවි. ඊට අමතරව මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තිබුණා. ඒකට අදාළ වැඩකටයුතුත් හැම දේම සූදානම් කරගෙන ඉන්නේ. ඒකත් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙයි.
දුලක්ෂි ලියනගේ
කලා ක්ෂේත්‍රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්‍රයට දායාද වූ විරල චරිත දෙකක් ලෙස මේ ප්‍රවීණයින් දෙදෙනා
රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගනිමින් සිටියි.
තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්.
විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා, වෙනත් දෙයකට යොමු වීමට සිත යොමු කරන්නේ
සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි.
1993 මාර්තු 6 වැනිදා උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත් සභා හත විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා 1993 මැයි 17 වැනි සඳුදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා එ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න