ළමා රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වදිමින් රංගනයේ දොරගුළු විවර කරගත් ඇය දැන් පුංචි තිරයේ බබළන අලුත් තරුවකි. වෙනස් වෙනස් චරිත තුළින් විවිධ කාලයන්හිදී ප්‍රේක්ෂක සිත්හි තම නම රන්දන්නට සමත් ඇය මේ දිනවල හිරිපොද වැස්සෙහි තෙමෙන ටියා ය. ටියා වූ ඇය නමින් ෂයිනි නෙත්තිකුමාර යි. මේ ඇය සමග මෙවර සැදැල්ලෙන් කළ සොඳුරු කතා බහයි.
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශනය වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යය තමයි මේ දිනවල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙ වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ජානු ටෙලි නාට්‍යයේත් රූගත කිරීම් කෙරෙනවා. ඒ වගේම ඉදිරියේ දී මම සම්බන්ධ වුණු මගේ අලුත්ම ටෙලි නාට්‍යයකුත් පුංචි තිරයට එන්න නියමිතව තියෙනවා.
ඇත්තටම හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයට මම හිතුවටත් වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය ඒ චරිතය ගැන කතා කරනවා. ඉතින් මම ඒකට හරි ආසයි. එක එක කාලෙට එක එක චරිතවලින්නේ ප්‍රේක්ෂකයෝ අපිව අඳුනගන්නේ. මේ දවස්වලනම් ටියා කියලා තමයි හැමෝම ආදරේට කතා කරන්නේ. ඉතින් ඒවගේ හොඳ ප්‍රතිචාර සහ හොඳ අාදරයක් ලැබෙනවා. මමත් ඒ ආදරේට ගොඩක් ආදරෙයි.
ඇත්තටම මම කාලයකට පස්සේ තමයි ඒවගේ ලොකු තරුණ පිරිසක් එක්ක වැඩ කරන්නේ. මොකද සංගීතය ටෙලි නාට්‍යයත් එක්ක වැඩකටයුතු කරනකොටත් ඒ වගේ තරුණ පිරිසක් හමුවුණා. ඊට පස්සෙ එහෙම අවස්ථාවක් ලැබුණේ මේ ටෙලි නාට්‍යයෙන්. ඇත්තටම මේතනදි අපි කිහිප දෙනෙක් හැරෙන්න වැඩි පිරිසක් මට වැඩිය එක ජෙනරේෂන් එකක් පහළින් ඉන්න අය. ඒ කියන්නේ මට වැඩිය වයසින් අඩු අය. ඉතින් ඒක හරි හොඳ අත්දැකීමක්. හරිම සතුටින් වැඩ කටයුතු කරනවා. ලොකු පොඩි කියලා එහෙම භේදයක් නැහැ. හැමෝම හරිම එකමුතුයි. ඒකේ සීනුත් හරිම ලස්සනයි. නිර්මාණයත් ලස්සනයි. වෙනස් අත්දැකීමක්. ක්ෂේත්රයේ ප්‍රවීණයෝ හමුවෙන්නෙ ටිකක් අඩුවෙන්. බොහෝ දෙනෙක් නවකයෝ. හැබැයි එයාලගෙනුත් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් හරිම සතුටින් රූගත කිරීම් කරගෙන යනවා.
මේ අවුරුද්දෙ මට තියෙන විශේෂම මතකය තමයි ඒක. මේ අවුරුද්දෙ ලැබුණු දේවල්වලට ස්තුතිවන්ත වෙනවා නම් ඒක තමයි මට තියෙන විශේෂතම දේ. මට තව ඉදිරියට මේ විදිහට සම්මාන ලැබුණත් නැතත් මේ සම්මානය මගේ මතකයේ හැමදාම තියේවි. මොකද මේක තමයි මට පුංචි තිරයෙන් ලැබුණු පළමුවෙනි සම්මානය. පොඩි කාලේ ඉදන් හීන මැවුවේ මම කරන මොනවා හෝ කලා නිර්මාණයකින් සම්මානයක් ජයග්‍රහණය කරන්න. ඉතින් මගේ ඒ හීනේ මේ අවුරුද්දෙ සැබෑ වුණා. මම රයිගම් ටෙලි සිනමා උළෙලේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය සඳහා වූ සම්මානය හිමිකර ගත්තා. ඉතින් හරිම සතුටුයි. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
මම නොදැනුවත්ම තමයි රංගනයට ප්‍රවිෂ්ට වෙන තැනට ආවේ. මම පොඩි කාලේ පුංචි පැංචි වැඩසටහන සමග සම්බන්ධවෙලා හිටියා. ඊට පස්සේ නාලක ස්වර්ණතිලක මහත්මයාගේ දඟමල්ල සහ අමුතු ඉස්කෝලෙ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට මම මුලින්ම ආවේ වේදිකා නාට්‍යයවලට. මේ රංගන කටයුතුවලට එකතු වෙලා ඉන්නකොට තමයි මට මේ ක්ෂේත්රය ගැන ආසාවක් ඇතිවුණේ සහ මට රඟපාන්න පුළුවන් කියලා තේරුම් ගියේ. එතනදි රංගනය හොඳයි කියලා මම හිතලා ඒ පැත්තෙන්ම ඉදිරියට යන්න තීරණය කළා. ඒ විදිහට නොදැනුවත්වම එක එක දේවල් හරහා මට මේ තැනට එන්න මාර්ගය සකස් වුණා.
නැහැ. නතර කරලා නැහැ. ඇත්තටම කොවිඩ් වසංගතයට කලින් මම වේදිකා නාට්‍යත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. නමුත් කොවිඩ් නිසා වේදිකා නාට්‍යය නතර වුණාට පස්සේ මට තවම ආරාධනාවක් ලැබුණේ නැහැ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. දැනට ඒ වැඩ කටයුතු නතර වෙලා අවුරුදු තුනක් හතරක් විතර වෙනවා. මම ඇත්තටම හරිම ආසාවෙන් ඉන්නේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. ඉතින් මට ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.
වෘත්තීමය රංගන ශිල්පිනියක් සහ මම දැන් ගුරුවරියක් වෙන්න බලන් ඉන්න කෙනෙක්. පසුගිය සතියේ මම මගේ ගුරු වෘත්තිය සම්බන්ධ ඉගෙනීම් කටයුතු අවසන් කරමින් උපාධි ප්‍රධානෝත්සවයට සම්බන්ධ වුණා. දැන් මට පාසලක ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රංගනයත් කරගෙන යනවා. මේ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.
මම කොහොමත් කැමති වෙනස් වෙනස් චරිත රඟපාන්න. ඇත්තටම මම දැනට කරල තියන චරිතවලත් හැම එකක්ම වගේ එකිනෙකට වෙනස්. එකම විදිහෙ චරිත කරල නැහැ. මම කැමතියි ඒ විදිහේ වෙනස් දේවල් එක්ක සම්බන්ධ වෙන්න. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත ටෙලි නාට්‍යයේ මගේ චරිතයත් මම මේ වෙනකම් සම්බන්ධ වෙලා ඉඳපු චරිතවලට සාපේක්ෂව වෙනස්ම චරිතයක්. එකම විදිහෙ චරිතවලට ආරාධනා ලැබුණොත් මම ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. මට කරන්න පුළුවන් කියල හිතෙන චරිත, මගේ හැකියාව පෙන්නන්න පුළුවන් චරිත තමයි මම වැඩියෙන්ම තෝරගන්න කැමති. එන හැම චරිතයක්ම භාරගෙන ප්‍රසිද්ධ වෙනවට වඩා මම කැමති මගේ හැකියාවෙන් මිනිස්සු ආදරේ කරන චරිතක් වෙන්න.
ඕනෑම තැනක කාලයක් රැදිල ඉන්න එක අභියෝගයක්. මේ ක්ෂේත්රයෙත් එහෙම තමයි. මෙතන තරගකාරීත්වය වැඩියි. ඇත්තෙන්ම මුල් කාලෙදි නම් එහෙම තේරුණෙ නැහැ. නමුත් පස්සේ තේරුණා මේක ඇතුලේ පොඩි තරගකාරීත්වයක් තියෙනවා කියලා. මම හිතනවා තමන් ඉන්න ඕනම තැනක තමන් හරියට ඩිසිප්ලීන් එකක් ඇතිව, තමන් කරන වැඩේ හෝ රැකියාව මොකක්ද කියන එක තේරුම් අරගෙන, තමන්ගේ සීමාවන් එක්ක ඉන්නවනම් එන ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කියලා.
ගෙදරින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මාව ධෛර්යමත් කරන්නෙ මගෙ අම්මි, තාත්ති, අයියා ඇතුළු මගේ පවුල. මම හිතන්නෙ මටත් වඩා මගේ අම්මියි තාත්තියි තමයි කලාවට කැමති වුණේ. ඒ දෙන්නා හරිම ආසයි කලාවට. ළමා නාට්‍යයක වුණත්, ටෙලි නාට්‍යයක වුණත් සමාජයේ පොඩි මතයක් තියනවනෙ ළමයින්ට මේ දේවල් ගැළපෙන්නේ නැහැ කියලා. පාසල්වලිනුත් සමහර වෙලාවට ඔය චෝදනාව එනවා. මටත් පාසලේදි ඒ විදිහෙ ප්‍රශ්න ආවා. හැබැයි අම්මයි තාත්තයි කීවේ මම ආසයි නම් ඒ පැත්තට යන්න කියලා. ඔවුන් මට ඒ උපරිම සහය ලබා දුන්නා. අදටත් මම යම්කිසි තැනක ඉන්නවා නම් ඒ ඒ දෙන්නා නිසායි.
දුලක්ෂි ලියනගේ
රොජර් සෙනෛවිරත්න කී විට නයනා කුමාරි මඳක් පසුබා සිටියේ ඒ වන විට ඇය කාර්යබහුලව සිටි නිසාය. ටෙලි නාට්‍ය දෙකතුනකම රඟ පාමින් සිටියා පමණක් නොව ඇගේ විවාහයට ද
ළමා රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වදිමින් රංගනයේ දොරගුළු විවර කරගත් ඇය දැන් පුංචි තිරයේ බබළන අලුත් තරුවකි. වෙනස් වෙනස් චරිත තුළින් විවිධ කාලයන්හ
මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘විසේකාරි’ කියන්නෙ. ඒ තුළ වැඩිම කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ නිවේදන ශිල්පියකු ලෙස පටන් ගෙන ඉනික්බිතිව, පියවරෙන් පියවර අත්දැකීම් සමග ඉදිරියට යමින් තනතුරු දරමින් හර-බර සන්නිවේදකයකු ල
ලාංකීය කලා ක්ෂේත්රයේ ගායන අංශයෙන් රටක් වසඟයට පත් කළ පුංචි ගායන තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එක් කරගත්තා.
පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම දැන් ගුරුවරියක් වෙන්න බලන් ඉන්නේ - ෂයිනි නෙත්තිකුමාර