මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, රැජින, අයිඩී, කොලම්බො, නිල් කටරොල් යන නවකතාවලින් පසු මොහාන් රාජ් මඩවල විසින් රචිත නවතම නවකතාව මන්දෝදරී වේ. මන්දෝදරී නවකතාවේ නම දුටු මතින් එය ඉතිහාස සන්දර්භයක් තුළ රචනා වී ඇති බව පෙනී යයි. මොහාන්ගේ නවකතා අධ්‍යයනය කිරීමේදී, ඔහු මායා යථාර්ථවාදී රීතිය අනුගමනය කරන බවක් පෙනී යන නමුත්, මෙම නවකතාව තුළ එකී රීතිය ස්පර්ශ කර ඇත්තේ අල්ප වශයෙනි. යථාර්ථය තුළ යම් කිසි මායා යථාර්ථවාදී බවක් ගැබ් කර තිබුණ ද, එය වඩා සමීප වන්නේ යථාර්ථයටය.
විශේෂයෙන්ම, වර්තමාන සමාජය තුළ අප මිථ්‍යාව සමග කටයුතු කරන්නන් දැක ඇත. එහි විවිධ ස්වරූප ඇති අතර, ඇතැම් අය ඉතිහාසය තුළ අප අසා ඇති විවිධ චරිතවලට ආරෝපණය වී සිටිනු දකින්නට ලැබෙයි. පසු කාලීනව කරන ලද විවිධ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් තුළ එම තත්ත්වය මානසික රෝගී බවක් යැයි සඳහන් කර තිබුණි.
මොහාන් රාජ් මෙම නවකතාව ආරම්භ කර ඇති ආකාරයට, අපට එය කුමන දිශාවකට යොමු වේ දැයි නිශ්චය කරගැනීම අපහසුය. එහි කුතුහලය හා අද්භූත බවක් අවසානය තෙක්ම රඳා පවත්වා ගැනීමට මොහාන් සමත් වී තිබුණි. මොහාන්ගේ රචනා ශෛලිය, නිර්මාණාත්මක බව පිළිබඳව පැහැදීමක් තිබුණ ද, ඔහුගේ මුල් නවකතාවලින් වඩාත් මා සිත් ගත්තේ ආදරණීය වික්ටෝරියා, නිල් කටරොල් යැයි කීවොත් නිවැරැදිය. ඒවායේ වූ යථාර්ථයට වඩා සමීප වීම ඊට හේතු වූවා විය හැකිය. මන්දෝදරී ද දැන් ඒ අතරට එකතු විය. තරුෂි නවෝද්‍යා නම් චරිතය උපදින තැන් පටන් කතාව ගොඩනැගෙන අතර, එය පිළිවෙළට ගොඩනගා නැත. අපට පළමු කොටස තුළ හමු වන්නේ මන්දෝදරී නම් තරුණ ගැහැනියකි. පළමු කොටස තුළම කතාව කියවීමේ රුචිය ඇති වෙයි. පළමු සිදුවීම් පෙළ තුළම කුතුහලය පවත්වා ගැනීමට රචකයා සමත් වී තිබේ.
ප්‍රථම වතාවට ඇය මහ හඬින් සිනාසුණාය. ලේ බැස තඩිස්සි වුණ ඇස් දෙකෙන් කඳුළු පනින තුරුම සිනාසුණාය. ඔහු පුදුමයෙන් ඇහිපිල්ලමකුදු නොගසා තමා දෙසම බලා සිටිද්දී ද නොනවත්වාම සිනාසුණාය. පසුව වියළි කැස්සක් සමග ආ මඳ විරාමයකට පසුව මෙසේ ප්‍රශ්න කළාය.
“ඩොක්ටර්ට පේන්නේ මං සූසයිඩ් කරගන්න මූඩ් එකක් තියෙන ගෑනියෙක් විදියට ද?”
“මට තේරෙන්නේ නෑ.”
“සූසයිඩ් කරගන්න හැඟීමක් මගෙ හිතේ කොතැනකවත් නෑ.”
“එහෙනං බිමට පැන්නෙ මොකට ද?”
“පියාඹන්න...” (පිටුව 30)
ඔහු ඉන් පසුව අතීත කතාවක් කියයි. එය ඉතිහාසගත අත්දැකීමක් නොවන අතර, එය අනූව දශකයේ සිට වර්තමානය දක්වා පැමිණෙන කතාවකි. තවමත් මන්දෝදරී හා තරුෂි නවෝද්‍යා අතර ඇති සම්බන්ධතාව පිළිබඳව පාඨකයාට ඉඟියක් ලබා දී නොමැත. තරුෂිගේ කතාව සමග ඉදිරියට යන පාඨකයාව ඉතිහාස කතාවක් වෙත රැගෙන යන්නේ කතාවේ තුන්වන කොටසේදීය. එය රාවණ රජසමය හා සම්බන්ධ වූ කතාවකි. නමුත් රචකයාගේ අවශ්‍යතාව, ඉතිහාස කතාවක් කීම නොවන බව අපට වැටහේ. එහිදී අපට මන්දෝදරී මුණගැසේ. එම කතාව තුළ ඔහු භාවිත කර ඇති වාග් රටාව අධ්‍යයනය කිරීමේදී එය වඩා නූතන භාෂා භාවිතයක් බව අපට පෙනී යයි. විශේෂයෙන්ම, මන්දෝදරීගේ දෙබස් සඳහා ඔහු භාවිත කළ මිශ්‍ර භාෂා ලක්ෂණ ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. එහිදී පාඨකයා තුළ මේ පිළිබඳ කුතුහලය තවදුරටත් වැඩි වන අතර, කතාව තෝරා බේරා ගැනීමට හැකි වන්නේ ඉන් පසුවය.
“මොකෝ කියන්නේ අර රජ්ජුරුවන්ගේ යෝජනාව ගැන?”
“මොන යෝජනාව ද?”
“අර රජ්ජුරුවන්ගේ යෝජනාව.”
“මොන රජ්ජුරුවො ද?”
“යකෝ රටකට රජ්ජුරුවො කෙළ කෝටියක් ඉන්නවා ද?”
කිව හැකි ගොරහැඬිම හඬින් මව එසේ කී විට, ඇය පියවි සිහියට පැමිණියාය. පැමිණ ඉතා සන්සුන්ව මෙසේ ප්‍රශ්න කළාය.
“ඩේට් කරන්නේ නැතිව මිනිහෙක් ගැන කියන්නෙ කොහොම ද?”
“මොකක් කිව්වා?”
මව තරම්ම ඇය ද කලබල වුණාය. එහෙත්, වහා සන්සුන්ව වචන පෙළ ගසා ගන්නට ඇය සමත් වුණාය. (පිටුව 156-157)
“මම මේ රටේ රජ්ජුරුවෝ කියලා දැනගෙනත්, ඔයා මේ දේවල් කියන්න බය නැද්ද?”
“නෑ.” ඇය පිළිතුරු දුන්නාය.
“මං දැන් මේ ඇඳේ ඉන්නේ රජෙක් එක්ක නෙමෙයි.”
“එහෙනං...?”
“මිනිහෙක් එක්ක.”
ප්‍රථම වතාවට තමා අසල හිඳින ගැහැනිය ගැන ඔහුට අභිමානයක් දැනිණි. ඒ හැඟීමෙන් ඔහු ප්‍රථම වතාවට ඇය වෙතට හැරුණේය. (පිටුව 168)
එම ඉතිහාස කතාව තරුෂි නම් තරුණියගේ මනෝකාය තුළ වර්ධනය වන කතාවකි. එම ඉතිහාසය හා ඇය සම්බන්ධ වෙමින්, තමන්ට අනාවැකි කීමේ විශේෂ හැකියාවක් හා අන් අය වෙනුවෙන් ආශීර්වාද කිරීමේ, විවිධ තරාතිරම්වල පුද්ගලයන් අපේක්ෂා කරන දේ ඉටු කර දීමේ විශේෂ බලයක් ඇති බව සිතයි. ඒ ඔස්සේ ඇය අනාවැකි කියන්නියක් බවට පත්ව සිටියි. ඇය හමුවට ක්‍රීඩකයන්, දේශපාලනඥයන් හා රටේ විවිධ ජනප්‍රිය පුද්ගලයන් පැමිණේ. කතාව තුළ වඩාත් යථාර්ථවාදී කොටස ඇත්තේ අවසානයේය. එමගින් ඇය බොහෝ සෙයින් මුදල් උපයන අතර, ජනප්‍රියත්වයට පත් වෙයි.
ඒ මිනිසාගේ හිසෙහි ඔටුන්නක් විය. ඒ සූර්ය රශ්‍රය දසක විහිදුවන ඔටුන්නකි. එහි හරි මැද නැත්නම් හරියටම නළලට ඉහළින් කොළ පාට මැණිකක් ඔබ්බවා තිබුණි. ඒ සැබැවින්ම මැණිකක් විය හැකි යැයි ඔහු අනුමාන කළේ, ඉන් කොළ පැහැති රශ්මියක් පිටතට විහිදුණු බැවිනි.....
ඔහුගේ මුහුණෙන් මතු වන හැඟීම් තේරුම් ගන්නට වෛද්‍ය රුවන් හේවගේ උත්සාහ කළේය. එහි ආඩම්බර ධීර වීරකමක් කැටි වී ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ ගැන තවත් සිතමින් සිටින විට ඒ රූපයට පාමුලින් දල්වා තිබූ මඳ ආලෝකයක් සහිත පොකුරු පහනක් ද, සුවඳ ධූපයන් මුදාහළ රත්රන් තැටියක් ද, කපුරු පෙති දල්වා තිබූ රිදී තැටිය ද ඔහුට දර්ශනය විය.
ඒ සියල්ල එසේ අනාවරණය වූ පසුව, ඔහු රූපයට දකුණු පසින් සිටි ගැහැනිය දුටුවේය.
“මට රෂ්මිකා කිව්වා ඩොක්ටර් ඇවිත් ඉන්නවා කියලා...”
මඳ අඳුරේ වුවත්, මන්දෝදරීගේ සිනහව ඔහු හඳුනා ගත්තේය. එහෙත්, ඒ කිසිවකට අවධානය යොමු නොකර අඩුම තරමින් මන්දෝදරී ඔහු ගැන කියූ වචන කිහිපය ගැන ද නොසලකා ඔහු අර රූපය දෙසට ඇඟිල්ල දික් කර මෙසේ ප්‍රශ්න කළේය.
“මේ කවුද?”
“මගේ හස්බන්ඩ්...” (පිටුව 228)
මොහාන් රාජ් මඩවල මෙතෙක් ලියූ නවකතා අතර මෙම නවකතාව සුවිශේෂි වන්නේ, එහි ඇති මෙම යථාර්ථවාදී හා සමකාලීන සමාජ කියවීම හේතුවෙනි. සරල භාෂා භාවිතයක් තුළ ඔහු අවස්ථා හා සිද්ධි නිරූපණයට අවශ්‍ය ලෙස භාෂා භාවිතය සිදු කර ඇත. ඉතිහාසය පසුබිම් කරගනිමින් රචනා කර ඇති කොටස පිළිබඳව ද වඩා පාඨකයාට හොඳ අවබෝධයක් ලැබෙන්නේ, එහි භාවිත කර ඇති නූතන භාෂාව හේතුවෙනි.
මොහාන් සිය කතාව අවසානයට ගෙන එමින් මෙහි ඇති මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳව යම් අවබෝධයක් පාඨකයාට ලබා දීමට උත්සාහ කර තිබේ. ඉතිහාස කතාවක් තුළ සිය අත්දැකීම සිරගත නොකර, චරිත හා සිද්ධි ඔස්සේ සරල කතාවක් කීම වෙනුවට මොහාන් මෙවර කරන ලද අත්හදා බැලීම සාර්ථකය. මානව චරිත හා ජීවිතය අලළා හුදු කතාවක් අලංකාරවත් ලෙස කීමෙන් එහාට ගොස් පාඨකයාට නව දැනුමක් ලබා දීමේ උත්සාහයක මොහාන් නිරත වී තිබේ. හුදෙකලාව, හිස්කම, ආදරය සොයා යෑමට සිදු වීම, ජීවිතය තුළ මුහුණ දෙන විවිධ අභියෝගාත්මක අවස්ථා හමුවේ තරුෂි නම් තරුණිය මන්දෝදරී බවට පත් වීමත්, ඒ තුළ ජීවත් වීමත්, ඔහු ජීවිතයේ මුහුණ දෙන එවැනි අවස්ථා මිනිසුන්ව අවසානයේදී පත්කරනු ලබන තත්වයත් පිළිබඳව මොහාන් මෙම කතාව ඔස්සේ ගෙන එයි. මිනිසුන් විවිධ ස්වරූපයෙන් මානසික රෝගීන් බවට පත් වන අතර, ඇතැම් අවස්ථාවල ඒවා හඳුනා ගැනීමට පවා සමාජය අපොහොසත් වන්නේ ඇතැම් මායාවන් හා මිථ්‍යාවන් සමග මිනිසුන්ට ඇති බැඳීම හේතුවෙනි.
හුදෙකලාව, ආදරය අහිමි වීම මත මිනිසුන් මායාවක් පසුපස යෑම හා ඔවුන්ට මිථ්‍යාවෙන් වැසී ගිය කලාපයක් විවර වීම පිළිබඳව මොහාන් මෙම නවකතාව ඔස්සේ අපූරුවට ගෙනහැරපායි. ආදරය ජීවිතයෙන් පලා යන විට එම හිස්තැන් පිරවීමට විවිධ බලවේග විවිධ ස්වරූපයෙන් පැමිණෙන බවත්, වර්තමාන සමාජය තුළ බෙහෙවින් කතාබහට ලක් වූ අනාවැකි කීම, නොපෙනෙන බලවේගවලින් විවිධ ශාන්තිකර්ම කිරීම ආදි වූ කලාපයන් පිළිබඳව ඔහු විවරණය කරයි.
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මායාව තුළින් යථාර්ථය පිලිබිඹු කරන මන්දෝදරී