මහනුවර පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය
සුසාන භූමියක් හෙවත් සොහොන් පිට්ටනියක් කියූ සැණින් බොහෝ දෙනෙකුගේ සිත් තිගැස්මකට ලක් වන්නේ නිරායාසයෙනි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ එවැනි ස්ථානවල පවතින ගුප්ත බව මෙන්ම, ඒවා පිහිටි පරිසරයන් නිර්මාණය කොට ඇති විවිධ වූ කරුණු කාරණා හේතුවෙනි.
ලොව බොහෝ රටවල මෙන්ම, මෙරට ද සුන්දර සුසාන භූමියන් නැතුවා නොවේ. එහෙත් එම ප්‍රමාණය අතේ ඇඟිලිවලට වඩා අඩුය. කෙනෙකුගේ සිත්වලට සොඳුරු බවක් සුසාන භූමියක් හරහා එක් කිරීමට හැකියාවක් ඇත්නම් එය කදිමය. එසේ පිහිටි ලොව සුන්දරතම සුසාන භූමි කීපය අතරට වැටෙන සුසාන භූමියක් මෙරට මහනුවර නගරය සමීපයේ පිටකන්ද නම් ප්‍රදේශයේ පිහිටා තිබේ. එය වූ කලී උද්‍යානයකට සමාන අතිශය චමත්කාරජනක වටපිටාවකින් සැදුම්ලත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සොඳුරුතම සුසාන භූමියකි. මෙම සුසාන භූමියට ගොඩවන කාගේ වුවද සිත් සුන්දර උද්‍යානයකට ගිය විට ඇතිවන සොඳුරු හැඟුම් ජනිත කරවීමට සමත්කම් දක්වයි.
දෙවන ලෝක මහා යුද්ධයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල යුද සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් කිරීමට මහනුවර, පිටකන්දේ මෙම අතිශය චමත්කාරජනක සුන්දර සුසාන භූමිය ස්ථාපිත කොට තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය ලෙස මෙය නම් කොට තිබේ. තවත් මෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමි හයක් මෙරට ප්‍රදේශ කීපයක ස්ථාපිත කොට තිබේ. ඉන් සුසාන භූමි හතරක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් හා අනෙකුත් ඒවා ත්‍රිකුණාමලය හා මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමිනුත් ඉඳිකොට ඇත.
ලොව පිහිටි ලස්සනම සුසාන භූමි කීපය අතරට ගණන් ගැනෙන මහනුවර, පිටකන්දේ පිහිටි මෙම සුසාන භූමිය සොඳුරු භූමි භාගයක මනරම් උද්‍යානයක් ලෙස සකස් කොට දිනපතා නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබයි. වර්තමානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය ලෙස හැඳින්වුවද අතීතයේ දී මෙය පිටකන්ද යුද සුසාන භූමිය ලෙස හඳුන්වා තිබේ. මෙම සුසාන භූමිය සකසා ඇති ආකාරය මෙන්ම අවට පරිසරයේ ඇති සුන්දරත්වය හේතුවෙන් ලොව සුන්දරම සුසාන භූමි අතරට මෙය ද ගණන් ගැනේ.
දෙවන ලෝක යුද්ධය වර්ෂ 1939 සැප්තැම්බර් මස සිට 1945 වසරේ අගෝස්තු මස දක්වා වසර හයක් පුරා පැවැතිණි. මෙය පළමුව යුරෝපා රටවල ඇති වී පසුව 1941 වසරේ නොවැම්බර් මස 07 දින ජපානය ඊට එක්වීමත් සමග ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විය. දෙවන ලෝක මහා යුද්ධය සැලැකෙනුයේ දැනට ලෝකයේ ඇති වූ භයානකම යුද්ධය ලෙසයි. ඇඩොල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම, ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය, ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය, ජාතීන්ගේ සංගමයේ දුර්වලතා හා වර්සෙල්ස් ගිවිසුමේ ප්‍රතිපත්ති දෙවන ලෝක මහා යුද්ධය ඇතිවීමට බලපාන ලද ප්‍රබලතම හේතුන් ලෙස සඳහන් වේ.
දෙවන ලෝක මහා යුද්ධයේ දී ජපානය විසින් අවස්ථාවන් දෙකක දී ශ්‍රී ලංකාවට ද බෝම්බ හෙලීමට පියවර ගෙන තිබිණි. 1942 වසරේ අප්‍රේල් මස 05 දින කොළඹ වරායට සහ 07 දින ත්‍රිකුණාමලයට මෙසේ බෝම්බ හෙළීය. එයින් අතිමහත් විනාශයක් සිදුවිය. ජපානයට ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති වුවද, ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ ආසියාවේ අණදෙන මූලස්ථානය මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. මෙම මූලස්ථානයට අමතරව කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදී ස්ථානවල මෙන්ම සීගිරිය, මින්නේරිය, හිඟුරක්ගොඩ, ත්‍රීකුණාමලය ආදී නගරවල ද ඔවුන්ගේ එක් එක් බළකායන්ට අයත් කඳවුරු පිහිටුවා ගනු ලැබීය. එම යුද කඳවුරුවල ඉංග්‍රීසි, ඇමරිකානු, ගුරුකා, කාපිරි, කලු අප්‍රිකානුවන්, ඉන්දියානුවන් ආදී රටවල යුද ගුවන් හා නාවික හමුදා භටයන් සේවයේ යොදවා තිබිණි.
මෙම යුද්ධය කෙතරම් බිහිසුණු ද එමෙන්ම කෲර වූයේද යත් කිවහොත් ඉන් ලොව පුරා මියගිය ගණන කෝටි හයක් පමණ වෙතැයි සඳහන් වේ. එයින් කෝටි දෙකක් හමුදා සෙබළුන්ය. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන නිවරදිම සංඛ්‍යා ලේඛන නොවන බවත්, මීට වඩා ඉහළ මරණ ප්‍රමාණයක් සිදුවෙන්නට ඇතැයි බොහෝ යුද විශේෂඥයන්ගේ මතය වී තිබේ.
දෙවන ලෝක මහා යුද්ධයෙන් මියගිය 2000 ට අධික යුද සෙබළුන් පිරිසක් ශ්‍රී ලංකාවේ ද මිහිදන් කිරීමට එවකට පැවැති පාලකයන් පියවර ගෙන තිබිණි. ඔවුන් කොළඹ, ත්‍රිකුණාමලය හා මහනුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමි හයක මෙසේ මිහිදන් කොට තිබේ. මහනුවර, පිටකන්දේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේ යුද්ධයෙන් මියගිය යුද සෙබළුන් 203 කගේ සිරුරු මිහිදන් කොට ඇත.
නාවිකය භටයන් 16 කු, යුද හමුදා භටයන් 151 කු, ගුවන් හමුදා භටයන් 32 කු, වෙළෙඳ නාවිකයන් එක් අයෙකු, ගිනි නිවන සේවයේ එක් අයෙකු, අනන්‍යතාව හඳුනානොගත් දෙදෙනෙකු ලෙස මෙසේ මහනුවර, පිටකන්ද සුසාන භූමියේ මිහිදන් කොට තිබේ. ජාතීන් වශයෙන් ගත් කල බ්‍රිතාන්‍ය ජාතිකයන් 107 කු, පෙරදිග අප්‍රිකානුවෝ 35 දෙෙනකු, ශ්‍රී ලාංකිකයෝ 26 කු, ඉන්දියානුවන් 23 දෙනෙකු, කැනේඩියානු ජාතිකයන් හය දෙනෙකු, ඉතාලි ජාතිකයෝ තිදෙනෙකු, ප්‍රංශ ජාතිකයන් එක් අයෙකු ලෙස පිරිසක් මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේ මිහිදන් කොට ඇති පුද්ගලයන් අතර සිටිති.
ඉතාමත් මනරම් භූමිභාගයක ස්ථාපිත කොට ඇති මහනුවර, පිටකන්ද පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය ලස්සන සේම ඉතාමත් පිරිසිදුය. මෙම සුසාන භූමිය පොදු රාජ්‍ය මණ්ඩලීය සොල්දාදුවන් අනුස්මරණ කොමිෂන් සභාව විසින් ඉදිකොට තිබේ. දෛනිකව පිරිසිදු කොට නඩත්තු කරගෙන යන්නේද එම කොමිෂන් සභාව විසිනි.
මහනුවරට පැමිණෙන විදේශිකයන් බොහෝ පිරිසක් මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය නැරඹීමට එහි යති. ඇතැම් අවස්ථාවන්හීදී මෙහි මිහිදන් කොට ඇති පුද්ගලයන්ගේ වර්තමාන ඥාති පරපුරේ පිරිස්ද මෙම ස්ථානයට පැමිණ තම ඥාතියාට ගෞරව දක්වා යන බව සුසාන භූමි සේවකයෝ පවසති.
සටහන හා ඡායාරූප-
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මෙරට සුන්දරම සුසාන භූමිය