දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. "ඕලූ" ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත් ඒ ලෙසින්ම රැකගනිමින් රංගනයෙන් මෙන්ම නර්තනයෙනුත් ප්‍රේක්ෂක හදවත් වසඟකරගත් ඔහු ඔබ අප කවුරුත් හඳුනන සුරාජ් මාපා යි. මේ මෙවර සඳැල්ලෙන් ඔහු සමඟ කළ කතාබහයි...
මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජුරාලියා ටෙලිනාට්‍යයේ පීටසන්ගේ චරිතයට සහ සියත නාළිකාවේ විකාශය වන නිමාවක් නැති ආදරේ ටෙලිනාට්‍යයේ මිගාරගේ චරිතයට රංගනයෙන් දායකවෙලා ඉන්නවා. ඊට අමතරව පසුගිය දින කිහිපයේ හිරු, ස්වර්ණවාහිනි සහ සිරස යන නාළිකාවන්හි පැවති නර්තන වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වුණා. ඉතින් මේ වැඩකටයුතු එක්ක තමයි මේ දවස් ගත වෙන්නේ.
එහෙම විශේෂයක් නැහැ. නිර්මාණ දෙකටම එකම විදිහට කැමතියි. මම එහෙම ගොඩක් චරිත තෝරගෙන කරන්නෙත් නැහැ. පහුගිය කාලය තුළ හරිම අඩුවෙන් තමා රංගන වැඩකටයුතුවලට සම්බන්ධ වුණේ. ඇත්තටම මේ ටෙලිනාට්‍ය දෙකට සම්බන්ධ වෙන්න කලිනුත් තවත් ආරාධනා බොහෝමයක් ලැබුණා. නමුත් භාර ගත්තේ නැහැ. ජුරාලියා කියන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ නිර්මාණයක්. ඔවුන්ගේ නිර්මාණයක් නිසා මම ඒකට සම්බන්ධ වුණේ. නිමාවක් නැති ආදරේ සියත ටීවී නිෂ්පාදනයක්. මහේන්ද්‍ර කුලසිංහගේ අධ්‍යක්ෂණයක්. මමත් මහේන්ද්‍රත් මේ පිටපත ගැන ගොඩක් සාකච්ඡා කරලා තමයි ඒ නිර්මාණයටත් සම්බන්ධ වුණේ. ඉතින් දෙකටම එක වගේ මහන්සි වෙනවා. ඒ නිසාම නිර්මාණ දෙකටම මම කැමතියි.
නිමාවක් නැති ආදරේ ටෙලි නාට්‍ය ඇතුළේ තියන චරිතය වර්තමාන සමාජයෙ දකින්න ලැබෙන චරිත අතරින් එකක්. මේ චරිතයේ දී මිගාරට විවාහ දෙකක් තිබෙනවා. එක්කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩියි. අනිත් කෙනා තමන්ට වඩා වයසින් අඩුයි. ඇත්තටම අපිට ජීවත් වෙනකොට විවිධාකාරයේ ආශාවල් ඇතිවෙනවා. ඒක සාමාන්‍යයි. දැන් මිනිස්සු හිතන්නේ සල්ලි තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මේ නිසා ඇතිවෙලා තියෙන ගැටලුවක් තමයි මිනිස්සු වැරදි කරන්න බය නැති වීම. ඒ නිසා තම ආශාවල් වෙනුවෙන් මිනිස්සු වැරදි මාර්ගවල යනවා. සමහරුන්ගේ ජීවිත ඇත්තටම ගේම් එකක් වගේ. ඉතින් මේවගේ චරිත අද සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. නමුත් මේ හැමදෙයක් ඇතුළෙම තියන මානසික වදය, ප්‍රශ්න, රහසක් සගවා ගන්න කරන උත්සාහය ඇතුළේ තියන අපහසුතා, මේ වගේ සයිට් ඉෆෙක්ට් ගැන කවුරුත් හිතන්නෙ නැහැ. ඒ සයිට් ඉෆෙක්ට් ගැන තමයි මේ නිර්මාණයෙන් ගොඩක් වෙලාවට අපි කතා කරන්න උත්සහ කරන්නේ.
ඇත්තටම අද බොහෝමයක් මිනිසුන් උත්සාහ කරන්නේ තමන්ට මුදල් තියෙනවා නම් තමන්ට අවශ්‍ය අනිත් ආශාවනුත් කෙසේ හෝ ඉෂ්ට කර ගන්නයි. ඒ කියන්නේ සල්ලි තියෙනවනම් දැන් ඕන දෙයක් කරන්න පුළුවන් කියන තැන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් අද සමාජය ඇතුළේ සමාජ මාධ්‍යයන්හි ඇතිවෙලා තියන දියුණුව නිසා මිනිස්සු අතර සම්බන්ධතා ගොඩ නැගීම වේගවත් වෙලා. ඒක යහපත්- අයහපත් කියන දෙවර්ගයටම බලපෑ හැකියි. ඒත් එක්කම අපි ලෝකෙට විවෘත වෙලා තියන නිසා වෙනත් සංස්කෘතීන්, අලුත් දේවල්
ගැන දැනගන්නවා. ඉතින් අපිට එක එක බලාපොරොත්තු ඇතිවෙනවා. නමුත් අපි බලාපොරොත්තුවෙන දේම අපිට හිමිවෙන්නේ නැහැ. ආදරයේදිත් මේ තත්ත්වය ඒ විදිහමයි. ඉතින් කෙනෙක් මුදල්වලින් ස්ථාවර වෙද්දී තමන්ට අවශ්‍ය කරන හැමදේම ගන්න, අංග සම්පූර්ණ වෙන්න උත්සාහ කරනවා. ඒ ආශාවන් පසුපස හඹා යනවා. ඉතින් මේ දේවල් නිසා තමයි මේ වගේ සමාජ ප්‍රශ්න ගොඩනැගෙන්නේ. එයින් ඔහු හෝ ඇය මෙන්ම ඔවුන් වටා ඉන්න පිරිසත් ගැටලු ගොන්නක මැදිවෙනවා.
නවක ද ප්‍රවීණ ද කියන එක ප්‍රශ්නයක් නැහැ. මාත් සමඟ නිර්මාණයට සම්බන්ධ වන අනෙක් පාර්ශවය දක්වන සහයෝගය තමයි වැදගත් වෙන්නේ. සමහර අවස්ථාවන් තියෙනවා ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා නමුත් නවකයින්ගෙන් ඒ සහයෝගය නැති. තවත් අවස්ථාවලදී ප්‍රවීණයන්ටත් වඩා හොඳට නවකයින්ගෙන් සහයෝගය ලැබෙනවා . ඒක පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ. මගෙත් එක්ක වැඩ කරද්දි බොහෝ දෙනෙක් මට හොඳ සපෝට් එකක් දෙනවා. මොකද මමත් ඒ අයට මගේ උපරිමයෙන්ම උදව් කරනවා. මම හිතන්නේ අපිට සහයෝගය ලැබෙන්න නම් අපිත් ඒ අයට සහයෝගය ලබා දෙන්න ඕන. ගොඩක් වෙලාවට නිර්මාණ කරනකොට අපි ඒ අය බය කරගෙන ඒ අයට චකිතයක් හෝ බයක් දැනෙන විදිහට හැසිරෙනවා නම් ඒ සම්බන්ධය ගොඩ නැගෙන්නෙ නැහැ. මම ගොඩක් ප්‍රවීණයන් සමඟ වැඩ කළ කෙනෙක්. ඒ කාලේ අපේ ප්‍රවීණයන් අපිට සැලකුවේ හරිම ආදරණීය විදිහට. නිර්මාණයේ වැඩ කටයුතු කරන්න කලින් අපිත් සමග සුහදශීලීව වාඩිවෙලා කතා කරනවා. ඉතින් ටිකක් වෙලා යනකොට එයාල ප්‍රවීණයන් කියලත් අපිට අමතකයි. ඒ තරම් ඔවුන් අපිට සුහදවෙනවා. හිතවත් වෙනවා. ඒ මිත්‍රත්වය තුළ ඒ හිතවත්කම් මත තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. ඒ විදියට අපේ ප්‍රවීණයන් අපිට කියල දුන්නු දේවල් මමත් ඒ විදිහටම අරගෙන යනවා.
ප්‍රේක්ෂක අාදරේ ඒ දවස්වල ඉඳන්ම තවමත් ඒ විදිහටම ලැබෙනවා. ඒක එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. මේ දිනවල මේ ටෙලිනාට්‍ය දෙක නිසා ආයෙත් ප්‍රේක්ෂකයන්ගේ වැඩිවීමක් සිද්ධවෙලා තියෙනවා. social media වල කමෙන්ට්ස් දාන එක, මැසේජ් කරන එක, පාරෙ යනකොට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එන්න එන්න වැඩි වෙනවා. විශේෂයෙන්ම මේ අය මේ කතා එයාලගේ කරගෙන. ජුරාලියා ටෙලි නාට්‍යය බලන ගොඩ දෙනෙක් මගෙන් අහන දේ තමයි දියමන්ති ටික හම්බෙනව ද කියන එක. සමහර වෙලාවට මගේ යාළුවෝ පවා කෝල් කරලා අහනවා. දැන් ඒ නාට්‍යය ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒ ආදරේ ඉස්සර වගේම දැන් ආයෙත් ලැබෙන්න පටන්ගෙන. මේ ආරම්භයක් විතරයි. තව ගොඩක් වැඩ තියනවා කරන්න.
අලුත් පරම්පරාව හොඳයි, නමුත් බොහෝ දෙනෙක් මේ ක්ෂේත්රයේ දේවල් දන්නේ නැහැ. නොදැනුවත්කමක් තියෙනවා. ඉස්සර අපි චිත්‍රපටි බලලා පවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි රූගත කිරීම්වලට යන්නේ (CD/DVD Player) වගේ හැමදේම අරගෙන. නිවාඩුවක් ලැබුණු ගමන් චිත්‍රපටි බලනවා. මොකද ඒ කාලේ ඉඳලම චිත්‍රපටි බලන්න ලොකු පිස්සුවක් තිබුණා. දැන් අලුත් පරම්පරාවට මේ අවස්ථා ඕන තරම් තියෙනවා. තාක්ෂණය දියුණුයි. නිදහස තියනවා. මට අලුත් අයට කියන්න තියෙන්නේ හොඳට චිත්‍රපටි බලන්න. ලංකාවේ මේ කලා ඉතිහාසය ගැන හොඳට හොයන්න. කියවන්න. බලන්න. ඒ සම්බන්ධයෙන් ඉගෙනගන්න. එකක් දෙකක් රගපාලා දැන් මම හැම දේම දන්නවා. මෙතනින් එහාට මම නළුවෙක් කියලා හිතුවොත් එයාට ගමනක් නැහැ. හැම වෙලාවෙම තවත් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන කියල හිතන්න. කලාව තුළ පැවැත්ම තියා ගන්න නම් හැම වෙලාවෙම අපි දැනගන්න ඕන අපි කරන නිර්මාණයට සාධාරණයක් කරන්න. ඒකට මහන්සි වෙන්න.
අපි කරන මහන්සිය සහ ලබා ගන්නා අත්දැකීම්. අපි සාමාන්‍යයෙන් නිර්මාණයක් බාරගත්තම ඊට මාස දෙක තුනකට කලින් ඉඳන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. දැන් අය වැඩ ගොඩක් භාර අරගෙන ඉක්මනින් ඇවිත් ඔහේ රඟපාලා යනවා. නමුත් මේ ක්ෂේත්රයේ රැඳී ඉන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕන සහ අත්දැකීම් එකතු කරගන්න ඕන. අත්දැකීම් මත තමයි මේක රඳා පවතින්නේ. මම අත්දැකීම් තුළින් ගොඩක් දේවල් ටික ටික ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ හින්දා තමයි අද මං මෙතන ඉන්නේ. ඒව ගැන හොයන්න ඕන. මේක හරිම විශාල, ගැඹුරු විෂයක්. මේ විෂය හොයන්න මහන්සි වෙන්න ඕන. ඒක හොයාගෙන යනකොට ජීවිතෙත් හමුවෙයි.
මම නර්තන පාසලක් ආරම්භ කළා. දැන් ඒකෙ වැඩකටයුතු කරගෙන යනවා. ටික ටික ළමයි වැඩි වෙනවා. ඇත්තටම මට ඕන අලුත් පරම්පරාව නර්තනයට නැඹුරු කරන්න. නර්තනය ඉගෙන ගැනීම තුළින් ජීවිතයේ විනය, පෞරුෂය, නිර්මාණශීලීත්වය වගේම හැකියාවනුත් වර්ධනය වෙනවා. මේක ක්‍රීඩාවක් වගේ දෙයක්. විශේෂයෙන් මම මෙතනදි උත්සාහ කරන්නේ නර්තන හැකියාව තියෙන, නර්තනයට ආදරය කරන, නර්තනයට ආස කරන ගම්වල ඉන්න අයට අවස්ථාවක් දෙන්න. ලංකාව ඇතුළේ ගොඩක් දක්ෂ නර්තන ගුරුවරු හිටියා. ඒ අය රැකගත්තු මේ විෂයන් සංස්කෘතියත්, විනයත් සමඟ ඉදිරියට ගෙන යන්න මම උත්සහ කරනවා. නර්තනය කියන්නේ ඇත්තටම දෙවිවරුන්ගේ විෂයක්. ඒක දේවත්වයෙන් සලකන විෂයයක්. අද මේ රටේ නර්තනය එන්න එන්න පහළට යනවා. ගොඩක් තරුණ තරුණයන් නර්තනයෙන් ඈත් වෙලා තියෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අලුත් පරම්පරාව නර්තනයට යොමු කරන්න. එහෙම වුණොත් මේ නර්තන කලාව තුළින් කෙනෙක්ට ඉස්සරහට යන්න, වෘත්තියක් විදිහට මේක හදාරලා ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් හැදෙයි. ඒක නිසා තමයි මම මේ ආයතනය පටන් ගත්තේ. මේක ඇතුළෙ අපි ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.
චමින්ද ජයසූරියගේ ද ෆාදර් සහ ඉන්දියානු අධ්යක්ෂකවරයෙක්ගේ ළමා චිත්‍රපටයක් වන සිංහම් කියන චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තියෙනවා.
මේ අවුරුද්දෙ විවාහ වෙන්න අදහසක් තියෙනවා. ඒ වෙනස සිදුවේවි.
නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට සහ නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නත් ඒ වගේම සිනමාපට කිහිපයක රඟපාන්න අදහසකුත් තියෙනවා. මේ විදිහට ඉදිරියේදී වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා.
දුලක්ෂි ලියනගේ
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගයනි ගිසන්තිකා මේ දිනවල රංගනයෙන් දායක වන නාට්‍යයේ චරිතය ගැන කියා සිටියේ එලෙසිනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා