IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


යුරේනස් අයිස් යෝධයා විද්‍යාඥයන් මුළා කළ හැටි


පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙන්න පුළුවනි. අප සිතුවා වරදින්න පුළුවනි. මෙය ග්‍රහලෝක සම්බන්ධයෙන් ද පොදු කාරණාවකි. 

අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටකි.  හිරුගේ සිට ඒවා පිළිවෙළින් බුධ , සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ය. ප්ලූටෝ කුරු ග්‍රහයකු ලෙස සැලකෙන බැවින්, ප්‍රධාන ග්‍රහලෝක අතරට අයත් නොවෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ හත්වැනි ස්ථානයේ පසුවන යුරේනස්, හිරුගේ සිට වැඩි දුරකින් පිහිටන බැවින් සීතල අයිස් සහ වායුවලින් පිරුණු ග්‍රහයෙකි. 

අනෙක් ග්‍රහලෝක මෙන් නොව, යුරේනස් වෙනස් අමුතු ග්‍රහලෝකයකි. හිරු සහ යුරේනස් අතර දුර කිලෝමීටර් බිලියන 2 කි. එය පෘථිවිය සහ හිරු අතරේ දුර මෙන් 20 ගුණයකි. යුරේනස්ට තමන් වටේ ගොස් එක් යුරේනස් දිනයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පෘථිවි පැයවලින් නම් පැය 17 කි. සූර්යයා වටා ගොස් යුරේනස්ට වසරක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පෘතිවි  අවුරුදු 84 කි. 

යුරේනස් අංශක 99 ක් ඇලයට පිහිටයි. සාමාන්‍යයෙන් අනෙක් ග්‍රහයන් හිරු වටේ යන්නේ තමන් වටා කැරැකෙමිනි. එහෙත්, මෙසේ ඇලයට පිහිටන නිසා, යුරේනස් පෙරළි පෙරළි හිරු වටා යන බවක් පෙනෙයි. එපමණක් නොවෙයි; යුරේනස් නැගෙනහිර සිට බටහිරට, සූර්යයා වටා ගමන් කරයි. සෙසු ග්‍රහලෝක ගමන් කරන්නේ, ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයටය. පෘථිවිය මෙන් 14 ගුණයක් විශාල යුරේනස් ඇලයට පිහිටන බැවින් - ඊට අයත් උප ග්‍රහයන් නැතිනම් චන්ද්‍රයන් පිහිටා ඇත්තේ සිරස් ආකාරයටය. අනෙක් ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන් පිහිටා ඇත්තේ තිරස් අතටය.

යුරේනස් සම්බන්ධයෙන් ගවේෂණයක් සිදුවූයේ පසුගිය අවුරුදු 40 ඇතුළත එක් වරක් පමණි. එය ද පැය කීපයක කෙටි අධ්‍යයනයකි. ඉන්පසු ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් තීරණය කළේ යුරේනස් සහ යුරේනස්ට අයත් චන්ද්‍රයන් කිසිම වැදගත්කමක් නැති, ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් නො කරන නිසරු අයිස්වලින් සමන්විත ග්‍රහලෝක කියාය. ඒත්  වසර 40 කට පසු, අද යුරේනස් සම්බන්ධයෙන් ලබාගෙන ඇති නවතම දත්ත අනුව, යුරේනස් පමණක් නොව - යුරේනස්ට අයත් චන්ද්‍ර මණ්ඩලය ගැන ද අප මෙතෙක් දැන සිටි බොහෝ දේ වැරදි බව නාසා විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබේ.


යුරේනස්ට චන්ද්‍රයන් 27 දෙනකු සිටින අතර, එයින් පස් දෙනකු කැපී පෙනෙයි. යුරේනස් ග්‍රහයා තුළත් යුරේනස් ග්‍රහයාගේ චන්ද්‍රයන්ගේත් ජීවය පැවතිය හැකි බව විද්‍යාඥයෝ දැන් අනුමාන කරති. ඒ නවතම දත්ත අනුව, ඔවුන්ට යුරේනස් ග්‍රහයාගේ පමණක් නොව - චන්ද්‍රයන්ගේ ද සාගර ඇතැයි කීමට තුඩුදුන් සාධක හමුවී තිබීම නිසාය. නාසා විද්‍යාඥයන් දැන් මෙසේ පවසන්නේ, ඔවුන් විශ්වයේ ඈත රඳවා ඇති අභ්‍යද්‍යාවකාශ නිරීක්ෂණ දුරේක්ෂය ආධාරයෙන් යුරේනස් සහ චන්ද්‍රයන් නිරීක්ෂණය කිරීමෙනි. 

සාමාන්‍යයෙන් නාසා ආයතනයට සම්බන්ධ වී සිටින්නේ අතිදක්ෂ විද්‍යාඥයන්ය; තාක්ෂණ ශිල්පීන්ය; ගණිතඥයන්ය. එහෙයින් ඔවුන්ට පහසුවෙන් වැරදීම් සිදු වන්නේ නැත. එසේ නම්, යුරේනස් සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන්ට වැරදුණේ කෙසේද? ඔවුන් මුලා වූයේ කෙසේද?

අප සෞරග්‍රහ මණ්ඩලයේ වළලු‍ සහිත අලංකාර ග්‍රහලෝකය වන්නේ සෙනසුරුය. එහෙත් යුරේනස්ට ද වළලු‍ ඇත. හරියටම කීවොත් වළලු‍ 13 කි. විද්‍යාඥයන්ට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ වළලු‍ 11 ක් පමණි. දූවිලි සහ අයිස් අංශුවලින් නිර්මාණය වී ඇති එම වළලු‍ සෙනසුරුගේ මෙන් දීප්තිමත්ව, පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින්, විශාලත්වයෙන් තෙවැනි ස්ථානයේ පසුවන්නේ ද යුරේනස්ය. යුරේනස් ගවේෂණය කර දුන් එකම ගවේෂණ යානය නාසා ආයතනයේ ’වොයේජර් 2’ රොබෝ යානයයි. ඒ, 1986 වසරේදීය. 1977 වසරේ පෘථිවියෙන් පිටවී ගිය වොයේජර් 2 ගවේෂණ යානයට යුරේනස්ට ළං වීමට අවුරුදු නවයක් ගත විය. කිලෝ මීටර් බිලියන 2.8 ක දුරක් ගෙවා දමා යුරේනස් වෙත පැමිණි වොයේජර් 2 ගවේෂණය කරමින් දත්ත රැස් කිරීමට ගත කළේ පැය 6 ක් වැනි කෙටි කාලයකි. මුලදී විද්‍යාඥයන් යුරේනස් ගැන දැන සිටියේ එම පැය හයක කාලය ඇතුළත වොයේජර් 2 පෘථිවියට එවූ දත්ත අනුවය. විද්‍යාඥයන්ට වැරදුණේ එතැනය.

‘වොයේජර් 2 රොබෝ ගවේෂණ යානය, යුරේනස් වෙත පැමිණියේ, යුරේනස්ට හොඳ දවසක නොවෙයි යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. එදා වොයේජර් 2 යුරේනස් පසු කර යද්දී, යුරේනස් ප්‍රචණ්ඩ සූර්ය විකිරණ කුණාටුවකින් බැට කා සිටියේය. එම සූර්ය විකිරණ කුණාටුව කොතරම් බලසම්පන්නදැයි කීවොත්, සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටි යුරේනස් ග්‍රහලෝකයේ භූ ලක්ෂණ පවා වෙනස් කිරීමට සමත් විය. සූර්ය කුණාටුවේ ප්‍රතිඵලයක් වශයෙන් වොයේජර් 2 යුරේනස් අසලින් යමින් - දත්ත සහ ඡායාරූප ලබා ගනිද්දී, යුරේනස් පැවැතියේ එහි සාමාන්‍ය තත්ත්වයෙන් නොවේ. ඒ වනවිට යුරේනස්ගේ ප්‍රධාන චන්ද්‍රයන්ට එම සූර්ය කුණාටුවේ බලපෑම් එල්ල වී තිබුණි.

‘වොයේජර් 2 ලබාගත්  දත්ත සහ ඡායාරූප ගුවන්විදුලි තරංග ඔස්සේ පෘථිවියේ සිටි විද්‍යාඥයන්ට ලැබෙන්න සැලැස්විණි. ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු පෙනී ගියේ යුරේනස් යනු කිසිදු සක්‍රිය බවක් නොපෙන්වන ග්‍රහයකු බවය. යුරේනස්ගේ චුම්බක ක්ෂේත්‍රය ද අවුල් ජාලයක් බව වොයේජර් 2 දත්තවලින් විද්‍යාඥයන්ට දැනගන්න ලැබුණි. ඕනෑම ග්‍රහලෝකයක චුම්බක ක්ෂේත්‍රය ඉතා වැදගත්ය. චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමෙන් ග්‍රහලෝක ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ග්‍රහලෝකයක ඇති වායු සහ අනෙක් අමුද්‍රව්‍ය සියල්ල චුම්බක ක්ෂේත්‍ර මගින් රඳවා ගැනීමක් සිදුවන බැවින් , ඒවා අධ්‍යයනය කිරීමෙන් එම ග්‍රහලෝකය ජීවයට සුදුසු තැනක් ද නැද්ද දැනගත හැකිය. 

‘වොයේජර් 2 යුරේනස් සහ යුරේනස්ගේ චන්ද්‍රයන් පසුකර යද්දී සූර්ය කුණාටුවලින් චුම්බක ක්ෂේත්‍රය අවුල් ජාලයක් වී තිබුණේ, යුරේනස් සීතල අයිස් ග්‍රහයෙක් පමණක් බව පෙන්වමිනි. සූර්ය කුණාටුවක බලපෑමකට එදා යුරේනස් හසුවී තිබුණු බව විද්‍යාඥයන් දැන සිටියේ නැත. ඔවුන් මේ බව දැනගත්තේ පසුගිය දිනෙකය. ඒ, ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා දුන් දත්ත පාදක කර ගනිමිනි. ජේම්ස් වෙබ් යනු නාසා ආයතනය අභ්‍යවකාශයේ රඳවා ඇති අතිප්‍රබල දුරේක්ෂයකි. සූර්ය කුණාටුවේ බලපෑමෙන් මිදුණු පසු යුරේනස්ගේ චුම්බක ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත් විය. එහෙත්, ඒ වනවිට වොයේජර් 2’ යුරේනස් පසු කර විශ්වයේ ඈත කෙළවරට ගොස් හමාරය. වොයේජර් 2 යානයේ දත්තවලින් දකින්න ලැබුණු යුරේනස්ට වඩා හාත්පසින් වෙනස් යුරේනස් ග්‍රහලොවක් පවතින බව නවතම දත්තවලින් පැහැදිලි වෙනවා. ද්‍රව සාගර යුරේනස් ග්‍රහයාගේත් චන්ද්‍රයන්ගේත් තිබෙන්න හැකි යැයි අනුමාන කරන්න පුළුවන්. ද්‍රව සාගර යනු ජීවය ආරම්භවීමට අවශ්‍ය ප්‍රධාන සාධකයකි. ඒ අනුව, ඉදිරියේ දී යුරේනස් ග්‍රහලෝකය සහ චන්ද්‍රයන් පමණක් ගවේෂණයට අප රොබෝ යානයක් යැවීමටත් බලාපොරොත්තු වෙනවා. යානය නිර්මාණය කිරීම ඉදිරි වසර 10 ඇතුළත සිදුවේවි.’ යැයි නාසා විද්‍යාඥයෝ කියති.


  • ලු‍සිත ජයමාන්න

      ස්තුතිය - නාසා ආයතනයට


 



අදහස් (0)

යුරේනස් අයිස් යෝධයා විද්‍යාඥයන් මුළා කළ හැටි

ඔබේ අදහස් එවන්න

Recommended News

ලොව ප්‍රථම ආසියානු බොදු සමුළුව
2024 නොවැම්බර් මස 27 5 0

පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දි


අතුරුදන් සැමියා ගැන වසරකට පසු තොරතුරක්
2024 නොවැම්බර් මස 27 10 0

මොරවැව ක්‍රියාන්විත පරිසරයේ දිවි ගෙවීම වඩා පීඩාකාරී වූයේ කුමුදුට වඩා ඇගේ දියණියට ය. රට වෙනුවෙන් තම සැමියා සදාකාලිකවම ජීවිතය පූජා කොට තිබූ තත්ත්වයක් ත


කෝටි 200 ක වියදම් මැද ක්‍රීඩා ධවල මන්දිරයට පැමිණි ආගන්තුකයා
2024 නොවැම්බර් මස 27 9 0

ජාතික ජන බලවේගය රජයේ ක්‍රීඩා ඇමැතිවරයෙකු නිදහසින් පසුව වසර 70 කට පසුව වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයකට ලක් නොවුණු පුද්ගලයෙ


සුදු පන්දුවෙන් රතු පන්දුවට
2024 නොවැම්බර් මස 27 7 0

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තය හමුවේ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ දී හෝ ඉන් පිටතදී නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් ශ්


යුරේනස් අයිස් යෝධයා විද්‍යාඥයන් මුළා කළ හැටි
2024 නොවැම්බර් මස 27 14 0

පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙ


අලුත් වාරයක් ඇරඹෙයි
2024 නොවැම්බර් මස 26 81 0

රටම ඉතා උනන්දුවෙන් බලා සිටි මහ මැතිවරණය ඉකුත් සති අන්තයේ අවසන් විය. ඒ කිසිවකුත් අපේක්ෂා නොකළ, විශේෂයෙන් ජාතික ජන බලවේගයවත් අපේක්ෂා නොකළ, අතිවිශාල ජයග්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site