IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි


ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය  මෙවර පැවැත්විණ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය වේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කරගනු ලබන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට වසර 05ක කාලයක් සඳහා සර්ව ජන ඡන්දයෙනි. සියලු‍ම නීති සම්පාදනය සඳහා බලය පාර්ලිමේන්තුව සතුය.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමනාකාරයෙන් සිදු වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් මෙම ලිපිය සමන්විත වේ. 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගුරුකොට ගන්නා සම්ප්‍රදාය සහ නෛතික පැතිකඩ


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විකාශනය වී තිබෙනුයේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගුරු කොට ගනිමිනි. ශ්‍රී ලංකාව බි්‍රතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති සමයේ ලැබුණු දායාදයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හඳුනාගැනීමට පුළුවන. බි්‍රතානයේ ක්‍රියාත්මක පාර්ලිමේන්තු ක්‍රමයේ ස්වරූපයටම මෙරට පාර්ලිමේන්තු ක්‍රමය විකාශනය වී තිබේ. මෙය පාර්ලිමේන්තුවේ මූලික සම්ප්‍රදාය යි. 

මූලික වශයෙන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන්නේ සම්මුතිය(සම්ප්‍රදාය), වරප්‍රසාද සහ පරිචය යන කාරණා මත පාදකවය. ස්ථාවර නියෝග මඟින් යම් යම් කොන්දේසි, යම් සීමාකම් වරප්‍රසාද ආදිය පනවා තිබේ. පාර්ලිමේන්තු සභා ගර්භයේ, සමස්ත කාර්යයන් තුළ ප්‍රධානියා වශයෙන් සලකනුයේ කථානායකවරයාය. සමස්තයක් වශයෙන් කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් සලකනුයේ පාර්ලිමේන්තු මහලේකම්වරියයි. මෙහි පාලනය දෙපාර්තමේන්තු අටක් දක්වා විහිදුවා තිබෙන අතර එක් එක් දෙපාර්තමේන්තුව වටා සුවිශේෂී බලතල කේන්ද්‍රගතව තිබේ. නිදසුනක් වශයෙන් ගතහොත් හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතාබහ කරන කරුණු ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමය. යම් මන්ත්‍රීවරයෙකු සිංහල භාෂාවෙන් කතා කරනවා නම් එය සිංහල භාෂාවෙන් සටහන් තැබීමත්, තවත් මන්ත්‍රීවරයෙකු දෙමළ භාෂාවෙන් කතා කරනවා නම් එය දෙමළ භාෂාවෙන් සටහන් තැබීම කළ යුතු වෙනවා. යම් අවස්ථාවක කථානායකවරයාගේ නියෝග මත පාර්ලිමේන්තු සභා ගර්භයේ ප්‍රකාශ කරන ලද යම් නොගැළපෙන වචන කපා හැරීමට පුළුවන. එවිට එම නොවැදගත් වචන හැන්සාඩ්හි ඇතුළත් කරන්නේ නැත. 

ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙකුට සුවිශේෂී වරප්‍රසාද රාශියක් තිබේ. එහිදී පාර්ලිමේන්තු ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්ද යන්න මූලිකවම සලකා බලන්නේ නැත. මූලික වශයෙන් මන්ත්‍රීවරයෙකු වශයෙන් සලකා සුවිශේෂී වරප්‍රසාද රාශියක් හිමි වේ. වර්තමානයේ සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ මන්ත්‍රී නිල නිවාස, වාහන කියන දේ මන්ත්‍රීවරයෙකුට ලැබුණු වරප්‍රසාදයක් නොව ප්‍රතිලාභයකි. වරප්‍රසාදයක් ලෙස සලකනුයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට, අමාත්‍යවරයෙකුට කිසිදු වෙනසක් නොමැතිව භුක්ති විඳීමට පුළුවන් දෙයකි. නිදසුනක් වශයෙන් වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය තුළ සෑම මන්ත්‍රීවරයෙකුටම සුවිශේෂී වූ වරප්‍රසාද සමූහයක් හිමිව තිබේ. කිසිදු බලපෑමකට යටත් නොවී නිදහසේ කතාබහ කිරීමට ඇති හැකියාව ඉන් ඒක් වරප්‍රසාදයකි. පාර්ලිමේන්තුවට යම් කෙනෙක් පුද්ගලයෙකු තේරී පත් වූවායින් පසුව එම පුද්ගලයා නියෝජනය කරනුයේ සමස්ත රට සහ සමස්ත ප්‍රජාවයි. එනිසා කිසිදු බාධාවකින් තොරව කතා කිරීමට අවස්ථාවක් තිබිය යුතුය. නමුත් අධිකරණයක විභාග වන නඩුකරයකදී කතාබහට ගැනෙන කරුණු සාකච්ඡා නොකර සෙසු කරුණු කතා කිරීමට හැකියාව පවතී. 

මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු අතර තිබෙන වෙනස සලකා බැලීමේ දී සම්ප්‍රදායක් විදිහට පනත් කෙටුම්පත අයත් ඇමතිවරයා විසින් එය සභාගත කිරිම වැනි අවස්ථාවලදී වරප්‍රසාදයක් හිමිවේ. මීට අමතරව පාර්ලිමේන්තුව තුළ අසුන් පැනවීම, පාර්ලිමේන්තු කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට පාර්ලිමේන්තුව තුළ සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබේ. ඊට හේතුව වන්නේ පාර්ලිමේන්තුව මූලික වශයෙන් අදාළ කාර්යයන් සඳහා සූදානම් කරවීමට අවශ්‍ය නිසා සුවිශේෂී බලතල රාශියක් හිමි වේ. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබිය යුතු වරප්‍රසාද හිමිකර දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. යම් ආකාරයකින් මන්ත්‍රීවරයෙකුට අපහස කිරීම, පහරදීම ආදිය කළ නොහැකිය. එසේ සිදුකළහොත් වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ. මෙම වරප්‍රසාද කමිටුව සෑදී තිබෙනුයේ ද මන්ත්‍රීවරුන්ගෙන් සැඳුම්ලත් කොටසක් එක්වය. 


පාර්ලිමේන්තුවේ ආසන පෙළගැස්වීම


පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභා ගර්භයේ මූලික වශයෙන් ආසන 232කින් සමන්විත වේ. ඉන් ආසන 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්ව තිබේ. ඊට හේතුව වනුයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225ක් වීමයි. ආසන පැනවීමේදී අට වන ආසනය පොදුවේ ජනාධිපතිවරයාට වෙන්කර තිබේ. 

ආසන පැනවීමේ දී කථානායකවරයගේ දකුණු පසින් ආණ්ඩු පක්ෂයද, වම් පසින් විපක්ෂය ද අසුන් ගනී. ඒක් පාර්ශ්වයකට හිමි ආසන ගණන 113කි.  පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනූ අවස්ථාවක වම් පසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව වැඩි කලක් පාර්ලිමේන්තු‌වේ සේවය කළ මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ අසුන් හිමිවන අතර ඊට පිටුපසින් ආණ්ඩු පක්ෂයට අසුන්ගත හැකිය. 

පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිය ආරම්භ කරන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කුමන හෝ ස්ථානයක අසුන්ගත හැකි වුවද අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක අසුන්වල විවෘත අවකාශයක් පැවතුණ ද ඒහි අසුන් ගන්නේ නැත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන දෙය සමස්ත රටටම බලපාන බැවින් ඒහි ඇතැම් තැන් වෙනස් කිරීම සිදු කළ යුත්තක් නොවේ.  මේවා සාමාන්‍ය සම්ප්‍රදායන් වශයෙන් පාර්ලිමේන්තුවේ සලකනු ලබන අතර මෙවැනි කරුණු අඛණ්ඩව පවතිනුයේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා ය.


සෙංකෝලය


පාර්ලිමේන්තුවේ සෙංකෝලයෙන් සංකේතවත් කරනුයේ පාර්ලිමේන්තුවේ ප්‍රෙ‌ෟඩත්වය හා ගෞරවනීයත්වයයි. පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතය වන සෙංකෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 වසරේ දී ලංකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ප්‍රදානය කරන ලද්දකි. 

මෙය නිර්මාණය කරන ලද්දේ එස්. පී. චාර්ලිස් නමැත්තෙකි. මෙය නිර්මාණය කිරීම සඳහා කළුවර ලී කැබැල්ලක් සහ නිල් මැණික් පමණක් ශ්‍රී ලංකාවෙන් යවා ඇති අතර අනෙක් සියල්ල බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාග කෙරිණ. මෙහි බර රාත්තල් 28ක් වන අතර මෙය නිර්මාණය කර ඇත්තේ කළුවර යෂ්ටියෙන් සහ රීදියෙනි. කැරට් 18 රන් සහ නිල් මැණික්වලින් ඒය අලංකාර කර ති‌බේ. සෙංකෝලය පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතයක් ලෙසද, පාර්ලිමේන්තුව තුළින් කථානායකවරයාගේ බල අධිකාරියේ සංකේතයක් ලෙසද පවතින බැවින් සෙංකෝලය නොමැතිව පාර්ලිමේන්තුව රැස්විය නොහැකිය.

සෙංකෝලය රැගෙන යන වේත්‍රධාරී මහලේකම්වරයා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරීන් ද පෙරටු කොට ගනිමින් කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත්, සභා ගර්භයෙන් පිටවීමත් සිඳුවේ. පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවලදී වේත්‍රධාරියා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ මේසයට කෙළින් පහළින් පිහිටා ඇති ආධාරකය මත සෙංකෝලය තැන්පත් කරනු ලබයි.

සශ්‍රීකව සභා ගර්භයේ වාද විවාද සිදුවන්නේ නම් ඒහි සෙවණැල්ල සේ සෙංකෝලය තිබිය යුතුය. ඉන් අදහස් කරනුයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා සහ වාද විවාද ඉතා සශ්‍රීකව පවතී යන කාරණයයි. පාර්ලිමේන්තුවේ කතා කරන පුද්ගලයා කවරාකාරයෙන් කතා කළද ඒ සෑම කතාවක්ම වෙනත් සාකච්ඡා, සභාවලට වඩා මෙම ස්ථානයේ සිදුවන සාකච්ඡා අනගිභවනීය බව මින් සංකේතවත් කෙරේ. 


පාර්ලිමේන්තුව රැස්කිරීම සහ කල් තැබීම


පාර්ලිමේන්තුවේ බොහෝ දුරට වසරකට දෙවරක් පාර්ලිමේන්තු සැසි වාර, කල් තැබීමේ අවස්ථාව උදාවෙනවා. 1948 සිට මේ දක්වා අවස්ථා සියයකට වඩා පාර්ලිමේන්තු නව සැසිවාර,  කල් තැබීම් සිදුකර තිබේ. 

පාර්ලිමේන්තුව කල්තැබීමකට සමගාමීව නව සැසිවාරයක් විවෘත කිරීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාවට අදාළව පාර්ලිමේන්තු නව සැසිවාරයක් ආරම්භ කිරීම සිදුවන්නේ විධායක ජනාධිපතිවරයාගේ මාර්ගයෙනි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරයක් කල් තැබීමට හෝ විසිරුවා හැරීමට බලයක් පවතී. පාර්ලිමේන්තුවක සභා වාරයක් විවෘත කිරීම රටක සුවිශේෂී අවස්ථාවකි. ඒය ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අතර මෙවර ජතින ජන බලවේගයේ ප්‍රතිපත්තීන්ට අනුව එය සරලව සිදුකිරීමට කටයුතු යොඳා තිබිණ.

නම සැසිවාරයක් ආරම්භ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමකි. ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදුවන්නේ  1977න් පසුව ය. වර්ෂ 1974 ට පෙර මෙය හඳුවනු ලැබූවේ රාජාසන කතාව ලෙසය. රාජාසන කතාව යම් ආකාරයකට පරාජයට පත්වුවහොත් අයවැය අයවැය පරාජය වීම හා සමානය. එසේ සිදුවුවහොත් නව රජයක් පිහිටවිය යුතුය. පාර්ලිමේන්තු සභා වාරයක් අවසන් කිරීමෙන් පසුව මතුවන අභියෝගාත්මක තත්ත්වය වනුයේ ප්‍රධාන කමිටු හැර සමහර කමිටුවල ක්‍රියාකාරීත්වය අහිමි වී යෑමයි. වරක් රනිල් වික්‍රමසිංහ මහතා එක් සභා වාරයක් අවසන් කිරීමෙන් පාර්ලිමේන්තු කමිටු හැට හතරක පමණ කටයුතු අඩපණ විය. එම කමිටුවල තිබෙන ක්‍රියාකාරී නිරීක්ෂණ නැතහොත් යම් නිලධාරීන් පිළිබඳ කාරණා  මෙනිසා යටපත් වී යයි. ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ කාරණා අහෝසි වීම සිදුවූයේ එවැනි අවස්ථාවකය.


 පාර්ලිමේන්තු දින දර්ශනය 


පාර්ලිමේන්තු දින දර්ශනයේ යනුවෙන් හඳුන්වන්නේ පාර්ලිමේන්තු රැස්වන අවස්ථාවන්ය. පළවන සතිය හැර ඊළඟ සතියේ අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ. එහිදී මුළු මාසෙයටම දින අටක් පාර්ලිමේන්තුව රැස්වේ. 

සතියකට දින හතර බැගින් සති දෙකක් රැස්වේ. රැස් වෙන වේලාවන් දින ස්ථාවර නියෝගවල සඳහන්ව තිබේ. ඇතැම් අවස්ථාවල මේ ඉක්මවා යන අවස්ථාවන් ද තිබේ. විසර්ජන පනතක් අයවැය පිළිබඳ කතා කරන අවස්ථාවකදී දින 26 දක්වා කතා කිරීමේ හැකියාව පවතී. එය ස්ථාවර නියෝග මගින් පනවා තිබේ.


පාර්ලිමේන්තු කාරක සභා


පාර්ලිමේන්තුවට හිමින් කාරක සභා යන්න ඉතා සුවිශේෂී වූවකි. වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය වැලඳගන්නා අවස්ථා වන විට ඩොනමෝර් ප්‍රතිසංස්කරණය හරහා විධායක කාරක සභා ක්‍රමය ඇතිව තිබේ. විධායක කාරක සභා ක්‍රමය අහෝසි වීමෙන් ශ්‍රී ලංකාවට 1946 වන විට පාර්ලිමේන්තුවක් අවශ්‍යය යන්න කතා බහට ගැනිණ.  

1946 ට පෙර පැවතියේ රාජ්‍ය මණ්ඩල සභාවයි. විධායක කාරක සභා ක්‍රමය තුළ පැවැතියේ සෑම මන්ත්‍රීවරයෙකුට යම් කාරක සභාවකට ඇතුළත් කොට ඒ සමස්ත කාරක සභාවන්හි ක්‍රියාකාරීත්වය සෑම මන්ත්‍රීවරයකුටම අවස්ථාවක් ලබාදීම මෙමගින් සිදුවිය. 

ශ්‍රී ලංකාවේ කාරක සභා වන්නි මව් පාර්ලිමේන්තුව වන නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය මත පදනම්ව ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම ඒය වෙත පැවරී ඇති අධිත වැඩ ප්‍රමාණයේ බරින් පාර්ලිමේන්තුව නිදහස් කිරීමත් ඒ වෙනුවෙන් ඒහි කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කිරීම උදෙසා කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සහය ලබාගෙන තිබේ. 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාරක සභා පුළුල් කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. ස්ථාවර කාරක සභා සහ තත් කාරක සභා (තනි කාර්යයන් සඳහා වන කාරක සභා) වශයෙනි. ස්ථාවර කාරක සභා පත් කිරීම ස්ථාවර නියෝග අනුව කථානායකවරයා විසින් සිදු කරනු ලබන අතර ඒම කාර්යයන් අවසන් වීමෙන් පසුව වුවද ඒවා දිගටම ක්‍රියාත්මකව පවතී. ඒවායේ නිල කාල සීමාවේ යම් කිසි ස්ථාවර තත්වයක් පවතී. මෙම කාරක සභා සභාවේ විශේෂිත කටයුතු සම්බන්ධව ක්‍රියා කරයි. තත් කාර්ය කාරක සභා බොහෝ විට තාවකාලික වන අතර නියමිත කාරක සභා අවසන් වූ වහාම ඒවා අහෝසි වේ. මෙම කාරක සභා වරින් වර ඒවාට පවරනු ලබන විශේෂිත කාර්යයන් ක්‍රියාත්මක කරයි. මේවා විශේෂ කාරක සභා යනුවෙන් ද හැඳින්විය හැකිය.

ස්ථාවර නියෝග අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු පූර්ණ පාර්ලිමේන්තූ කාරක සභාවට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු කාරක සභා වර්ග පහකි. විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා,  ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා,  විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා  ඒ අතර වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නීති සම්පාදනය කිරීමේ ආයතනය හෙවත් ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව ජනරජයේ උත්තරීතර ආයතනයකි. චිරාගත සම්ප්‍රදායකට උරුමකම් කියන පාර්ලිමේන්තුවේ වැඩපිළිවෙළ ඒදා මෙදා තුළ පැවත ඒන සම්ප්‍රදායන් ගුරු කොටගනිමින් ඒහි ප්‍රෙ‌ෟඩත්වට විහිඳාපාන බව සමස්තය තුළින් පසක් වේ.


මනීෂා වීරසිංහ


 



අදහස් (0)

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

Recommended News

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 18 23 0

ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම


සජබ ගමන් මග
2024 දෙසැම්බර් මස 18 35 0

ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව


කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව
2024 දෙසැම්බර් මස 18 24 0

පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.


මැතිසබෙන් රස කතා
2024 දෙසැම්බර් මස 18 53 0

චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 12 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 15 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21414 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13867 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 334 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 290 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site