IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා. 

එතකොට උන්වහන්සේ මට දුන්නේ මේ වගේ පිළිතුරක් 

“දැන් බලන්න.... මදුරුවා පුංචි සතෙක් හැබැයි ඒ පුංචි සතා එක්ක එක් රාත්‍රියක් අපට ඉන්න පුළුවන්ද? බැහැනෙ. ඒ නිසා කෙනෙකුගේ ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ, සමාජයට රටට ලෝකයට මොන වගේ බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු ද යන්නයි.” 

වසර කීපයකට පෙරදි මේ දෙබස ඇති වූයේ අතිපූජ්‍ය දලයි ලාමා වහන්සේ සහ ආචාර්ය දමෙන්ද පෝරගේ අතරය. අතිපූජ්‍ය දලයි ලාමා වහන්සේගේ උපදෙස් ශක්තියක් කරගත් ආචාර්ය දමෙන්ද පෝරගේ හට පසු වසරකදී පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය පිහිටුවීමට නායකත්වය දීමට හැකිවිණි. 

රටට ලෝකයට යමක් කිරීමට සංකල්ප හා ප්‍රායෝගික වීම කළ හැකිය යන්න ඔහු ඒ මඟින් ඔප්පු කර තිබේ. බියගම හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත – සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථාන සංකීර්ණය බිහිවූයේ ඒ දැක්ම අනුවය. පාලි හා සංස්කෘත භාෂා වෙනුවෙන්ම පමණක් වෙන්වූ ලෝකයේ ප්‍රථම අධ්‍යයන ආයතනය ලෙස මෙය හැඳින්විය හැකිය. එවැන්නක් මෙරට ස්ථාපිත කිරීමට හේතු වූ කාරණා මොනවාද? පාලි හා සංස්කෘත භාෂා ඉගෙන්වීමෙන් ලෝකයට ලැබෙන දේ කුමක්ද? ගතට වඩා හිත හයිය ලොකු වැඩක් කළ ආචාර්ය දමෙන්ද පෝරගේ සමඟ ඒ සම්බන්ධව කළ අදහස් විමසුමකි මේ. 

 කවුද මේ දමෙන්ද පෝරගේ?

ආචාර්ය දමෙන්ද  පොරගේ 


 

මා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව කැලණි සරසවියේ උපාධිධරයෙක්. 91 දී ඉංග්‍රීසි ගුරුවරු බඳවා ගැනීමේ තරග විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබා ගැනීමට සමත් වුණා. (200න් 194ක්) පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ වෙස්ලි සහ ඉසිපතන විද්‍යාල වලින්. පසුව ගුරුවරයෙකු ලෙස යශෝදරා බාලිකා, විශාඛා විද්‍යාලය, අශෝක විද්‍යාලය සහ හින්දු කාන්තා විද්‍යාලය ඇතුළු පාසල් කීපයක සේවය කළා. ඉන්පසුව සරසවි කීපයකත් ඉගැන්වීම් කළා. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ගුරුවරයෙක් ලෙස කටයුතු කළා. 

 වත්මනෙහි පාලි හා සංස්කෘත භාෂා වෙතින් බෞද්ධ ලෝකයට මෙහෙවරක් කිරීමේ අරමුණින් ගමනක යෙදෙන බව පෙනෙනවා. කොහොමද බෞද්ධාගමට සම්බන්ධ ඒ ගමනට මුල පුරුවේ?

ඒ දිනවල ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. 2011 දී නවදිල්ලියේදී ගෝලීය බෞද්ධ සංගායනය පැවැත් වුණා. මෙම සංගායනයට මෙරට මහනායක ස්වාමීන් වහන්සේලා, ඇතුළු ත්‍රෛනිකායික මහ සඟරුවන සහ ගිහි පැවිදි විශේෂ කණ්ඩායමක් සමඟ ඉන්දියාවට යාමට අවස්ථාව මට ලැබුණා. එහි සියලු සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අති පූජ්‍ය දලයි ලාමා වහන්සේ හඳුනාගැනීමට ලැබුණෙත් ඒ අවස්ථාවේදියි. 

ඉන්පසුව 2013 දී IBC හෙවත් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය පිහිටුවීමෙන් අනතුරුව එහි විධායක කමිටුවට මාව ඡන්දයෙන් තේරී පත් වුණා. ඒ වන විට මෙරටදී බෞද්ධ සහෝදරත්ව පදනම පිහිටුවීම කර තිබුණා. ගිහි-පැවිදි උගත්තු ඒකාරාශී කරගෙන මහනාහිමිවරුන්ගේ අනුශාකත්වයෙන් බෞද්ධ සහෝදරත්ව පදනම පිහිටුවා ගත්තේ කැලණියේදියි. වත්මනෙහි ස්ථාපිත කළ පාලි හා සංස්කෘත - සංස්කෘතික ආයතනය පිහිටුවීම දක්වා කටයුතු කිරීමට අපට හැකි වී තිබෙනවා. 

 පාලි හා සංස්කෘත – සංස්කෘතික ආයතනය පිහිටුවීමට කොහෙන්ද මූල්‍ය ආධාර ලැබෙන්නේ. කවුද උපකාර කරන්නේ?

ඒ ගැන කතාකිරීමේදී IBC (ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය) ගැන  මට කතා කිරීමට සිදු වෙනවා. එය පිහිටුවා ඇත්තේ ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ඇතිවයි. රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වොත් නිවැරදියි. එහි කාර්ය බාරය වන්නේ සාමුහික ප්‍රඥාව වෙතින් ලෝකයට එක බෞද්ධ හඬක් යන්නයි. එකී අරමුණු ඇතිව සාකච්ඡා සම්මන්ත්‍රණ සහ විවිධ වැඩසටහන් ගෝලීය වශයෙන් සංවිධානය කිරීමට IBC පෙරමුණ ගෙන සිටිනවා. වත්මනෙහි මා එම ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ (IBC) නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කරනවා. තෙවැනි වතාවටත් මා එම තනතුරට තේරී පත් වුණේ නිතරගයෙන්. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාව නිතර ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒ වෙනුවෙන් වැටුප් නොගෙන සේවය කරන කෙනෙක් කිව්වොත් හරි. එහිදී මා දකින විදිහට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරවන මහා පාලම වන්නේ ශ්‍රේෂ්ඨ බුදු දහමයි. 

ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස ඉන්දීය රජයේ ප්‍රථම ප්‍රතිපත්තිය වන්නේ Neighbourhood first (ප්‍රථමයෙන් අසල්වැසියාට) යන්නයි. එම ප්‍රතිපත්ති යටතේ භික්ෂු - භික්ෂුණී උපාසක – උපාසිකා සියලු දෙනා සහභාගී කරවාගෙන IBC එක යටතේ අපි වැඩසටහන් රැසක් සංවිධානය කරනවා. 

 පාලි හා සංස්කෘත භාෂා සහ සංස්කෘතික ආයතනය පිහිටුවීමට ඔබට අදහස් ඇතිවුණේ කොහොමද?

2017 දී බුද්ධගයාවේ පැවැති වැඩසටහනකදී මට අතිපූජ්‍ය දලයි ලාමා වහන්සේ මුණ ගැසුණා. උන්වහන්සේ සමඟ සාකච්ඡාවේ යෙදී සිටියදී මේ අදහස පැවසුවාම, මම තරමක් මවිතයට පත්වුණා. පාලි හා සංස්කෘත භාෂා දැනුම ලැබීමට බෞද්ධාගමික ගිහි - පැවිදි පිරිස් ඒකාරාශී කිරීමේ අරමුණ ඇතිව, සම්මන්ත්‍රණ, දේශනා, සහ වැඩමුළු පවත්වන ස්ථානයක් හැදුවොත් වඩා හොඳයි යනුවෙන් උන්වහන්සේ එදා පවසා සිටියා. මේ වැඩේ කරන්න ඔබට පුළුවනි. යැයිද පැවසූ පසු, හිමියනි, මම පුංචි මිනිහෙක් මම කොහොමද ඒක කරන්නේ. කියලා විමතිය පළ කළා. එතකොට තමයි උන්වහන්සේ මේ ලිපියේ ඉහතින් සඳහන් කළ ඇති විදිහට මාව ධෛර්යවත් කළේ. 

බෞද්ධ ලෝකය එකතු කිරීමේ ඇති වටිනාකම සහ ඒ තුළින් ලෝකයට සාමය උදාකර දිය හැක්කේ කෙසේද යන්නත් උන්වහන්සේ පෙන්වා දුන්නා. මම ප්‍රායෝගික කළේ ශුද්ධ වූ දලයි ලාමා වහන්සේගේ ඒ අදහසයි. 

 පාලි හා සංස්කෘත භාෂා රටට ලෝකයට වැදගත් වෙන්නේ මොන වගේ හේතු නිසාද? මෙම ආයතනය පිහිටුවීමට මුදල් හොයා ගත්තේ කොහොමද?

බුදු දහමේ තෙවැනි පුනරුදය හැටියට මා දකින්නේ මෙම කාලවකවානුවයි. බෞද්ධයින් නොවන රටවලින් පවා බෞද්ධයින් බිහිවෙනවා. එය අප ප්‍රායෝගික දුටු සත්‍යයක්. බෞද්ධයින් වන අපි ඉතා සාමකාමී සමාජයක්. ඒ වගේම බුද්ධියෙන් පොහොසත්. හොඳ ශික්ෂණයක් විනයක් පුහුණුවක් ඇති පිරිසක්. මම ප්‍රායෝගික වූ බෞද්ධයෙක්. සෑම දිනකම උදෑසන දවස පටන් ගන්නේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවට සවන් දෙමින්. එයින් අපගේ ජීවිතවලට ගත හැකි දේ විශාලයි. ධම්මචක්ක පවත්තන සූත්‍රය තියෙන්නේ පාලි භාෂාවෙන්. සංස්කෘත භාෂාවෙනුත් තියෙනවා. එනිසා සංස්කෘත හා පාලියෙන් ඉගෙන ගැනීමෙන් බිහිවන්නේ පරිපූර්ණ භික්ෂුවක්. අද සමාජ මාධ්‍ය එක්ක සමහර තරුණ භික්ෂුන් වහන්සේලාගේ විනය සහ සාරධර්ම පිරීහි ඇති වග පෙනෙන දෙයක්. එනිසා මෙවැනි ආයතනයක් වෙතින් බුදු දහමේ සැබෑ හරය අවබෝධ කර ගත්තාම එම භික්ෂූන්ට සමාජයට වඩා යහපත් මෙහෙවරක් කළ හැකියි. ප්‍රධානම කරුණ හා අනෙකුත් භික්ෂු භික්ෂුණින් රැක ගැනීම අපේ අරමුණයි. දහම යනු සැබැවින්ම ඔසුවක්. ඒ දහමේ බුදුන් වහන්සේ තමයි ප්‍රධාන වෛද්‍යවරයා. භික්ෂුව තමයි හෙද සේවය වගේ කරන්නේ. සහ නියමිත බෙහෙත් දෙන්නේ. ගිහි අපි තමයි ප්‍රතිකාර ගන්නේ. අපි ගන්නේ දහමේ ප්‍රතිකාරයයි.

මෙම ආයතනය පිහිටුවීම නිසා අපේ රටේ සංචාරක කර්මාන්තයට ලැබෙන ප්‍රයෝජනයත් ඉතා විශාලයි. මේ හරහා බෞද්ධ ලෝකයේ ජනතාව නිරතුවරුව සංචාරය කරන ගමනාන්තයක් බවට ලංකාව පත්වේවි. නමුත් මෙම පාලි හා සංස්කෘත - සංස්කෘතික ආයතනය පිහිටුවීමට අපට භූමියක් තිබුණේ නැහැ. අපි එවකට රජයෙන් භූමියක් ඉල්ලුවට ඊට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. අපේ සාමාජිකාවක වන ආචාර්ය ශර්මිලා මිල්රෝයි තමයි ඒ වෙනුවෙන් අපට ඉඩමක් පරිත්‍යාග කළේ. ඉන්පසුව බැංකු ණයක් ලබාගෙන මෙම ආයතනය නිර්මාණය කිරීමට අපට හැකි වුණා. අප ගත් බැංකු ණය තවමත් පියවමින් සිටින්නේ. 

 මේ වගේ දෙයකින් ඔබට පුද්ගලිකව ඇති ලාභ ප්‍රයෝජනය?

සංතුෂ්ඨි පරමං ධනං හෙවත් මේ වගේ දෙයක් කරලා ලබන නිරාමිස සතුට තමයි අපට තියෙන්නේ. අපට මෙය තැනීමට ලැබුණු ලිපිනය අයත් වන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා - සිරි දේවමිත්ත නමින් පැවැදි වූ හෙයියන්තුඩුව, ස්ථානයක්. එය අහඹු සිදුවීමක්. 

 පාලි හා සංස්කෘතික භාෂා අපේ රටේ සරසවි සහ භික්ෂු අධ්‍යයන ආයතනවල ඉගැන්වීම් සිදුවෙනවනේ. මෙම පාලි හා සංස්කෘත – සංස්කෘතික ආයතනයේ වෙනස මොකද?

අපි මෙය ක්‍රියාත්මක කරවන්නේ පර්‌යේෂණ මධ්‍යස්ථානයක් හැටියටයි. පාලි සම්ප්‍රදායයේ සිටින අයට ඒ පිළිබඳවත් සංස්කෘත සම්ප්‍රදායේ සිටින අයට ඒ පිළිබඳවත් තවත් නොදන්නා වපසරියන් පිළිබඳව පර්‌යේෂණ කරන්නට අපි පහසුකම් සපයා දෙනවා. ඒ වගේම පාලි - හා - සංස්කෘත සම්ප්‍රදායන් දෙකට අයත් භික්ෂු භික්ෂුණින් සහ ගිහි සහ වෙනත් විද්වතුන් මුණ ගැහෙන කේන්ද්‍රස්ථානයක් කිව්වොත් නිවැරදියි. 

 මෙවැනි දෙයක් කිරීමේදී මුහුණ දුන් අභියෝග මොනවද?

මුලින්ම අපට තිබුණේ මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර අවසන් කිරීමේ අභියෝගයයි. මිනිසා මූල්‍යමය අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුණේ පැවිදි අංශයට මිනිසුන් උදවු - උපකාර කළත් ගිහියන් විසින් කරන මෙවැනි දේට උදවු නොකරන නිසයි. කෝටි 10කට වඩා වැඩි මුදලක් සොයාගැනීම විශාල අභියෝගයක් වුණා. ඒත් චේතනාව හොඳ නිසා. අපට මෙම ගොඩනැගිල්ල ඉදිකර නිම කිරීමට හැකි වුණා. දැන් අපට තියෙන අභියෝගය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමයි. පාලි හෝ සංස්කෘත සම්ප්‍රදායයන් කුමක් හෝ වේවා, මේ සෑම කෙනෙක්ම කතා කරන්නේ බුදුන්වහන්සේගේ දර්ශනයයි. ඒ නිසා සම්ප්‍රදායයන් වලට බෙදී යාම නිසා බෞද්ධ ලෝකය ඛන්ඩනය වෙලා වගේම එක්සත් බව අවම වෙලා තියෙනවා. ඒ නිසා ඒ බෙදී ගිය බෞද්ධ ලෝකය එක් තැනකට ගෙන ඒමට අපට හැකි උපරිමය කිරීමට කැපවෙනවා. 


සඳුන් ගමගේ   


 



අදහස් (0)

ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 

Recommended News

ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 5 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


ගාල්ලේ මොකද වුණේ
2025 පෙබරවාරි මස 07 11 0

ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම


අබිරහස් අකුරු කියෙව්වොත් මුදල් තෑගී
2025 පෙබරවාරි මස 07 12 0

ඉන්දියාවෙන් ලැබෙන අලු‍ත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 37 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 19 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 18 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 821 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 761 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site