WP සංගීත කණ්ඩායම
KRISHAN-CHAMILA-PASAN-MANGALA - RACHITHA-MINADADA-JO-JITH
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි. වසර පහකට පමණ පෙරදි පටන් ගත්ත මේ සංගීත කණ්ඩායමේ නියමුවාගෙ නම පසන්. ඔහු ඇතුළු මෙම කණ්ඩායමට තිබෙන්නෙ හොඳ ඉල්ලුමක්ලු. ඒකට හේතුව මෙයාලගෙ කණ්ඩායමේ සිටින ශිල්පීන් එකිනෙකා විවිධත්වයෙන් දක්වන දක්ෂතා නිසයි. රැප්, හිප්- හොප්, පොප්, රෙගේ, ජැස් යන ඕනෑම රිද්මයකට වගේම, විවිධ භාෂාවලින් ගී ගැයිමේ හැකියාව ඇති අපුරු දක්ෂයින් සිටින කණ්ඩායමක්. දමිළ ගීත ගැයිමට ඒ වෙනුවෙන්ම ශිල්පියකු සිටින අතර මෙහි නියමු ගායන ශිල්පියා වන්නේ ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සිටි දැන් මෙම ‘wp’ සමග එක්ව සිටින ක්‍රිෂාන් පෙරේරාය.
‘‘මට මේ කණ්ඩායමට ආරාධනා ලැබුණෙ පසන් මල්ලිගෙන්. ඩොක්ටර් (DR) බෑන්ඩ් එකෙන් වසර තුනක විතර විරාමයක් ලබා ගෙන සිටි අවස්ථාවේදී තමයි මට පසන් මල්ලි ඒ ආරාධනාව කළේ. දැන් මම මෙම කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා ලෙස කටයුතු කරනවා. අපේ බෑන්ඩ් එකේ අය හරිම එකමුතු එකම පවුලක සහෝදරයො වගේ පිරිසක්. කොළඹ විවිධ උත්සව වෙනුවෙන් අපට තිබෙන්නෙ විශාල ඉල්ලුමක්. අපේම ඔර්ජිනල් ගීතයක් ළඟදීම එළිදැක්වීමටයි. සූදානමින් සිටින්නෙ.
අපේ අරමුණ ගැන කිව්වොත් ඉදිරියේදී අපි ඉලක්ක කරගෙන සිටින්නෙ. විදේශයන්හි පැවැත්වෙන ප්‍රසංගයි. ‘ප්‍රසංග’ ලෙස විදෙස් රටවලදි ‘ෂෝ පවත්වන්න අපට හොඳ ආටිස්ලා පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය එක්ක wp බෑන්ඩ් එකට ඉදිරි වසරෙදි පෙරළියක් කිරීමට හැකි වේවි.
ක්‍රිෂාන් පෙරේරා මෙන්ම ‘wp’ බෑන්ඩ් එකේ සිටින හැමෝම මෙම ක්ෂේත්‍රයේ වසර පහළොවකට වඩා අත්දැකීම් ඇති සංගීත ශිල්පීන්ය. සමහර සංගීත කණ්ඩායම් අද බිහිවී හෙට නැතිව යන වාතාවරණයක, ‘wp’ යනු විනයක් ඇතිව දැක්මක් එක්ක දුර ගමනක් යන කණ්ඩායමක් යැයි මෙහි සාමාජිකයෝ කියති. සංගීතයේදී වගේම ශිල්පීන් ලෙස බාහිරව කටයුතු කරද්දී පවා ‘විනය’ හරි වැදගත් යැයි ඔවුන්ගේ අදහසය. දීර්ඝ කාලීනව කණ්ඩායමක් පවත්වාගෙන යාමට වඩා වැදගත් වන්නේ ‘විනය’ මෙන්ම, තම තමුන්ගේ දායකත්වයේදී සියයට- සියයක්ම තමා රාජකාරිය හරියට කිරීම යැයිද ඔවුන් පවසයි.
බැන්ඩ් අද එයි- හෙට නැති වෙයි- ඒත් ඩිසිප්ලීන් හෙවත් විනය ඉතා වැදගත් බව ‘wp’ බෑන්ඩ් එකේ තේමාව කරගෙන සිටී. ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම් අතර සිටියද ‘wp’තවම බ්‍රෑන්ඩ් එකක් වී නැත්තේ ඔවුනගේම නිර්මාණ එළියට දමා නැති නිසා යැයි විශ්වාස කරන ඔවුන් දැන් සුදානම් වන්නේ ඒ වෙනුවෙනි. නත්තල් සමයේදී අතිශය කාර්ය බහුලව සිටින ‘wp’ සංගීත කණ්ඩායමට පසන් ප්‍රනාන්දු, නායකත්වය දෙන අතර මංගල පෙරේරා (ගායක සහ සැක්සෆෝන් වාදක) රචිත විතානගේ (ඩ්‍රම්ස්) මහින්ද මාධව (බේස්ගිටාර් සහ ගායක) ක්‍රිෂාන් චමිල (කී බෝඩ් සහ ගායක) නායක පසන් ලීඩ් ගිටාර් වාදක සහ ගායක ලෙසත්, ජිත් සිරිමාන්න තාල වාද්‍ය ශිල්පියා සහ ජෝ පෙරේරා බොක්ස් ගිටාර් වාද්‍ය ශිල්පී මෙන්ම,ගායක ලෙසත්. ප්‍රධාන නියමු ගායක ලෙස ක්‍රිශාන් පෙරේරාගේ wp සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
සඳුන් ගමගේ
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
පුංචි තිරයේ මේ දිනවල කතාබහට ලක්වන චරිත අතරින් ප්‍රේක්‍ෂකයාට ළංවුණු රංගන ශිල්පියෙක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විනය මුල් තැන තබා ගමනක් යන වෙයාර් හවුස් ප්‍රොජෙක්ට් WP