IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


විශ්ව ශක්තියේ බලය ලැබෙන අයුරින් නිවසක් පිරිසිදු කරගන්නේ මෙහෙමයි

සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ නොසිතන නොදන්න දේවල් කිහිපයක් ගැන කතා කරන්න සිතුවා.

අපේ බොහෝ ගෘහණියන්  සිතනවා පේනමානය පමණක් පවිත්‍ර කළොත් ප්‍රමාණවත් කියලා. සමහර අය හිතනවා සිංහල අවුරුද්දක් වගේ වෙලාවක මුළුතැන්ගෙයයි, විසිත්ත කාමරයයි විතරක් පිරිසුදුව තිබුණොත් ඇති කියලා. නිදන කාමර  කුණු වලින් පිරිලා තියෙද්දි ආලින්දය විතරක් ලස්සනට පිරිසුදුවට තැබීම උත්සව සමයට නිවසට එන අමුත්තන්ගේ ඇහැ රැවටීමක් වගේ වැඩක්.  අනුන්ට පේන්න නිවසක් පිරිසුදු කළා කියලා ඔබට ලැබෙන දෙයක් තියෙනව ද? නැහැ. තමන් ජීවත් වෙන නිවස පිරිසුදු නම් ඒ ශක්තින් ගලාගෙන එන්නේ තමන්ට. ඒනිසා අනුන් ගේ හිත් සතුටු කරන්න නිවසක් පිරිසුදු කරනවට වඩා තමන්ට නිවැසියන්ට සතුට, සැනසිම, විශ්ව ශක්තින්වල බලය ලැබන අයුරින් නිවසක් පිරිසුදු කිරීමේදී සැලකිය යුතු ඔබ නොසිතන පුංචි පුංචි දේවල් ටිකක් තමයි මේ. 

පරණ දේවල් ගොඩගැසීම නිවසකට ඉතාම නරක දෙයක්

“පිරිසුදු නිවස මනස නිරවුල් කරයි කියලා කියන්නේ. ඒ නිවසේ සැනසීම විශ්ව ශක්තිය උපරිමයෙන්ම තිබෙනවා. සාමාන්‍යයෙන් සමහර නිවෙස් පිරිසුදු කරන්නේම සිංහල අවුරුද්දකට, එහෙමම නැත්නම් නත්තලක් වැනි අවස්ථාවන්වලට, අවුරුද්දකට සැරයක් ගෙදරක් පිරිසුදු කරන කොට නිවස තුළ කාමරවල සෑහෙන්න අනවශ්‍ය දේවල් එකතුවෙලා තියෙනවා. හිස් පෙට්ටි, පරණ බෑග්, පරණ ඇඳුම්, පරණ පත්තර, කවදා හරි අඳින්න පුළුවන් වෙයි කියලා තියාගත්ත ඇඳුම්, ඔබ නිවසක් පිරිසුදු කරද්දි මෙන්න මේ දේවල් මුලින් බැහැර කළ යුතුයි. සමහර අය ඉන්නවා වැඩක් නෑ කියලා දැන දැනත් පරණ දේවල් ගොඩගහගන්නවා. පරණ දේවල් ගොඩ ගැසීම නිවසකට ඉතාම නරක දෙයක්. පරණ දුර්වර්ණ වුණ මල්, පරණ ඡායාරූප, කැඩිච්ච උපකරණ,  යුද පින්තූර, දුක්බර පින්තූර, වැනි දේවල් නිවසක තැබීම ඉතාම අහිතකර වෙනවා. මෙමගින් ගෙදර ආර්ථිකය, සතුට සැනසීම පලුදු විය හැකියි.”

සූර්ය ශක්තිය, වායු ශක්තිය, සහ ජල ශක්තිය  පරාද කළ හැකි පවිත්‍ර කාරක ශක්තියක් මේ විශ්වයේ කොහේවත් නැහැ.

“ගෙයක් ඉදිකිරීම වගේම ගෙදරක අභ්‍යන්තර සැකසුම සකස් කිරීමත්,  ගෙයක් වරින් වර පිරිසුදු කිරීමත්, කියන කාරණා තුනම බොහෝ දෙනෙක් පුරුද්දට කළත් ඒවායේ බලපාන න්‍යායවල් තිබෙනවා. ගෙදරක ගෘහ භාණ්ඩ පවා පිරිසුදු කිරීම, අලුත් කිරීම, යළි පිළිසකර කිරීම සිදුවෙන්නේ දිශාව, කාලය, ශක්තිය කියන තුන පාවිච්චියට අරගෙන. මේ වාගේ පැහැදිලි ශක්ති විද්‍යාවේ න්‍යාය මූලධර්ම තියෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 

ගෙදරක්, ගොඩනැගිල්ලක් පිරිසුදු කිරීමට අපි පාවිච්චියට  ගන්නවා ප්‍රධාන ශක්තින් 3ක්.

- සූර්ය ශක්තිය
- වායුවේ පවතින ශක්තිය
- ජලයේ ශක්තිය

මේක තමයි සොබාදහමේ තියෙන ඉතාම බලවත්ම පවිත්‍රකාරක ශක්තිය. මිනිසා හදන කෙමිකල් වර්ගයක් කරන පවිත්‍රකරණයකට වඩා සූර්ය ශක්තිය, වායු ශක්තිය, සහ ජල ශක්තිය කියන තුන පරද්දන්න පුළුවන් පවිත්‍ර කාරක ශක්තියක් මේ විශ්වයේ කොහේවත් නැහැ.  

යම් නිවසක් පිරිසුදු කිරිමේ දී - උදාහරණයක් ලෙස කාමරයක් නම් ඇඳපුටු අල්මාරි තිබියදීම පිරිසුදු කිරීම නොකළ යුතුයි. පිරිසුදු කිරීමට ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඇඳ අල්මාරි කාමරයේ භාණ්ඩ සියල්ල ඉවත් කර පැහැදිලි ව සූර්යා ලෝකය සහ වාතය ලැබෙන අයුරින් පැය දෙකක් වත් විවෘතකර තබා පිරිසුදු කිරීම ඉතාම වැදගත් වෙනවා. නිවස පිරිසුදු කළත් නොසෝදා ඇති ඇඳුම්, නොසෝදා ඇති පිඟන්, නොසෝදා ඇති ඇඳ ඇතිරිලි පුටු කවර තිබේ නම් නිවැසියන් ගේ චිත්ත වේග යහපැවැත්ම පවත්වාගෙන යාමට බලපෑම් එල්ල කරනවා.”

නිවස තුළට වාතය, සූර්යාලෝකය එන ලෙස විවෘත කර තැබීමෙන් ලැබෙන දේවල්

“නිවසක යම් ස්ථානයක් උදාහරණයක් ලෙස (ඇඳක් යට, අල්මාරියක් යට) මාස ගණන් අවුරුදු ගණන් ආවරණය වෙලා තිබෙන කොට ඒ ස්ථානවලට සූර්යාලෝකය ගමන් කිරීම අඩුයි. මාස තුන හතරක් එලෙස අඳුරින් පවතින කොට විශේෂ වූ ශක්තින් වල අපද්‍රව්‍ය රැඳෙනවා. සමහර කාමර පුස් බැඳෙනවා පුස් ගඳ එනවා. පුස් ගඳ එන්නේ අපද්‍රව්‍ය ශක්තීන් එකතු වූ විටයි.  එම නිසා නිවසක් පිරිසුදු කිරීමට කලින් සූර්යාලෝකයට, වාතයට සුළඟට යම් වේලාවක් විවෘතව තැබූ විට ස්වාභාවිකව ඒ වයේ තියෙන ඝනත්වය සාන්ද්‍රණය අඩු වීමට ආරම්භ වෙනවා. 

නිවසක දූවිලි පිසදැමීම මකුළුදැල් කැඩීම කළ යුත්තේ ඉන් පසුවයි.

කාලයක් තිස්සේ භාවිතා කරන පුටු, කුෂන් කවර මෙට්ට අනිවා‌ර්යයෙන්ම හොඳින් සූර්යාලෝකයට නිරාවරණය වන පරිදි පැය කිහිපයක් තැබිය යුතු වෙනවා. හිස තබන කොට්ටය අඩුම දින දෙකකට වරක්වත් සූර්යාලෝකයට නිරාවරණය නොකළොත් ඔහුගේ මානසික ව්‍යාකූලත්වයන් වැඩි වෙනවා සහ ශරීර සොඛ්‍ය දුර්වල කරනවා. මානසික සුවයෙන් නින්දක් අවශ්‍ය නම් නිදන කොට්ටය සූර්යාලෝකයට නිරාවරණය කර තබන්න අමතක කරන්න එපා. වාතයට නිරාවරණය වීමෙන් වෙන්නේ ඒ තැන්වලට අලුත් ශක්තින් එකතු වෙනවා සේම ඒ භාණ්ඩවලට ස්ථානවලට නැවුම් භාවයක් එකතු වීමයි.

කෙමිකල් මිශ්‍රකළ ජලය යෙදුවට ගෙයක් පිරිසුදු වෙන්නේ නැහැ

අද බොහෝ ගෘහණියන් පහසුවට වෙළෙඳපොළෙන් ගෙනෙන කෙමිකල් මිශ්‍රණයකින් නිවස පිරිසුදු කිරීම සිදුකරනවා. මෙමගින් නිවසක් පිරිසුදු වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ තියෙන විෂබීජ කන්දට තව විෂබීජ ගොඩක් එකතු කිරීමක් පමණයි. ගෙයක් පිරිසුදු කරන්න ඕන පිරිසුදු වාතයෙන් සහ පිරිසුදු ජලයෙන්. ජලයට දෙහි වැනි දෙයක් එක් කිරීමෙන් පොළොව පිරිසුදු කිරීම  සිදු කළ හැකියි. සිමෙන්ති  පොළවක් නම් පොල්කුඩු  වලින් බිම මැදීම අදටත් හොඳම පිරිසුදු කාරකයක් වෙනවා. ටයිල් පොළොවක් නම් කෙමිකල් නොයොදා මුලින්ම පිරිසුදු කරන්න ඕන ස්වාභාවික වතුරෙන්. 

පිරිසුදු කිරිමේ දී වැඩිපුරම අවධානය යොමු කළ යුතු තැන්

බොහෝ දෙනා හිතනවා පිරිසුදුව දිව්‍යලෝකය වගේ තියන්න ඕන ආලින්දය එහෙමත් නැත්නම් විසිත්ත කාමරය කියලා.  එය සම්පූර්ණ වැරදි අදහසක්. 

.නිවසක වැඩිපුරම අවධානය දෙන්න ඕන පිරිසුදුව තියන්න ඕන මුළුතැන්ගෙය. ඒ නිසා ගෙදරක මුලින්ම පිරිසුදු කළ යුත්තේ මුළුතැන් ගෙයයි. ඉන්පසුව නාන කාමරය ඊටත් පසුව නිදන කාමර, විසිත්ත කාමරය පිරිසුදු කිරීම කළ යුත්තේ අවසානයටයි.  

නිවසක් ඇතුළේ තිබෙන මර්මස්ථාන

ඕනම ගෙදරක ප්‍රධානම මර්මස්ථාන දෙක වන්නේ ඊසාන දිශාව සහ නිරිත දිශාවයි. ගෙදරක ඊසාන පන්සලක බෝමළුව තරම්ම පිරිසුදු විය යුතුයි. නිරිත දිශාවත් ඒ වගේම පිරිසුදු විය යුතු වෙනවා. නිවසක ප්‍රධාන දොරටුවෙන් තියෙන එළිමහන එක සීරුවට පිරිසුදු වෙන්න ඕන. දිය සෙවෙල බැඳිලා තියෙනවනම්, කැලෑව වැවිලා තියෙනවනම්, පොළොව ඉරිතළලා නම්, පොළොව කැඩිලා නම් ඒ දේවල් නිවැසියන්ට අසුබපල ගෙනදෙන්නක්. බොහෝ දෙනෙක් මෝස්තරයට ටයිල් ඇල්ලුවට වැඩිපුරම අපිරිසුදු ස්ථාන තියෙන්නේ කුණු දුවිලි පුස් බැඳෙන්නේ ටයිල් පොළොවේ කියලත් මතක තබාගන්න.

ඒ වගේම හැමදාම නිවස පිරිසුදු කරන ඔබ ගෘහභාණ්ඩ තියන්නේ එකම විදිහකට ද? එකම ආකාරයටම තැබුවාට වරදක් නැහැ. හැබැයි එහි යම් විවිධත්වයක් තිබිය යුතු වෙනවා. සිංහල අවුරුද්දට හෝ  නිවසේ ගෘහ භාණ්ඩ විවිධ දිශාවන්ට වෙනස්කිරීම් අවශ්‍ය වෙනවා. එවිට ඇස්වලට මනසට වෙනසක් අලුත් බවක් දැනෙනවා. බිත්තිවල එල්ලා තියෙන පින්තූර දේව පිළිම බුදුපිළිම පවා අනිවාර්‌යයෙන් මසකට වරක්වත් පිරිසුදු කළයුතු වෙනවා. එමගින් ඔබ නොසිතන විදිහේ ශක්තීන් නිවසට ගලා එනවා.

ගෙදර විතරක් පිරිසුදු කළා කියලා ශක්තීන් ගලා එන්නේ නැහැ

නිවස ළඟින් කානුවක් යනව නම්, නිවස ඉදිරිපිට කැලෑව වැවුණු පාරක් තියෙනව නම්, කුණු කසළ එකතුවෙන ස්ථානයක් තියෙනව නම්, නිවසට කලින් ඒ ස්ථාන පිරිසුදු කරගන්න අවධානය යොමු කරන්න. ගේ රාජමාලිගයක් වුණත් ගෙදරට එන පාර කානුව අපද්‍රව්‍යයෙන් පිරිල නම්  නිවසේ වාසනා ශක්තීන් බිඳදැමීමට එය හේතු වෙනවා.

නදිශා අතුකෝරළ



අදහස් (0)

විශ්ව ශක්තියේ බලය ලැබෙන අයුරින් නිවසක් පිරිසිදු කරගන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

අලුත් අවුරුදු පලාපල
2025 අප්‍රේල් මස 08 329 0

2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර 2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර


වසර 2100 දී පෘථිවියට ඇල්ගී ආක්‍රමණයක්
2025 අප්‍රේල් මස 08 90 0

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක්


ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !
2025 අප්‍රේල් මස 08 87 0

මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර


විශ්ව ශක්තියේ බලය ලැබෙන අයුරින් නිවසක් පිරිසිදු කරගන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 06 89 0

සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ න


සංගක්කාරලා සහ වෙන්ඩ සංගක්කාරලා
2025 අප්‍රේල් මස 06 85 0

මේ දිනවල පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වෙමින් තිබෙනවා. මේ බොහෝ තරග සජීවීව විකාශය කෙරෙන බැවින් - බොහෝමයක් ක්‍රිකට් ලෝලීන් ගේ අවධානය මේ තරග වෙත යොමු වන්නේ


මහවැලි කැලණි බදුලු ඔයේ ජලය පරිභෝජනය භයානකද
2025 අප්‍රේල් මස 06 70 0

ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 196 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1096 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site