විපක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලවේගය පසුගියදා සමත් විය. ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද ප්‍රමාණය සහ ඡන්ද ප්රතශතය ඉක්මවා යමින් මැතිවරණ දිස්ත්‍රික්ක 21 ක ජය ලබාගැනීමට ඔවුහු සමත් වූහ.
ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය ලබමින් ඡන්ද හැට අට ලක්ෂයක් ඉක්මවා ඔවුන් ලබා ගත්තේ මැතිවරණ කොට්ඨාස 152 ක් ජයග්‍රහණය කරමිනි. වැඩි ඡන්ද ලක්ෂ 49කින් ජයග්‍රහණය කළ ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 159ක් හිමිවිය. යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් මෙන්ම නුවරඑළිය සහ මැද කොළඹ වාර්තාගත අයුරින් ජයග්‍රහණය කරමින් 10 න් 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ අන්ත අසරණ තත්ත්වයකට පත්කිරීමට ජාතික ජනබලවේගය සමත් විය.
දේශපාලන විචාරකයින් පවා වික්ෂිප්ත කරමින් ලබාගත් එම ප්‍රතිඵල හේතුවෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි දැවැන්ත පක්ෂ දැඩි පසුබෑමකට ලක්විය.
1977 වසරේ සිට අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය පක්ෂ වලට දීර්ඝ කාලයක් තිස්සේ බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ බළකොටුව ලෙස සැලකෙන මැද කොළඹ ආසනයේ බලය වසර 47කට පසුව ගිලිහී යාම මෙහි විශේෂත්වයකි. ඒ අනුව මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 11,813කින් ජයගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.
මෙවර මහ මැතිවරණයෙන් මැද කොළඹ ආසනය ජාතික ජන බලවේගය ඡන්ද 39,160ක් ලබාගැනීමෙන් සියයට 51.47ක ප්‍රතිශතයකුත් සමගි ජන බලවේගය ඡන්ද 27,347ක් ලබා ගනිමින් සියයට 35.94ක කුත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 3612ක් ලබා ගනිමින් සියයට 4.75ක ප්‍රතිශතයකුත් ලබා ගත්තේය.
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගන්නා නුවරඑළිය, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමටද ජාතික ජන බලවේගය සමත් විය.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව නව පක්ෂයක් බිහිකරමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් හා එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය බිහිකළේය. 2020 වසරේ පැවති මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම සන්ධානය පිහිටුවා ගනු ලැබීය. 2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔවුන් එම පක්ෂය ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති බවයි. පක්ෂයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර නම් කෙරුණි.
ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මහමැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය හා සන්ධාන ගත විය. සන්ධානය පිහිටුවා මාස 6ක් වැනි කෙටි කාලයකදී ආසන 54ක් දිනාගනිමින් රටේ ප්‍රධාන විපක්ෂය බවට සමගි ජනබලවේගය පත්විය.
එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් ආරම්භයේ සිටම සමගි ජනබලවේගය හා එක්විය.
කාලය ගතවීමත් සමග සමගි ජනබලවේගය හා බොහෝ පිරිසක් එක්වීම මෙන්ම ඉන් බොහෝ පිරිසක් ඉවත්ව ගියහ. ආරම්භයේදීම සමගි ජනබලවේගයෙන් ඉවත්ව ගිය දේශපාලන නායකයකු ලෙස පාඨලී චම්පික රණවක මහතා හඳුන්වාදිය හැකිය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ඩයනා ගමගේ ඇතුලු පිරිසක් ඔහු හා එක්වූහ. පක්ෂයේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද පක්ෂ නායකත්වය විවේචනය කරමින් ඉන් ඉවත්ව වෙනම අපේක්ෂකයකු ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.
එවැනි පිරිස් ඉවත්ව යද්දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ බොහෝ පිරිසක් සමගි ජනබලවේගය වටා එක්විය. මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, චන්දිම විරක්කොඩි, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය චරිත හේරත්, නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා වැනි ප්‍රබල චරිත ඒ අතර වූහ.
මෙම සියලු දෙනා පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. සමගි ජනබලවේගයේ ආරම්භක පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලු පක්ෂ එක්ව ඒ වෙනුවෙන් සමගි ජන සන්ධානය පිහිටුවා ගනු ලැබීය.
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජි. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කදුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණන්, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එහිදී පෙරමුණ ගෙන ක්‍රියා කළහ.
ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය. එහිදී ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් ලබා ගනිමින් සියයට 42.31්ක ප්‍රතිශතයකුත් සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලබා ගනිමින් සියයට 32.76ක ප්‍රතිශතයකුත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුනේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් ලබා ගනිමින් සියයට 17.27ක ප්‍රතිශතයකුත් ලබාගැනීමට සමත් විය. ඒ අනුව මෙරට නවවැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්විය. ඔහු පත්ව දින කිහිපයක් යාමට මත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණය කැඳවීය.
ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට බහුතරය දිනාගැනීමට නොහැකි වීමත් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අනුර දිසානායක මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීමට සමත්වීමත් හේතුවෙන් මෙම පක්ෂ දෙක ඒ වූයේනම් ජනාධිපතිවරණය ජයගැනීමට හැකියාව තිබූ බවට සමාජ කතිකාවක් නිර්මාණය විය. ඒ අනුව මහමැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එක්වීම වෙනුවෙන් සාකච්ඡා වට ගණනාවක් පැවතියත් ඒ සියල්ල අවසානයේ අසාර්ථක විය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම සියලුම දේශපාලන පක්ෂ යුහුසුලුව හමැතිවරණය වෙනුවෙන් සුදානම් විය. සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරුණු අතර සන්ධාන ගත වූ සියලුම පක්ෂ ඔහුට සහාය දැක්වීමට ඉදිරිපත්විය.
නාම යෝජනා ගැටලු
වක් හේතුවෙන් පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ ඔහුගේ නියෝජිතයින් මහමැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටියහ. ඒ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා බාරදී තිබූ කරු පරණවිතාන මහතාද පසුව තරග නොකරන බවට දැනුම් දුන්නේය. ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියද අවසන් මොහොතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තම නම ඉවත් කර ඇතැයි පවසමින් දැඩි විරෝධයක් පළ කරමින් පක්ෂයට සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළාය. මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ගැටලුවක් මුල් කරගනිමින් තරග කිරීමෙන් ඉවත් විය.
මහමැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජනබලවේගය අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබිණ. පක්ෂයේ දැවැන්තයන් විශාල පිරිසකට තම මන්ත්‍රී අසුන පවා රැක ගැනීමට නොහැකි විය. සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 35 කුත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර පහකුත් හිමිවිය. එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහා මේ වනවිට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කර ඇති අතර අනෙක් මන්ත්‍රී ධුර හතර පුරප්පාඩු වී පවතී.
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ඉල්ලා සමගි ජනසන්ධානයේ හවුල් කාර පක්ෂ, පක්ෂ නායකත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්ථා වේ. මේ හේතුවෙන් සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පත් කරගැනීම දින කිහිපයකට කල් තබා තිබේ. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා ඉම්තියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල් පීරිස්, තිස්ස අත්තනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ඉරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්” හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුෂාර ඉඳුනිල් අමරසේන, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ නම් යෝජනා වී ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැන් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අවසන්ය. ඉතා නුදුරේදීම පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. එහිදී ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගයට ප්‍රබල අභියෝගයක් දීමට නම් සමගි ජනබලවේගය නිවැරදි තීන්දු ගැනීමත් සමගිව කටයුතු කිරීමත් කළයුතුය.
නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම
ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව
පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.
චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
සජබ ගමන් මග