වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර තිබේ. රැඟුම, ගැයුම, වැයුම, නැටුම, නිවේදනය මේ ආදී සියල්ලටම ඇය දක්ෂ මෙන්ම ඒ සියලුම අංශ පිළිබඳ හදාරා දැනුම ලැබූ ශිල්පිනියකි. මේ සියලු හැදෑරීම්වලට අමතරව මනෝවිද්‍යාව පිළිබඳවද මනා පරිචයක් ඇති ‘‘හිරුෂි ජයසේන, නම් සුරූපී ශිල්පිනිය ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ ‘‘සිරස ද වොයිස් ශ්‍රී ලංකා’’ විනිශ්චයට එක්ව සිටින නිසාය. බාහිර ලස්සනට එහා ගිය ඇතුළාන්තයන් හරයක් ඇති, හිරුෂි තාරුණ්‍යයට පවසන මේ අදහස් ඔබට වැදගත් වන්නේ කෙසේදැයි බලන්න.
අලුත් ගීත නිර්මාණ කීපයක් එළිදක්වන්න සූදානම් වෙනවා. ඒ අතරේ, සිරස ද වොයිස් සීසන් - 3 වෙනුවෙන්, මේ සැරේ එහි කෝච් කෙනෙක් (විනිශ්චය ලබාදෙන ශිල්පිනියක) ලෙස කටයුතු කරනවා. ඒ වැඩ එක්ක මේ දිනවල කාලය වැඩිපුර ගෙවෙන්නෙ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ප්‍රවේශ වුණේ අවුරුදු 16 දී. විද්‍යා අංශයට තමයි මුලදී කැමැත්ත තිබුණෙ. පසුව මල්ටිමීඩියා සහ ආර්ට් පැත්තට යොමු වෙන්න පටන් ගත්තා. ව්‍යාපාර අංශයෙන් මගේ මාස්ටර්ස් උපාධිය ගත්තෙ. මෑතකදී මට ආරාධනාවක් ලැබුණා, හොලිවුඩයට ගිහින්, එහි සරසවියක රංගනය පිළිබඳ හැදෑරීමට. ඒ ආසාව ඉස්සර ඉඳලම මට තිබූ දෙයක්. ස්ටොරි ටෙලින් හෙවත්, කතා කීමේ කලාව ඉගෙන ගන්න මට තිබුණෙ ලොකු උනන්දුවක්. ඒ වෙනුවෙන් වසරක පුහුණුවක් ලැබුවා. ඒ ඔක්කොම ගත්ත සහතික බිත්තිවල එල්ලගෙන සිටීමට වඩා, තමුන් අවංකවම ඉගෙනීමට ඇති කැමැත්තෙන් කැප වුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවනි.
කලාකාරියක ලෙස කටයුතු කිරීමේ අරමුණ අතරම සංගීතය සහ කලාවට වැඩි කැපවීමක් කළ යුතු නිසා මාධ්‍යයෙන් ඉවත් වුණා. හැබැයි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි. මම නර්තනයත් කළා. ඒවා එකිනෙකට සමාන්තරව යන විෂයයන්. ඒ අතරේ මනෝවිද්‍යාව ගැනත් හැදෑරුවා. ඒ විෂය ජීවිතයට වටිනවා. ගායන ශිල්පිනියක ලෙස දැන් යන ගමනට ඒ සියල්ල වටිනාකමක් ලබාදී තිබෙනවා.
තමන් කවුද කියන වග අංවකවම හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්. සමාජය බැරියර්ස් දාලා තියෙන බව සැබෑව. ඒ අනුව අපි හැඩ ගැසීම හොඳ බව ඇත්ත. ඒත්, තමන් ව්‍යාජ රඟපෑමක්, මවාගෙන ජීවත්වීමක් කළ යුතු නැහැ.
යමක් රඟපාලා කරද්දී ඒක සමාජය දකිනවා. මම නම් කැමති, මිනිස්සු සතුටු කරවමින්, එයාලට දිරියක් වෙමින් ගත කරන්න. හිනාවෙලා, විහිළුවක් කරගෙන ඉන්න කැමතියි. මානසික ශක්තිය සහ බාහිර ලස්සන පෙනුමට එය වඩා හොඳයි. වෙනස්වීමේ ස්වභාවය තේරුම් ගෙන ජීවත්වීම වැදගත්. වෙනස්වීමට අපි බිය විය යුතු නැහැ. ජීවිතය කොතැන වෙනස් වුණත්, තමා කෙරෙහි විශ්වාසයක් තබා ගන්න පුළුවන් නම්, එය හරි වටිනවා. ඇතුළාන්තයෙන් ඒ විශ්වාසය හදා ගත්තාම බාහිරව එය පෙනෙනවා. ඒ වගේම මිනිසකුට ආධ්‍යාත්මික වශයෙන්, දැක්මක් තිබීමත් වැදගත්.
ඔබට තිබෙන්නේ මහා ලොකු දක්‍ෂතාවක් නොවෙන්න පුළුවන්. ඒත් දක්‍ෂතාවයක් තිබේ නම්, යමක් ගැන ඉගෙන ගන්න කැමති නම්, ඒ ගැන හැදෑරීමට අද තියෙන අවස්ථා බොහෝමයි. සුබවාදීව හිතන්න අවශ්‍ය කරන ප්‍රධාන දේ වන්නෙ, තව කෙනෙක්, ඔබට සලකන විදිහ ගැන හිතලා ඔබගේ වටිනාකම තීරණය කරන්න එපා. එක එක්කෙනා බලන විදිහ වෙනස්. දහදෙනෙක් අතරින්, එක්කෙනෙක් නරකක් කරද්දී, ඒ ගැන හිතන්න එපා. තමන්ගේ දේ තමන් දකින විදිහ අනුව පවත්වාගෙන යන්න.
ගීතයක් නිර්මාණය කළත් මම ඒක බලහත්කාරයෙන් කරන්න නැහැ. නියම අදහස එනකල් මම බලහත්කාරයෙන් එය නොකරන්නෙ එතකොට ඒ නිර්මාණය ලස්සන නොවන නිසයි. වැඩ ගැන අදහසක් මට තියෙනවා. හැබැයි ඒ වැඩ මත්තෙම හිතලා අනවශ්‍ය පීඩනයක් දරන්න කැමැති නැහැ. මේ වසර සංගීත කටයුතු එක්ක සුබ මොහොතින් පටන් ගන්න සූදානමින් සිටින්නෙ. ‘‘වොයිස් ශ්‍රී ලංකා’’ සමග ඒ ළමයින් එක්ක අලුත් ගමනක් යන්න, ලස්සන ගමනක් යන්න සූදානමින් ඉන්නෙ.
ඒ අවස්ථාව ලැබීම ලොකු සතුටක්. රයිනි, සුපුන්, මිහිඳු යන අනෙක් විනිශ්චය කරන ශිල්පීන් සමග ලිලාන්, විරාජ් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම එක්ක කරන මේ ‘‘ද වොයිස් ශ්‍රී ලංකා’’ ලොකු වෙනසක් වේවි. මෙම වැඩසටහන තරග කරන ලංකාවේ සතර දෙසින් පැමිණ සිටි යෞවනය ඉදිරිපත් කරන ගීත ගැයූ ඒ ගීතවල හිමිකරුවන් වන ප්‍රවීණයින්ට කාතෘ භාග ගෙවීම මෙහිදී සිදුවෙනවා. තරගකරුවන් තෝරා ගැනීමේදී අපි අපේ උපරිම සාධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව උපරිම දක්‍ෂ පිරිසක් හෙට සංගීත ක්ෂේත්‍රයට බිහිවේවි.
සඳුන් ගමගේ
Location & Creations: Lassana Flora
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන