IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හඳට යන්න අලුත් ෆැෂන්


එය විලාසිතා ලෝකයේ කිසිවකු අපේක්ෂා කළ දෙයක් නොවීය. ඒත් ‘ප්‍රාඩා’ එය කිරීමට සමත් වූයේ කවුරුත් මවිත කරමිනි. ‘ප්‍රාඩා’ යනු ඇඳුම් ආයිත්තම් විලාසිතා අතින් ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයකි. මිල අධික, ධනපති පෙළැන්තියේ සන්නාමයකි. ‘ප්‍රාඩා’ සමාගමේ ආරම්භය වසර 111 ක් ඈතට විහිදෙයි. ධනපති පෙළැන්තියේ අභිමානය පෙන්නුම් කරන, ‘ප්‍රාඩා’ සමාගම ආරම්භ වූයේ ඉතාලියේ මිලාන් නුවර කේන්ද්‍ර කොටගනිමින් 1913 දීය.‘ප්‍රාඩා’ සමාගම වඩාත් ප්‍රචලිත වී සිටින්නේ, කාන්තා සපත්තු, සෙරප්පු සහ අත්බෑගවලටය. 

ඇක්සියොම් ස්පේස්’ යනු ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම දැනට අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමෙරිකන් සමාගමකි. ඇමෙරිකන් ගගනගාමීන් සඳහා ඇඳුම් නිර්මාණය පැවැරී ඇත්තේ ද මෙම සමාගමටය. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරය කේන්ද්‍ර කොට ගත්, ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ‘නාසා’ ආයතනය සමඟ ඇමෙරිකන් ඩොලර් මිලියන 228ක ගිවිසුමකට අත්සන් කර ඇත. 

මේ වනවිට ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඉතාලියේ  ‘ප්‍රාඩා’ සමාගම සමඟ හවුල්වෙමින්, ඉදිරි වසර කිහිපයේ සඳට පය තබන ගගනගාමීන් වෙනුවෙන්, මෙන්ම ගගන කැප්සියුලවලින් සඳට යන ගගනගාමීන් වෙනුවන් අපූරු ගගන ඇඳුම් නිර්මාණය කර තිබේ. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම සහ ‘ප්‍රාඩා’ සමාගම එක් වී නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් හැඳින්වෙන්නේ, ‘ඇක්සියොම් එක්ට්‍රාවෙහිකියුලර් මොබිලිටි යුනිට්’ යනුවෙනි. මෙම ගගන ඇඳුම් කට්ටල මාදිලි කීපයකි. පසුගියදා ඒවා ප්‍රසිද්ධියට පත් කෙරුණේ, ‘ගගනගාමීන්ගේ සිරුරේ හැඩය අනුව, ගගනගාමීන්ගේ සිරුරට හොඳින් ගැළපෙන, ගගනගාමීන්ට ඇඳගෙන සිටීමට පහසු’ ඇඳුම් කට්ටල ලෙසිනි.

70 දශකයේ  ‘ඇපලෝ’ වැඩසටහන යටතේ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වීමෙන් පසු වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, යළි සඳට යෑම ආරම්භ කර ඇත. මෙම නවතම චන්ද්‍ර මෙහෙයුම් සිදුවන්නේ  ‘ආටිමීස්’ වැඩසටහන යටතේය. ‘ආටිමීස්’ වැඩසටහන සුවිශේෂී වෙයි. හේතුව, නාසා පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමිනියක ද සඳට පය තැබීමට නියමිත වීමය. කාන්තාවක සඳ බලා යන්නේත්, සඳට පය තබන්නේත් ඉතිහාසයේ පළමු වතාවටය.

මේ නිසාම, ‘ආටිමීස්’ වැඩසටහනට සහභාගී වන ගගනගාමීන්ට අලු‍ත් ඇඳුම් සකස් කිරීම කළ යුතු විය. නාසා ආයතනය ‘ඇක්සියොම් ස්පේස්’ සමාගමට පැහැදිලි කළේ, නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ නවීන පන්නයේ ඇඳුම් කට්ටලයක් ගගනගාමින් වෙනුවෙන් නිර්මාණය කර දෙන ලෙසටය. ඒ අනුව, ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, එම කටයුත්තට හවුල් කර ගත්තේ ‘ප්‍රාඩා’ සමාගමය. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගමේ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව,‘ප්‍රාඩා’ ඇඳුම් නිර්මාණකරුවෝ, ගගන ඇඳුම් නිර්මාණයට අත ගැසූහ. ගගන ඇඳුමක් නිර්මාණය කිරීම ‘ප්‍රාඩා’ සමාගමට බාරදූර කටයුත්තක් විය. හේතුව ඔවුන් මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි දෙයක් කර නැති බැවිනි. 

පසුගිය දා විදෙස් මාධ්‍ය ඔස්සේ අපට දැක ගැනීමට හැකිවූයේ, එහි අවසන් ප්‍රතිඵලයයි.‘ %ප්‍රාඩා’ නිර්මාණය කළ ගගන ඇඳුම් කට්ටල සැබැවින්ම අපූරුය. අතීතයේ, ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම්වලදී ගගනගාමීන් පැලඳි සුදු පැහැති ගගන ඇඳුම් කට්ටලයට මෙය තරමක් සමාන වුවත්, එය සම්පූර්ණයෙන්ම වෙනස් එකකි. ගගනගාමීන් පලඳින සවිමත් හෙල්මටය ද ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. සිරුරෙන් පිටවෙන දහදිය සහ මුත්‍ර වෙනම එක් රැස් කරමින් ඒවා බැහැර කිරීමේ පද්ධතියක් ඇඳුම් කට්ටලයට ම සම්බන්ධය. ඇඳුම් කට්ටලය ස්තර කීපයකින් යුක්තය. 

ප්‍රාඩා’ සමාගම, ඇඳුම් කට්ටල නිර්මාණයට යොදාගෙන ඇත්තේ මයිලර් සහ කෙව්ලර් යන කෘත්‍රිම ද්‍රව්‍යයි. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයකි. ඒවා ජල ටැංකි තැනීමට භාවිත කෙරේ. කෙව්ලර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයකි. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙව්ලර්වලිනි. ගගන ඇඳුම් කට්ටලයට අයත් ගගනගාමීන් පලඳින හෙල්මටයට සහ එහි වයිසරයට අති සුපැහැදිලි දසුන් ලබා දෙන කැමරාවක් සම්බන්ධ කර ඇති අතර, එමගින් ගගනගාමියා හෝ ගගනගාමිනිය දකින සියලු‍ දසුන්, පෘථිවියේ සිටින නාසා ආයතනයේ විද්‍යාඥයන්ට ද එවේලේම සජීවීව දැක ගන්නට ලැබෙනු ඇත. 

එහි ඇති ඔක්සිජන් ටැංකි පමණක් නොව, ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් බැහැර කිරීමටද වෙනම ටැංකි ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. ඇඳුමට සම්බන්ධ බූට් සපත්තු විශේෂයෙන් ම සඳ මත ඇවිදීමට පහසුවෙන පරිද්දෙන් නිර්මාණය කර ඇත.

නාසා ආයතනය,‘ ආටිමීස් 1’ පළමු මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් ලෙස සාර්ථකව අවසන් කළේය.‘ ආටිමස් 1’ මෙහෙයුමට සම්බන්ධ කළ ගගන කැප්සියුලය ගගනගාමීන් නොමැතිව තනිවම සඳ වෙත ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට පැමිණියේය. එය කැප්සියුලය අත්හදා බැලීමක් විය. කැප්සියුලයේ යද්දී ගගනගාමීන්ට මුහුණ පාන්නට වෙන විකිරණවල බලපෑම ගැන ද අධ්‍යයනය කෙරුණි. ඒ දත්ත සියල්ල ‘ප්‍රාඩා’ සමාගමේ නිර්මාණකරුවන් ඇඳුම් කට්ටලය නිර්මාණයේ දී සැලකිල්ලට ගත් බව ද පැවැසෙයි.‘ 

ආටිමීස් 2’ මෙහෙයුම ද,‘ආටිමීස් 1’ මෙහෙයුම මෙන්ම අත්හදා බැලීමේ මෙහෙයුමක් බව නාසා ආයතනය නිවේදනය කර ඇත. ඒ මෙහෙයුම සිදු කෙරෙන්නේ 2025 වසරෙන් පසුවය.‘ ආටිමීස් 2’ මෙහෙයුමට ගගනගාමීන් සිවු දෙනකු සම්බන්ධ වෙනු ඇති අතර, එම සිවු දෙනා රැගත් ගගන කැප්සියුලය සඳට පහත් කර, යළි ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ගගනගාමීන් සඳට පය තැබීමක් ‘ආටිමිස් 2’ මෙහෙයුම්දී සිදු නොවෙනු ඇත. මෙම ගගනගාමීන් සැරසී සිටිනු ඇත්තේ‘ ප්‍රාඩා’ නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් කට්ටලවලිනි. 

අතීතයේ‘ ඇපලෝ’ මෙහෙයුම් මාලාව යටතේ සඳට පය තැබූ නාසා ගගනගාමීන් ඇඳ සිටියේ ප්‍රමාණයෙන් සිරුරට වඩා විශාල පිම්බුණු ඇඳුම් කට්ටලයකි. ඔවුන් සඳ මතුපිට ඇවිද්දේ හාවුන් මෙන් පැන පැනය. ඇතැම් විට හිස කොටස බරින් වැඩි නිසා පහත් වෙද්දී පෙරළී ගිය අවස්ථා ද වෙයි. “ප්‍රාඩා නිර්මාණකරුවන් නව ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ එය පලඳින අයගේ සිරුරට මනා ලෙස පෑහෙන ආකාරයටයි. ඒ අනුව පහසුවෙන් අතපය හසුරුවන්න ඔහුට හෝ ඇයට හැකි වෙනවා පමණක් නොව, හාවුන් මෙන් පැන පැන සඳ මතුපිට ඇවිදින්න ඕනෑ වෙන්නේ ද නැහැ.” යැයි‘ඇක්සියම් ස්පේස්’ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මයික් සෆෙරිඩීනී පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.


  • ලු‍සිත ජයමාන්න

       ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

හඳට යන්න අලුත් ෆැෂන්

ඔබේ අදහස් එවන්න

Recommended News

යළි පණ ලබන තයිලසයින්
2024 දෙසැම්බර් මස 26 6 0

ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,


දෙලොවක් අතර තනිවුණු රණවිරුවා
2024 දෙසැම්බර් මස 26 5 0

බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.


ඇමෙරිකාව කලඹන අබිරහස් ඩ්‍රෝන යානා
2024 දෙසැම්බර් මස 26 7 0

ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න


මේ නත්තල දයාවන්තව ගතකරමු
2024 දෙසැම්බර් මස 24 11 0

නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.


යුරෝපයේ අසිරියටත් එහා ගිය කොළඹ සුපිරි තරු හෝටල මවන නත්තල් අසිරිය
2024 දෙසැම්බර් මස 24 32 0

කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ


තරු නත්තලේ
2024 දෙසැම්බර් මස 24 24 0

මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 120 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 111 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site