IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසයෙන්


ශ්‍රී  ලංකා දේශපාලන ඉතිහාසයේ මුල් දරා මහා රූක්ෂ ගස් සේ වැඩුණු පවුල් බොහෝමයක් ඇත. සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල, විජේවර්ධන පවුල, ප්‍රබල දේශපාලන පරපුරක් නියෝජනය කළ අතර - වර්තමානයේ කාගේත් මතකයේ රැඳි දේශපාලන පවුල වන්නේ රාජපක්ෂ පවුලයි. ඔවුන්ගේ රාජධානිය වූයේ හම්බන්තොට ය. රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඩී. එම්. රාජපක්ෂ මහතා 1936 ඉදිරිපත් වී හම්බන්තොට අසුනට තරග කර ජයගෙන, රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි පළමු රාජපක්ෂවරයා විය. එතැන් සිට වසර 88 ක් හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂවරු නියෝජනය කළහ. හම්බන්තොට දිස්ත්‍රික්කයට රාජපක්ෂ පවුලෙහි කිසිවෙකුත් මෙවර මහා මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදී නොමැත. මෙය වසර 88 කට පසු රාජපක්ෂ පවුලෙන් කිසිවකුත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන පළමු අවස්ථාව බවට පත්ව තිබේ.           

දොන් ඩේවිඩ් ‍ රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ වැලිකඩ කෝරළය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ වැඩවසම් තනතුරක් වන විදානේ ආරචිචි තනතුර දැරූවෙකි. ඔහු විවාහ වූයේ ගිමාරා මුණසිංහ සමගය. ඔවුන්ගේ දරුවන් 4 දෙනා වූයේ - ‍දොන් කොරනේලිස් රාජපක්ෂ, දෙවැන්නී දෝන කැරලිනා රාජපක්ෂ, තුන්වැන්නා දොන් මැතිව් රාජපක්ෂ, හතරවැන්නා දොන් ඇල්වින් රාජපක්ෂ ය. වැඩිමහලු‍ දෙදෙනාගේ පසු පරම්පරාව පිළිබඳ වැඩි තොරතුරක් නැතත්, ඩී.එම්. රාජපක්ෂ ලෙස ප්‍රසිද්ධියට පත් දොන් මැතිව් වර්තමාන රාජපක්ෂ පරම්පරාවේ දේශපාලන ගමනේ සමාරම්භකයා ලෙස සැලකේ. ඔහු 1936 සිට 1945 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළේය.

1945දී ඩී. එම්. රාජපක්ෂ මියගිය අතර, ඔහු දැරූ තනතුර ඡන්දයක් නොතියාම ඔහුගේ බාළ සොහොයුරු වූ ‍දොන් ඇල්වින් රාජපක්ෂට හිමිවිය. ඔහු ඩී.ඒ. රාජපක්ෂ ලෙස 1945 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර, ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනය ජයගෙන - 1947දී පාර්ලිමේන්තුවට තේරීපත් විය. එතැන් සිට 1965 දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත්, රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත්, නියෝජ්‍ය කථානායකවරයෙකු ලෙසත් කටයුතු කළේය.

ඩී. එම්. රාජපක්ෂ - එමලින් වීරතුංග සමග විවාහ වන ලදුව ලක්ෂ්මන්, ජෝර්ජ්, ලෙස්ටර්, පර්ල්, කමලා, නීල්, රූබි ලලිතා ලෙසින් දරුවන් 7 දෙනකු ලැබුණහ. ඔවුන්ගෙන් ලක්ෂ්මන් හා ජෝර්ජ් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ සිය බාප්පා වූ ඩී.ඒ. රාජපක්ෂ සමග 1947දී මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වී, 1965 දක්වාම නොකඩවා මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කළේය.  1965දී පරාජයට පත්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්, 1976 සිට 1977 දක්වා පාර්ලිමේන්තුවට තේරීපත් වුයේ - ඔහුගේ බාල සොහායුරා වූ එවකට සෞඛ්‍ය හා ධීවර අමත්‍ය ධුරය දැරූ ජෝර්ජ් රාජපක්ෂගේ හදිසි අභාවයෙන් පසුවය. ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1960 සිට නොකඩවා 1976 දක්වාම පාර්ලිමේන්තුවට පත් වූ අතර , ඔහු 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරයා විය. ලලිතා සමරසේකර හා විවාහ වූ ජෝර්ජ් රාජපක්ෂට දරුවන් දෙදෙනකු සිටියේය. ඔවුන් නම් නිරූපමා රාජපක්ෂ හා ශ්‍යාම්ලාල් රාජපක්ෂයි. 

නිරූපමා රාජපක්ෂ 1994 සිට 2000 දක්වාත් නැවත 2002 සිට 2015 දක්වාත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව 2010 සිට ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළේය. ඇය විවාහ වූයේ ව්‍යාපාරිකයකු වූ තිරුකුමාරන් නඩේෂන්  සමගය. ඇයගේ සහෝදරයා වූ ශ්‍යාම්ලාල් රාජපක්ෂ 1999 සිට 2004 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කළේය.

ඩී. එම්. රාජපක්ෂගේ 5 වැනි දරුවා වූ කමලා ප්‍රේම්  වික්‍රමසූරිය හා විවාහ වූ අතර ඔවුන්ට - අනෝමා, ජාලිය හා ප්‍රසන්න නමින් දරුවන් තිදෙනෙක් සිටියේය. මෙහිදී අනෝමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කළ අතර, ඇය විවාහ වූයේ අස්ලාම් ෆාස්ලි ලෆීර් හෙවත් කර්නල් ඒ. එෆ්. ලෆීර් සමගයි. ජාලිය වික්‍රමසූරිය එම මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. ප්‍රසන්න වික්‍රමසූරිය ලු‍තිනන් කර්නල්වරයකු වශයෙන් සේවය කර හමුදාවෙන් විශ්‍රාම ගිය පසු 2010දී ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඩී. ඒ. රාජපක්ෂ විවාහ වූයේ දන්දිනා සමරසිංහ දිසානායක සමගින්. එම විවාහයෙන් චමල්, ජයන්ති, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය හා බැසිල්, ඩඩ්ලි, ප්‍රීති හා ගාන්ධිනී වශයෙන් දරුවන් නව දෙනකු සිටියේය. එහිදී චමල් රාජපක්ෂ 1989 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම 2010 සිට 2015 වකවානුවේ කථානායකවරයා ලෙසද කටයුතු කළේය. ඔහු වාරිමාර්ග, වැවිලි කර්මාන්ත, වරාය සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ භාරව කටයුතු කළේය. චන්ද්‍රා මාලනී විජේවර්ධන සමගින් විවාහ වූ ඔහුට ශෂීන්ද්‍ර සහ ශමීන්ද්‍ර නමින් පුතුන් දෙදෙනෙක් සිටිති. 2009 සිට 2015 දක්වා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහ ඇමැති ධුරය දැරූ අතර, අනතුරුව පාර්ලිමේන්තුවට පත්ව රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද දැරුවේය. එසේම කතරගම දේවාලයේ බස්නායක ධුරය ද දැරූ ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස ද කටයුතු කළේය. බාල පුතා වන  සමීන්ද්‍ර රාජපක්ෂ 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

ඩී. ඒ. රාජපක්ෂගේ තුන්වැනි පුතා වූ පර්සි මහින්ද රාජපක්ෂ 1970 සිට 77 දක්වාත් 1989 සිට මෑත කාලය දක්වාත් නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, ප්‍රධාන ඇමැති තනතුරු දරමින් 2004දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවටත්, 2005දී ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපතිවරයා බවටත්, පත්වී දෙවරක් එම තනතුරේ කටයුතු කළේය. 2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුද, නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්ව - දින 52ක කෙටි කලකට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුර දරා 2019 සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුරට නැවතත් පත් විය. රාජපක්ෂ පවුලේ ප්‍රබලම දේශපාලන හස්තය වූයේ ඔහුය.

ඔහු විවාහ වූයේ ලංකාවේ රූ රැජිනක් වූ ශිරන්ති වික්‍රමසිංහ සමගිනි. ඔවුන්ට නාමල්, යෝෂිත හා රෝහිත ලෙස පිරිමි දරුවන් තිදෙනෙක් සිටිති. යෝෂිත රාජපක්ෂ ද 2020 සිට අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුද කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවෙකි. නාමල් රාජපක්ෂ 2010 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර, කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවෙක්ද වේ. ඔහු 2024 පැවති ජනාධිපතිවරනයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. නමුත් ඔහුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ, ඔහු මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරන සමයෙහි හා වරාය හා මහාමාර්ග අමාත්‍ය ධුරය දරන සමයේත් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවාය. ඔහුට චමින්ද රාජපක්ෂ නමින් එක් දරුවෙක් සිටින අතර, ඔහු ජනාධිපති උපදේශකයකු මෙන්ම - හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේය.

ඩී. ඒ. රාජපක්ෂගේ 5 වැනි දරුවා වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු ශ්‍රී  ලංකා යුද හමුදාවේ ලු‍තිනන් කර්නල්වරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා කලක් විදේශගතව සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින සමයේ ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. එමෙන්ම ලංකා හොස්පිට්ල්ස් මෙන්ම ලංකා ලොජිස්ටික් සමාගම්වල සභාපති ධුරයද දරා සිට තිබේ. ඔහු විවාහ වූයේ අයෝමා රාජපක්ෂ සමගයි. ඔවුන්ගේ දරුවා වන්නේ මනෝජ් රාජපක්ෂයි. ඔහු ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරයි. ගෝඨාභය මෙරට රාජපක්ෂ දේශපාලනයට කැළලක් එක් කරමින් ජනාධිපති ධූරයෙන් නික්ම ගියේය.

බැසිල් රෝහණ රාජපක්ෂ 2005 සිට මහින්ද රාජපක්ෂගේ ජ්‍යේෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කර ඇති අතර - 2010 සිට 2015 දක්වා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙසද, 2007 සිට 2015 දක්වාත් නැවත 2020 සිටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙසද, කටයුතු කළේය. උතුරු වසන්තය ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. පුෂ්පා රාජපක්ෂ සමග විවාහ වූ ඔහුට තේජානි, බිමල්කා, අසාන්ත නමින් දරුවන් තිදෙනෙක් සිටී.

ඩී. ඒ. රාජපක්ෂගේ 7 වැනි දරුවා වූ ඩඩ්ලි රාජපක්ෂ වූ අතර 8 වැනි දරුවා වූ ප්‍රීති රාජපක්ෂ විවාහ වූයේ, වෛද්‍ය ප්‍රියලාල් චන්ද්‍රදාස සමගිනි. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසින්ද, වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද, ජාතික රක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින්ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසින්ද, පී. ජේ. ෆාමා සමාගමේ හා මෙත් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද, එම්ලෝයිස් හෝල්ඩින් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද, ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද, ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ලෙසින්ද, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද තනතුරු රාශියක් දැරූ අයෙකි. ඔවුන්ට මාලක, මාධව, මාදිනී, මාලිකා ලෙස දරුවන් සිවුදෙනෙක් සිටිති.

ඩී. ඒ. රාජපක්ෂගේ බාලම දරුවා වන්නේ ගාන්ධිනී රාජපක්ෂයි. ඇය විවාහ වී සිටින්නේ තුසිත රණවක සමගින්. ඔවුන්ට හේෂණ, නිපුණ හා රන්දුලා නමින් දරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් අතරින් නිපුණ රණවක 2020 මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

රාජපක්ෂ පවුලේ අනාගත බලාපොරොත්තුව වන නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග නොකරන අතර, ඔහු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර ඇත. හම්බන්තොට වාර්තාගත දේශපාලනය අවසන් වෙමින් පවතින බව මේ අනුව පැහැදිලි වේ.

හම්බන්තොට යනු දුෂ්කර වු දියුණු නොවූ තත්ත්වයක පැවති නගරයකි. එය ගුවන්තොටුපල, අධිවේගී මාර්ගය, ක්‍රිකට් ක්‍රීඩාංගනය, වරාය ආදියෙන් සමන්විත සුරපුරයක් බවට පත් කෙරූයේ රාජපක්ෂ පවුල විසිනි. එපමණක් නොව අතුරු මාර්ග පවා කාපට් කළේය. මාතරින් අවසන් වූ දුම්රිය මාර්ගය ගිරුවාය දක්වා ඉදි කලේය. සම්මන්ත්‍රණ ශාලා, උද්භිද උද්‍යාන, පරිපාලන සංකීර්ණ, කර්මාන්තශාලා ඉදිවුණි. හම්බන්තොට රාජපක්ෂලාගේ රාජධානිය අද කඩා වැටෙමින් පවතී. රාජපක්ෂලා හම්බන්තොට සුරපුරයක් කෙරැවත් මෙවර මහ මැතිවරණයට හම්බන්තොටින් රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම කාගේත් කතා බහට ලක් වූ කරුණකි. 


ශෂිකා අබේරත්න


 



අදහස් (0)

හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසයෙන්

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 9 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 6 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 11 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 13 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 9 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 12 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site