IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ


ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස මෙරට පතළ නමක් දිනා සිටින අර්ජුන ද සිල්වා මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයේද පතළ චරිතයක් වූයේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපතිවරයා ලෙස වසර 13 ක කාලයක් පුරා ඉටු කළ සංකීර්ණ මෙහෙවර නිසාය.

slada හෙවත් තහනම් උත්තේජක නියෝජ්‍යායතනයේ සේවයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවමින් 59 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවැසුවේ පළපුරුද්ද ඇති තවත් අයෙකුට අවස්ථාව සලසාදීම සඳහා තමන් මෙම තීරණයට පැමිණි බවයි.

“එය කාගෙවත් බලපෑමකට නොවේ. හරි වෙලාවට තනතුරුවලින් යායුතුයි. කෙනෙක් තනතුරකින් ඇයි යන්නේ නැත්තේ? කියලා අහනවාට වඩා ඇයි යන්නේ කියලා මගෙන් අහනවාට මම කැමැතියි.”‍ මාධ්‍යවේදීයෙකු ඇසූ පැනයකට මහාචාර්යවරයා එසේ පිළිතුරු දුන්නේ අද කාලයට වටිනා අරුතක්ද එක් කරමිණි. 

2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක චෝදනා ලබා තහවුරුවීමෙන් ඔහුගේ රන් පදක්කම අහෝසි කෙරුණි. එහිදී ශ්‍රී ලංකාවට ඇතිවූ අපකීර්තිය සැළකිල්ලට ගනිමින් තහනම් උත්තේජකවලින් තොර මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයක් සැකසීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ස්ථාපිත කෙරුණි.

පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා සේවය නිල වශයෙන් හැර යනවිට එහි සභාපති ධූරය වසර 13 ක් දැරීය. ඊට පෙර ඔහු වසර 2011 දී ක්‍රීඩා වෛද්‍ය සහ තහනම් උත්තේජක මර්දන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ පත්වීම් ලබමින් කටයුතු කරමින් සිටියේය.

ඔහුගේ ගෙවී ගිය සේවා කාලය තුළදී මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් තහනම් උත්තේජක හෙවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කට වචනයට කියන ඩ්‍රග්ස් මුලිනුපුටා දැමිම සඳහා සිය කාර්ය මණ්ඩලය ඔස්සේ විනයගරුක ප්‍රශංසනීය මෙහෙවරක යෙදී තිබේ.

ඔහුගේ පුළුල් මෙහෙවර මෙසේ ඔහු ප්‍රකාශ කර සිටියේය.

“ජනාධිපතිවරුන් තිදෙනෙකු හා ක්‍රීඩා ඇමැතිවරුන් අට දෙනෙකු යටතේ මම තනතුරේ කටයුතු කළා. එතනදී ඒ කාගෙන්වත් මට බලපෑමක් එල්ල වුණේ නෑ.”‍ 

තහනම් උත්තේජක නියෝජ්‍යායතනය එම විෂයේ කටයුතු කරන ආසියාවේ හොඳම රටවල් දහය අතර හය වැනි ස්ථානය දක්වා ගෙන ඒමට මහාචාර්යවරයාගේ නායකත්වය සමත්ව තිබේ.

ඔහුගේ සේවයේදී ශ්‍රී ලංකාව ලබාගත් ඉහළ ප්‍රතිලාභ කීපයක් මෙසේය.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යායතනයට කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට යාබදව අති නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ලැබීම, එහි අතිනවීන විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම, ඒ තුළ විශ්ව විද්‍යාල සිසුන්ට පර්‌යේෂණ කටයුතු සඳහා පහසුකම් සලසාදීම, රාජ්‍ය විශ්ව විද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, නව පර්‌යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරමින් සමාජ ප්‍රගමනයට දායකවීම, කොවිඩ් සමයේදී ආසියානු හා ශාන්තිකර අමාත්‍ය මණ්ඩල 15 වැනි හා 18 වැනි යන රැස්වීම් දෙකක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ජාත්‍යන්තරයට ගෙනයාම.

ලෝක ජනගහනය ආසන්න වශයෙන් 60% ක් හා ගෝලීය තරුණ ජනගහනය 80% ක් පමණ ආසියාව නියෝජනය කරන බැවින් උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි ගෝලීය සටනේදී දකුණු ආසියානු ශාන්තිකර කලාපයේ මැදිහත්වීම වැදගත් වේ. එම රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම ගැන මහාචාර්යා දැක්වූයේ එවන් අදහසකි.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය (WADA) මෙන්ම ICC ය හෙවත් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේත් ඉහළ ප්‍රසාදයක් පසුගිය කාලය පුරා මෙරට තහනම් උත්තේජක නියෝජ්‍යායතනයට හිමිවූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ කැපවීම තුළ බව කේෂ්ත්‍රයේ අති බහුතරයකගේ අදහසයි.

ආමාශ අන්ත්‍ර රෝග පිළිබඳ විශේෂඥයෙකු වූ අර්ජුන ද සිල්වා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසත් මේ වන විට කටයුතු කරයි. ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙසත් ඔහු මෙරට ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ලබාදී තිබෙන දායකත්වය තවදුරටත් පුළුල් බවක් පෙන්වයි.

ධූරයෙන් සමු ගත් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු ඔහුගෙන් ප්‍රශ්න රැසක් විමසූහ.

“මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වගේම දැල්පන්දු ක්‍රීඩිකාවකුත් තහනම් උත්තේජක චෝදනා ලැබුවා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ක්‍රීඩකයෙක් වගේම ක්‍රීඩිකාවක් කිසියම් වෛද්‍යවරයෙකු ළඟට ප්‍රතිකාර පිණිස යනවා නම් තමන් ක්‍රීඩකයෙකු බව අනිවාර්යයෙන්ම ඔහුව දැනුවත් කළ යුතුයි.

මොකද වෛද්‍යවරයා ඖෂධ නිකුත් කිරීමේදී එම දැනුවත්වීම ඉතාම වැදගත් වෙනවා. වෛද්‍යවරයා නිකුත් කරන ඖෂධවල ඇතැම් විට තහනම් උත්තේජක සංඝටක අඩංගු විය හැකියි. එහෙම වුණු අවස්ථාත් තිබෙනවා.

හොදම දේ තමයි චෝදනා නොලබන්න පරෙස්සම්වවීම හා දැනුවත්වී සිටීම. පසුගිය කාලයේදී බර ඉසිලීම්, මලල ක්‍රීඩා, රග්බි, පාපැදි ආදී රටේ ක්‍රීඩා ඉසව් කීපයකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක චෝදනා ලැබීමේ ප්‍රවණතාවයක් දැක්කා.

කායවර්ධන (බොඩි බිල්ඩින්) ක්‍රීඩා ඉසව්ව ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ක්‍රීඩා ඉසව්වක් ලෙස එහි තහනම් උත්තේජක විමර්ශන සිදු කළ හැකිදැයි කියලා. ඒ නිසා මම යෝජනා කළා ජතික මහ ක්‍රීඩා උලෙළෙන් කායවර්ධන ක්‍රීඩාව ඉවත් කරන්න කියලා.

මහාචාර්යවරයා මාධ්‍යවේදීන්ට එසේ උත්තර බදිමින් කතා කළේය. අර්ජුන ද සිල්වා මාධ්‍යවේදීන් සමීපව ඇසුරු කළ ඔවුන්ගේ සමීපතම මිතුරෙකි. කෙතරම් කාර්යබහුල වූවත් ඔහු මාධ්‍යවේදීන්ගෙන් ලැබෙන දුරකථන ඇමැතුම් මග හැර සිටීමට උනන්දු නොවීය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.


නාමල් පතිරගේ


 



අදහස් (0)

හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

Recommended News

හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 16 28 0

ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය.


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය
2024 ඔක්තෝබර් මස 15 39 0

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්
2024 ඔක්තෝබර් මස 15 34 0

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු


පොල් මිල වැඩි වෙන්නේ ඇයි ?
2024 ඔක්තෝබර් මස 14 44 0

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි විමසූ සැනින් තේ, පොල්, රබර් යැයි කීමට කාගෙත් කටට ආ පිළිතුරු ගිල ගැනීමට කාලය උදාවෙමින් තිබේ.


ග්‍රහක අල්ලන් කන්නයි හදන්නේ
2024 ඔක්තෝබර් මස 14 37 0

ඇමෙරිකාවේ නාසා ආයතනය 2025 වසරෙන් පසු ‘ආටිමිස්’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ සඳහා යළි සඳට යෑමට බලාපොරොත්තු වෙයි.


අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා
2024 ඔක්තෝබර් මස 09 96 0

සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්න


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1540 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site