හිතට තදට වදින හීන අස්සේ ...
පාට රුඋප මවන මායා ...
බාල් නටනු ඇස් නළවන ළඳකි
සිහින පේන රූප සේයා ...
රාග නෙතින් කීපූ කතා ...ඔලුව අස්සේ එහෙට ..මෙහෙට දුවනා ...
මටම නොදැනි මගේ හීනේ
රැයම නටයි රාගී
ඈ අලීෂා .....
ඒ ගැන දැන ගන්න ගීතයෙන් මේ විදිහට අලීෂා ගැන ගයන ‘නිලංග’ ක්‍රිෂාන් එක්ක අපි කතා කරමු. රියැලිටි වේදිකාවෙන් කරළියට ආ තවත් රියැලිටි තරුවක් වන ‘නිලංග ක්‍රිෂාන්’ මේ දක්වා ගීත 9ක් පමණ නිර්මාණය කර තිබෙන අතර ‘අලීෂා’ ඔහුගේ නවතම ගීතයයි. ඕනෑම විදිහේ ස්වර රිද්මයකින් ගී ගැයිමේ හැකියාව ඇති තාරුණ්‍යයේ ආදරය දිනූ ‘නිලංග’ බෙහෙවින් නිහතමානී ශිල්පියකු ලෙස හඳුන්වාදිය හැකිය.
‘‘මගේ සම්පූර්ණ නම නිලංග ක්‍රිෂාන් ප්‍රනාන්දු. හැමෝම වගේ මට කතා කරන්නෙ ‘නිලංග’ කියලයි. පවුලේ විස්තර කිව්වොත්, මගේ තාත්තා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. අම්මා සේවය කළේ ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ. සහෝදරයෝ දෙන්නෙක් මට ඉන්නවා. මගේ ගම කටුනේරිය. මුලින්ම ඉගෙන ගත්තේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයෙන්.
පාසල් කාලයේ ඉදලම ගායන කුසලතා එළිදක්වන්න මට පුළුවන් වුණා. මට ඒ අභාසය එන්න ඇත්තෙ අපේ තාත්තාගෙ පවුල් පසුබිමින් වෙන්නැති. ගමේ පරිසරයෙ මිනිස්සුන් සංගීතයට බොහොම ළැදියි. ‘ෆ්ලෑෂ් බෑක්’ වගේ සංගීත කණ්ඩායම් පවා බිහි වුණේ කටුනේරියෙන්. හැබැයි මම සා/පෙළ දක්වා විෂයයක් ලෙස කළේ චිත්‍ර. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවනි. ඒත් වැඩිපුර නැඹුරු වුණේ සංගීතයට. ඉන්පසුව පල්ලියෙ ගායනා කණ්ඩායමට සම්බන්ධවෙලා කටයුතු කරන්න පටන් ගත්තා. බෑන්ඩ්වලට සම්බන්ධවෙලා සිංදු කියන්න අවස්ථාව ඒ එක්කම වගේ ලැබුණා. මගේ මුල්ම සංගීත කණ්ඩායම කටුනේරියේ ෂෆල්ස්. තවත් වසර කීපයක් යද්දී මගේම ගීත නිර්මාණ කරන්න පටන් ගත්තා. ‘අලීෂා’ මගේ 9 වැනි ගීත නිර්මාණයයි.
2007 දී උසස් පෙළ කරන කාලයේදීම වගේ තමයි රියැලිටි ෂෝවලට සහභාගි වෙන්න පටන් ගන්නෙ. සිරස The Voice - සීසන්-2 තරගයට එදා ඉදිරිපත් වුණේ අත්දැකීමක් ගන්න බලාපොරොත්තුව. එදා මාව පළවැනි වටයෙන්ම තේරුණේ නැහැ. ඒත් උත්සාහය අත්හැරියෙත් නැහැ. 2022 දී නැවත සිරස ‘වොයිස්’ තරගයට අයැදුම් කළා. එහි Knockout තරග වටය දක්වා ඒමට පුළුවන් වුණා. අද වනවිට පිරිසක් මාව හඳුනාගෙන සිටීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්.
සිරස ‘වොයිස්’ වැඩසටහනේදී මම වඩා ජනප්‍රිය වුණේ මේරියන්ස් ප්‍රසන්න ‘රෝසා’- ගැයූ ‘ලයිලා’ ගීතය ගැයූ නිසයි. ඒ වෙනුවෙන් එදා මට ප්‍රසන්න රෝසා අයියා පවා හදවතින්ම ආශීර්වාද කළා. ඉතින් ඒ වගේ නමක් ඇති ගීතයක් කළොත් හොඳයි කියලා හිතලා අලිෂා ගීතය නිර්මාණය කළා. අද ‘අලීෂා’ට ලැබෙන ප්‍රතිචාර ඇත්තෙන්ම ඉහළයි. අලීෂා කරන්න මට උදව් කළේ සංගීත නිෂ්පාදන ක්ෂේත්‍රයට අලුත් චරිතයක් වන කැනිෂියස් ප්‍රනාන්දු. අපි ඔක්කෝම එක පළාතේ ඉතින් එයා තමයි මේ ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණය කළේ. රචනා කළේ සියෝන් රොෂෙන්ත.
එක්-එක් කාලවලදී ජීවිතේට අලීෂලා ආවා-ගියා. තවමත් ස්ථිර ‘අලීෂා’ කෙනෙක් නැහැ.
මම මා ගැන හිතන විදිහට මියුසික් වලට ගොඩක් ආදරේ කෙනෙක්. ඒ නිසා ආදරයෙන් කරගෙන යන ඒ දේට සහයෝගයක් ලබාදෙන කෙනෙක් තමයි මට ගැළපෙන්නෙ. කලාකරුවකු තේරුම් ගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. කොහොම වුණත් මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ගැන තවම හිතනවා.
සඳුන් ගමගේ
රාමනාදන් අර්ජුනා යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම අංක 17 යටතේ තරග කොට මනාප ඡන්ද 20487ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මෙම මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායකත් 1977 මහා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනත් ලැබූ මැතිවරණ ජය එක සමානය.
‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.
ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි
ඒ ගැන දැන ගන්න ගීතයෙන් මේ විදිහට අලීෂා ගැන ගයන ‘නිලංග’ ක්‍රිෂාන් එක්ක අපි කතා කරමු. රියැලිටි වේදිකාවෙන් කරළියට ආ තවත් රියැලිටි තරුවක් වන ‘නිලංග ක්‍රිෂ
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අලීෂා’ ට පෙම් බැඳි NILANGA Fernando