මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ. ඒ, චීනයෙන් නව මානවයකුගේ අස්ථි කොටස් සොයා ගැනීමත් සමඟය. මේ මානවයා මිහිමතින් වඳ වී ගියේ වසර ලක්ෂ ගණනකට පෙරය. මානව පරිණාම කතාවට අනුව, මනුෂ්‍ය අප පරිණාමය වූයේ හෝමෝ සේපියන් මානවයාගෙනි. මේ නව මානවයාගේ මොළයේ ප්‍රමාණය, හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ ප්‍රමාණයට වඩා සියයට 30 කින් වැඩිය. එයින් අදහස් වන්නේ මෙම නව මානවයා බුද්ධිමත් අයකු බවය. එහෙත්, නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් මානවයන් ඉතිරි වෙද්දී, මෙම නව මානවයා මිහිමතින් අතුරුදන්ව ඇත. එය විද්‍යාඥයන්ට තවමත් විසඳා ගැනීමට නොහැකි ප්රහේලිකාවකි.
විද්‍යාඥයන්ට මෙම නව මානවයාගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ චීනයේ කළ කැණීම්වලිනි. මේ මානවයාගේ වඳවීම සිදුවී ඇත්තේ අවුරුදු 200,000 කට පෙරය. විද්‍යාඥයන්ට මෙම මානව විශේෂයට අයත් 16 දෙනකුගේ පොසිලකරණය වූ සිරුරු කොටස් හමුවී ඇත. හිස් කබල කොටස් හමුවී ඇත. මෙම මානවයාගේ හිස් කබල මෙතෙක් හමුවී ඇති සෙසු මානවයන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය, පළල්ය, දත් ද ප්‍රමාණයෙන් විශාල සවිමත්ය. නියැන්ඩතාල් මානවයන්ටත් හොමෝ සේපියන් මානවයන්ටත් වඩා මෙම නව මානවයාගේ හිස විශාලය. විද්‍යාඥයන් මෙම නව මානවයා නම් කර ඇත්තේ ‘හෝමෝ ජුලියෙන්සිස්’ යනුවෙනි. එහි අරුත ‘මොළය ලොකු මානවයා’ යන්නය.
‘හෝමෝ ජුලියෙන්සිස්’ පොසිල අස්ථි කොටස් සමඟ ගල් ආයුධ සහ සත්ව ඇටකටු ද විද්‍යාඥයන්ට හමුවිය. ‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයා සතුන් දඩයම් කළ බවටත් සත්ව සමින් සකස් කර ගත් ඇඳුම් පැලඳි බවටත් සාක්ෂි හමුවිය. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට ‘හෝමෝ ජුලියෙන්සිස්’ දඩයක්කරුවකු වන්නට ඇත. ‘හෝමෝ ජුලියෙන්සිස්’ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ‘හෝමෝ ජුලියෙන්සිස්’ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවත්, නූතන මානවයන් වසර 120,000 කට පෙර යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණයවීමට පටන් ගත් විට මොවුන් වඳ වී අතුරුදන් වන්නට ඇති බවත්ය. ඒත් එය නිවැරදිව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් තවම හමුවී නැත. හෝමෝ ජුලියෙන්සිස් අතුරුදන්වීම පමණක් නොව, සෙසු මානවයන් දිවි රැක ගනිමින් ඉතිරි වූ ආකාරය ගැන සෙවීමට ද විද්‍යාඥයෝ වෙහෙසෙති.
‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයා ජීවත් වූයේ ග්ලැසියර යුගයකින් පසු සිසිල් සහ වියළි කාලගුණ පෙරළි එකවිට හටගත් කාලයක යැයි අනුමාන කෙරේ. ‘හෝමෝ ජුලියෙන්සිස්’ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ නිසා, විපරිත මෙන්ම ප්රචණ්ඩ කාලගුණ පෙරැළි ඔවුන්ගේ මරණයට හේතුවන්නට ඇතැයි සැකකෙරේ. ඒ අනුව ‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයන්ගේ ජනගහන ඝනත්වය කෙමෙන් අඩු වන්න ඇතැයි ද පැවැසෙයි.
විද්‍යාඥයන්ට ‘හෝමෝ ජුලියෙන්සිස්’ පොසිල අස්ථි සහ හිස්කබල කොටස් හමුවී ඇත්තේ, චීනයේ ‘සුජිආයෝ’ නමැති කැණීම් භූමියෙනි. පොසිල විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති ආකාරයට, හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල ඝන අඟල් 82 කි. නියැන්ඩර්තාල් මානවයන්ගේ හිස් කබල ඝන අඟල් 88 කි. මෙම නව මානවයා, හෝමෝ ජුලියෙන්සිස්ගේ හිස් කබල ඝන අඟල් 103 ක් 109 ක් වෙයි.
‘හෝමෝ ජුලියෙන්සිස් මානවයා ජීවත් වූයේ වසර ලක්ෂ තුනකට පෙර, නැගෙනහිර ආසියාවේ, අද චීනයට අයත් ප්රදේශවලය. මෙම මානවයන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි හෙළි වී ඇත. මොවුන් කුඩා අශ්වයන් වැනි සතුන් දඩයම් කළ බව ද පැවැසෙයි. “අවුරුදු 300,000 ත් 50,000 ත් අතර කාලයේ විවිධ මානව විශේෂ එකට ජීවත් වුණා. ඒත් හිස ලොකු මානව විශේෂයක් අපට හමුවුණු පළමු වන වතාව මෙයයි” යැයි චීන විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥ සියුජී වූ පෙන්වා දෙයි.
මිහිමත මානවයාගේ බිහිවීම සිදුවුණු බව පැවැසෙන්නේ, මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය. මිනිසා අයත් මුල්ම ප්රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවුණු බව පැවැසෙයි. මෙම පූර්වජකයන්ගෙන්, ටාසියර් සහ ලීමර් යන ප්රිහමාටාවන් පරිණාමය වී ඇත. මොවුන් රුක්වැසි වානරයන්ය. මෙම වානර පූර්වජකයන් එකල ඇති වූ දේශගුණික හා කාලගුණික විපර්යාස නිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් ඈත් වී, බිම්වාසී වානරයන් බවට පරිණාමය විය. මෙම බිම්වාසී වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය. ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ අදහසය.
ලොව පළමු මිනිසා පළමු මිනිසා යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වා දෙන, හෝමෝ සේපියන් මානවයා මිය ගියේ මීට අවුරුදු 300,000 කට පෙර යැයි විද්‍යාඥයන්ගේ අදහසය. පළමු මිනිසා ලෙස හැඳින්වෙන මානවයාගේ හිස් කබල පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ 2017 වසරේදී මොරොක්කෝ වෙනි. මොරොක්කෝව යනු උතුරු අප්රිටකා රාජ්‍යයක්. අත්ලාන්තික් සාගරයට, මධ්‍යධරණී මුහුදට මොරොක්කෝව මායිම් වෙයි.
බටහිරින් ඇත්තේ සහරා කාන්තාරයයි. කැණීම් කරද්දී හමුවුණු එම හිස් කබල සම්පූර්ණ එකක් නම් නොවෙයි. හිස් කබල හමුවෙද්දී එහි යටි හකු අස්ථිය තිබුණේ නැත. එය ක්ෂය වී ගොසිනි. හමුවුණු හිස් කබල කොටස කාල නිර්ණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් වයස තීරණය කෙරුණි. හිස් කබලේ හිමිකරු හෝමෝ සේපියන් මානවයකු බව තහවුරු විය. කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වූයේ හිස් කබල අවුරුදු 300,000 කට වඩා පැරණි බවය. ඊටත් වඩා පැරණි හෝමෝ සේපියන් මානවයකුගේ හිස් කබලක් හෝ අස්ථි කොටස් හෝ මෙතෙක් හමුවී නැත. මේ මානවයා පළමු මිනිසා යනුවෙන් නම් කෙරුණේ ඒ නිසාය.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි
ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම
ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව
පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.
චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?