IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘‘අම්මා මාව හැදුවේ චූටි බබෙක් හදනවා වගෙයි’’ - අනුරාධා නන්දසිරි


‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරින් අද අප අතර නැත. එතුමා විසින් පවත්වාගෙන ගිය සංගීත ආයතනයේ වැඩ කටයුතු වෙනුවෙන් අද ප්‍රමුඛ කාර්ය බාරයක් ඉටු කරන්නේ ‘‘දූ අනුරාධා ය’’ එපමණක් නොව ඔහුගේ අඩුව දැනෙන්නට ඉඩ නොදී ආදරණීය මව එනම් මල්කාන්ති නන්දසිරි ප්‍රවීන ගායන ශිල්පිණිය රැක බලා ගන්නේද දූ- අනුරාධාය. මේ අම්මයි-දුවයි යනු ගහට- පොත්ත මෙන් බැඳී සිටින දෙදෙනෙකි. ආදරණීය මල්කාන්ති නන්දසිරි මව ගැන දූ -අනුරාධා අම්මයි- දුවයි විශේෂාංගයට පැවසූ රිද්මයයි මේ.

  •  අනුරාධා කොහොමද ඔබගෙ වැඩ කටයුතු ඒ ගැන සඳහනකින් කතාබහ පටන් ගනිමු.!’’නේද?

ඉස්සරට වඩා අද මගේ දින චර්යාව හාත්පසින්ම වෙනස්. මුලින්ම මගේ කුඩා කාලයට ගියොත් ගෙදර මම හිටියෙ බබෙක් වගෙයි. කිසිම වැඩක් නොකරපු දරුවෙක්. මලක් වගේ තමයි අපේ අම්මා මාව හැදුවෙ. පසුව විවාහය එක්ක ටික- ටික ගෙදර වැඩට හුරුවුණා. එංගලන්තයේ සිට නැවත ලංකාවට ආ පසුව මගේ වැඩ වගේම ගෙදර වැඩත් පුරුදු පුහුණු වුණා. පසු කාලීනව  තාත්තා අසනීප වුණාම ගෙදර තව ටිකක් වැඩ වැඩි වුණා. අම්මා තාත්තා වෙනුවෙන් කළ වැඩ මගේ අතිනුත් කෙරෙන්න පටන් ගත්තා. ඒ එක්කම තාත්තාගෙ ‘ගන්ධාරි’ සංගීත ආයතනයේ වැඩ කටයුතු කෙරෙන්නේ මගේ අධීක්ෂණය යටතේ. තාත්තාගෙ උදව්වට සිටින ජ්‍යෙෂ්ඨ සිසු පිරිස සහ මම මුල් වෙලා ඒ කටයුතු කරගෙන යනවා. සා/ පෙළ විෂය මාලාව වෙනුවෙන් මම එහිදී සංගීතය උගන්වනවා. ඊට අමතරව ගෙදර වැඩ කටයුතුවලින් අම්මාව නිදහස් කරලා තියෙන්නෙ. මම ඒවා කැමැත්තෙන් කරන්නෙ. තාත්තා මිය ගියාට පසුව තාත්තාව අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන විවිධ උත්සවවලට නිරන්තරයෙන් මටයි අම්මටයි -  ආරාධනා ලැබෙනවා. තාත්තාව නියෝජනය කරමින් අපි ඒ උත්සව වලට සහභාගි වෙනවා.  ඊටත් අමතරව විවිධ සංගීත වැඩ සටහන්වලදී ගී ගැයීමට ඇරයුම් ලැබීම වගේම, අම්මාව අගයන උළෙලවලදිත් මට ඒවාට සහභාගි වෙන්න  සිදුවෙනවා. ඒ  විදිහට තාත්තාගෙ ගී ගැයීමට ලැබෙන ඇරයුම්වලට අමතරව අබේවර්ධන බාලසුරිය බාප්පා මියගිය පසුව නිරංජලා පුංචි ගීත ගැයීම නතර කළ නිසා, පුංචි නියෝජනය කරමින් ගී ගයන්න විවිධ නාලිකා සහ ප්‍රසංග වල ගී ගයන්නත් ඇරයුම් ලැබෙනවා.

  •  ඒ කියන්නෙ අනුරාධා අතිශය කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලත්වයෙන් මොහොතකට ඈත්වී ඔබගෙ අම්මා ගැන කතා කරමු. ඔබ ඇයව දකින්නෙ මොන විදිහටද? 

මට දැනෙන කාලයේ ඉඳලම මම අම්මාව දැක්කෙ හරිම ධෛර්යවන්ත කාන්තාවක් විදිහටයි. ඒ වගේම ඇය ඉතාම හිත හොඳ නිර්ලෝභි කාන්තාවක්. මිනිසුන්ට විතරක් නොවෙයි. ගහට-කොළට සතා සිව්පාවට වගේම සියලු දේට ගරු කරන චරිතයක්. ඒ වගේම හරිම භක්තිවන්තයි. හරිම කරුණාවන්ත චරිතයක්. මේ විදිහෙ බොහෝ දේ මම අම්මාගෙ චරිතය වෙතින් දකිනවා. ඇයගෙ ඒ කරුණාවන්ත සහ ශක්තිවන්ත මෙන්ම ආදරණීය බව එක්ක බොහෝ දේ ඇයගෙ චරිතයේ ගැබ් වී තිබෙනවා.


  •  ඒ ආදරණීය අම්මා සහ දුව අතර ඇති බැඳීම මොන වගේ ද?

පවුලේ එකම දරුවා වුණාම බොහෝ විට බැඳීම් ඈත්වන අවස්ථා තියෙන්නෙ. ඒ දරුවා ආරක්ෂා කර ගැනීමට විවිධ තහංචි දාන නිසයි එක්කෝ දරුවා මුරණ්ඩු වෙනවා. ඒත් මට එහෙම වුණේ නැහැ. මගේ කුඩා කාලයේ ඉඳලම පුදුම විදිහට ආදරේ ලැබු දියණියක් මම. අධ්‍යයන කටයුතු 

නිදහ​ෙස් කරන්න වගේම ඇරුත්බර විදිහට ජීවීතේ ගත කරන්න මට පරිසරය හදලා දුන්නා. ඒ වගේම අපේ ගෙදර ඒ දිනවල තිබුණෙ බොහෝ දෙනෙකුගෙන් පිරි ගිය වටපිටාවක්. අම්මගෙ, අම්මා, තාත්තා, මනෝජ් මාමා, කුමාර මාමා, සකුන්තලා පුංචි ඇතුළු පිරිස වගේම තාත්තගෙ සංගීත ආයතනයේ ශිෂ්‍යයන් පවා නතර වෙලා හිටියේ අපේ ගෙදර. ඒ යන, එන හිටපු සියලු දෙනාටම අම්මා සැළකුවේ හදවතින්මයි. ඒ සියලු ගුණාංග නිසා අපි දෙන්නා අතර වූ බැඳීමත් හරිම ගෞරවණියයි. මගේ කුඩා කාලයේදී අම්මා සහ තාත්තා හරිම කාර්ය බහුලයි. ඒත් මගේ පාසල් වැඩ කටයුතුවල සිට සියලුම දේ ගැන සොයා බලන්න අම්මා අමතක කළේ නැහැ. ඒවා නොපිරිහෙළා ඉටු කළා. ගැහැණියක ලෙස ගෞරවනීය ලෙස ජීවත්වීමට සියලු ගුණාංග මග පෙන්වීම් ලබාදුන් මහා චරිතය ඇයයි. ඒ වගේ මවක් ලැබීමම මගේ පෙර වාසනාවක්.

  •   අම්මා කවදාවත් සැර-වැර වෙලා නැද්ද?

පොඩි කාලයේදී මට මතකයි අම්මා මගේ දත් මැද්ද හැටි. බ්‍රෂ් එකට ටුත් පේස්ට් දාගෙන මගේ ළඟට එනකොට මම කළේ වත්ත වටේ දුවන එක. ඔන්න ඉතින් අම්මා මා පස්සෙ දුවලා දුවලා හති වැටුණාම පුංචි පහරක් ගහලා දත් මැද්දෙව්වා. කෑම කවන්න ගියාමත් එහෙමයි. කවන්න බැරි වුණාම ටිකක් සැර කරලා කැව්ව හැටි මට මතකයි. ඒ කියන්නෙ පදාර්ථයෙන්ම අම්මට තිබුණේ මා  කෙරෙහි විශාල බැඳීමක්.


  •  අදත් උපදෙස් දෙනව ද?

අද මම වැඩිහිටි කාන්තාවක්. ඒත් අදත් වෙලාවකට ගමනක් යන්න ලැහැස්ති වෙද්දී ඇඳුම පවා තෝරලා දෙන්නෙ අම්මා. ඉතින් මාත් ඒ කීම අහන දුවක් විදහට ඒ සියලු දේට අනුගත වෙලා.

  •  මේ ගෙවී ගිය කාලයෙදී අනුරාධා අම්මාගෙන් ජීවිතයෙන් ගත්ත හොඳම දේ?

ජීවිතේ දිහා ඉතාම සුන්දරව බලන කෙනෙක්. ඒ වගේම හරිම පිළිවෙලයි. එයා ලෝකය දිහා බලන්නෙ කිසිම නරක දෙයක් නැති තැනක් විදිහටයි. ඒ කියන්නෙ ලෝකය දිහා ලස්සන ඇහැකින්, ලස්සන විදිහට හිතන කෙනෙක්. ඒ නිසා ලෝකයට නරකක්, වරදක් කරන්න අම්මා හීනෙකින්වත් හිතන්නෙ නැහැ. මාත් ලෝකය දිහා බලන්නේ දකින්නේ ඒ විදිහටයි. ඒ අම්මගෙම  දුවනෙ මම. ඒ හොඳ ඔක්කොම මටත් ලැබුණෙ අම්මාගෙන්.

  •  විවාහ වෙලා යද්දී අම්මා අනුරාධාට දුන් උපදෙස් මතකද?

අම්මා සහ තාත්තාගෙ උණුසුම යටතේ සිටිය මට අම්මා උපදේශයක් ලෙස නොදුන්නත් ප්‍රායෝගිකව පෙන්නුම් කළ දෙයක් තිබුණා. ඒ තමයි ඒ දෙන්නාගෙ යුග දිවිය. එය හරිම අරුත්බරයි. කිසිම විටෙක ඒ දෙන්නගෙ විවාහයෙන් පසු ජීවිතයේ දී දෙවැන්නෙකුට ඉඩ තිබ්බේ නැහැ. සැමියාට මුල් තැන දී වැඩ කළ යුතුය යන තැන තමයි අමමා හිටියෙ. ඒ නිසාම එයාගේ ගායන කුසලතා පවා පසෙක දමා අම්මා කැප වුණේ තාත්තාගෙ වැඩවලට. එච්චරම භක්තියාදර බිරිඳක්. තාත්තත් හොඳ ස්වාමියෙක් වුණා. ඉතින් මම ඒ දෙන්නාගෙන් ප්‍රායෝගිකව දුටු හොඳම උපදේශය විදිහට දකින්නෙ දෙවැනියෙකුට ඉඩක් නොතැබූ ඒ පුර්වාදර්ශයයි. සහතිකෙන්ම මම මගේ ජීවිතයේ දී දුටු යහපත්ම ‘අඹු සැමි ’ යුවළ මේ අම්මා තාත්තා යැයි අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවනි. 

  •  මව ගැන තේමා කර ගත් එනම් මව් ගුණ ගීයක් අනුරාධා ගයා තියෙනවා නේද? 

වතාවක් අම්මගෙ උපන් දිනයක් වෙනුවෙන් අම්මාව සතුටු කරන්න හිතාගෙන මම ගීතයක් ගැයුවා. එය ලියුවේ බන්දුල නානායක්කාරවසම් අයියා. සංගීතවත් කළේ සරත් ද අල්විස් මාමා. කපිල තමයි තනුව නිර්මාණය කළේ.

‘‘මලක කාන්තිය දුන් අම්මා., ලොවට රංජනය දුන් අම්මා..  එ ගීතය පටන් ගන්නෙ ඒ විදිහටයි. මගේ අම්මා ඇත්තටම බොහොම ආදර්ශවත් අම්මා කෙනෙක්. දරුවන් අතින් වරදක් වෙනවා නම් නිවැරදි කරන්න පුළුවන් තරම් චරිතයක් ලෙස මව සිටිය යුතුයි. මගේ අම්මා වචනයේ පරිසමාප්ත අයුරින්ම පුර්වාදර්ශ ගත හැකි යහපත් මවක්. දියණියකට මවගෙ කීම අගනා කීකරුකම තිබිය යුතුයි. මට හිතෙන්නෙ ඒ කීකරුකම තියෙන දියණියක් මම.

  •  අම්මාගේ සාමාන්‍ය ජීවන රටාව මොන වගේද?.

බොහොම ලස්සනට අඳින්න පළඳින්න කැමති, විනෝදයෙන් සතුටින් දවස ගෙවන්න කැමති මවක්. තරාතිරම නොබලා ඕනෑම කෙනෙකුට උදව් කරන්න. සංග්‍රහ කරන්න කැමති කාන්තාවක්. ඒ වගේ සංග්‍රහශීලි කාන්තාවක් මම තව දැක නැති තරම්, මිනිස්සුන්ට ආහාර-පාන සංග්‍රහ කරලා අම්මා ලබන්නෙ අසීමිත සතුටක්. කිසිම වෙලාවක එයා එ්ක වදයක් කරගෙන නැහැ.


සඳුන් ගමගේ


 



අදහස් (0)

‘‘අම්මා මාව හැදුවේ චූටි බබෙක් හදනවා වගෙයි’’ - අනුරාධා නන්දසිරි

ඔබේ අදහස් එවන්න

Recommended News

මම හැමදාම ගහින් විපක්ෂ නායකගේ ආසනේ වාඩි වෙයි කියලා හිතුවද?
2024 නොවැම්බර් මස 25 50 0

රාමනාදන් අර්ජුනා යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම අංක 17 යටතේ තරග කොට මනාප ඡන්ද 20487ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.


ජේ .ආර්. කළ පෙරැලිය අනුර ආපසු හරවයිද?
2024 නොවැම්බර් මස 25 45 0

මෙම මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායකත් 1977 මහා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනත් ලැබූ මැතිවරණ ජය එක සමානය.


‘‘අම්මා මාව හැදුවේ චූටි බබෙක් හදනවා වගෙයි’’ - අනුරාධා නන්දසිරි
2024 නොවැම්බර් මස 25 14 0

‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.


කටු ඉඹුලේ ජේමිස් - ජනක් ප්‍රේමලාල්
2024 නොවැම්බර් මස 25 9 0

ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි


‘අලීෂා’ ට පෙම් බැඳි NILANGA Fernando
2024 නොවැම්බර් මස 25 12 0

ඒ ගැන දැන ගන්න ගීතයෙන් මේ විදිහට අලීෂා ගැන ගයන ‘නිලංග’ ක්‍රිෂාන් එක්ක අපි කතා කරමු. රියැලිටි වේදිකාවෙන් කරළියට ආ තවත් රියැලිටි තරුවක් වන ‘නිලංග ක්‍රිෂ


මොකා වතුයාය මැදින් ගාඩ්මොර් සහ මරේ දියඇලි මනාලිය බලන්න යමුද?
2024 නොවැම්බර් මස 21 71 0

මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site