වසර ගණනාවකට පෙරදී ජීප්සීස්ලගේ ‘පිටි කොටපන් නෝනේ’ ගීතයට නටන්න කෙල්ලො සෙට් එකක් ආවා. මේ කෙල්ලො සෙට් එක නටපු නැටුමට හැමෝම ආසා කළා. ඉතින් ඊට පස්සේ ජීප්සීස්ලටත් ‘පිටි කොටපන් නෝනේ’ ගයද්දී මේ කෙල්ලො ටික නැතුවම බැරි වුණා. ඒ විදිහට කාලය ගෙවී යද්දී මෙයාලා ගැන වැඩිය අහන්න දකින්න ලැබුණේ නැහැ. ඒත් එක කෙල්ලෙක් නම් දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. රැඟුම නර්තනය එක්ක ඒ විදිහට දිගටම රැඳී සිටි ඒ ශිල්පිනිය තමයි නිලන්ති ඩයස්. එදා හැමෝම වගේම පිටි කොටපන් නෝනේ සිංදුවට නැටුව ඒ නර්තන ශිල්පිනියන්ට ‘‘කෙල්ලො’’ කියලා කිව්වේ ආදරයටයි. ඒ අය අතරින් අදත් ක්ෂේත්‍රයේ රැඳී සිටින, ආදරණීය නිලන්ති ඩයස් ශිල්පිනිය මේ දිනවල ටෙලි නිර්මාණ දෙකක රංගනයෙන් එක්ව සිටිනවා. ඊට අමතරව දැන් ආයෙමත් ජිප්සීස් නර්තන කණ්ඩායම හා එක්ව පිටි කොටපන් නෝනේ ගීතයට නර්තනය ඉදිරිපත් කරන බවත් ඇය කියනවා. ඒ විස්තරවලට එහා ගිහින් අද අපි ඇය කැඳවූයේ ‘අම්මයි දුවයි’ මාතෘකාව යටතේ කතා කිරීමටයි. අද දියණියකගේ සෙනෙහබර මවක වන නිලන්ති ඩයස් මවක වී ඒ සෙනෙහසේ කතාව අපට කියන්නෙ කොහොම ද බලමු.
“හොඳින් ගෙවෙනවා.”
“හැමදාම වගේ ඉතින් කාර්යබහුලත්වය එක්ක ගෙදර ජීවිතයත් හොඳින් ගෙවනවා. මේ දිනවල මම චරිතයක් රඟපාන ප්‍රාර්ථනා ටෙලි නිර්මාණය සහ ශ්‍රී සිද්ධා ෆිල්ම් එක මේ දිනවල තිරගත වෙනවා. එහි මගේ නර්තනයකුත් ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවනි. ඊට අමතරව ජිප්සීස් සංගීත කණ්ඩායමේ ප්‍රසංගවලට නැවතත් දායක වෙනවා ‘පිටි කොටපන් නෝනේ’ ඇතුළු එයාලගෙ ගීතවලට නර්තනය ඉදිරිපත් කරන්න.”
“මුල්ම කට්ටිය දැන් නැහැ. ඒ අයගෙන් දැන් ඉන්නෙ මම විතරයි. මම සහ තවත් ශිල්පිනියන් කිහිප දෙනෙක් දායක වෙනවා. ඉතින් කලාවේ වැඩ කටයුතුවලට අමතරව ගෙදර වැඩ, දුවගෙ වැඩ කළාම දවස සම්පූර්ණයි. නිකරුණේ කාලය ගෙවන්න වෙලාවක් නැහැ.”
“මගේ දරුවාට නිරන්තරයෙන් හොඳ මවක්. එයාගේ පොඩි කාලයේ ඉඳලාම එයා වෙනුවෙන් වැඩිපුර කාලය වෙන් කළ මවක්. එයා ඉපදුණාට පස්සේ අවුරුදු ගාණක් යන කල් කලා අංශයේ වැඩවලටවත් මම ගියේ නැහැ. දරුවා බිහි කරලා, ඒ දරුවාව තමුන්ගේ අම්මාට, ඒ කියන්නෙ ආච්චිට බාර දීලා සමහර අම්මලා වැඩවලට යනවා. ඉතින් මට එහෙම කරන්න ඕනෑ වුණේ නැහැ. මගේ අම්මා කවදත් මා එක්ක හිටියේ. ඇයගේ උදව් හැමදාම මට ලැබුණා. ඒත් මට අවශ්‍ය වුණේ දරුවාගෙ සුන්දරම කාලයේදී එයා එක්කම ඉන්නයි. මොකද කිව්වොත් ඒ කාලය හරි ඉක්මනට ගෙවිලා යනවා. ළමයි ලොකු වුණාම මව්පියන් හොයන්නෙ නැහැ. ඒ නිසා එයාලගෙ පොඩි කාලයේදී අපි එයාලා එක්ක ඉන්නම ඕනෑ. ඒ එයාගෙ කෑමබීම හදන වැඩේ සිට කවන පොවන සියල්ල වැඩිපුර කළේ මම. ඉතින් මට හරි සතුටුයි. ළමයි වෙනුවෙන් කැප කිරීම මව්පියන්ගෙ යුතුකමක්.”
“දැන් දුවගෙ වයස අවුරුදු 11යි.”
“ශෙනායා.”
“දුවකට විතරක් නෙවෙයි පුතෙකුට වේවා, මවක, පියකු බොහෝම සමීපව යාළු මිත්‍රයින් වගේ සිටිය යුතුයි කියලයි මම හිතන්නේ. එයාලාගේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ සහ එයාලා විවෘතව නොසඟවා අපටත් අදහස් ප්‍රකාශ කරන්නේ යාළුවෝ විදිහට එයාලා එක්ක සිටියොත් තමයි. සමහර ළමයි ප්‍රශ්නයක් වුණත් අම්මලාට කියන්න බයයි. ඒකට හේතුව එයාලා අතර ඇති දුරස්ථ බවයි. විශේෂයෙන්ම අද කාලයේ ළමයකු පරෙස්සම් කරන්න හරිම අමාරුයි. ඒ නිසා දරුවාට වඩාත් සමීපව මවකට පියකුට එහා ගිය මිත්‍රත්වයකින් එයාලා එක්ක බැඳී සිටීම වැදගත්. දරුවෝ කියන්නෙ මව්පියන්ගෙ හුස්ම පොද වගේනෙ. එයාලාව ආදරයෙන් රැක බලා ගැනීම අපේ යුතුකමක්. මේ වගේ භයානක සමාජයක, දරුවො එක්ක යාළුවෝ වගේ හිටියාම එයාලා නොමග යන්නේ නැහැ. මමයි මගේ දුවයි අතර තියෙන්නෙ ඒ විදිහෙ ලොකු බැඳීමක්.”
“බොහෝ වේලාවට ඔව්. දැන් එයා මට වැඩිය උස ගිහින්. මගේ ඇඳුම් අඳින්නත් දැන් දුවට පුළුවන්. කොහෙ හරි යන්න ලැහැස්ති වුණාම එයාගෙ ඇඳුම් කබඩ් එක නෙවෙයි බලන්නෙ, මගේ ඇඳුම් තියෙන කබඩ් එක.”
“දුවක සිටීම ගැන මට අද හරි සතුටක් දැනෙන්නේ. ඉස්සර ඉඳලාම මගේ වැඩි කැමැත්ත තිබුණේ දුවකට. දරුවො කොහොමත් සම්පත්. ඒත් දුවක සිටීම ගැන මට ලොකු සතුටක් දැනෙන්නෙ. මගේ අම්මා මාව පොඩි කාලයේ ඉඳලා බලා ගත්තෙ එයාගෙ පණ වගේ. ඉතින් මගේ දුවට මාත් ඒ විදිහයි. අනෙක අපේ දුව හරිම මානුෂීය ගුණයහපත් දියණියක්. කිසිම කෙනකුගේ හිත් රිදවන්න අකැමැති කෙනෙක්. කවුරුත් නැති තැන කාගේවත් දොසක් කියනවටවත් කැමැති නැහැ. ‘අපි හරි දේ නොදැන වැරැදි කියන්න හොඳ නැහැ’ කියලයි එයා කියන්නෙ. ඒ තරමටම මානුෂීය ගුණයෙන් පිරි දරුවෙක්.”
“විවේකයක් ලැබුණ විගස අපි දෙන්නා කරන්නෙ ෆිල්ම්ස් බලන එක. ටැමිල් ෆිල්ම්ස් බලන්න එයා හරිම ආසයි. සතියකට වතාවක් ෆිල්ම් හෝල් එකකට ගිහින් අනිවාර්යයෙන්ම අපි ෆිල්ම් එකක් නරඹනවාමයි. ගෙදර ඉන්නකොට එයා එක්ක චෙස්, මොනොපොලි ක්‍රීඩාව කරන්න ඕනෑ. එයයි මායි ගෙදරදීත් ෆිල්ම්ස් බලනවා. බොහෝ වේලාවට අද එයා ආසා දේ තමයි මාත් නරඹන්නෙ. දවසේ වැඩිපුර කාලය ගෙවෙන්නෙ එයා එක්ක.”
“හේතුව මම දන්නෙ නැහැ, දමිළ ෆිල්ම්ස් වගේම, සිංදු අහන්නත් එයා හරිම ආසයි. ‘තලපති විජේ’ රඟපාන ෆිල්ම්ස්වල සිංදු අහන්න දුව ගොඩාක්ම ආසයි. මමයි එයයි ගමනක් යද්දීත් නිතරම සිංදු අහනවා.”
“ශ්‍රී සිද්ධා ෆිල්ම් එකේ මගේ නර්තනයක් තියෙනවා. ‘අම්මි ඔයා ඒකේ ලස්සනට නැටුමක් කරනවා’ කියලා එයා කියනවා. හැබැයි එයා මම වගේ නැටුමට එච්චර ආසා නැහැ. ඒත් එයා නර්තනයට දක්ෂයි. ඒ වුණාට එයා ඒ හැකියාව ප්‍රදර්ශනය කරන්න අකැමැතියි.”
“ගායනයට එයා ආසයි. ගෘහ අලංකරණ අංශයට, ගෘහ නිර්මාණ ශිල්පයට වගේම ඉංජිනේරු අංශයට එයා ආසයි කියලා කියනවා. හොඳට චිත්‍ර අඳින්නත් පුළුවනි.”
“ඉංග්‍රීසි, ගණිතය, බුද්ධාගම සහ දමිළ විෂයටත් දක්ෂයි. කොහොමටත් එයා හොඳින් ඉගෙනීම් කටයුතු කරන දරුවෙක්.”
“දරුවන්ට වඩා සමීප චරිතයක් විය යුතුමයි. ඒ විදිහට සමීප වුණාම දරුවන් නොමග යන්නෙ නැහැ. අද තියෙන්නෙ තරවටු කරලා ළමයි හදන සමාජයකට වඩා කරුණාව බුද්ධිය මුල් කරගෙන කටයුතු කරන සමාජයක්. මවකට ඒ ගුණාංග තිබීම හරිම වැදගත්.”
සඳුන් ගමගේ
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
’’දවසේ වැඩිපුර කාලය ගෙවන්නෙ දුව එක්ක ’’ - නිලන්ති ඩයස්