IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


2025 ට ජීවිතේ සතුටින් යන්න


වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ   තවත් වසරකි. නැවුම් ආරම්භයකි.  අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය. නව වසරේ අපගේ  ජීවිතය වඩා සාර්ථක හා අර්ථවත් වසරක් කරගැනීමට එළඹෙන සැම තත්පරයක් තුළම  කටයුතු කිරීම මේ  කාලයේ හැටියට අත්‍යවශ්‍ය ය.  මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුය.  ජීවිතේ නෞකාවක් නම් - ඒ නෞකාවට නිශ්චිත මාර්ගයක් තිබිය යුතුය.  එසේ නොවුණහොත් ඔබේ නෞකාව කුණාටුවකට හසුවී  ඔබට ලැබෙන්නේ හැල්මේ දුවන ජීවිතයකි.         

 ඔබ හිතන්න මෙහෙම...

ධනාත්මක චින්තන දේශක 
අතුල සම්පත් දිසානායක


 

මේ මොහොත වෙනකන් ඔබේ ජීවිතයෙ මොනවද වෙනස් වුණේ. අවුරුද්දෙන් අවුරුද්ද ලෝකය අලුත් වෙනකොට, වෙනස් වෙන කොට -  ඇත්තටම ඔබ ජීවිතයෙ හොයන වෙනස ඔබට ලැබුණා ද ? පුංචි කාලේ ඉඳන් දැකපු හීන ඇති. ඉස්කෝලේ යන කාලේ දැකපු හීන ඇති. විවාහ වුණු අලුත දැකපු හීන ඇති. දැන් ඒ හීන  තිබෙන්නේ කොතැනද? දවසින් දවස කාලෙ ගෙවෙනකොට, අවුරුද්දෙන් අවුරුද්ද ලෝකය අලුත් වෙනකොට, ඔබේ ජීවිතය මොහොතින් මොහොත හීන වලට ළඟා වුණා ද කියලා ඔබ හිතන්න. අන්න එහෙම නැත්තන් - තවමත් ජීවිතය හරියටම ඔබ හිතපු විදිහටම වෙනස් වුණේ නැද්ද ? මේ මොහොතෙ ඔබ ගෙවන්නේ ඒ ඔබ දැකපු ජීවිතය නෙවෙයි ද ? මෙන්න මේ කියන විදිහට ඔබට ඇත්තටම ජීවිතය තුළ පැහැදිලි වෙනසක් අවශ්‍යනම් ඇයි ඔබ ඒ වෙනසට අදාළව ඔබේ ජීවිතය සකස්කර නොගත්තේ,  කියන සිතුවිල්ල ඔබ විසින්ම කල්පනා කරන්න. 

ඔබේ ජීවිතයෙ පහුගිය ගෙවුණු වසර දහය ගන්න. මේ වසර දහයේදී  ඔබේ ජීවිතය තුළ ඇති වුණු වෙනස මොකක් ද කියලා කල්පනා කරන්න. 

-ඔබේ හැකියාවන් /දක්ෂතාවන්
-ඔබේ මානව සම්බන්ධතා
-ඔබේ පුරුදු / ගති ලක්ෂණ
-ඔබේ සමාජ අත්දැකීම් 
-ඔබේ වෘත්තිමය වෙනස්වීම්
-ඔබේ ආර්ථිකය

මේ දේවල්වල ඇතිවුණ සංවර්ධනය සහ පසුබැසීම්  කල්පනා කරන්න. ඒවට හේතු සොයන්න. විකල්ප හොයන්න. ඔබේ හීන මියගියේ ඇයි ද යන්න කල්පනා කරන්න. අවුරුදු හැට හැත්තෑවක ජීවිතය තුළ ඇත්තටම අපිට හරියටම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ - අවුරුදු වලින් තිහ හතළිහක් පමණයි. මේ තිහ හතළිහම එකම විදිහට ගෙවනව ද එකම විදිහට ගෙවා දමනව ද කියලා මෙනෙහි කරන්න.  පහුගිය කාලයේ ඔබ විසින් සමාජයෙන් ගත්ත දේවල් මොනව ද කියලා හිතන්න. ඔබ විසින් සමාජයට දුන්නු දේවල් මොනව ද කියලා හිතන්න.

අප තුළ පවතින ඇතැම් පුරුදු  සෘජුව හා වක්‍රව අපට බලපාන විදිය  විවාදසම්පන්නයි. එසේනම් අප තුළ තිබෙන හුරුපුරුදු වෙනුවට සංවර්ධනාත්මක හුරුපුරුදු වළට හුරුවීම තුළින් - 2025 වර්ෂය නවතාවකින් පිළිගන්න අපි සූදානම් වෙමු.

ජීවිතේ අරමුණු ගැන 
කිසිවෙකුට නොකියන්න

මේ වර්ෂය තුළදී ඔබ ඔබගේ ජීවිතයේ සෑම අමිහිරි අසුභ දේ තුළම ඇති සුබවාදී පැතිකඩ දෙස විමර්ශනය කොට සුභවාදී දෙයින් නැවත ජීවිතය ගැන නැවුම්ව සිතන්න.  අතීත වැරදි පසුතැවීම් ඉවත් කර දමන්න. අනාගතයේ සිදුවන යහපත් දෙය ගැන බලාපොරොත්තු සහගත වන්න.

ඔබ ඔබේ ජීවිතේ අරමුණක් තබාගන්න – එහෙත් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්න. ඔබේ අරමුණට යන්න අවශ්‍ය පියවර ඔබම සැලසුම් කර ගන්න.ඒ සැලසුමේ පළමු පියවර මේ නව වසරේ තබන්න. වර්තමාන ලෝකයේ සාර්ථක වූ සෑම පුද්ගලයෙකු පිටුපසම ඇති එකම රහස වන්නේ "මට අනිවාර් යෙන්ම මේ දේ කරන්න පුළුවන්" යන ඒකායන අදිටන ඇතිකරගෙන අවංකව, කැපවීමෙන්  ක්‍රියා කිරීමයි.

ඇයි මම දුප්පත් - මේ ලෝකේ මෙච්චර සතුට තියෙනවා ඒත් ඇයි මම දුකින් . මේ ලෝකේ ගොඩාක් සාර්ථක මිනිස්සු ඉන්නවා. ඒත් ඇයි මම අසාර්ථක විදිහට ජීවත් වෙන්නේ. එක් කෙනෙක්ට එක් විදිහකටත් තව කෙනෙක්ට තව විදිහකටත් කොහොමද, මේ එකම ලෝකය දෙවිදිහකට ක්‍රියාත්මක වෙන්නේ. අපි හැම කෙනෙක්ම එකම විශ්ව මාතාවගෙ දරුවො නම්, කොහොමද මේ එකිනෙකාට වෙනස් ප්‍රතිචාරයක් විශ්වයෙන් ලැබෙන්නේ. විශ්වය සියල්ලන්ටම එක හා සමානව ක්‍රියාත්මක කරගන්න බැරි ද. ඒවගේම ඇයි මටත් බැරි අර කියන සතුට - සාර්ථකත්වය - ධනය ආකර්ෂණය කර ගන්න. මට අවශ්‍ය කරන ජීවිතය මං විසින්ම නිර්මාණය කර ගන්න බැරි ද?. 

සැලසුමක් තියාගන්න  

නමුත් මේ ලෝකේ බොහෝ වෙලාවට අපි කරන්නේ... " මට මේ වැඩේ කරන්න මුදල් නැහැ.. මට අර දේ තිබුණා නම් මේක කරන්න තිබුණා ". ඔන්න ඔය වගෙ දේවල් කිය කිය නිදහසට කාරණාවන් රැස් කරමින් ඉන්න එක. ඒත් ඔබ ඉතාම සියුම්ව කල්පනා කරලා බැලුවොත් - ඔබට තේරෙයි හැබෑවටම  අපිට නැත්තෙ මොකක් ද ? ... අපිට හැබෑවටම නැති දෙය තමයි, ඒ වගේම අපිට අත්‍යවශ්‍යම දෙය තමයි... අපි විසින් සකස් කරපු " සැලසුම " . මෙන්න මේ සැලසුම කොයි තරම් නම් විශිෂ්ට ද අන්න ඒ තරම්ම අපි සැලසුම කෙරෙහි යොදවන අපේ උත්සාහය සාර්ථක වෙනවා.

ඇයි අපිට එහෙම අපි ළඟ මේ මොහොතෙ ඇති දේවල් නිසා සතුටු වෙන්න බැරි. ඒකට හේතුව තමයි... අපි මේ හැම වෙනස්වීමක්ම දකින්නේ එකිනෙකාට සාපේක්ෂව. මෙන්න මේ භය ,සැකය , පසුතැවීම කියන දේවල් නිසාම අපි ලෝකය දිහා බලන්නේ සාපේක්ෂව. ලෝකයේ 1/3 ක්ම බඩගින්නේ ඉන්නකොට - අපි තුන් වේල කනවා, බොනවා. මේ වෙලාවෙත් මුඩුක්කු පැල්පත්වල මිනිස්සු දුක් විඳිනකොට අපි හොඳ ගෙදරක ජීවත් වෙනවා. අම්මා - තාත්තා සහෝදරයෝ මිත්‍රයෝ නැතුව දුක් විඳින ලෝකයක ඔබට ඔබ වටේ කොච්චර පිරිසක් ඉන්නව ද. ? නමුත් ඔබ මේ හැම දෙයක්ම දකින්නේ අඩු විදියට. ඔබට වඩා වැඩිපුර ඇති කෙනෙක් එක්ක ඔබ ඔබව සංසන්ධනය කරනවා. ඔබට වඩා ඇති කෙනෙක් ගැන හිතලා ඒ ඇති දේ ඔබට නැහැ කියලා ඔබ දුක්වෙනවා. ඔබට වඩා නැතිඅය අනන්තවත් ඉන්නකොට, ඒ නැති අයට නැති දේ මට තියෙනවානේ කියලා සතුටු වෙන්න තරම් හයිය ඔබට අඩුයි. 

ඔබේ ඉලක්කවලට යන්න ඔබ අසීමාන්තිකව උත්සාහ කළයුතුයි.  අසීමාන්තිකව වෙහෙස විය යුතුයි. නමුත් මේ වෙහෙස වීමේ අවසානයේ රාත්‍රියේ නින්දට යනකොට සැනසිලිදායක හුස්මක් ඔබට වැටෙනවා නම්, හදවත පුරා ඉහිරුණු සතුටකින් ඔබ පෙළෙනවා - අන්න ඔබ සාර්ථකයි. ඔබ ඔබේ වෙහෙසීම ගැනම අනන්ත අප්‍රමාණව සතුටු වෙනවානම් ඔබ සාර්ථකයි. ඔබ ඒ වෙහෙස තුළත් සතුට අත්විඳිනවා නම්, ඔබ සාර්ථකයි. 

අද Alto වාහනයක් පදින ඔබ හෙට BMW වාහනයක් ගන්නවා කියන අදහසින් වැඩ කරන්න. අනිවාර් යෙන්ම ඔබට පුළුවන්. ඔබට විශ්වය මේ මොහොතෙ දී තිබෙන සියලුම දේට ස්තූතිවන්ත වෙන්න.  ඔබේ පසුම්බියේ එකම එක රුපියල් සීයේ කොළයක් තියෙන්න පුළුවන්. අන්න ඒ රුපියල් සීය වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න. 

කිසිම වෙලාවක 
අදක්ෂයි කියලා හිතන්න එපා

අලුතෙන් දේවල් කරන්න හදද්දි අසාර්ථක වීම් වෙන්න පුළුවන්. අසාර්ථක වෙනවා කියන්නේ සියල්ල අතහැර දැමිය යුතු අවස්ථාවක් නෙමෙයි. අලුතින් පටන්  ගතයුතු අවස්ථාවක්. තමන්ට එන අදහස් ක්‍රියාත්මක කරන්න, පිරිසක් ඉදිරියේ කියන්න, බයක් සිතේ ඇති වේවි. සමාජය ඉදිරියේ තමන් අවතක්සේරු වෙයි, හිනාවෙයි, කියලා සිතේවි. ඔබ ඔබව විශ්වාස කරන්න,ලෝකය ජයගත් සියලු දෙනා වෙනස් විදිහට සිතපු අය.

අනිත්  කාරණය තමයි - ඔබ  උදෑසනින් නැගිටලා  කම්මැළිකමින් නිවසේ වැඩ පටන් ගන්නවාට වඩා  ඔබ සිංදුවක් අහගෙන  වැඩ කරන්න. ගොඩක් දෙනා තමන් කරන වැඩ කොටස කරන්නේ සතුටින් නෙමෙයි.  ඒ වැඩේ කරන්නම ඕන නිසා. ඒ නිසා සතුටින් වැඩකරන පුරුද්දක් ඇති කරගන්න. සතුටයි සිනහවයි හැම මොහොතකම තියාගන්න. දුෂ්කරම මොහොතවලත් සතුටෙන් ඉන්න පුළුවන් නම් ඔබ දිනුම්.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

2025 ට ජීවිතේ සතුටින් යන්න

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 24 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 22 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 40 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 26 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 18 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 32 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site