මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති. සරසවි ඇදුරකු ලෙසද ඔවුහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ සුවිශේෂ සේවාවක් ඉටු කළහ. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා කේෂත්‍රයන්හි ද හසළ බුද්ධිමතකු වූ ගම්ලත්හු පෙරඅපර දිග දර්ශන විෂයෙහි ද සෞන්දර්යය විද්‍යාවන්හි ද පාරප්‍රාප්තිකයෙක් වූහ. අපෝහක භෞතිකවාදී චින්තාව ඔස්සේ සිය විචාර මංජුසාව කලතමින් මාක්ස්වාදී විචාරකයකු ලෙස අසුව දශකයේ මුල් භාගයේදී මහාචාර්ය ගම්ලත්හු ජනප්‍රිය මෙන්ම සක්‍රීය චර්තයක් බවට පත් වූහ. සම්භාව්‍ය සාහිත්‍ය කෘති සහ විවිධ පරිවර්තන කෘති ද පළ කරමින් ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියති. 2012 වසරේදී නොකල්හි මියයන තුරුම මහැදුරු ගම්ලත්හු මෙරට සාහිත්‍ය විචාර කලාව වෙනුවෙන් අනූපමෙිය සේවයක් කළහ. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් මා 2007 වසරේ මහැදුරු ගම්ලතුන් සමඟ ජාතික පුවත්පතකට කළ කතා බහකි මේ.මෙි සංවාදයට අමතරව මා විසින් මහැදුරු ගම්ලතුන් සමඟ කළ තවත් සාහිත්‍ය සංවාද රැසක් කලකට ඉහතදී මා විසින් පළකළ සාහිත සමාජ ප්‍රතරූප 2004 ,විචාර විමංසන 2007 සහ සාහිත සංචින්තා 2017 යන කෘති ත්‍රිත්වයේ ද සංගෘහිතය.මෙි සියලු කෘති පළකළෝ ගොඩගේ ප්‍රකාශකයෝ ය.
මම
ඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක් තිබෙන විචාරකයෙක්. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍යයනයක් නැති හැදෑරීම්වලින් වියුක්ත වූ පරම්පරාවක් අතට අද සාහිත්‍ය කලාව පත්වී ඇති බව පෙනෙනවා. ලංකාවේ වර්තමාන සාහිත්‍ය සම්භාෂණය ඔබට ගෝචර වන ආකාරය පැහැදිලි කළොත්?
ගම්ලත්
සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක් නැති සාම්ප්‍රදායික භාෂා ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් නැති බටහිර භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ නොකළ හිස් මිනිසුන් පිරිසක් අතට පත් වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක් වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතළ වරදක්. අද සාහිත්‍ය කලාව හා විචාරය වැටී තිබෙනුයේ අඳුරු අගාධයකට සාහිත්‍ය නමින් අද පළ වන්නේ මනෝගත වැල්වටාරම්.කසිකබල් භාෂාවෙන් ලියන මේ පොත්වලට රාජ්‍ය සම්මාන ස්වර්ණ පුස්තක, රජත පුස්තක. දියමන්ති පුස්තක ආදී මෙකී නොකී නම්වලින් සම්මාන පිට සම්මාන දෙනවා. මේ තුළ නිර්මාණ කරණයේ නියැළෙන බොහෝ පිරිස අනාථ වූ දූපතක තනි වූ සරණාගතයන් හා සමානයි. වර්තමානයේ පළ වන බොහෝ සාහිත්‍ය කෘතිවලින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය රීතිය හා භාෂාවේ ආධ්‍යාත්මය පිළිබිඹු වන්නේ නැහැ. පුරාතනයේ සිට පැවත එන සම්භාව්‍ය සාහිත්‍යයෙන් වියුක්ත වූ දූපත් සාහිත්‍යයක් තමයි අද තිබෙන්නේ. අද සාහිත්‍යය විචාරයක් නැහැ. විචාරකයන් යැයි කියා ගන්නා ප්‍රචාරකයන් පවා අවරගණයේ සාහිත්‍ය කෘති අතිශයෝක්ති සහගතව උත්කර්ෂයට නංවමින් නන්දොඩවනවා. ඔවුන්ගේ කිසිම විචාරයක් කෙරෙන් න්‍යායාත්මක විධික්‍රමයක් හෝ තර්කානුකූල ප්‍රකාශයක් විද්‍යමාන වන්නේ නැහැ. න්‍යායාත්මක පිහිටීමක් නැතිව පොතපත අඳුරේ අතපත ගාමින් ඉන්නවා. මේ නිසා අද ලංකාවේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයම ජංජාලයක් බවට පත් වී තිබෙනවා.
මම
ඔබ මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන මහාචාර්යවරයෙක්. විශේෂයෙන්ම රටක චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමෙහිලා පෙරමුණේරාල කෙනකු වන විශ්වවිද්‍යාලය ශාස්ත්‍රීය පක්ෂයෙන් විශාල පිරිහීමකට ලවී ඇති බව ඔබ අනවරතයෙන්ම අවධාරණය කරනවා. එහෙත් අද දැනුම ගලාගෙන නොයෑමට ස්වභාෂා අධ්‍යාපනය ද ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනෙනවා. අද විශ්වවිද්‍යාලය තුළ පවා ද්විභාෂික උගතුන්ගේ රික්තයක් දක්නට ලැබෙනවා. නමුත් ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගතුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා ශාස්ත්‍රීය පර්යේෂණ කරමින් විප්ලවීය මෙහෙවරක් ඉටු කළා. ඉංග්‍රීසිය අතහැරීම සහ පිරිවෙන් සරසවී කිරීම මේ බුද්ධිමය අන්ධකාරයට හේතු වූ බවයි මට නම් පෙනෙන්නේ?
ගම්ලත්
ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය නිසා ඉංග්‍රීසි විතරක් නෙවෙයි සිංහලත් නැති වුණා. අද ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින් බොහෝ විශ්ව විද්‍යාලවල කලා හා මානව ශාස්ත්‍ර පීඨ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. මේ රටේ විශ්ව විද්‍යාලවල ඉන්න බොහෝ මහාචාර්යවරු සිංහල භාෂාව නිවැරැදිව උගන්වන්නේ නැහැ. මෙය බොරුවක් යැයි කවුරු හරි මට අභියෝග කරනවා නම් මම ඒ පුද්ගලයා සමග සංවාදයකට වුණත් සුදානම්. අද දැනුම ගලාගෙන නොයෑමට ප්‍රධානතම හේතුව ස්වභාෂා අධ්‍යාපනයයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය පර්යේෂණ කළේ උසස්වීම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. නාට්‍යකරුවකු,
විචාරකයකු හා සාහිත්‍යකරුවකු මෙන්ම දීප්තිමත් ගුරුවරයකු වශයෙන් තමා ලබාගත් දැනුම බෙදා දීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් විශාල ප්‍රයත්නයක් ගත්තා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම රටේ පරිබාහිරව වූ සමාජයෙත් උසස් රසිකත්වයක් තිබෙන පරම්පරාවක් ගොඩනැගුණා. එහෙත් අද විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ රටේ ප්‍රධාන ඡන්දයක් එනකොට පක්ෂයකට පක්ෂපාතීව අස්සන් කරන්නයි. ටියුෂන් කඩ අරින්නයි විතරයි.
මම
ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රයට අදාළව 'විචාරය' නම් වූ ප්‍රපංචය අපට මුණ ගැසෙන්නේ එක්තරා ආකෘතික ස්වරූපයකින්, ඕනෑම විචාරකයකු තුළ මේ ආකෘතිය සැකසී තිබෙන්නේ ඔහු දරන විවිධ මතවාද, ආකල්ප හා වෙිෂ්ටාවන්ගේ එකතුවෙන්. ඔබේ විචාර කලාවත් බොහෝ විට රඳා පැවතුණේ මාක්ස්වාදී විචාර සිද්ධාන්ත මත, එහෙත් අද දියුණු ලෝකයට සමගාමීව සාහිත්‍ය කලා විචාරයත් විවිධ මතවාද හා න්‍යායන් ඔස්සේ විපරිවර්තනයට ලක් වී තිබෙනවා. මේ සමග යාවත්කාලීන නොවීම හේතුවෙන් ඔබ ඇතුළු පුරෝගාමී විචාරකයන් පිරිසක් තවමත් පරණ හොද්දම කාල්ගාන බව පෙනෙනවා.
ගම්ලත්
මේ වන විට ලංකාවේ සාහිත්‍ය විචාරකයක් නැහැ. අද ඉන්නේ විචාර විදුෂකයෝ. මේ විචාරවලින් ගම්‍ය වනුයේ ඔවුනට කිසිදු ශාස්ත්‍රීය කටයුත්තක් කිරීමට උගත්කමක් හෝ පුහුණුවක් නොමැති බවයි. රැල්ලට එන නව මතවාද වලට යට වීම භයානකයි. ඒ කාලේ මගේ විචාර සිද්ධාන්ත සියල්ල මාක්ස්වාදය මතයි රඳා පැවතුණේ. කිසියම් කලා කෘතියක් කෙරෙන් මනුෂ්‍යයා මුහුණපාන දශාව ගවේෂණය කොට යම් ආලෝක ධාරාවක් රසිකයාට දීමට මං නිතර උත්සාහ කළා. ඒ වගේම මිනිසා වඩාත් සාර්ථක ලෙස සුසංවාදීව ජීවත් වීමට දරන ප්‍රයත්නය සාර්ථක නොවීමට හේතු භූත වනුයේ කවර කාරණා ද යන්න
මගේ විචාර සිද්ධාන්තවල තිබූ මූලික දේවල් ලෙස සඳහන් කරන්න පුළුවන්.
ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ මහාචාර්ය, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන් පැරැණි සම්භාව්‍ය භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළා. මේ නිසා ඔවුනගේ බොහෝ නිර්මාණ විචාරශීලී අදහස් සහ මතවාදවලින් පිරි තිබුණා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් එබඳු ගැඹුරු විචාරශීලී මතවාද ඉදිරිපත් කරන අය නෙවෙයි. හඩු භාෂාවෙන් ලියන කියන ඔවුන් බොහෝ දෙනකු තුළ එවැනි ශක්‍යතාවක් නැහැ. ව්‍යාජ දෘෂ්ටිවාද දෝතින් වැලඳ ගැනීමට අප ඉක්මන් විය යුතු නැහැ.
මම
වත්මන් ලේඛකයන්ගේ කෘති නිර්දය ලෙස විවේචනයට ලක් කරන ඔබගේ නිර්මාණ වල සහ හැදෑරීම් වපසරියෙහි ප්‍රබල වෙනසක් දක්නට නැහැ. එහෙත් සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත වැනි භාෂා ක්‍ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූ නිසාවෙන්ම ඔබ කෙරෙන් භාෂාත්මක බලයක් සහ ශාස්ත්‍රීය අහංකාරයක් දක්නට ලැබෙන බව ඇතමුන් කියනවා. අනෙකා මෙල්ල කිරීමට ඔබ මෙය අවියක් ලෙස යොදා ගන්නා බවයි මට නම් පෙනෙන්නේ?
ගම්ලත්
මම භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළ කෙනෙක්. මම ලියන්නේ ප්‍රබල භාෂාවකින්. ඉතින් ඒ ගැන මට අභිමානයක් තිබෙනවා. එහෙත් ඔබ කලින් සඳහන් කළ ශාස්ත්‍රීය අහංකාරය කියන වචනය මට තේරෙන්නේ නැහැ. හැබැයි ශාස්ත්‍රීය අහංකාරය තිබෙන අය ඉන්නවා නම් ශාස්ත්‍රීය හිඟන්නොත් ඉන්න ඕනෑ. මගේ හැදෑරීම් සහ නිර්මාණ පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා. මම ලෝකයේ දියුණු කියැවීම්වලින් සන්නද්ධ වුණු කලා කෘති ඇති පදම් කියවපු ඒ පිළිබඳ ගැඹුරු හැදෑරීම් කරපු පුද්ගලයෙක්. එහෙත් ලෝකයේ තිබෙන සේරම ජහජරා
කුණු කන්දල් ඔළුවට දා ගැනීමේ වුවමනාවක් මට නැහැ. එක එක වාචාලයන්ගේ වහසි බස්වලට මම කලබල වෙන්නේ නැහැ. අද හැම තැනම ඉන්නේ වාචාලයෝ. අද විශ්ව විද්‍යාලවල බුද්ධමතුන් නැහැ. මේ නිසා නව මතවාද පිළිබඳ තර්ක කිරීමට හෝ ශාස්ත්‍රීය විවේචන ඉදිරිපත් කිරීමට ඔවුනට නොහැකි වීම අරුමයක් නොවෙයි. එහෙත් විශ්ව විද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව ගොඩනැගුණු ස්වයං අධ්‍යයනයන්හි නිරතවන තරුණ කල්ලි සහ කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලේ පාළු ගෙවල්වල වළං බින්දා. දැන් ඒ අයත් සුනාමියට අහුවෙලා.
මම
නූතන කලාව හා නූතන කලා ප්‍රකාශනය තුළ අනවරතයෙන්ම කලාව නව රූපකායන් ලබා ගන්නවා. එහිදී සාම්ප්‍රදායික කලාව සහ සාම්ප්‍රදායික කලා ප්‍රකාශනය සමතික්‍රමණයට ලක් වෙනවා. එමෙන්ම ඒ කෙරෙන් නව කලාවකට මං පෙත් විවර කර ගැනීමේ අවකාශයක් ද ලැබෙනවා. ලාංකේය කලාවට සමගාමීව මේ රූපාන්තරණයේ තිබෙන වෙනස ඔබ දකින්නේ කෙසේද?
ගම්ලත්
අද මේ රටේ සාහිත්‍ය කලාවට වඩා චිත්‍රපට කලාව කෙරෙන් කිසියම් වූ සාධනීය වර්ධනයක් දක්නට ලැබෙනවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි තරුණ සිනමාකරුවන් නූතන කලාව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන උසස් සිනමා කෘති නිර්මාණය කිරීමට උත්සුක වෙනවා. ඔවුන් අනවරතයෙන්ම සමාජය දෙස නූතනාත්මක අක්ෂියකින් බැලීමට පෙලැඹී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවක්. නිදසුනක් විදිහට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය විශිෂ්ට ප්‍රයත්නයක්. එහෙත් ඒ පිළිබඳ ලියැවුණු ගැඹුරු සිනමා විචාරයක් තවම දක්නට නැහැ. මේ හැරෙන්නට චිත්‍ර කලාවේ නූතන කලා ප්‍රකාශනයන්ගෙන් පොහොණි වූ විකල්ප කලා කෘති එකක් දෙකක් දක්නට ලැබෙනවා. නූතන කලාව සහ ප්‍රකාශන
සමාජගත කිරීමට ගිය බොහෝ දෙනෙකුට නිතරම රැවුම් ගැරැහුම් ගල් මුගුරු එල්ල වෙන්න පටන් ගත්තා. ඔබ කියන නූතන කලා රූපකායන් ලබා ගැනීමට නම් සමාජයත් නූතන විය යුතුයි.
මම
සාහිත්‍යකරුවාගේ භූමිකාව විශ්වය තුළ කුමන ආකාරයක වේශයක් ගන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මං ඒ ප්‍රශ්නය ඔබෙන් අහනවා?
ගම්ලත්
සැබෑ සාහිත්‍යකරුවා යනු මානව වර්ගයාගෙන් ආඪ්‍යතරව ද සුසංවාදීව ද කුසුමිතවද ජිවත්වීම සඳහා පන්ති සමාජයටත්, ස්වභාව ධර්මයටත් එරෙහිව අනවරත අරගලයක යෙදෙන පුද්ගලයෙක්. ඔහු බස මගින් මේ වේදනා බර අරගලය සර්ව පාක්ෂිකත්වයෙන් ප්‍රතිනිර්මාණය කරනවා. එමෙන්ම මේ අරගලය තුළදී මිනිසුන් නව ඥාන විශේෂතාද ශක්‍යතා ද නව නිපුණතා ද අත්පත් කර ගන්නා බව පෙනෙනවා. මේ සියල්ල සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙනවා.මේ නිසා ඒ හා සම්පර්කයකට එළැඹෙන්නා වූ සහෘදයන්ගේ ඥාන මණ්ඩලයේ නිම්වළලු ප්‍රසාරණය වීමට ද පටන් ගන්නවා. මෙහිදි මිනිසුන් සාපේක්ෂ ජයග්‍රහණවලින් සුඛ ප්‍රහර්ෂයටත් සාපේක්‍ෂ පරාජයන්ගෙන් ශෝක සන්තාපයටත් පත් වෙනවා. පන්ති සතුරාට වෛර කිරීම, මිතුරාට මෙත් සිත් වැඩීම, යෝධ බාධක අබියස බියවීම, පන්ති සතුරාගේ ඇතැම් කටයුතු දෙස ජුගුප්සාවෙන් බැලීම වැනි දෑ සියල්ල සාහිත්‍ය තුළට ගලා ඒමත් සිදුවෙනවා.
මේ නිසා එය ඇසුරු කරන සහෘද රසික පාඨක ප්‍රජාවගේ මනෝභාව මණ්ඩලයේ විශාල වෙනස්කම් සිදුවීමටත් පුළුවන්. මේ අනුව සාහිත්‍ය ඇසුරු කරන සුකුමාරමතිකයා ලෝකයේ ලෝක වාසීන්ගේ ජීවන අරගලයත්, ජීවිතයත් රසාත්මක ලෙස ස්පර්ශ කරන බවක් ද පෙනෙනවා. සාහිත්‍ය කරුවාගේ ජීවන
ධාරිතාව පෘථුල වුත්, ඉගැඹුරු වුත් දෙයක් බවට පත්වීම මගින් ඔහුගේ සාහිත්‍ය භූමිකාව ද විශිෂ්ටත්වය කරා ළං වෙනවා. එහෙත් වත්මන් සාහිත්‍යකරුවා මෙකී සියල්ලෙන් වියෝ වූ පුද්ගලයෙක්.
මම
පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ බුද්ධිමතුන් දෙකට බෙදීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. මෙරට පැවැති ජනවාර්ගික යුද්ධයට සමගාමීව කට්ටියක් එන්. ජී. ඕ. වෙන කොට තවත් කට්ටියක් නිකම්ම ජාතික වුණා. ජාතික අන්තර්ජාතික වශයෙන් බෙදී වෙන්වුණ නිසා මැද පෙළේ බුද්ධිමතුන්ගේ අවකාශය අහිමි වී ගියා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් බෙදීම පිළිබඳ ඔබේ ආකල්පය කෙබඳු ද?
ගම්ලත්
ලංකාවේ බුද්ධිමතුන් අතර බෙදීමක් පිළිබඳ කතා කරනවට වඩා බුද්ධිමතුන් කියා පිරිසක් සිටිනවා දැයි සොයා බැලීම වැදගත්. මා දන්නා තරමින් මේ රටේ බුද්ධිමතුන් සියල්ල වඳ වී ගිහින්. අද විශ්ව විද්‍යාලවල පවා බුද්ධිමතුන් දක්නට නැහැ. බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිස පවා එකිනෙකාට විකිණෙමින් සිටිනවා. බුද්ධිමතකු යනු කවරකු දැයි අපි මුලින්ම නිර්වචනය කළ යුතුයි.
බුද්ධිමතකු හැමවිටම පවතින චින්තන ධාරාවට එරෙහිව නැගී සිටින අදින පුද්ගලයෙක්. ඔහු සම්ප්‍රදාය සමතික්‍රමණයකට ලක් කරන්නෙක්. එහෙත් ලංකාවේ කිසිදු තැනක එබඳු බුද්ධිමතුන් දක්නට නැහැ. 19 වැනි සියවසේ පමණ රුසියාව වගේ රටවල අදීන ක්‍රමවිරෝධීන් සිරබත් කෑවා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් බෙදීම වැරැදියි. අපේ පුරාතන සාහිත්‍ය පවා ජාත්‍යන්තර කරණයට ලක්වී තිබෙනවා.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර මෙරට බිහි වූ විශිෂ්ටතම සාහිත්‍යධරයන් දෙදෙනෙකු ලෙස ගිණිය හැකියි. සරච්චන්ද්‍ර ව්‍යාජ දේශපාලන චින්තන ගැන නවකතා ලිවීමට පෙලැඹුණේ නැහැ. එහෙත් ගුණදාස අමරසේකර ඔහුගේ ප්‍රතිභාව මොට කර ගනිමින් තවදුරටත් මේ ව්‍යාජ මතවාද පෝෂණය කරන වාර්තාමය නව කතා ලියමින් ඉන්නවා.
මම
මෑතකදී අසූවිය සපිරූ ගුණදාස අමරසේකරයන්ගේ සාහිත්‍ය භූමිකාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?
ගම්ලත්
ගුණදාස අමරසේකර තමයි දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම සාහිත්‍යධරයා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. එමෙන්ම ඔහු අපට සිටින රමණීය කවියෙක්. එහෙත් ඔහුගේ මෑත කාලීන නිර්මාණ පිළිබඳ අපට සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ කෙරෙන් ගම්‍යමාන වනුයේ ඔහුගේ දෘෂ්ටිවාදාත්මක බංකොළොත් භාවයයි. අමරසේකරගේ මෑත කාලීන නිර්මාණ අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව ඔහුගේ ගැමි දෘෂ්ටිවාදයයි. ඔහු හැමවිටම ගැමි තරුණයාට ස්වාධීන කාර්ය භාරයක් ඇතැයි වරදවා වටහා ගත්තා. අමරසේකර මාස්වාදය හදාරපු පුද්ගලයෙක් නෙවෙයි. සුළු ධනේෂ්වර පන්තියේ කාර්ය භාරය හැමවිටම පවතින ධනපති පන්තියට පන්දම් ඇල්ලීමයි.අද අමරසේකරගේ නිර්මාණවලින් විද්‍යමාන වනුයේ අපසරණයක්. එහෙත් මේ තුළින් අමරසේකර නම් වූ විශිෂ්ට සාහිත්‍යධරයාගේ ඓතිහාසික කාර්යභාරය නිශේධනය වන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහුගේ සාහිත්‍ය මෙහෙවර තවමත් නිසි ඇගයුමකට ලක් වී නැහැ.
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ