- සේන තෝරදෙණිය -
සේන තෝරදෙණිය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයා අපූර්ව රසයෙන් ප්‍රබුද්ධ කළ විචාරකයෙකි. නිර්මාණශීලී ලේඛකයෙකි.විචාරකයකු ලෙස ඔහු තෝරදෙණිය රීතිය යැයි වෙසෙසා දැක්විය හැකි ස්වීය හා ස්‍වතන්ත්‍ර විචාර කලාවක් ගොඩනැගූවෙිය. නවකතා පරිවර්තන හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් රචනා කර ඇති තෝරදෙණිය අනූව දශකය අග භාගයේදී විචාරකයකු ලෙස ජනප්‍රිය මෙන්ම සක්‍රීය චරිතයක් බවට පත්විය.සාහිත්‍ය කලාව සංස්කෘතිය සමාජ දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ ඔහු ඉදිරිපත් කරන ඇතැම් මතවාද දෙවරක් සිතීමට තරම් වටී. මෙරට සාහිත්‍ය සම්භාෂණය තුළ විවාදාත්මක චරිතයක් බවට පත්වී සිටින සේන තෝරදෙණියගේ නිර්මාණ පිළිබඳ කතිකාව ඇරඹෙන්නේ ද පේරාදෙණි සරසවි ජීවිතයේදීය. වත්මන් සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුවගුණ විමර්ශනය කරමින් ඔහු සමග කළ කතාබහකි මෙි.
මම - නවකතාව ඔස්සේ නූතන මිනිසාගේ අධ්‍යාත්මික යථාව ගැඹුරින් නිරූපණය කළ ඔබ විචාර කලාවේත් කිසියම් පෙරළියක් කළා.එහෙත් ඇතැමුන්ට අනුව ඔබ දෙඤ්ඤං බැටෙි විචාරකයෙක්.එදා ජාතික පත්තර පිටු අරක් ගෙන පැල් බැඳගෙන විචාර ලියූ ඔබ අද නිහඬයි.මෙය නිර්මාණකරණයේ පසුබැසීමක් ද? කරඇරීමක් ද?
තෝරදෙණිය - මම තවමත් නිර්මාණකරණයේ යෙදෙනවා.එහෙත් අද මම සක්‍රීය සාහිත්‍ය සම්භාෂණයෙන් ඈත්වෙලයි ඉන්නේ.කොටින් ම කිව්වොත් අද මං සිංහල භාෂාවෙන් කිසිම දෙයක් ලියන්නේ නැහැ.මගේ ලිපි බොහොමයක් අද පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.ඇතැම් ඉංග්‍රීසි පුවත්පත්වලට මෙන්ම වෙබ් අඩවි කිහිපයකට මං ඉංග්‍රීසියෙන් ලියනවා.එහෙත් මං ලියන්නේ සාහිත්‍යය නෙවෙයි.දේශපාලනය.මගේ නිර්මාණ උල්පත තාම සිඳිලා නැහැ.ඔබ සඳහන් කළ දෙඤ්ඤං බැටෙි විචාරයට ඉතිහාසයක් තියෙනවා.ඇත්තටම මෙහි පුරෝගාමියා මම නෙවෙයි.මහාචාර්ය සුචරිත ගම්ලත්.හැබැයි කේෂ්ත්‍රයේ ඇතැමුන් මා අදීන විචරකයකු ලෙස හැඳුන්වූවා.එහෙත් සමරුන්ට මා දෙඤ්ඤං බැටෙි විචාරයකු ලෙස පෙනෙන්නට ඇති.පැරැණි සාහිත්‍ය කෘතිවලත් දෙඤ්ඤං බැටෙි විචාර අනන්තවත් තිබෙනවා.මාර්ටින් වික්‍රමසිංහයන් පවා ඩබ්ලියු .ඒ සිල්වාගේ නවකතා නිර්දය ලෙස විවෙිචනය කළා.හෙළහවුල විශ්වවිද්‍යාලයට පහර ගැහුවා.තොටගමුවෙි රාහුල හිමියන් කුකවියකු ලෙස හැඳින්වූවා.මම සාහිත්‍ය කලා විචාරයට අත ගැහුවෙි ආවට ගියාට නෙවෙයි.කිසියම් න්‍යායික පදනමකින්.
මම - විචාර න්‍යාය ඇතිවන්නේ කියැවීම් න්‍යායකට (Theory of Regarding ) අනුබද්ධවයි.එහෙත් අද අපේ රටෙි එබඳු කියැවීමෙි මැෂින් නැහැ.නැසීගිය ඇමෙරිකානු ලේඛක හැරල්ඩ් බ්ලුම් හොඳ කියැවීම් මැෂිමක්.එහෙත් චින්තන වින්දන ශක්තිය මොට වූ වින්දනය නිර්විදනය කළ විපරිත සමාජයකට මොන විචාර කලාවකින්වත් වැඩක් තිබෙිද?
තෝරදෙණිය - දේශපාලන සංස්කෘතිය නරාවළක තියෙන රටක කවරදාවත් යහපත් විචාර කලාවක් හෝ සාහිත්‍යයක් බිහිවන්නේ නෑ.රටක උත්තර සංවාදයක් තිබිය යුතුයි.එදා මං ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දිෂ්ට ඇතැම් නවකතා මිල දී ගෙන කියවා එහි ගුණදොස් විචාරයට ලක් කළා.එහෙත් දැන් එහෙම කරන්නේ නැහැ.අද කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය සම්භාෂණ සියල්ල අකර්මණ්‍ය වෙලා.එදා තිබුණු උද්යෝගය උනන්දුව පාඨකයා තුළත් නෑ.මෙහෙම බලන කොට කියැවීමෙි මැෂින් හොයන එක විහිළුවක්.එහෙත් ඔබ කියූ ආකාරයට විචාරයට න්‍යායික පදනමක් අවශ්‍යයි.අපි එදා විචාර කලාව ගොඩනැගුවෙි එබඳු න්‍යායික ආස්ථානයක ඉඳගෙනයි.
මම - දෘෂ්ටිවාදී සිරගෙවල්වල ඉඳගෙන සාහිත්‍ය කලා කෘති විචාරයට ලක් කිරීම සදාචාරාත්මක නැහැ.විචාරකයාගේ භූමිකාව අවබෝධ කර නොගත්තොත් පාඨකයාට සිදුවන්නේ අසාධාරණයක්.කෘතියත් පාඨකයාත් අතර තිබෙන පරතරය බිඳ දමන්නට නම් විචාරකයා ස්වාධීන, පැසුණු,බුද්ධියකින් යුතු මුනිවරයකු බඳු පුද්ගලයකු විය යුතු නොවෙිද?
තෝරදෙණිය - මා ලියූ "විචාර විලෝචන" ග්‍රන්ථයේ කියැවීම් න්‍යාය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් තියෙනවා.අපි කවදාවත් ඔබ පවසන ආකාරයේ මතවාද එහෙමත් නැත්නම් දෘෂ්ටිවාදවල සිරකරුවන් වෙලා සිටියේ නැහැ.මා එදා කළේ සාහිත්‍යය ඉතිහාසඥයා සහ විචාරකයාගේ කාර්ය භාරය යි.සාහිත්‍ය ඉතිහාසඥයා කවුද? විචාරකයා කවුද? යන්න මුලින්ම හඳුනාගත යුතුයි.සමහර රටවල සාහිත්‍ය ඉතිහාසඥයන් ඉන්නවා.එහෙත් අපේ රටෙි එහෙම අය නැහැ.අපේ සාහිත්‍ය ඉතිහාසය තියෙන්නේ බොහෝම පටු වපසරියක. අනුරපුර,පොලොන්නරුව,දඹදෙණි,මාතර යුගය හැරුණු කොට වර්තමානය දක්වා ඉතිහාසයක් නැහැ.මගේ පේරාදෙණි ගුරුකුලයේ උපත,නැගීම සහ බිඳ වැටීම කියන කෘතියේ මෙි පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් තිබෙනවා.
මම - සිසිර කුමාර මාණික්‍කාරච්චිත් පේරාදෙණි සාහිත්‍යය කොල්ලය කියලා පොතක් ලිව්වා.එම කෘතියෙන් පේරාදෙණි ගුරුකුලයේ කියුම් කෙරුම්වලට නිර්දය විවෙිචනයක් එල්ල කර තිබෙනවා.එහෙත් ඔබ ලියූ කෘතියට එහි වාස්තවික තත්වය අන්තර්ගත වෙලා තියෙනවා.මා දන්න පරිද් පේරාදෙණි ගුරුකුලයට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නේ ගුණදාස අමරසේකර.ඔහු පේරාදෙණි ගුරුකුලයේ හැඳින්වූයේ එක්ටැම් ගෙවල්වල ඉඳගෙන ව්‍යාජ නිර්මාණ කරන මනස් පුතුන්ගේ සාහිත්‍යයක් කියලා.ඇත්තටම පේරාදෙණි ගුරුකුලය යනු සත්‍යයක් ද? මායාවක් ද?
තෝරදෙණිය - සමහරුන්ට අනුව පේරාදෙණියේ එහෙම ගුරුකුලයක් තිබිලා නැහැ.මෙහි කිසියම් ලේඛකයන් පිරිසක් වැඩ කළා.ඒ නිසා මායාවක් වෙන්නත් බැහැ.මිනිස්සු එකතුවලා ගුරුකුල හදන්නේ නැහැ. ඒක යම් පුද්ගලයකු වටා ආකර්ෂණීය වූ පිරිසකගේ සංවිධානයක්. එහෙත් පේරාදෙණි ගුරුකුලය කියන්නේ විධිමත් (Formal )සංවිධානයක් නෙවෙයි.එය සම්පූර්ණයෙන් ම අවිධිමත් (Informal ) සංවිධානයක්.එහෙත් හෙළහවුල කියන්නේ විධිමත් සංවිධානයක්.පේරාදෙණිය ගුරුකුලය නමැති අවිධිමත් සංවිධානය වටෙි සිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගෝලබල පිරිසක්.ගුණදාස අමරසේකර මුල සිටම පේරාදෙණිය ගුරුකුලයට පහර දුන්නා.ඔහු ස්වාධීන ලේඛකයකු හැටියට විශාල දුරක් එන්නේ මෙි විතැන්වීමෙන්.සිසිර කුමාර මාණික්කාරච්චි පේරාදෙණි ගුරුකුලය ගැන ලියලා තියෙන්නේ අවලාද.ඒවා පෞද්ගලික කෝන්තර.එහෙත් මගේ පොතෙන් එහි උපත,නැගීම විතරක් නෙවෙයි බිඳ වැටීමත් පෙන්නා දෙනවා.
මම - ඔබ ඉතා ඉවසීමෙන් දුර ගමනක් පැමිණි ලේඛකයෙක්.නිර්මාණකරුවකු ලෙස රාජ්‍ය සම්මානයට පවා පාත්‍රවී තිබෙනවා.මෙි අතරින් "සදත් විල මහා සුභද්‍රාවෝ", "බණ්ඩර මැරූ උන්",මරඩන් වැනි නවකතා වඩාත් කැපී පෙනෙනවා.එහෙත් මෑතකදී ඔබෙි නිර්මාණ පිළිබඳ පාඨක විචාරක සමාජය වැඩි කතාබහට ලක් කළේ නැහැ.මෙි පිළිබඳ ඔබෙි අදහස කුමක්ද?
තෝරදෙණිය - 2004 වසරේදී සදත්විල මහා සුභද්‍රාවෝ නවකතාවට රාජ්‍ය සම්මාන ලැබුණා. මගේ පොත්වලට සම්මාන නම් රාශියක් ලැබිලා තියෙනවා.එහෙත් "බණ්ඩර මැරූ උන්" නවකතාවට පස්සේ මං හුඟාක් නවකතා ලිව්වා.යාරා යාත්‍රික,හඳුන්මල් කඩුල්ල,නිමල මල,"තුරු දිරා වැටෙනතුරු" ඒ අතරින් විශේෂ කෘති ලෙස හඳුන්වන්න පුළුවන්.අවුරුදු අසූව ඉක්ම වූ මහල්ලෙක් පදනම් කරගෙන කොවිඩ් කාලේ පැන නැගුණු දේශපාලන අර්බුදය ගැන ලියපු නවකතාව තමයි තුරු දිරා වැටෙනතුරු.මෙි කෘතියෙන් මා ලිව්වෙ 2021වසරේදී.එහිදී ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන භූමිකාව ගැන මං කිසියම් අනාවැකියක් පළකළා.අද ඒ අනාවැකිය සත්‍යයක් වී තිබෙනවා.එම නවකතාවෙි එන කවියක් මෙි.
මධුර ඵල ඇතිවිට
ඵලකා ඵල නැති කල
ඵල නැතැයි දැන
ඒ දිග යන්නෙමු ද?
ඵල නැති කල්හි
දලු,කොළ සුඹුලු කා
ගඟෙන් පැන් බී
රුකින් රුකට නොගොසින්
අපිස් සිතින් සිටින්නෙමු ද?
මට ප්‍රියය,ඥාතිය,මිත්‍රය කියා
දිවි රැක්ම සඳහා
පිරිහුණු රුක්කණුව
පැන නොයා සිටින්නෙමු ද ?
තුරු දිරා වැටෙනතුරු
නෙත් වසා නොසිටිමින්
ගඟෙන් දිය ගෙන
රුක්කණුවට දමා
අතුවෙළෙප් දලුකොළ
මිහිරි ඵල උපදවා
නැවත ඕජා ගන්වා
බීජයක් ගෙන
මුල් අද්දවා ගන්නෙමු ද?
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මම දෙඤ්ඤං බැටෙි විචාරකයෙක් නෙවෙයි